මහැදුරු සුනිල් ආරියරත්නයන්ගේ ව්‍යංග්‍යාර්ථපූර්ණ පද සංයෝජනයෙන් ද නන්දා මාලිනීයන්ගේ මධුර මනෝහර භාවානුරාගී සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරාලංකාරයෙන් ද විභූෂිත මෙි ගීමිණ රට හැර යන ශ්‍රමිකයන් පිළිබඳ විරෝධාකල්පය දනවයි.
බුද්ධි ගලනය (Brain Drain ) වැනි සමාජයේ සංකීර්ණ ප්‍රස්තුතයක් පිළිබඳ කිසිදු සංවාදයක් නොමැති සමයක ඒ ගැන මහැදුරු සුනිල් ආරියරත්නයෝ විරෝධාකල්ප ගීත දෙයක් රචනා කළෝ ය.මෙකී ගීතද්වයේ ම ගායිකාවෝ විශාරද නන්දා මාලිනීයෝ ය.එහි පළමු වැන්න "සරුංගලේ වරල් සැලේ " නමැති ගීතය යි.දෙවැන්න "තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටවු" ය.දශක හතරකට වඩා පැරැණි මෙි ගීත 80 දශකයේ කළු ජූලියත් සමඟ සුපිළිපන් දේශපාලන යථාර්ථය සුවිශද කිරීමට ගත් වෑයමකි.මතුපිටින් සරල,සුගම පද මාලාවක් ලෙස පෙනුණ ද මෙි ගීතයේ ඉසියුම් වූත් ඉගැඹරු වූත් දේශපාලන යථාර්ථයක් විද්‍යමාන වෙි.බුද්ධි ගලනය වූකලී දකුණු ආසියාවට ම පොදු සාධකයකි.මෙහි මහපොදු සාධකය රටෙි ආර්ථික බෙලහීනතාවයි.අසූව දශකයේ ලාංකේය ඉතිහාසයට අඳුරු පැල්ලමක් එකතු කළ කළු ජූලියත් සමඟ රටෙි උගත් බුද්ධිමත් තරුණයෝ රට හැර ගියහ.අතීතයේ පමණක් නොව වර්තමානයේ ද බුද්ධි ගලනය වඩාත් ශීඝ්‍රයෙන් සිදුවෙමින් පවතී.අද මෙි රට පෙරටත් වඩා ආර්ථික අහේනියෙන් පෙළෙයි.නව ආණ්ඩුව පත්වීමට පෙර සිටි පාලකයෝ රට බංකොලොත් කළෝය.අද රට තිබෙන්නේ ගිනි කන්දක් මැදය.එක් පැත්තකින් ණය බරින් මිරිකිලාය.තවත් පැත්තකින් ආර්ථික අහේනිය වැඩිවෙලා ය.අලුත් ආණ්ඩුවට මෙි සියලු අභියෝග ජය ගැනීමට නම් ජනතාවගේ පැත්තෙන් ද උපරිම සහයෝගය ලැබිය යුතු නො වෙි ද?
විවිධ හේතූ නිසා උපන් බිම අතහැර දියුණු යැයි සම්මත රටවලට ආකර්ෂණීය වැටුප් අපේක්ෂාවෙන් ඇතැම් වෘත්තිකයෝ සංක්‍රමණය කරති. එහෙත් මව්බිම හැර යන තැනට රටේ දැන උගත් තරුණ පරපුර පෙලඹුණේ කුමන හේතුවක් අරබයා ද? ණය බරින් බංකොලොත් රටක් බවට පත් වී තිබෙන ශ්‍රී ලංකාව තවදුරටත් අතීතයේ තිබුණු සුන්දර සිරිබර සිරිලක නොවේ. වත්මන් ශ්‍රී ලංකාව ආර්ථික අහේනියෙන් උද්ධමනයෙන්, දරිද්‍රතාවෙන් මන්දපෝෂණයෙන් පෙළෙන බංකොලොත් රටකි. භාණ්ඩාගාරය හිස් අසමත් රාජ්‍යයක දේශපාලන පල්හොරුන් වැජඹෙන පාර්ලිමේන්තුවක කුඩ්ඩන් පාතාලයන් රජ කරන සමාජයක ලෝකයට හතරඅතේ ණය වෙච්ච රටක් තවදුරටත් ඉන්න හිතෙන රටක් නොවේ.මෙනයින් බලන කල තුන් හෙළේ කැලෑ තුළ සිටින සිංහ පැටවුන්ට තවදුරටත් රට හැර නොයා සිටිය හැකි ද? උපන් බිමේ තතු එසේ නම් පුරවැසියෝ කුමක් කරන්නෙහු ද?වෙනත් රටකට ගොස් හෝ ජීවිතය සුඛිත මුදිත කරගැනීම යුක්ති යුක්ත නො වෙි ද? අවුරුදු 76 ක කුජීත දේශපාලනයේ ශේෂ පත්‍රය මෙය යි.එහෙත් මෙි තත්වයෙන් ජනතාව මුදාගැනීමට පැමිණි නව ආණ්ඩුවට ඒ සඳහා සාධාරණ කාලයක් දිය යුතු නො වෙි ද?
බ්‍රිතාන්‍ය දේශීය ධනපති පන්තිය වෙත බලය මාරු කළේ තමන් වෙනුවෙන් බෙදා පාලනය කිරීමට ය.එහෙත් තට්ටු මාරු ක්‍රමයට රට පාලනය කළ දේශපාලනඥයෝ ක්‍රමයෙන් රට අරාජික කළහ.බහුවාර්ගික,බහුභාෂික,බහුආගමික,රටක සිංහලයන් පමණක් ඔසවා තැබීමට ඇතැම් බඩගෝස්තරවාදී දේශපාලනඥයෝ උත්සුක වූහ.අපි මුලින්ම මෙි ගීතයෙන් ධ්වනිත වන සැබෑ අර්ථය කුමක් දැයි විමසා බලමු.
තුන් හෙළේ කැලෑ තුළ
සිංහ පැටවු
නැත උන් රට අතැර ගොසින්
කොටු කර යදැලින්
ඇති සිංහ පැටවු
විලි වැද යති දැක හෙළයන්
තුන් හෙළය යනු කිම? ඈත අතීතයේ රුහුණු - මායා - පිහිටි නමින් කොටස් තුනකට රට පරිපාලනයමය වශයෙන් බෙදා තිබිණ.එකල මෙි කොටස් තුන හැඳින්වූයේ තුන් හෙළය යන නමිනි.
මෙි ප්‍රදේශ වෙන් කෙරෙන ගංගා තුන වන්නේ, දැදුරු ඔය, කළු ගඟ සහ මහවැලි ගඟයි. මෙම ප්‍රදේශ තුන වෙන වෙනම රජවරුන් යටතේ පැවතුණි. තුන් සිංහලේ එක් රජකු යටතේ පවතින අවස්ථාවල මෙම ප්‍රදේශ පරිපාලන ඒකක ලෙස ද පැවතුණි. එහෙත් අනුරාධපුර යුගයට පෙර සහ ඇතුගල්පුර යුගයට පසු මෙම දේශපාලනික හෝ පරිපාලනමය බෙදීම පිළිබඳ සාධක නොමැත. රුහුණු ,පිහිටි හා මායා යන රාජ්‍යය තුන එකට හමුවන ස්ථානය කටුගස්තොටයි.මෙහිදී රචකයා රටෙි පුරවැසියන්ගේ වීරත්වය කැලේ රජා සිංහයාට සමාන කර ඇත.එහෙත් සිංහල වූ පමණින් සියල්ලෝ වීරයෝ නොවෙත්."සිංහලයෝ මෝඩයෝ කැවුම් කන්න යෝධයෝ"යැයි සුද්දෝ පවා කීහ.එහෙත් මෙි ගීතයේ "තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටවු" නමින් හඳුන්වන්නේ රට වෙනුවෙන් දිවි පරදුවට තබා ඉදිරියට එන එඩිතර පුරවැසියන් ගැන නො වෙි ද?ඔවුහු රට ව්‍යසනයට පත්වන සෑම අවස්ථාවකදී ම ඉදිරියට ඇවිත් එකී අභාග්‍ය සම්පන්න තත්වයෙන් ලක්මව මුදාගැනීමට වැර දරති.එබඳු දූ පුතුන්ට සිංහ පැටවු යනුවෙන් ආමන්ත්‍රණය කිරීම කුමන වරදක් ද? කැලෑ තුළ සිටින සිංහ පැටවු ද කිසිවකුට අවනත නැති හීලෑ නොවු පිරිසකි.තමන්ගේ කණ්ඩායමට වාස භූමියට අනතුරක් වන සෑම අවස්ථාවක ම සිංහයෝ ද එඩියෙන් ඉදිරියට එති.යදැල යනු යකඩ දැලකින් තැනූ කුඩුවකි.එහෙත් කූඩු කර ඇති සිංහයන් කැලෑ සිංහයන් මෙන් දරුණු,ප්‍රචණ්ඩ පිරිසක් නොවෙි.උන් හීලෑ කළ සතුන් විශේෂයකි.මෙහිදී රචකයා පවසන්නේ සැබෑ සිංහ ගති නැති පුරවැසියන් බියගුළු, නිවට ජාතියක් බව නො වෙි ද?බිය ගුල්ලෝ අසීරු අවස්ථාවේ අභියෝගවලට මුහුණ නොදී පැන යති.රටට කෙළවුණ ද එකී පිරිසට වගෙ වගක් නැත. තමන් සිංහයකු වූවත් සිංහ ගති නැති එකා සැබෑ සිංහයා ළඟ බලු වෙයි.මෙනයින් බලන කල රචකයා ව්‍යංග්‍යාර්ථයෙන් පවසන්නේ අපේ රට හැර නොගොස් යටකී තුන් හෙළයේ තවමත් තැන තැන හෝ විසිර එබඳු නිර්භය ධීර වීර එඩිතර සිංහ පැටවු කිහිපදෙනකු හෝ ඇති බව නො වෙි ද?
සරු දෙරණ මකා
තණ කබල කකා
සිංහයෝ සිඟති එතෙරින්
සිහ රදුනට දා වු සිංහ පැටවු
තුටු වෙද අනුනගේ ඉඳුලින්
කුසගින්නේ මළත් සිංහයෝ තණකොළ නොබුදති. නියම සිංහලයෝ ද පිටරට ගොසින් පරගැති වී අනුන්ගේ ඉඳුල් නොකති.අප රට සංවර්ධිත රටක් නොවුණ ද අතිශය සුන්දර භෞතික සම්පත් සපිරි රටකි.එහෙත් එබඳු සරු දෙරණක් පොළොවක් අතහැර ඇතමෙක් පිටරට ගොස් සුද්දන්ට දාසකම් කරති.මැදපෙරදිග යන කාන්තාවන් ද එසේය.ගෘහ සේවිකාවන් ලෙස විශාල පිරිසක් අනුන්ගේ වසුරු කරින් ගෙන සෝදා පවිත්‍ර කරති.එසේ වූව ද ඔවුනට ලැබෙන්නේ සොච්චම් වැටුපකි.බොහෝ කාන්තාවෝ හාම්පුතුන්ගේ තාඩන,පීඩනයට ලක් වී අපාදුක් විඳිති.මහැදුරු සුනිලුන් පහර ගසන්නේ එතෙර ගොස් අනුන්ගේ ඉඳුල් බුදින ඒ පිරිසට පමණක් නොව කුසලතා නිපුණතා මත සුදු කරපටි රැකියා අපේක්ෂාවෙන් රට යන දැන උගත් ශ්‍රමිකයන්ටය.මොළ කෙසඟ නැති එබඳු මධ්‍යම පාන්තිකයන් පිටරටකට සංක්‍රමණය වීමට පෙර ජනතා බදු මුදලින් උගත් මවුබිම පිළිබඳව ද දෙවරක් සිතිය යුතු නො වෙි ද?එහෙත් නියම හෙළයකුට දාව උපන් දරුවන් කිසිදු දවසක මවුබිම අතැර නොයන බව රචකයා පවසයි.සබෑ සිංහලයෝ අනුනගේ ඉඳුලින් සප්පායම් වී සතුටට පත් නොවෙති.මෙි වූකලී කෙතරම් අර්ථපූර්ණ යෙදුමක් ද? විරෝධාකල්ප ගීතයක් වූව ද මෙය රමණීය කාව්‍යෝක්තියකි.
අප ධජයේ ඉන්නා සිංහ පැටවු
පැන යන්නට පෙර මෙරටින්
පිට රටුන් දොරින් දොර සිඟා නොකා
සිත අලස සුවය දුරරින්
මෙි ගීතයේ දීපක ගුණය රඳා පවතින්නේ අවසන් අන්තරා කොටසෙනි.රටට ආදරය කරන ජාත්‍යාලයෙන් පොහොණි සැබෑ සිංහලුන් යම් දිනක වඳ වී ගොස් සිංහ කොඩියේ මුරදේවතාවන් මෙන් සිටින සිංහයා ද මතුයම් දවසක අතුරුදන් විය හැකිය.මෙනයින් ගම්‍ය වන්නේ ජාතියේ විපතක පෙරනිමිති නො වෙි ද?රටට ජාතියට වින නොකර පිට රටුන්ට අත නොපා දැන්වත් කම්මැලිකම අකාමකා දමා වරෙව් යැයි පවසමින් රචකයා අවසානයේ සැබෑ සිංහලුන්ගෙන් ඉල්ලීමක ද කරයි.
බොහෝ රසිකයන් අවිඥානිකව රස විඳ ඇති මේ ගීතය කිසිදා සංකල්පීය විචාරයකට භාජනය වී නැත. එබැවින් එබඳු විචාරයක් දැන් අවශ්‍යය. බුද්ධි ගලනය වැනි සමාජයේ ප්‍රබල ගැටලුවක් පිළිබඳ කිසිදු සංවාදයක් නොමැති සමයක සිය දුර දක්තා නුවණින් ගීතයකින් හෝ එබඳු කතිකාවක් ගොඩනැඟීම ගැන මහැදුරු සුනිල් ආරියරත්නයන්ට අපි ස්තුතිවන්ත වෙමු.
මහගම සේකරයන්ගේ ගේයපද සුරචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සුගායනයෙන් සහ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ ශෘංගාරරසය දනවයි.
සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද ජැක්සන් ඇන්තනි සහ කුමාරි මුණසිංහගේ භාවානුරාගී සුගායනයෙන් ද ඔස්ටින් මුණසිංහයන්ගේ ස
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියැසියෙන් ද සුසැදි මෙි ගීමිණ මානව ප්‍රේමයේ උ
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
කේ.ඩී කේ ධර්මවර්ධයන්ගේ ගේයපද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වර මාධූර්යයෙන් ද සංගීත නිපුන් සනත් නන්දසිරිගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගී
සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියුරු මියැසියෙන් ද යුතු ම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
තුන් හෙළේ කැලෑ තුළ
randil dunuwille Tuesday, 01 October 2024 01:58 PM
මේ පැහැදිලි කිරීම් අපමණ වටිනාකමකින් යුතුයි.