
මෙරට බොහෝ දෙනාගේ ජනාදරයට පාත්‍ර වූ පසුගියදා අප අතරින් සමුගත් ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් කලාකරුවාගේ ගමන්මග යමින් ඔහුගේ එකම පුත් තරංග නෙල්සන් ගායකයකු ලෙස සංගීත ක්ෂේත්‍රයට එක්වීමේ හමුවක් ‘පුත්‍ර ප්‍රභාගය’ නමින් පසුගියදා සංගීතවේදීන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹ 07, මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්විණි.
මෙහිදී නිහාල් නෙල්සන් ගායනා කළ ‘ලස්සනට පිපුණු වන මල්’ හා ‘කරුණා සුවඳ තවරාලු’ (අම්මා) යන ගීත ද්විත්වය තරංග නෙල්සන්ගේ හඬින් ගායනා කොට රූප රචනා ද සමග එළිදැක්වීම සිදුවුණි.
‘පුත්‍ර ප්‍රභාගය’ නමැති තරංග නෙල්සන් ගායන ක්ෂේත්‍රයට හඳුන්වාදීමේ හමුව විමල් කැටිපෙආරච්චි මෙහෙයවනු ලැබූ අතර ඔහුගේ පැමිණීම පිළිබඳව විවිධ අංශ නියෝජනය කරන කලාකරුවන් මාධ්‍යවේදීන් මෙහි දී අදහස් දැක්වූහ.


2025 දෙසැම්බර් මස 30
162
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
785
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
383
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නිහාල්ගේ පුත් පුත්‍ර ප්‍රභාගයෙන් ගී ලොවට