IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සුදු නෙළුම කෝ

 

 

 

 

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේය පද රචනයෙන් ද පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේවයන්ගේ සුගායනයෙන් හා සංගීත සමායෝජනයෙන් ද සමලංකෘත වූ මෙි සුදුර්ලභ ගීමිණ කරුණ රසයෙන් අප හද කලඹයි.

සුකීර්තිමත් කිවිසුරු ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහයෝ සාහිත්‍යකරුවකු පමණක් නොව ගුරුවරයෙක් ද වෙති.ඔවුහු ස්වකීය ගුරු ජීවිතයේ ලද සුදුර්ලභ අනුභූති රැසක් ම කවි සංකල්පනා ඇසුරෙන් ගීත බවට පත් කළෝය.හෙළයේ මහ ගඳඹ පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වරමාධූර්යයෙන් ගැ⁣යෙන මෙි ගීතය ද විජේසිංහයන්ගේ ජීවන අත්දැකීමකි.එකල විජේසිංහයෝ දුෂ්කර ගම්මානවල දුප්පත් දරුවන්ගේ නැණස පෑදු දිසාපාමොක්ව⁣රයෙක් වූහ.මෙි ගීතයට පදනම් වූ යටකී සුදුර්ලභ අත්දැකීම පිළිබඳ රත්න ශ්‍රී විජේසිංහයෝ මෙසේ කියති.

"මට මතක හැටියට මෙි සිද්ධිය වුණේ 1981 අවුරුද්දේ .ඒ කාලේ තිබුණු ආණ්ඩුව මා ගහක් උගුල්ලනවා වගේ ගලවල විසි කරනවා මොනරාගලට. මා වැටෙන්නේ ඔක්කම්පිටිය ජනපද විද්‍යාලය නම් වූ දුෂ්කර පාසලට . ඒ පාසලේ දරුවන්ට වැසිකිළියක් වත් තිබුණේ නෑ. මෙි පාසලේ 7 පන්තියට දැරියක් ආවා.ඇය බොහොම දක්ෂයි. දවසක් පන්තියට ගියාම මේ දැරිය හිටියේ නෑ. මම ළමයින් ගෙන් ඒගැන විපරම් කර බලද්දී දැනගන්න ලැබුණේ කනගාටු දායක ප්‍රවෘත්තියක්.ඇය හදිසියේම මියගිහින්. මම වරුවක නිවාඩුවක් දාල තව ගුරුවරයකුත් එක්ක අැගේ මළගෙදර හොයාගෙන ගියා. ඒ මළගෙදර තිබුණේ ඔක්කොම්පිටිය දෙමටමල් විහාරය අසල තිබුණු වැව කිට්ටුව.

දෙමටමල් විහාරය කියන්නේ දුටුගැමුණු සද්ධාතිස්ස යුද්ධය තිබ්බ කාලේ සද්ධාතිස්ස හැංගුණ පන්සල. ඒ ගේ කටුමැටි ගාපු ගෙයක්. ගේ කොච්චර පොඩිද කියනවා නම් මෙි දැරියගේ දේහය තියන්නවත් ඉඩක් තිබුණේ නෑ. ගෙයින් එළියට යාලත්තක් බාල දේහය තැම්පත් කරලා තිබුණා. ඒ මඩුව හදල තිබුණෙත් පෙට්ටිය අරන් දීල තිබුණෙත් ගමේ මිනිස්සු.මට හොඳට මතකයි ඇයට අන්දලා තිබුණේ පඬුපාට වෙච්ච පාසල් ඇඳපු එකම සුදු ගවුම. මළගෙදර දහයක් දොළහක් වත් හිටියේ නෑ. කවුරුත් අැඬුවේ නෑ. තාත්ත මැදිවියේ කෙනෙක්. මගේ වයස ඒ වෙනකොට අවුරුදු 25 ක්. මම තාත්තට කිට්ටුවෙලා අහුවා මොකද වුණේ කියලා. තාත්ත කියනවා , මහත්තයෝ මේ ළමයා හැමදාම ඉස්කෝලේ ගිහිල්ලා වැවට යනවා මල් කඩන්න. මල් කඩලා විකුණනවා පන්සලට.එයා ඒ මුදලින් එයාට අවශ්‍ය දේවල් ගන්නවා.ඒ වගේම ඉතුරු වුණොත් ගෙදර වියදමටත් දෙනවා. නොවැම්බර් මාසේ වහිනවා වැඩියි. වැව පිරිලා දවස් දෙකකට පස්සේ පෝයක් එනවා. පෝයට පන්සලට සෙනග එනවා වැඩියි. ඉතින් ඇය කල්පනා කළා වැඩියෙන් මල් කඩාගත්තොත් වැඩියෙන් විකුණගන්න පුළුවන් කියලා. ඇය රෑ වෙනකමි ගෙදර අවේ නෑ. මිනිස්සු කළුවර වෙනකොට හුළු අතු පත්තුකරන් හොයනවා.ඒත් හොයාගන්න බැරි වුණා.පහුවෙනිදා පාන්දර අැගේ මිනිය පාවෙලා ඇවිල්ල ගොඩගහල තිබුණා වැව් ඉවුරට. අැගේ අතේ ලිහී ගීය නෙළුම් මල් දෙකක් රැදිලා තිබුණා. මේ සිද්ධිය ඇහුණාම මහා විශාල කම්පාවක් මගේ හිතේ ඇතිවුණා"

මෙි වූකලි කෙබඳු ඛෙිදවාචකයක් ද? මෙම ශෝචනීය අත්දැකීම ගීතයකට පෙරළීමට ආරම්මණයක් ඇතිවීම අරුමයක් නොවූව ද පන්ති සමාජය තුළ උදාර පරමාර්ථයකට කැපවී ගන්නා නිර්මාණකරුවකුට මෙබඳු ඛෙිදවාචකයක් දැක නිහඬ සිටිය නොහැකිය.රත්න ශ්‍රී විජේසිංහයන් සිය පන්හිඳ දිග හැරියේ මානවබන්ධුත්වයෙන් අනූන එබඳු උදාර වූ කර්තව්‍යයකට නොවෙිද?

අප වසන පන්ති සමාජයේ දුප්පතාගේ ඉරණම මෙි සුදුර්ලභ ගීමිණෙන් මොනවට පැහැදිලි වෙි.අකුරට ගිය දැරියට පෙට්ටයෙන් ගෙදරට ඒමට සිදුවුයේ පවුලේ දරිද්‍රතාව නිසා නොවෙිද? ඇය ⁣වැවෙි මල් නෙළුවෙි තම අධ්‍යාපනයට අවශ්‍යය ඔිනෑ එපාකම් පිරිමාසා ගැනීමටය.එහෙත් දෛවය ඊට හරස් විය.තුරුණු විය එළිපත්තේ සිටි දැරියට ජීවිතය අහිමි විය.

 

සුදු නෙළුම කෝ

සොරබොර වැවේ

මල් සුවඳ දුන් මහියංගනේ

පුන් පෝය දා පාළොස්වකේ

මල් නෙළා විකිණු පන්සලේ

 

මෙි ගීතයේ ස්ථායි කොටස ලියැවී ඇත්තේ ස්වාභාවෝක්තියෙනි.එහෙත් ඔරුව පෙරැළී වැව් දියේ ගිලී මියගිය එම කුඩා දැරිය ආමන්ත්‍රණය කිරීමට සුදු නෙළුම නමැති රූපකය යොදාගැනීම ඖචිත්‍ය නොවෙිද?නෙළුම් මල් කඩා විකුණු පුංචි දැරිය ගම පුරා විහිදු මල් සුවඳ තවදුරටත් නොමැති බව කීමට මෙයටත් වඩා උචිත යෙදුමක් තිබෙිද? මෙි වදන්වලින් ගම්‍ය වන්නේ මානවබන්ධුත්වයේ හෘදයාංගම භාවය යි.පසළොස්වක පෝයට පන්සල අසල මල් විකුණු දැරිය අද එහි නැත.ඇය නැති පාළුව ගමට නොදැනුනත් මවුපියන්ට නොදැනේවිද?මෙනයින් අප සාප කළ යුත්තේ දැරිය බිලිගත් සොරබොරවැවට නොව මෙි අනතුරට එම පුංචි සුරංගනාවිය හෙළුෑ කුරිරු පාලකයන්ටය.නැතිබැරිකම වැපුරු සමාජ පන්තියටය.මෙසේ බලන කල පීඩිත පන්තියේ දුප්පත් දරුවන්ගේ හෙට දවස අද මෙන්ම අඳුරු නොවෙිද?

 

වැවට කළුවර යාවුණා

සංසාර දුක බෝවුණා

නෙළූ මල් මිට ලිහී විසිරී

එහා ඉවූරට පාවුණා

 

මෙි වූකලි මොනතරම් රමණීය කාව්‍යෝක්තියක් ද? වැවට කළුවර යාවීම යනු දැරියගේ ජීවිතය වෙළාගත් ශෝකාන්ධකාරය පිළිබඳ ඇඟවීමට යොදාගත් අපූරු යෙදුමකි.මෙි පවසන්නේ රාත්‍රිය නොව මරණය ගැනය.දරිද්‍රතාව නමැති කුරිරු බලවෙිගය ඇය වෙත රැගෙන ආ අකල් මරණය පිළිබඳ විශද කිරීමට මෙි සංකල්ප රූප,ව්‍යංග්‍යාර්ථ උචිත නොවෙිද? සංසාර දුක බෝවීම යනු කිම? භවාන්ධකාරය පැතිරීමයි.එබඳු අඳුරකට දැරිය නතු වූ බව එම පද පෙළෙන් ගම්‍ය වෙි.මෙනයින් දෙවැනි අන්තරා කොටසේ යටකී යෙදුම මෙි ගීතයේ කූටප්‍රාප්තිය යැයි කීම අතිශයෝක්තියක් නොවෙි.

 

සිහින් සිරිපොද වෑහුණා

ඉවුරු දෙකොපුල් සේදුණා

සුදු නෙළුම් මල දෑස පියවී

මෙහා ඉවුරට පාවුණා

 

මෙි කුඩා දැරිය සුදු නෙළුමකට උපමා කිරීමත් වැසි දියෙන් වැව් ඉවුරු දෙකොපුල සේදීයාමත් කෙතරම් රමණීය යෙදුම් ද?කාව්‍යෝක්තිද ?මෙි ගීතයෙන් රත්න ශ්‍රී විජේසිංහයෝ දුප්පතුන් මෙන්ම පීඩිත පන්තියේ ජනතාව කෙරෙහි අප හද තුළ තීව්‍රතර අනුකම්පාවක් ද උපද්දති.මෙහි කිසිදු තැනක දැරිය පිළිබඳ කතා නොවෙයි.එහෙත් කවියා සිය ජීවිතානුභූතිය නිර්මාණාත්මක ප්‍රවෙිශයකින් ඉදිරිපත් කරයි.වක්‍රෝත්තිය,ව්‍යංග්‍යාර්ථය කවියට මෙන්ම ගීතයට ද ඇවැසි බව පැවසෙන්නේ මෙි නිසාය.මෙි ගීතයේ සාර්ථකත්වයට මෙකී සියලු කරුණු බලපා තිබෙි.කලාව මානවබන්ධුත්වයෙන් තිරසර කරතැයි කියනු ලබන්නේ මෙවැනි ලක්ෂණ දරන නිසා නොවෙිද?



අදහස් (1)

සුදු නෙළුම කෝ

Purnima Shamika Dehiwela Saturday, 18 May 2024 08:45 PM

මෙම සමාලෝචනය විශිෂ්ටයි! මෙම ගීතය පිටුපස ඇති කතාව ගැන මම නිතරම කුතුහලයෙන් සිටි අතර ඔබ එය ලස්සනට පැහැදිලි කර ඇත. මේක ලිව්වට බොහොම ස්තුතියි.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31141 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13275 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10954 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 887 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site