රාමාට මා සැකයි රාවණා ප්‍රේමයේ පරමානන්දය, බ්රහ්මාස්වාදය විඳීමේ පරම පරමාර්ථයෙන් ඇතැමි පුරුෂයෝ එක ලියක් පතා ලොබ ලිය වඩති. ජීවිතයම කැප කරති. 07 November 2022
බුකර් සම්මානය ෂෙහාන් සහ මාලි අල්මේදාගේ සත් සඳ බ්‍රිතාන්‍යයේ සහ අයර්ලන්තයේ ඉංග්‍රීසි බසින් පළවන වසරේ හොඳම නවකතාවට පිරිනැමෙන බුකර් ත්‍යාගය හිමිකර ගැනීමට ශ්‍රී ලාංකික ලේඛකයකු වන ෂෙහාන් කරුණාතිලක පසුගිය දා සමත් වූ බව අපි දැනටමත් දනිමු. ඒ, ඔහු විසින් රචිත The Seven moon of Maali Almeida නම් නවකතාවටය. 02 November 2022
දියවන්නා කුමරිය වාමනයන් තුරුලේ මෙවර ගී විනිස හැඩ ගැන්වෙන්නේ මෑතකදී තරුණ පරපුර අතර අතිශය ජනප්‍රියවුණු නාද සංගීත කණ්ඩායමෙි ගීමිණිරුවනකිනි. 31 October 2022
සිංහල - දමිළ පාලම හැදු කුණ්ඩුමනී සුකීර්තිමත් ගේය කාව්‍ය සිත්තරු ප්‍රේමකීර්ති ද අල්විසුන් රචනා කළ මෙි මහඟු ගී මිණ වික්ටර් රත්නායකයෝ සංගීතයෙන් ඔපමට්ටම් කළෝය. 24 October 2022
විල් නෙළුමාසනෙන් ආ හසඟන ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ව්‍යංගාර්ථපූර්ණ, ධ්වනිතාර්ථපූර්ණ, රූපකාර්ථවත් සුගේය පද සුසංයෝගයෙන් ද විශාරද එඩිවඩි ජයකොඩි සූරීන්ගේ භාවපූර්ණ හඬ මාධුර්යයෙන් ද ප්‍රවීණ සංගීතවෙිදී ආනන්ද පෙරේරාගේ මධුර මනෝහර ස්වර සංරචනයෙන් ද සමලංකෘත වූ මෙි අනගි ගී මිණ ශෘංගාර රසය මෙන්ම ලලනා ලාවණ්‍යලෝලය ද දල්වයි. 17 October 2022
ප්‍රේමයට දිවි පිදු යක්ෂණි මෙවර ගී විනිස වෙනුවෙන් තෝරාගනු ලබනුයේ නවපරපුරේ ප්‍රතිභාපූර්ණ තරුණ ගායන ශිල්පි රිද්ම වීරවර්ධනයන් විසින් ගැයූ ’කුවෙිණියේ මා’ නමැති ගීතයයි. 10 October 2022
අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා නීතිඥ රජී වසන්ත වෙල්ගමයන්ගේ ඉසියුම්වූත් ඉගැඹුරුවූත් සුගේය පද සුසංයෝගයෙන් ද ප්‍රතිභාපූර්ණ තරුණ සංගීතවෙිදී දර්ශන රුවන් දිසානායකයන්ගේ සුස්වර සුසංකලනයෙන් ද ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහයන්ගේ යතිවර හඬ මාධුර්යෙන් ද සුවිභූෂිත වූ මෙි ගී මිණ අසාහය ගල් වඩුවකුගේ මාහැඟි නිමැවුමක විස්මිත බව මෙන්ම මානවබන්ධුත්වය පිළිබඳ හැඟීම් දනවයි. 03 October 2022
වෘන්දා වනේ සැඟවුණු ගොපලු ආදර අන්දරය මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ ව්‍යංගාර්ථපූර්ණ පද සංයෝජනයෙන් ද විශාරද නන්දා මාලනීයන්ගේ මධුර මනෝහර භාවානුරාගී සංගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ කර්ණරසායන ස්වර සංරචනයෙන් ද විචිත්‍රෝපශෝභිත වූ මේ මහඟු ගී මිණ කෙරෙන් විප්රලම්බ ශෘංගාරයේ තරම මොනවට සුපැහැදිලි වෙයි. 26 September 2022
ප්‍රේමයේ සත් මහලෙන් පලා ගිය කුහුඹු මිනිසා ගීතයට සාහිත්‍යමය විචාරයක් අවශ්‍යය යන්න වෙසෙසින් තහවුරු වන්නේ මෙබඳු ගී මිණක් දුටු තන්හිදීය. අර්ථ පූර්ණ ගේය පද මාලාවක් සංකල්පීය විචාරයකට භාජනය වීම සාහිත්‍යයේ උන්නතියට මෙන්ම සුභාවිත ගීතයේ ප්රගමනයට ද හේතුභූත වෙයි. සාහිත්‍ය විචාරය නමි ගීතයකට පාදක වන පද මාලාවේ රස-විරස අනාවරණය කිරීමයි. ඒ අනාවරණය සඳහා එහි එන යෙදුමි, ප්‍රකාශන විධි,කාව්‍යෝක්ති ආදිය විශ්ලේෂණය කිරීම අවශ්‍ය වන්නේය. ගී විනිස කෙරෙන් අප අනවරතයන් උත්සාහ කරනුයේ ද එබඳු උසස් විචාර කලාවක් ගොඩනැගීමට 19 September 2022
සොර දෙටුවකුට පෙමි බැඳි කුණ්ඩල කේශී පණ්ඩිත් අමරදේවයෝ දිනක් ඩෝල්ටන් අල්විසුන් මුණගැසීමට පැමිණියහ. අමරදේවයන් හදිසියේම ඩෝල්ටන් හමුවීමට පැමිණියේ ඔහු විසින් නිර්මාණය කරන ගුවන් විදුලි සරල ගී වැඩසටහනකට ගීතයක් ලියවා ගැනීමටය. ’’ඩෝලේ’’ (ඩෝල්ටන් අල්විසුන්ගේ මිතුරන් ඔහුට ආදරයට කතා කළ නම) අපි කොහෙ හරි යමුද?අමරදේවයෝ ඇසීහ.අමරදේවයන්ගේ යෝජනාවට ඩෝල්ටන් ද එකපයින් එකඟ විය.අනතුරුව අමරදේවයන්ගේ මෝටර් රියෙන්ම දෙදෙනා ගාලු මුවදොර බලා පිටත් වූහ.අමරදේවයෝ කෙළින්ම තමාගේ අවශ්‍යතාව ඩෝල්ටන්ට කීහ. 12 September 2022
උපන් බිමට අහිමි සරුංගලේ කලා විශාරදයෝ සාහිත්‍ය කලාවේ මුඛ්‍ය අරමුණු දෙකක් පෙන්වති.එකක් නමි සමාජ යථාර්ථය නිරූපණය කිරීමයි. මෙහි යථාර්ථය යනු මිනිසා මුහුණපා සිටින දිශාවයි. අනික් කරුණ නමි හැඟීමිවලින් මානව හදවත සුපෝෂණය කිරීමයි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් විරචිත නන්දා මාලනීයන්ගේ සුගායනීය හඬ සහ ස්වර සංරචනයෙන් සුසැදි මේ ගීතය පූර්වෝක්ත කලා අරමුණු දෙකම සාක්ෂාත් කරගෙන ඇතැයි මම විශ්වාස කරමි. 05 September 2022
සාම්ප්‍රදායික නැට්ටුවාගේ අඳුරු වන්නම රත්න ශ්‍රී විජේසිංහයන් විසින් විරචිත, එච්.එම්. ජයවර්ධනයන් ස්වර රචනා කළ ජානක වික්‍රමසිංහ ගායනා කරන මේ ගීතයෙන් සාම්ප්‍රදායික වයෝවෘද්ධ නර්තන ශිල්පියකුගේ ජීවන ඛෙිදවාචකය මානව බන්ධුත්වයෙන් අපගේ හදවත සංස්පර්ශ කරයි. 29 August 2022
තනිකඩයාගේ නාරිලතා සිහිනය ප්‍රතිභාපූර්ණ ප්‍රවීණ ගේය පද රචක ලූෂන් බුලත්සිංහලයන් විසින් විරචිත , විශාරද එඩිවඩි ජයකොඩි විසින් සුගායිත, සුදුර්ලභ ස්වර සංරචක එචි .එමි ජයවර්ධනයන්ගේ සර සරණියෙන් සුසැදි මේ ගීතය ඇසෙන විට ඕනෑම අයකු තුළ නාරිලතා පුෂ්පය දැකීමෙි නොතිත් ආසාවක් උපදියි. 22 August 2022
නොවේ මෙවන් කුමාරයෙක් ලොවේ මහගම සේකරයන්ගේ සුදුර්ලභ කවි ශක්තිය ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන හඬ පෞරුෂය ද ලයනල් අල්ගමයන්ගේ ස්වර සංරචනය ද මේ ගීතයේ සාර්ථකත්වයට තුඩුදී ඇත. මේ වූ කලී සිංහල ගීත වංශයේ ප්‍රථම පුරුෂ වර්ණනයයි. 15 August 2022
මැදියම් යාමයේ සීතලේ ගැයෙන වසන්ත ගීතය මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ධිවනිතාර්ථපූර්ණ ගේය පද රචනයෙන් ද එච්.එම්. ජයවර්ධනයන්ගේ ප්‍රතිභාසමිපන්න සංගීතයෙන් ද නන්දා මාලනීයන්ගේ සුගායනීය ස්වර මාධුර්යෙන් ද සුරංජිත වූ මේ ගීතයේ සැබෑ අරුත කුමක් දැයි අද අපි ගී විනිස තුළින් සොයා බලමු. 08 August 2022
ජනාධිපති ලේකම් කාර්යාලයේ ඩෙංගු මර්දන ශ්‍රමදානයක් ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ශ්‍රමදාන වැඩසටහනක් අද (27) ක්‍රියාත්මක කෙරිණි... 27 June 2026