සුකීර්තිමත් ගේයපද රචක මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ කරුණරසය දනවයි.
ස්නෙහවන්ත බිරියන්ගේ හද කොනහන ස්වාමි පුරුෂයෝ ලොව කොතෙක් සිටිත් ද? ඔවුහු කුටුම්බ ජීවිතය, ගේහසිත ප්‍රේමය නොහඳුනති.ඇතමෙක් පෙම්වතුන් ලෙස ජීවත් වූ සමයේ විශද කළ ආදරණීය හැඟීම්, ඇවතුම් පැවතුම් පවා විවාහයෙන් පසු වෙනස් කර ගනිති.මෙහිදී පිරිමි හෝ ගැහැනු කියා වෙනසක් නැත.ඇතැම්විට දෙපාර්ශ්වය ම යටකී වෙස්පෙරළි පෙන්වයි.මෙනයින් බලන කල මෙබඳු තතුවලට අප වසන සමාජයේ ලියෝ ද පිරිමි ද යන දෙගොල්ල ම ගොදුරු වෙති.මීට හේතුව අප සමාජයේ විවාහය නිතර ම අන්‍යෝන්‍ය ප්‍රේමයා,උනුන්ගේ ළබැඳියාව මත රඳා නොසිටීම යි.අද විවාහය යනු තවදුරටත් සාමාජීය අවශ්‍යතාවක් විනා පෞද්ගලික අවශ්‍යතාවක් නොවෙි.ඇතමෙක් ලෝකයාට පෙනෙන්නට කසාද බඳිති.සමහරු අවංක චේතනාවෙන් ම කුටුම්බ ජීවිතයට පිවිසෙති.එහෙත් කසාදය යනු තවදුරටත් ගනුදෙනුවකි.එය බොහෝවිට රැඳෙන්නේ ධනය,කුලය,බලය,කන්‍යාභාවය හා පවුලේ නම්බුව ආදිය මතය.බොහෝ විවාහකයෝ ලෝසිරිතට කුටුම්බය නඩත්තු කරති.
පවුල් සංස්ථාව බිඳි, දෙදරා යනු ඇතැයි බියෙන් පවුල විසිරිය නොදී රැකගනු වස් බැඳගත් බෙරය ගසති.සියල්ල දැහැමින්,සෙමෙන් ගලා යන සෙයක් බැහැරි ලොවට දිසේ.එහෙත් ඇතුළත කැලඹිලා ය.සන්තුෂ්ටිය පලා ගොස් ය.දෙන්නා දෙමහල්ලෝ විරසකය.උනුන් එකිනෙකා වෛරයෙනි.මෙි ගීතයේ කථකාව ද යටකී සන්තෑසියට ගොදුරු වූ අහිංසක අසරණ ලියකි.එදා තම කුළුඳුල් පෙම ඇය පිදුවෙි ඔහුට ය.එහෙත් කාලයාගේ ඇවෑමෙන් ඔහු වෙනස් වී ඇත.අතැම් ස්වාමි පුරුෂයෝ තම විවාහක බිරියගේ පෙරවැරැදි මතක් කරමින් සියුම් ලෙස පළිගනිති.හදවත කොනහති.නරුමගති වපුරති.මෙනයින් තම ළබැඳියා වෙනස් වනවිට ඇතුළත පිටත යන දෙකම අවුල් වෙි.අඳුරු දිවියක් උදා වෙි.සියල්ල උඩුයටිකුරු වී හෘදයසාක්ෂිය පහරන්නට පටන් ගනී.එවිට පවුල පිළිබඳ පමණක් නොව ජීවිතය ගැන ද කලකිරෙයි.මෙි ගීතයේ රචක මහැදුරු සුනිල් ආරියරත්නයෝ යටකී ඛෙිදවාචකය ධ්වනිතාර්ථපූර්ණ වදන්වැළකින් අපූරුවට ගෙනහැර පාති.මෙහි සාහිත්‍යයික වචන, රමණිය කාව්‍යෝක්ති නැත.ස්වාභාවෝක්තියෙන් ම ගීතය රචනා කොට ඇත.එහෙත් එය අර්ථපූර්ණය.ව්‍යංග්‍යාර්ථය.කාව්‍යාත්මකය.අප වසන සමාජයේ විවාහ සංස්ථාව නම් මිනිසුන් හිර කර පෙළන හිරිගෙයකි.එහි මහත්ම පීඩනය විඳින්නෝ කාන්තාවෝ ය.
මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කළා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කළා නටුවෙන්
මෙි කථකාව සොබාදහමට,සෞන්දර්යයට සබැඳි,ළබැඳි සොඳුරු ලියකි.එහෙත් ඇගේ සෞන්දර්ය ලෝකයට අද තහංචි වැටී ඇත.සොබා සොඳුරු ජීවිතය විඳීමට ඇය කෙතරම් ප්‍රිය කළ ද තම ප්‍රේමියා ඊට එරෙහි වී ඇත.දැන් ඇය සස්වාමිකය.පෙරමෙන් තනි තීරණ ගත නොහැකිය.සියල්ල ස්වාමි පුරුෂයාගේ අනුදැනුම මත සිදුවිය යුතුය.ජීවිතයේ සෞන්දර්ය අඩවිය ඇයට තහනම් කලාපයකි.විවාහයට පෙර සැහැල්ලුවෙන් ජීවිතය ගෙන ගිය මෙි ලිය අද අසරණියකි. එදා ආසාවෙන් කළ කිසිවක් අද ඇයට කළ නොහැකිය.කවියට,ගීතයට,සිතුවමට පෙම්බැඳී ඇය එදා මවුපිය සෙවණේ මල් වැව්වාය.කවි ලීවාය.සිතුවම් ඇන්දාය.ගීත ඇසුවාය.අහස් කුස අරා නැගෙන සඳ තරු දෙස ජීවන ලාලසාවෙන් බලා සිටියා ය.එහෙත් අද ඒ සියල්ලට තහංචි වැටී ඇත.මුළු සෞන්දර්ය ජීවිතය ම කණපිට හැරී ගොස්ය.
නොඉඳුල් තොල්පෙති අතරින්
උදුරාගෙන සිනාව
හදවත නැති මිනිසා ඔබ
නෙත කඳුළැලි ගෙනාව
නොඉඳුල් තොල්පෙති යනු කිම? මෙයින් ගම්‍ය වන්නේ මෙි කථකාව විවාහයට පෙර සම්භෝග ශෘංගාරරසය නොවිඳපු බව නො වෙි ද?ඇය විවාහයට පෙර බොහෝම සැහැල්ලු, සුන්දර ජීවිතයක් ගත කළා ය.එදා ඇගේ මුවෙි තැවරුණු සොඳුරු වත හසරැලි පවා ඔහු උදුරාගෙන ය.එපමණක් නොව අැගේ අැස අගට කඳුළකුත් ගෙනවිත් ය.මෙි සියල්ල පිටුපස සිටින්නේ කවුරුන්ද? සිත්පිත් නැති නරුමයෙකි.හදවත නැති මිනිසෙකි.මෙහිදී "හදවත නැති මිනිසා" යන යෙදුම ඖචිත්‍යවාදීය.බිරිය තම ස්වාමියාගේ දුෂ්ට,නරුම ගති ලක්ෂණ පැවසීමට යොදා ගෙන ඇති වචනය හදවත නැති මිනිසා යන්නය.එය අර්ථපූර්ණ යෙදුමකි.
එක්ටැම් ගෙයි සිරගත කර
සමනලියක අනාථ
ජීවිතයම ඔබ අරගෙන
ඇති දුන් වේදනාව
ගැහැනියක එක්ටැම්ගෙයක සිර කිරීම අතිශය වෙිදනාකාරී දූෂ්ට අමන ක්‍රියාවකි.මෙි කථකාව ද එබඳු සන්තෑසියකට මුහුණපා සිටින්නීය.ඇයට හැඟෙන්නේ ඇය දැන් හසරක් නොදුටු සමනලියක මෙන් අනාථ වී ඇති සෙයියාවකි.ඇගේ අහිංසක ජීවිතයම ඔහු තම අණසට නතුකර ගෙන සිටියි.එහෙත් කුටුම්බ ජීවිතයට සිර වූ ඇයට දැන් එයින් මිදි පලා යාමට ද අවකාශය නැත.එසේ ගියහොත් බැහැරි ලොව ඇයට ඔච්චම් කරයි.කයිකතන්දර හදයි.ආඩාපාලි කියයි.කුටුම්බ ජීවිතය කෙතරම් සොඳුරු ආස්ථානයක් වූව ද ඇතැමුන්ට එය සිර ගෙයකි.ස්ත්‍රියට නම් එහි පීඩාව වඩාත් දරුණුය.මුදු මොළොක් හැඟීම්, දැනීම් නැති පිරිමි මෙන්ම ගැහැනුන් ද ලොව ඇත.මෙි වූකලී කෙතරම් නම් ප්‍රබල සංකල්පරූප පොකුරක් ද? ස්ත්‍රියකගේ ජීවිතය විනාශ මුඛයට ඇද දැමූ ස්වාමි පුරුෂයා නරුමයකු වීම අරුමයක් ද?
මහගම සේකරයන්ගේ ගේයපද සුරචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සුගායනයෙන් සහ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ ශෘංගාරරසය දනවයි.
සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද ජැක්සන් ඇන්තනි සහ කුමාරි මුණසිංහගේ භාවානුරාගී සුගායනයෙන් ද ඔස්ටින් මුණසිංහයන්ගේ ස
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියැසියෙන් ද සුසැදි මෙි ගීමිණ මානව ප්‍රේමයේ උ
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
කේ.ඩී කේ ධර්මවර්ධයන්ගේ ගේයපද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වර මාධූර්යයෙන් ද සංගීත නිපුන් සනත් නන්දසිරිගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගී
සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියුරු මියැසියෙන් ද යුතු ම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මා සඳට කැමති බව දැනගෙන
Rashini Kavirathne Tuesday, 25 February 2025 12:01 PM
මේ සිංදුවෙන් සරලවම කියන්නේ narcisstic පෞරුෂත්වයක් තියෙන මනුස්සයෙක් ගැන.