IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


මගේ සඳ ඔබ

ගීවිනිස 143

 

 

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ අයථාර්ථවත් ප්‍රේමයේ යථාර්ථය සුවිශද කරයි.

මිනිසාගේ අධ්‍යාත්මය රංජනය වන්නේ ප්‍රේමය නමැති විස්මිත මානව හැඟීම නිසා යැයි කීම අතිශයෝක්තියක් නො වෙි.මෙහිදී  ස්ත්‍රී - පුරුෂ ප්‍රේමය හෙවත් නුරාරස කාමය අතිශය ප්‍රබලය.ආදරයෙන් අන්ධ වූ පසු උනුන් එකිනෙකාට ප්‍රේමය අමොද සුවයකි.එහෙත් ඇතැම් ප්‍රේමවන්තයෝ සම්භෝග සම්පර්කයට එළැඹීමට පෙර දුර දිග නොබලති.අනුරාගික බැඳුමින් මුසපත් වූ ඔවුහු  අයථාර්ථවත් ප්‍රේමයේ යථාර්ථය නො දකිති.ඇතමෙක් ප්‍රේමයේ පරමාස්වාදයෙන් මොහාන්ධකාරයේ ගිලී වළකට වැටුණු පසු යථාර්ථය දකිති.මහැදුරු සුනිලුන්ගේ මෙි ගීමිණ ද යටකී තුරුණු ප්‍රේමයෙන් මං මුළා වූ ලියකගේ වැලපුමකි.

මගේ සඳ ඔබ - මගේ සඳ ඔබ
එදා සඳ නොව - මෙදා සඳ ඔබ
මගේ සඳ ඔබ මගේ

ප්‍රේමයේ අමධුර,අපිරිසුදු පක්ෂය නොදුටු මෙි කථකාවට තම පෙම්වතා මුලින්ම පෙනුණේ  ඈත නිලඹර රුවින් දිදුලන සඳමඬල මෙනි.කාලයාගේ ඇවෑමෙන්  එදා දුටු නිර්මල,නොකැළැල් සඳවත මෙදා වෙනස් වී ඇත.එහෙත් යටකී සඳවතෙහි අදිසි රූපාන්තරණය ඇයට විශ්වාස කළ නොහැකිය.මානවබන්ධුත්වය,
සැබෑ ප්‍රේමයේ ආත්මීය සංස්පර්ශය නැති කල ආදරවන්තයෝ ප්‍රේම විජිතයෙන්  පලා යති.මෙි කථකාවට සිදුවී ඇත්තේ ද යටකී සන්තෑසියමය.ඇගේ ප්‍රේම විජිතය එකලු කළ සඳවත දැන් ඇයට එපාවී ඇත.

එදා මට ඔබ සරා සඳ විය
කවි ඇසින් දුටු සොඳුරු පියකරු
අඳුරු හද ගැබ එකලු කරමින්
උදාවිය ගිරි ශිඛර සිරසේ

එකල ඇය තම පෙම්වතා දුටුවෙි සරාසඳක් ලෙසිනි.සරාසඳ යනු කිම?මෙි වනාහි සරත් සෘතුවේ පායන සඳයි.මෙි කාලයේදී සරාසඳ පැහැදිලිව දැකගත හැකිය.එපමණක් නොව එය නොවෙනස්ව පවතී.සරත් සෘතුවෙිදී   අහසේ වලාකුළු නොමැති බැවින් චන්ද්‍රබිම්බය පවා හොඳින් පොළොවට පතිත වෙි. සරාසඳ උපමාවට ගෙන ඇති බොහෝ තැන්වල කියවෙන්නේ අදාළ වස්තුව ඉතාම පැහැදිලිව පෙනෙන හෝ පවතින බවයි.මෙි කථකාවට ද එදා තම පෙම්වතා පෙනුණේ සරාසඳක් ලෙසින් නො වෙි ද? මෙි වූකලී කවියකුගේ ඇසින් දුටු සොඳුරු පියකරු සඳක්මැයි ඇය පවසන්නීය.ඇයගේ අඳුරු හද ගැබ එළිය කළ එකී සඳ පායා ආවෙි ඈත කඳු මුදුනිනි.

මෙදා මට ඔබ සැබෑ සඳමය
විදු ඇසින් දුටු ලොවය විසකුරු
ප්‍රාණයෙන් තොර වියළි සඳසේ
ඔබ ද අද මා අසල ගැවසේ

මෙි ගීතයේ දීපක ගුණය හෙවත් දැල්වෙන තැන විශද වන්නේ අවසන් අන්තරා කොටසිනි. පෙම්වතාගේ සරාසඳ බඳු වත ප්‍රේමනීය ඇස්බැන්දුමක් බව දැන් ඇයට වැටහී ඇත.
අවිදු අඳුරේ ගිලුණු ඇය එදා කවි ඇසින් දුටු පියකරු සරාසඳ අද  විදු ඇසින් දකින්නීය.එදා පියකරු සඳ මෙදා විසකුරුය.සඳේ සැබෑ ස්වරූපය මතුපිටින් පෙනෙන තරම් පියකරු නොවෙි.එය ගුරුත්වාකර්ෂණය පවා නැති ප්‍රාණයෙන් තොර ආවාටවලින් පිරුණු  වස්තුවකි.මෙයින් ගම්‍ය වන්නේ සඳ වනාහි මිනිස් වාසයට නුසුදුසු තැනක් බව නො වෙි ද?මෙි කථකාවට ද දැන් තම පෙම්වතා වැඩකට නැති මළගිය ප්‍රාණකාරයෙකි.තෙතමන‍යක් නැති  වියළි සඳට  තවදුරටත් පෙම් නොකරන බව ඇය පවසන්නීය.කස්තුරි ,කපුුරු කෙතරම් සුවඳ වූවත් ඒවා අනුභව කළ නොහැකිය.තම හද බැඳි පෙම්වතාගේ ව්‍යාජ ප්‍රේමය ඇයට එපාවුණු හැටි නො වෙි ද මෙි කියන්නේ? සරාසඳ මරාලයක් වීමට ගියේ කෙතරම් සුළු නිමේෂයක් ද?සැබෑ ප්‍රේමයේ අයථාර්ථවත් බව කීමට මහැදුරු සුනිලුන් භාවිත කර ඇත්තේ කෙතරම් අල්ප වදන්වැළක් ද?කෙනකුට ප්‍රේමය එපාවුණු සැටි කීමට මෙයටත් වඩා ව්‍යංග්‍යාර්ථ,සංකේතාර්ථ,උපමා, රූපක අන්‍යාලාප ඇවැසි ද?



අදහස් (0)

මගේ සඳ ඔබ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1507 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1342 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 477 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site