IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


බොල් වී අහුරු වෙල් හුළඟේ

ගීවිනිස - 94


 


 

ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වරමාධූර්යෙන් ද සරත් දසනායකයන්ගේ ස්වරාලංකාරයෙන් ද සුවිභූෂිත මෙි ගීමිණ බාලේ බැඳි පෙමක විප්‍රලම්භ ශෘංගාරය දනවයි.

පැටිවියේ  ළමාළපැටියෝ වැඩිහිටියන් මෙන් සංකීර්ණ පෙම්බැඳුම්වලින් නොබැඳුණ ද විවිධ ඇලුම් බැලුම් ඇතිකර ගනිති.එහෙත් මෙබඳු අහිංසක සබඳකම් කාලයාගේ ඇවෑමෙන් වියැකී යන්නට ද මෝදුවන්ට ද පුළුවන.මෙිවයේ සැඟවුණු අනුරාගික පදනමක් නැතැයි කීම ද මුළාවකි.වැලිකෙළියේ සිට කෙළිදෙලෙන් හැදී වැඩුණු දෙදෙනකු යොවුන් වියට පත් කල්හි එකල වෙළී ගිය සානුරාගයේ අතීත නටබුන් අතර යළි අතරමං වීමට ද හැකිය.මෙනයින් බලන කල ප්‍රේමය කෙතරම් චමත්කාරජනක ද?චමත්කාරය වූකලි විස්මය මුසු හැඟීමකි. ප්‍රේමය ද එසේය.එය හැමවිටම විස්මය දනවනසුලු,කිසිවකුට වටහාගත නොහැකි,කිසියම් වූ අද්භූත ප්‍රපංචයකි.මෙහෙයින් සියල්ලන් ම ජීවත් වන්නේ තම තමන්ට ආවෙිණික  සිහින ලෝකවල නොවෙිද? ප්‍රේමය මෙකී සිහින ලෝකයේ එක් ප්‍රබල අංගයකි.ඇතමෙක් කෙසේ හෝ මෙි සිහිනය සැබෑ කරගෙන තම ප්‍රේම විජිතයේ කිරුළ පළඳති.එහෙත් තවත් අයෙක් තම සිත බැඳී ප්‍රේමයෙන් පරාජිත වී සසුම් හෙළමින් අතීත මතක පටුවතේ විප්‍රලම්භ ශෘංගාරය විඳිමින් ඇවිද යති.

තතු එසේ වූව ද ප්‍රේමයෙන් ප්‍රමුදිතව,ප්‍රහර්ෂයෙන් ජීවත් වන්නෝ ද සිටිති.එහෙත් ඔවුහු කාල්පනික ලෝකයේ පෙම් කිරුළු පළඳින්නෝය.මෙනයින් බලන කල අප ජීවත් වන මෙි යුගයේ ප්‍රේමය යනු සැබෑ නොවන සිහිනයක් ම නොවෙිද? එය සාක්ෂාත් වන්නේ ඉතා කලාතුරකිනි.තම සිත බැඳි තරුණිය වෙනකෙකු සරණ යන කල පෙම්වතකුට ඇතිවන දුක අප්‍රමාණ නොවෙිද? සමාජ චලනයේ අතුරුඵලයක් ලෙස කෙනකුට ප්‍රේමය අහිමි විය හැකිය.ළමාළපටි සිතේ මෝදු වු ආලය කියා ගන්නට නොහැකී වී දුක්විඳින,ළතැවෙන,පශ්චාත්තාප වන ප්‍රේමවන්තයෝ ලොව කොතෙක්  සිටිත් ද?

මෙි ගීතයේ කථකයා මෙි කතා කරන්නේ එලෙස හිතේ ගුලිකර සඟවා ගෙන හිටපු ප්‍රේමයක් ගැන නොවෙිද?

බොල් වී අහුරු වෙල් හුළඟේ   ගිය සේම

දීගෙක ගිහින් නුඹ මටවත්      නො කියාම

බොල් වී යනු කිම? කිරිවැදී නොපැසුණු වී කරල්ය.බරෙන් අඩු එබඳු වී සුළඟට ගසා ගෙන යයි.මෙහිදී කථකයා පවසන්නේ ඔහුගේ සපල නොවූ ප්‍රේමය බොල් වී අහුරු මෙන් සුළඟට ගසා ගිය බව නොවෙිද?එහෙත් ඒවා සුළඟේ පාවී ගියේ කිසිවකුට දන්වා නොවෙි.බාලවියේ පටන්  සිත බැඳි ඇය ගියේ ද එලෙසිනි.මෙි කථකයා ඇය දීගෙක ගිය බව දැන ගන්නේ ද අහම්බෙනි.මෙහිදී රචකයා ඉසියුම් ඉගැඹුරු ඉංගිතයකින් ව්‍යංග්‍යාර්ථ දනවමින් පවසන්නේ මෙි පෙම්වතුන් දෙදෙනා ඉතා කුලුපගව ඇසුරු කළ බවය.එහෙත් එය කායසංසර්ගික ඇසුරක් නොව මනසින් පමණක් ළංව සිටීමකි.පෙම්බැඳුම් හට ගත්ත ද ඒවායින් සමහර ඒවා ඉක්මනින් හෝ කල් පසුවී හෝ වැනි වැනී තිබී බිඳී යයි.මෙි ගීතයේ ස්ථායි කොටස කෙතරම් රමණීය ද? ගීසපුව වර්ණවත් කිරීමට ආචාර්ය  අජන්තා රණසිංහයයෝ   ඖචිත්‍යයෙන්  උපමා රූපක භවිත කරති.කවියකුට හද බසට වඩාත් සමීප වීමට හැකිනම් ඔහු තම නිර්මාණ කෙරෙන් පවසන දේ සහෘදයා පහසුවෙන් ග්‍රහණය කර ගනී.මෙි ගීතයේ දී අජන්තාවෝ හද බසින් ඉතා විචිත්‍රවත් රූපක ගොඩනගති.වැඩ ගනිති.

 

දම් පැහැ කහට කජු පුහුලන් පිපි කාලේ

රංචුව ගැහුණු හැටි මතක ද අපි බාලේ

මල්වර වියේ නුඹ ඉඳහිට දුටු වේලේ

බැරි උනි කියා ගන්නට හිත බැඳි ආලේ

 

දෙදෙනා  අනෙක් ළමයින් සමඟ රංචු ගැසී දුව පැන ගිය  සුන්දර අතීත මතකය ඔහුට යළි සිහිපත් වෙයි.ළමාවියේදී කෙළිසෙල්ලම් නොකරන්නෝ කවරහුද? එහෙත් මෙි කෙළිසෙල්ලම්වලදී උනුන් එකිනෙකා මානවසංස්පර්ශයේ ප්‍රහර්ෂය විඳි බව නොවෙිද මෙි කියන්නේ? මෙහිදී කජු පුහුලන් පිපෙන බව කිව්ව ද මල් මිස පුහුලන් නොපිපේ.එහෙත් රචකයා  හැඟීම තීව්‍ර කිරීමට එම වචනය යොදා ගත්තා විය හැකිය.කජු පුහුලන් පිපුණු බව කීමෙන් ඔවුන් අතර බාලවියේ ඇතිවුණු ප්‍රීතිය,ප්‍රමෝදය සුවිශද කරයි.මෙි නම් කෙතරම් රමණීය කාව්‍යෝක්තියක් ද?

 

මල්වර වියේ නුඹ ඉඳහිට දුටු වෙිලේ

බැරි වුණි කියා ගන්නට හිත බැඳි ආලේ

 

කලක් ළමාළපටින් ලෙස සිටි ඔවුහු එකිනෙකා සෙමෙන් වැඩුණහ.එහෙත් මෙබඳු සානුරාගී හැඟීම් පැවසීමට නොහැකි විය.ළමා කාලයේ සිතෙහි නිදන්ගතව තිබූ හැඟීම නොපැවසූවෙි ඔහු තුළ කිසියම් කෝලයක් තිබූ නිසා විය හැකිය.එහෙත් සිතයට  කිඳී ගිය එම හැඟීම් පැවැසීමට දැන් කාලය නොවෙි.දැන් ප්‍රමාද වැඩිය.ප්‍රමදය පසු තැවීමට හේතුවන බව බුදුන්වහන්සේ  ධම්මපදයේ "අප්පමාදෝ අමත පදං" යන පාලි ගථා වග්ගයෙන් ද කීහ.

 

නෑ තුන් හිතකවත් අමනාපයක් නගේ

මේ අපි ජාති ජාතිත් පැතු ලෙසයි නගේ

පිට ගම් ගොහින් මා අමතක වුණත් නගේ

අත මිට සරුව නුඹ යහතින් ඉඳින් නගේ

 

මෙි කථකයා ආගම,සංස්කෘතිය සාරධර්ම මත ගොනැඟුණු ජීවියෙකි.මෙි බව ගම්‍ය වන්නේ තුන්හිත යන වචනයෙනි.ඔහු ඇය කෙරෙහි තුන්හිතකින්වත් අමනාපයක් නැති බව කියයි.ප්‍රේමයේ වියෝගිනි මැද දැවුණ ද  දුක තුනීකර ගැනීමට මාර්ගය ඔහුගේ සංස්කෘතිය තුළ වෙි.මෙි ජීවිතයේ යථාර්ථය පෙර ආත්මවල  පැතු දෑ යයි ඔහුට තම ආගම උගන්වා ඇත.එබැවින් ඔහු සිත,කය,වචනය යන තුන්දොර කිලිටිකර ගන්නා පවිටකු නොවෙි.ඇය පිට ගමකට දීගෙක ගොස් ඔහු අමතක කළ ද ඔහුට ඒ ගැන නිනව්වක් නැත.අවසානයේ දී ඔහු  තම සිහින පෙම්වතියගේ දිවිය කිරියෙන් පැණියෙන් උතුරා ගොස් යෙහෙන් වැජඹෙිවා යැයි ද පවසමින් ඇයට සුබ පතයි.මෙය කෙතරම් ප්‍රබල සංකල්පරූප පොකුරක්ද? හැඟීම් සංකීර්ණයක්ද? දුලබ පෙම් බැඳුමක් අවසන් වූ සැටි කෙතරම් සෝබර ද? 



අදහස් (2)

බොල් වී අහුරු වෙල් හුළඟේ

randil dunuwille Tuesday, 16 July 2024 05:05 PM

ඉතාමත් සුන්දරයි... මෙවන් ගීත ගැන කරන මේ විවරණය ඉතාමත් වටිනවා.. ඔබතුමාට අනේකවාරයක් ස්තුතියි..!

:       0       8

Daniel Fernando Thursday, 18 July 2024 08:22 AM

එය විශිෂ්ට ගීතයක් සහ විශිෂ්ට විවරණයක් සහ විග්‍රහයක්. කාව්‍යමය පරිකල්පනය සහ අසරණභාවය සහ දුක පිළිබඳ හැඟීම ආසන්න විශ්වීය පිරිමි අත්දැකීමක් වන අතර එය සුන්දර හා හෘදයාංගම ලෙස ප්‍රකාශ කර ඇත.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1503 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1340 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 477 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site