IMG-LOGO

2024 පෙබරවාරි මස 26 වන සඳුදා


රුවල් ඉරී ගිය නෞකාවෙි

 

 

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සුදුර්ලභ පද සංකල්පනාවෙන් ද නන්දා මාලිනීයන්ගේ භාවානුරාගී හඬ මාධුර්යයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ සංගීත සංයෝජනයෙන් සුපුෂ්පිත මෙි ගී කුසුම මානවප්‍රේමයේ ඉමිහිරි සුගන්ධයෙන් රසික හදවත් සුවිභූෂිත කරයි.

මානව ප්‍රේමය වූකලී බදා වැළඳ ගැනීම පමණක් නොව පරිත්‍යාගය,පරාර්ථය,ඉවසීම වැනි තාදි ගුණ ප්‍රගුණ කළ සොඳුරු නිරාමිස හැඟීමකි.මෙහිදී එකිනෙකා කෙරෙහි ඊර්ෂ්‍යාව,ක්‍රෝධය,වෛරය,ආත්මාර්ථය වැපිරීම නුනුවණ ක්‍රියාවකි.එහෙත් අප වසන සමාජය මානව ප්‍රේමයට සතුරුය.මුළු මහත් සමාජය ම උකුසු ඇස්ලා සිටින්නේ දෙදෙනකු අතර ⁣ විකසිත වන පෙම් පියුම මුකුලිත කිරීමටය.තතු ⁣එසේ වූව ද සියලු බාධක,හිරිහැර පරයා මානව ප්‍රේමය දිනූවෝ ලොව කොතෙක් සිටිත්ද? ජීවිතයේ ඇතැම් පරාජයන් හමුවෙි අනෙකාගේ යහපත වෙනුවෙන් ප්‍රේමය දන්දුන් පරිත්‍යාශීලී ආදරවන්තයෝ ද සිටිති.ඇතැමෙක් තම ප්‍රේමය වෙනුවෙන් ජීවිතය ද පුදති.මෙනයින් මිනිසාගේ පැතුම් අතර අතිසුන්දර පැතුම නම් මානවබන්ධුත්වය සඳහා පවතින පැතුම යැයි කීම අතිශයෝක්තියක් නොවෙි.

මහැදුරු සුනිලුන්ගේ මෙි අතිවිශිෂ්ට පද සංයෝජනය ද යටකී මානව ප්‍රේමයේ සොඳුරු පැතිකඩක් නිරුපණය කරයි.සමහරු මෙි ගීතයට විවිධ අර්ථකථන දෙති.ඇතමකුට අනුව මෙය වාම දේශපාලන නායකයකුගේ පාපෝච්චාරණයකි.තවකෙකුට මෙි ගීතය වළගම්බා රජු යුද්ධයේදී සොලි හමුදාවට බියෙන් පලා යද්දී කරත්තයේ බර සැහැල්ලු කිරීමට ඔහුගේ බිසව එයින් බැස යාමට ගත් උත්සාහයකි.බහුඅරුත් දනවන ගීතයකට විවිධ අර්ථකථන,වචාර,විවරණ ඉදිරිපත් කළ හැකිය.එහෙත් ගේය පද රචකයාගේ අභිලාෂය ඊට ඉඳුරා ම වෙනස් දෙයක් වීමට ද පුළුවන.මානවයන් දෙදෙනකු අතර ගොඩනැගුණු පරමානන්දකර සබැඳියාව,ළබැඳියාව පිළිබඳ කොතෙකුත් ගීත අප අසා තිබුණ ද මෙි ගීතයේ විශේෂත්වයක් ඇත.මහැදුරු සුනිලුන් මෙි ගීතය සම්පූර්ණයෙන් ම ලියා ඇත්තේ ස්වාභාවෝක්තියෙනි.මෙහි උපමා උපමෙිය,ව්‍යංග්‍යාර්ථ, කාව්‍යෝක්ති නැත.එහෙත් රචකයා ගොඩනගන චිත්ත රූපික පද පෙළ ප්‍රබලය.කලාවෙි සාරය ග්‍රහණය කර ගනිමින් නිමැවූ මෙි ගීමිණ චිරාත් කාලයක් ලඹ දෙන්නේ එබැවිනි.කලාවෙි සාරය යනු කිම? ඕනෑ ම කලා කෘතියක කර්තව්‍යය නම් රසිකයා තුළ මානව හැඟීම් සුපෝෂණය ද ශික්ෂණය ද කිරීමය.මානව හැඟීම් යනු ප්‍රේමය,වෛරය,ක්‍රෝධය,ප්‍රහර්ෂය,සන්තාපය යනාදිය යි.යම් කෘතියක යටකී ලක්ෂණ නැති නම් එය කලා කෘතියක් හැටියට ගිණිය නොහැකිය.මෙි ආදි හේතු නිසා ඇතැම් ගීත ඇසීමෙන් අප තුළ පසුතැවීමක්,ජුගුප්සාවක් ඇති වෙි.එහෙත් මහැදුරු සුනිලුන්ගේ මෙි ගීමිණිරුවන එක වරක් නොව දස දහස් වරක් ඇසූවද එපා නෙවෙි.මෙනයින් ගීතය භූෂණය කළෝ කවියෝය.ගීතය දූෂණය කළෝ කුකවියෝය.

 

රුවල් ඉරී ගිය නෞකාවේ

නියමුවානෙණි

නොගිලී දළ රළ පෙළ අතරේ

මා හා යා නොහැකිය ගොඩබිමකට

රුවල් ඉරී ගිය නෞකාවෙි

 

මෙි කථකාව වියෝගී හදවතින් පවසන්නේ තම අකලංක,උත්තරීතර ප්‍රාණ සම ප්‍රේමය කිසියම් අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වී ඇති බව නොවෙිද? රුවල ඉරුණු නැවකට මහ සමුදුර තරණය කළ නොහැකිය.එබඳු නැවකට තව දුරටත් මුහුදුබත් වනවා හැරෙන්නට ඉදිරි ගමනක් ද නැත. විවිධ සුළිකුණාටු චණ්ඩ රළ මැද නිරුපද්‍රිතව ගොඩබිමකට යාමට නම් නැවෙි බර අඩුකළ යුතුය.මෙි කථකාව නැවෙි නියමුවාට පවසන්නේ තමා අතහැර කෙසේ හෝ ගොඩබිමට ගොස් ජීවිතය රැක ගන්නා ලෙසය.මෙි නම් කෙතරම් පරිත්‍යාගයශීලි ආදරවන්තියක්ද? මෙහිදී තම පෙම්වතා වෙනුවෙන් දියඹට බිලි වීමට පවා ඇය සූදානම් වන්නීය.ඇතැම් විට මෙය මාරාන්තික රෝගයකට ගොදුරු වූ ගැහැනියකගේ ශෝකාලාපයක් ද විය හැකිය.තම සහකරුගේ ජීවිතය අනතුරේ නොදමා මියයන්නට වෙර දරන සැබෑ පෙම්වතියකට අනෙකා කෙරෙහි මෙබඳු හැඟීමක් ජනිත විය නොහැකි ද? ප්‍රේමය වෙනුවෙන් ජීවිතය අත්හළ ප්‍රේමවන්තයෝ ලොව කොතෙක් සිටිත්ද? මිනිසාගේ සෑම පැතුමක් ම ඉටුනොවීම ලෝකස්වභාවය යි.එහෙත් ප්‍රේමයේ භෞතික ලෝකය බිඳ වැටුණ ද අධ්‍යාත්මික කාල්පනික ⁣විජිතය බිඳ නොවැටෙි.විප්‍රලම්භ ශෘංගාරය යනු අතීත ජීවිතයට පණ පොවන ⁣බලගතු ඔසුවකි.එකී ඔසුව බොන්නෝ සදාතනික ප්‍රේමවන්තයෝය.

 

දෝතට එක්කල වැහිදිය පොවමින් පවසට

ඉරුණු රුවල් රෙදි දවටා තබමින් උණුසුම

මා රැකගත් ඔබ රැකගත යුතුවේ අද දින

දියඹේ නවතිමි යනු මැන පෙරමඟ තනිවම

 

ගීතයේ පළමු අන්තරා කොටසෙන් ගම්‍ය වන්නේ මෙි කථකාව කලක් දරුණු අසනීපයකින් පීඩා විඳි තැනැත්තියක බවය.තම ජීවන සහකරු මහත් කරුණා දයාවෙන් ඇයට ඇප උපස්ථාන කළ බව නොවෙිද මෙි කියන්නේ? තම ගිලන් ජීවිතයට සහකරු කෙතරම් කැපකිරීම් කළ ද දැන් ඇයට ජීවිතය ජයගැනීමට නොහැකි බව වැටහී ඇත.තමා මියයාමට ආසන්න බව ඇය දන්නීය.ඔහුගේ තරුණ ජීවිතය තවදුරටත් අඳුරු කිරීමට ඇති අකමැත්ත නිසාම තමා අතහැර යන ලෙස ඇය ඔහුට ආයාචනා කරන්නීය.මෙයින් කුළු ගැන්වෙන්නේ ඇය තුළ තම සහකරු කෙරෙහි පවතින අකලංක, උත්තරීතර ප්‍රේමය පිළිබඳ නොවෙිද ?

 

සුන්බුන් නැව් බඳ දියබත් වී යයි හෙමිහිට

අත්හළ මැන දැන් මෙතුවක් මට බැඳිසෙනෙහස

දෑස පියාගෙන මා බිලි දී ‍දිය ගැඹරට

ගැලවී යනුමැන මේ විපතින් හිත දැඩිකොට

 

සුන්බුන් පමණක් ඉතිරිව ඇති නැව්බඳ දැන් මුහුදුබත් වීමට ඔන්න මෙන්නය.ඇය ඔහුට ආයාචනා කරන්නේ තවත් පමා නොවී තමා දියඹට අත්හරින ලෙසය. එබඳු සංවෙිදී,බිහිසුණු තීරණයක් ගැනීමට නොහැකි නම් දෑස් පියාගෙන හෝ එම කාර්ය වහාම කරන ලෙස ඇය ඔහුගෙන් ඉල්ලා සිටින්නීය.කරුණා මෛත්‍රීය පරාර්ථානුකම්පාව ඇති ප්‍රේමවන්තයෝ අනෙකා වෙනුවෙන් සියල්ල කැප කරති.මෙි ගීතයෙන් පරිපෝෂණය කර තිබෙන්නේ ⁣එබඳු කැපකිරීම් කළ පෙම්වතුන් යුවළගේ උත්තරීතර ආදර අන්දරයක් ගැනය.ප්‍රේමය පිළිබඳ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝ සිය විලාසිනියකගේ ප්‍රේමය නමැති චම්පුකාව්‍ය කෘතයේ මෙසේ වනති.

 

ප්‍රේමයේ නම් අසෙනිය කුසුමක් වෙි

රිසි වූ කෙනකුට පූජා කරන්නට

ලොබ සිතින් තොර පිදුවමනා වෙි

පෙරළා ලබන්නට නොසිතා බිඳකුත්

 



අදහස් (0)

රුවල් ඉරී ගිය නෞකාවෙි

ඔබේ අදහස් එවන්න

Gee winisa

ලෙංචිනා මගේ නංගියේ
2024 ජනවාරි මස 15 829 0

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේය පද මාලාවෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරරචනයෙන් ද විචිත්‍රෝපශෝභිත වූ ම


තුමුල නමුණුකුල ගිරිහිස
2024 ජනවාරි මස 08 865 0

සුදත් ගාමිණි බණ්ඩාරයන් රචනා කළ,සමන් ජයනාත් ජිනදාස ගායනා කරන ආනන්ද පෙරේරාගේ සංගීතය මුසුවූ මෙි ගීතයට විෂය වන්නේ පසුගිය කාලයේ ශ්‍රීලංකාවේ ඇති වූ සිංහල -


මුතුකුඩ ඉහලන මල් වරුසාවෙි
2024 ජනවාරි මස 01 716 0

ලූෂන් බුලත්සිංහලයන්ගේ ගේය පද මාලාවෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරරචනයෙන් හා ගායනයෙන් යුතු මෙි ගීතය විප්‍රලම්බ ශෘංගාර⁣ය දනවයි.


සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්
2023 දෙසැම්බර් මස 25 493 0

සුකීර්තමත් ගේය පද රචක සුනිල් සරත් පෙරේරාණන්ගේ සුදුර්ලභ කවි ශක්තියෙන් ද දයාරත්න රණතුංගයන්ගේ ස්වර සංරචනයෙන් හා ගායනයෙන් ද යුතු මෙි මහරු ගීමිණ කරුණරසය


ඔබෙි නමින් සෑය බඳිමි
2023 දෙසැම්බර් මස 18 617 0

මහගම සේකරයන් විසින් විරචිත,පණ්ඩිත් අමරදේවයන් සංගීතවත් කොට ගායනා කරන මෙි ගීතය ජනප්‍රවාදයට අනුව ලියැවුණු ඵෙතිහාසික කතා පුවතක් රැගත් සුදුර්ලභ නිමැවුම


හද ගිලෙයි අම මිහිරේ
2023 දෙසැම්බර් මස 11 424 0

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ මධුර මනෝහර ගේය පද සංකල්පනාවෙන් ද රුක්මණී දේවි සහ මොහිදීන් බෙග්ගේ භාවානුරාගී ස්වර මාධුර්යයෙන් ද සහාද් හුසේනුන්ගේ මි


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 280 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 301 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 303 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site