IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


හද ගිලෙයි අම මිහිරේ

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ මධුර මනෝහර ගේය පද සංකල්පනාවෙන් ද රුක්මණී දේවි සහ මොහිදීන් බෙග්ගේ භාවානුරාගී ස්වර මාධුර්යයෙන් ද සහාද් හුසේනුන්ගේ මියුරු මියැසියෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ නුගිනුරා ප්‍රේමයේ චමත්කාරය සුවිශද කරයි.

මානව ප්‍රේමයේ උත්කෘෂ්ටත්වය මෙපමණ යැයි කිසිවකුට කිව නොහැකිය.මෙනයින් යෞවන ප්‍රේමයේ සුදුර්ලභ සුඛාස්වාදය ලබන්නෝ වාසනාවන්තයෝය.ඔවුහු එයින් ලබන වින්දනය පමණක් නොව විඳින සුඛානන්දය ද අවසානයේ සමාජයට හඬගා කියති.මෙි ගීතයේ එන ප්‍රේමවන්තයෝ ද තම ප්‍රේම විජිතයේ සුප්‍රහර්ෂය පරිසරයට ප්‍රක්ෂේපණය කරති.එවිට ඔවුන් දෙපලට හැඟී යන්නේ අවට පරිසරය ද තම ප්‍රේමයට ආශිර්වාද කරන බවකි.ප්‍රේමය වනාහි කිසියම් පුරුෂයකු හෝ ස්ත්‍රියක තුළ උපදින සරාගී හැඟීමයි.එහෙත් මෙි හැඟීම විවිධ පෙම්වතුන්ට එකිනෙකට වෙනස් ආකාරයට වූවද ඇති විය හැකිය.ඇතැමකුට කිසියම් කෙනකු දුටු මතින් ප්‍රේමනීය හැඟීමක් ජනිත වීමට ද පුළුවන.තවත් කෙනකුට කාලයක් ගොස් එබඳු ආදර සිතක් පහළ වි⁣ය හැකිය.තතු ⁣කෙසේ වූව ද ප්‍රේමයේ අවසාන පදනම සම්භෝග ශෘංගාර⁣ය යි.එහෙත් පෙම්වතුන් තුළ උපදින සාරගී ⁣සෙනෙහස පරමරමණීය නොවෙිද?

දෛවයෝගය චිත්‍රපටිය සඳහා 1959 වර්ෂයේ දී නිර්මාණය කළ මෙි අපූරු ගීමිණ පෙර මෙන් ම දැනුදු නැවුම්බරය.හැඟුම්බරය.සුන්දරය.මෙි ගීතය චිරාත් කාලයක් රසික දෙසවන් තුළ පිළිරැව් දීමට හේතුභූත වී ඇත්තේ ද යටකී නවතාව,කවිතාව නිසාම නොවෙිද? වත්මන් ගීතවල මෙන් නොව එකල ඇසුණු බොහෝ ගීතවල වදන්පෙළ මටසිලුටුය.සුවියත්ය.එමතු නොව එකල ගීත ගැයූ ගායක ගායිකාවන්ට පැහැදිලි අනන්‍යතාවක් ද හඬ පෞරුෂයක් ද තිබිණ.ශබ්ද උච්චාරණය පවා සුපැහැදිලිය.සුගීතවත්ය.ඔවුන්ගේ ස්වර මාධුර්යය පමණක් නොව මියැසි නාදය සුනාදයක් ම විය.මෙකී සියලු රුවගුණ මෙි අනගි ගීතයේ ගැබ් වෙයි.එදා මානවසිංහලා,සේකරලා,මඩවලලා,ඩෝල්ටන්ලා ලියූ හැම වැකියක් ම සුන්දර සුවියත් බසකින් සුපෝෂිතය.ඔවුහු ගායනා යෝග්‍ය පද පමණක් ම ලියූහ.යම් ගීතයක් ගායනා යෝග්‍ය වීමට නම් එහි කිසියම් මානවීය හැඟීමක් තිබිය යුතුය.එපමණක් නොව එකී හැඟීමෙන් රසිකයාගේ අධ්‍යාත්මය රංජනය කළ යුතුය.යටකී මනෝරංජන ගුණය මෙි ගීතය සතුය.මෙහි එන කිසිදු යෙදුමකින් රසභංග වී නැත.

මෙහි වර්ණිත පාරිසරික සිතුවම ද අචෙිතනික ලෝකය ද ප්‍රේමයේ සොඳුරු සුඛාස්වාදය වින්දනය කරනු වැන්න.ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් මෙි ගීතයෙන් මවන චිත්ත රූප පෙළ කෙතරම් විසිතුරු ද? මෙි නම් කෙතරම් රමණීය යෙදුම් සහිත කාව්‍යෝක්තියක් ද? ගීතයේ ස්ථායි කොටසෙන් ම රචකයා ශ්‍රාවකයා ඇදබැඳ තබා ගන්නා අයුරු බලන්න.

 

හද ගිලෙයි අම මිහිරේ

පෙම් සුවේ රස ඉතිරේ

මල් පැණි මදිරා

මී පැණි ගංගා

පෙම් සයුරට මුසුවේ

 

ප්‍රේමයේ අමා සුවය ලබන්නෝ කවරහුද? ඔවුහු සැබෑ ම වාසනාවන්තයෝය.මෙි ප්‍රේමියාගේ පමණක් නොව පෙම්වතියගේ ද හදවත අමා මිහිරේ ගිලෙයි.දෙවිවරුන්ගේ අමෘත පානයේ අමොද රස මිහිර එහි ඇත.එය විඳීමට අකමැති පෙම්වත්තු ලොව සිටිත්ද? ඒ රසය කොතෙක් ද යත් දෙදෙනාගේ ම සිත්සතන් මහ වැස්සට පිරුණු ගඟුලක් මෙන් දෙගොඩ තළා යයි.එහෙත් මෙකී රස ගඟුලට වැටෙන මල්පැණි,මීපැණි සියල්ල අවසානයේ දී මුසු වන්නේ කොතැනටද?ඒ දෙදෙනා සුප්‍රහර්ෂයෙන් ගිලී නාන පෙම්සයුරටයි.පෙම් සයුර ඉන් ඔද තෙද වැඩී නොයෙත් ද? මදිරා යනු මධු හෙවත් මී ය.මීපැණි යනු රසදිව නහර ප්‍රීතියෙන් පිනා යන ප්‍රණීත පානයකි.එය ලොව මධුරතම මිහිර ලෙස ද සැලකේ.දෙසිතක බැඳි සෙනෙහසේ සොඳුරු අසිරිය ලොවට හඬගා කීමට මෙයටත් වඩා මටසිලුටු සුවියත් රමණීය කවි බසක් තව ඇත්ද?

 

වන බඹරු නොදත් නොසිපි

සමනලුන් දුටුව අසිරි

රොන්රස විහිදේ ‍

පෙම් ලිය ගොමුවේ

පොබයා මල් සිනහා

 

පෙම්වතුන්ගේ කාල්පනික ලෝකයේ සියලු සැප සම්පත් ඇත.මෙි වූකලි කේතුමති රජදහනකි.මෙකී ⁣විජිතය සැබෑ ලෝකයේ සොබාවික පරිසරයටත් වඩා සුන්දරය.ඔවුහු කල්පනා යානයට නැගී එකී ප්‍රේම පාරාදීසයේ සැරිසරති.මෙහි ගස් වැල් එකට එතී හැදුණු ලියගොමු ද මල්ගොමු ද කඳු නිම්න තැනිබිම් ද ඇත."වන බඹරු නොදත් නොසිපී" යනුවෙන් කියැවෙනනේ සැලමුතු ප්‍රේමයේ පාරිශුද්ධත්වය හෙවත් නොකිලිටි බවයි.කුලුඳුල් පෙම සුනිමල්ය.එහෙත් මෙි අසිරියමත් ලෝකය දුටුවෙි සමනලුන් පමණි.ප්‍රේමයේ ලියගොමු සෙවණේ සම්භෝග ශෘංගාර සුව විඳින පෙම්වතුන් දෙපලට දැනෙන සුඛානන්දය කෙතරම් ද?

 

පෙම් වලාකුළු ද කැටිවී

ඇති තුරුළු වෙලා කිමිදී

කඳු ගැට අතරේ

බැස යන ගඟුලේ

සීතල මට දැනුණා

 

සරාගී ප්‍රේමයේ අමොද රසය විඳින පෙම්වතුන්ට දැනෙන සැහැල්ලුව අහසේ පාවෙන වලාකුළක් මෙන් නොවෙිද?වලාකුළු සිහිල පමණක් නොව සැහැල්ලුව ද දෙයි.එවිට එහි තුරුළු වී පෙම්සුව විඳින පෙම්වතුන්ට දැනෙන ප්‍රහර්ෂය මෙි වදන්වලින් ⁣නෙකියැවෙයිද?මෙි නම් කෙතරම් රමණීය යෙදුමක් ද?කඳු ගැට අතරේ බැස යන ගඟුලේ සීතල දැනීම යනු උනුන් එකිනෙකා වැළඳගෙන සිටින විට දැනෙන සෙනෙහසේ ළතෙත් සිසිලස ම නොවෙිද?

 

සුදු පළිඟුතලා උඩදී

සඳ කිරණ සමග මුසු වී

පෙම් රළ පතරේ

පෙණ පිඩු විසිරේ

ආදර කිරි මුහුදේ

 

සුදු පළිඟුතලා මතට සඳ එළිය වැටීම යනු කෙතරම් ප්‍රභාස්වරයක් ද?එහි ප්‍රදීප්තිය උජ්වලතා පූර්ණය.මෙකී සුන්දරත්වය අැතිවූයේ පළිඟුතලාව සඳ කිරණින් සුදීප්තිමත් වීමෙන් නොවෙිද?දැන් දෙදෙනාගේ ප්‍රේමය කිරිමුහුදක් මෙන් සුදු පෙණපිඬු විහිදුවයි.අභිලාෂිත කායසංසර්ගයෙන් පසු ඇතැම් ප්‍රේමවන්තයෝ විසිර යති.එහෙත් සත්‍ය ප්‍රේමභුංගරාජයෝ පලා නොයති.රස ගුලාව මග නොහරිති.මීමැසි පොදි මෙන් යළි යළි මල් වට පැදකුණු කරති.එහෙත් ප්‍රේමයේ සපඵලත්වය සැමවිටම සැමතැනම නැත.මෙසේ බලන කල මෙි සිඟිති ගී විත රමණීය නොවෙිද?

 



අදහස් (0)

හද ගිලෙයි අම මිහිරේ

ඔබේ අදහස් එවන්න

ගී විනිස

උලලේනෝ
2024 ජුලි මස 23 939 0

නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ සුදුර්ලභ ගේයපද රචනයෙන් ද ගුණදාස කපුගේ සූරීන්ගේ සුගායනයෙන් සහ ස්වරසංරචනයෙන් ද සුරංජිත වූ මෙි ගීමිණ කරුණරසය දනවයි.


බොල් වී අහුරු වෙල් හුළඟේ
2024 ජුලි මස 16 1045 2

ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වරමාධූර්යෙන් ද සරත් දසනායකයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුවිභූෂිත මෙි ගීමිණ බ


හිම දිය වී හිමාලයේ
2024 ජුලි මස 09 1080 0

ධම්මික බණ්ඩාරයන්ගේ ව්‍යංග්‍යාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද අමරසිරි පීරිස් සහ වසන්තා තිලකාංගනීගේ මධුර මනෝහර භාවානුරාගී සුගායනයෙන් ද ඩැනිස්ටර් පෙරේරා


නවදැලි හේනක
2024 ජුලි මස 02 1141 0

සෝමතිලක ජයමහ යන වාග්ගේයකාරයාණන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද රචනයෙන් ද ප්‍රතිභාසම්පන්න සංගීතයෙන් ද කර්ණරසායන සුගායනයෙන් ද සුරංජිත වූ මෙි ගීමිණ මානවබන්


පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්
2024 ජුනි මස 25 1049 2

සුකීර්තිමත් ගේය පද රචක ලූෂන් බුලත්සිංහලයන්ගේ සුදුර්ලභ පද සංකල්පනාවෙන් ද මාලනී බුලත්සිංහලගේ සුගායනීය ස්වර මාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියුරු


රුක්අත්තන මල මුදුනේ
2024 ජුනි මස 18 816 0

මහින්ද අල්ගමයන්ගේ ගේය පද රචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ සුදුර්ලභ ස්වරාලංකාරයෙන් හා සුගායනයෙන් ද සුවිභූෂිත මෙි ගීමිණ ගේහසිත ප්‍රේමයේ ⁣සුන්දරත්වය පමණක්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1157 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site