පොඩ්ඩියේ රාජ්‍ය සම්මානලාභී තරුණ කිවියර ටිම්රාන් කීර්ති විසින් විරචිත සාදර බණ්ඩාර නමැති යොවුන් කොවුලානගේ හඬ මියැසියෙන් සමලංකෘත වූ මෙි ගීමිණ මෙරට විරෝධාකල්ප ගී මංජරියට එක්වූ නූතන මව් ගුණ වැනුමකි. 22 May 2023
මන්නාරම් බස්එක නෑ තාමත් ආවෙි සමුද්‍ර වෙත්තසිංහයන් රචනා කළ කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන සුනිල් දයානන්ද කෝනාර සංගීතවත් කළ මෙි ගීතයට විෂය වන්නේ පසුගිය සමයේ ශ්‍රී ලංකාවෙි ඇති වූ වර්ගවාදී යුද්ධයේ අඳුරු පැතිකඩයි.මෙි වූකලි කුරිරු යුද්ධයේ අංශුමාත්රයක් මානවබන්ධුත්වයෙන් නිරූපණය කරන සුදුර්ලභ ගීමිණකි. 15 May 2023
මල් පිපිලා එදා වගෙම රවි සිරිවර්ධනයන්ගේ සුගේය පද සුසංයෝජනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ සුස්වර සුසංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ කර්ණරසායන හඬ මාධුර්යයෙන් ද සුවිභූෂිත වූ මෙි මධුර මනෝහර ගීමිණිරුවන මානව බන්ධුත්වයත් ලෞකික ජීවිතයේ යථාර්ථයත් මොනවට පැහැදිලි කරයි. 08 May 2023
සඳුන්හර මිටින් නොමගෙන දසුන් ප්‍රේමවංශ පොද්දෙණියගේ කුළුඳුල් ගේය පද රචනයෙන් ද නන්දා මාලනීයන්ගේ සුගායනීය හඬ මාධුර්යයෙන් ද විජේසුන්දර වෙිරගොඩයන්ගේ මියුරු මියැසියෙන් ද සුරංජිත මෙි ගීමිණ පාලකයන් මෙරට අධ්‍යාපනයට කර ඇති විනාශයේ තරම මොනවට පැහැදිලි කරයි. 01 May 2023
පරවුණු මල්වල සුවඳ අතීතේ මහගම සේකරයන්ගේ සුදුර්ලභ කවි ශක්තියෙන් ද සුජාතා අත්තනායකගේ භාවානුරාගී හඬ මාධුර්යයෙන් ද ලයනල් අල්ගමයන්ගේ ස්වර සංරචනයෙන් ද විභූෂිත මෙි ගීමිණ ශෝකී හැඟීම් උපදවයි. 24 April 2023
ඇසට අසුවන මායිමේ මහින්ද දිසානායකයන් විසින් විරචිත, ගුණදාස කපුගේ ස්වර රචනා කළ කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන මෙි ගී මිණිරුවන විප්රලම්භ ශෘංගාරය දනවයි. 17 April 2023
සොවින් පිරි මගේ හදවත පියල් ප්‍රේමනාත් ජයතිලකයන්ගේ කුළුඳුල් ගේය පද රචනයෙන් ද සංගීත නිපුන් සනත් නන්දසිරිගේ සුගායනයෙන් හා ස්වර සංරචනයෙන් ද යුතු මෙි ගීමිණ ශෝකී හැඟීම් දනවයි. 10 April 2023
මාවවුලන් රැපුරාම රංචු ගැසීලා කුලරත්න ආරියවංශයන්ගේ ගේය පද සංකලනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වර සංරචනයෙන් ද සමලංකෘත වූ මෙි ගී මිණ සහෝදර ප්‍රේමයත් මානව බන්ධුත්වයත් රසික චිත්තයට ගෝචර කරයි. 03 April 2023
සනත් නන්දසිරි දිවියට සමුදෙයි ප්‍රවීන ගායන ශිල්පී, සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. 28 March 2023
මහේෂ් ’රිදී සීනු’ සමග ජනප්‍රිය සංගීතඥ මහේෂ් දෙනිපිටිය පසුගියදා උදයකාන්ත වර්ණසූරියගේ ‘රිදී සීනු’ චිත්‍රපටය සඳහා අලුතින්ම ගීත දෙකක් නිර්මාණය කළේය. ඉන් එක් ගිතයක් ගායනා කළේ විශාරද සුනිල් එදිරිසිංහය. දෙවැන්න ළමා ගීතයකි. සුවිනි මදාරා ගමගේ, ඕමිරු සංදිර ඇතුළු පිරිසක් එම ගීතය ගායනා කළහ. කුරත්න ආරියවංශ හා නිලාර් ඒ කාසීම් ගීත රචනා කළහ. 28 March 2023
පෙර ආත්මයක එක රාත්‍රියක කරුණාරත්න අබෙිසේකරයන්ගේ සුකෝමල පද සංරචනයෙන් ද මොහොමඩ් සාලිගේ මියුරු මියැසියෙන් ද ජේ. ඒ මිල්ටන් පෙරේරා සහ සුජාතා අත්තනායක යුවළගේ සුගායනයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණිරුවන අප හදවත ප්‍රහර්ෂයෙන් විකසිත කරයි. 27 March 2023
නිහාල්ගේ පුත් පුත්‍ර ප්‍රභාගයෙන් ගී ලොවට මෙරට බොහෝ දෙනාගේ ජනාදරයට පාත්‍ර වූ පසුගියදා අප අතරින් සමුගත් ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් කලාකරුවාගේ ගමන්මග යමින් ඔහුගේ එකම පුත් තරංග නෙල්සන් ගායකයකු ලෙස සංගීත ක්ෂේත්රයට එක්වීමේ හමුවක් ‘පුත්‍ර ප්‍රභාගය’ නමින් පසුගියදා සංගීතවේදීන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹ 07, මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්විණි. 22 March 2023
‘‘ආරච්චි දීගේ’’ මංජුල කෝනාර රචනා කොට නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කළ ‘‘ආරච්චි දීගේ’’ නාට්‍යය ඓතිහාසික වෙලේවත්ත සිරි නන්දාරාම ලෙන් විහාරයේ සංඝාරාමයට ආධාර පිණිස මෙම 25 වැනිදා පස්වරු 3.30/6.30ට මොණාරාගල පුස්තකාල ශ්‍රවනාගාරයේදී රඟදැක්වේ. 22 March 2023
මට අහිමි මා අහිමි ලේ කැටි පුතුනී මැක්සිම් ගෝර්කි වරක් පැවසූවේ ලොව සියලු දේ බිහිවන්නේ හිරුගේ රැස්වලින් සහ මවගේ කිරි වලින් බවයි. එවන් වූ දහසකුත් අම්මාවරුන්ගේ සහ මෙරට ශ්‍රම බලකායේ වැඩිම නියෝජනයක් උසුලන කාන්තාවන්ගේ දිනය යෙදෙන්නේ මාර්තු 08 වැනිදාටය. 21 March 2023
පුන්සඳ රෑට ඇවිදින් හේනේ සම්භෝග ශෘංගාර සුව නොවිඳ කුටුමිබ ජීවිත ගතකරන්නෝ අවාසනාවන්තයෝ ය. විවාහ ජීවිතය වනාහි ප්‍රේමානුරාගයෙන් පිරුණු රසෝඝයකි. 20 March 2023
ගංගා එන්න කෝ ගංගා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සංකල්ප රූප සංකලනයෙන් ද වික්ටර් රත්නායකයන්ගේ සුමධුර ස්වර සංරචනයෙන් ද අබෙිවර්ධන බාලසූරියගේ හඬ මාධුර්යෙන් ද සුරංජිත මෙි ගී මිණ සොබාදහමේ භූගෝලීය හා දේශගුණික විපර්යාස මානවබන්ධුත්වයෙන් මොනවට පැහැදිලි කරයි. 13 March 2023
ළඳුනේ නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන් සතුව පැවති කාව්‍ය ප්‍රතිභාව මෙි ගීතයේ ගේයපද සංකලනයට ආවිෂ්ට වී සිටී. 06 March 2023
තරු අරුන්දතී නෙතු පහන් නිවා ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ව්‍යංගාර්ථපූර්ණ රූපකාර්ථවත් සුගේය පද රචනයෙන් ද ස්ටැන්ලි පීරිසුන්ගේ සුස්වර සංරචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සුගායනයෙන් ද යුතු මෙි ගීමිණ ශෝකී හැඟීම් දනවයි. 27 February 2023
එරන්දතිය එනවා සුනිල් සරත් පෙරේරාණන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේය පද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන් සහ අමිතා වැදිසිංහගේ මධුර මනෝහර භාවානුරාගී සුගායනයෙන් ද සුරංජිත වූ මෙි ගීමිණ ශෘංගාරරසය දනවයි. 13 February 2023
අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ මෙි ගීමිණිරුවනට රුචිකර වූ විචිත්‍ර ඉතිහාසයක් ඇත.මෙකී ඉතිහාසය විභූෂිත කළ ශ්‍රේෂ්ඨ ගුරුවරු තිදෙනෙක් සිටිති. 06 February 2023
මා එක්කලා අමනාපව වී දබර ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ ගේය පද සංරචනයෙන් ද එචි. එම් ජයවර්ධනයන්ගේ ස්වර සමායෝජනයෙන් ද මාලනී බුලත්සිංහලගේ හඬ මාධුර්යෙන් ද සමලංකෘත වූ මෙි ගීතය ගේහසිත ප්‍රේමයේ වියෝගිනි මත දැවෙන බිරියකගේ මානසික පීඩනය මොනවට පැහැදිලි කරයි. 30 January 2023
ඉරි තැළුණු වලා විපරිත සමාජයක සියල්ල උඩුයටිකුරු වීම අරුමයක් නොවෙි. වින්දනය නිර්වින්දනය කළ චින්තන වින්දන ශක්තිය මොටකළ සමාජයක තවදුරටත් පාරිශුද්ධ මිනිස් ආත්ම සෙවීම මුළාවකි. 16 January 2023
මා හද අසපුව කුසුමින් සැරැසුව කරුණාරත්න අබෙිසේකරයන්ගේ රූපකාර්ථ සහිත ව්‍යංගාර්ථපූර්ණ ගේය පද රචනයෙන් ද සංගීත නිපුන් සනත් නන්දසිරිගේ සුගායනයෙන් හා ස්වර සංරචනයෙන් ද යුතු මෙි කන්කලු ගීමිණ විප්රලමිභ ශෘංගාර රසයෙන් විභූෂිතය. 09 January 2023
ඇරඹුමම කඳුළක් වෙලා දිලීප අබෙිසේකරයන්ගේ ව්‍යංගාර්ථපූර්ණ ගේය පද රචනයෙන් ද කසුන් කල්හාරයන්ගේ කර්ණරසායන හඬ මාධුර්යෙන් ද නාලක අංජන කුමාරගේ සුමධුර ස්වර සංරචනයෙන් ද සුරංජිත වූ මෙි ගීමිණිරුවන ශෝකය මිශ්‍ර විප්රලමිභ ශෘංගාරය දනවයි. 02 January 2023
සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ ලාංකේය සුභාවිත ගීතයේ විදග්ධ ගේය පද රචකයෝ සුදුර්ලභ වෙති. චිත්තරූපික ව්‍යංජන ගුණයෙන් පොහොණි රමණීය කාව්‍යෝක්ති ධ්වනිතාර්ථපූර්ණ බසකින් සුවිශද කරන අතළොස්සක් තරම් විදග්ධ ගේය පද රචකයන් අතරින් ලුෂන් බුලත්සිංහලයෝ ඉහළින් ම වැජඹෙති. 26 December 2022
හෙමින් සැරේ පියා විදා ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ ’’හංස විලක්’’ නොකලඹා හෙමින් සැරේ පියා විදා ගීතය පිළිබඳ වචනයකුදු කතා කළ නොහැකිය. 19 December 2022
කැලේ ගහක මල් පිපිලා සුවඳ ගලනවා ගැමි සුවඳ කවියට,ගීතයට,නවකතාවට,කෙටිකතාවට නැගූ මඩවල එස්. රත්නායකයන්ට දිනක් ගීතයක් ලිවීමට ඇරියුමක් ලැබිණි. 12 December 2022
ත්‍රෛලෝක විජයපත්‍ර පවන් සලන ලෝකෙ සිංහල, දමිළ, මුස්ලිම් ජාතිකයෝ යෝධ ජනසංහාර, දේපළ සංහාර කිහිපයකටම මුහුණ දුන්හ. 05 December 2022
සඳසාවි මා සිසිර දිසානායකයන්ගේ ගේය පද රචනයෙන් ද ප්‍රවීණ ජන සංගීතවෙිදී ලයනල් රන්වලයන්ගේ ස්වර සංරචනයෙන් ද වසන්තා මධුරාංගනීගේ සුගායනයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ කරුණ රසයෙන් ද මානවබන්ධුත්වයෙන් ද අප හද ප්‍රකම්පනය කරවයි. 28 November 2022
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026