IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


උඩඟු ලියන්

ගීවිනිස 128

 

ඩෝල්ටන් අල්විසුන්ගේ ගේයපද මාලාවෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි  ගීමිණ දේශානුරාගය දනවයි.

මෙි ගීතයෙන් දෝංකාර නැංවෙන්නේ දේශානුරාගී,දේශප්‍රේමී හදවතක පහළ වූ දේශාභිමානී හැඟීම් ය.මෙහි ගැබ් වන දේශාභිමානී හැඟීම මුළුමහත් ලෝකය පුරා ම දක්නට ලැබෙන්නෙකි.රටක පුරවැසියෝ තම මවුබිම පිළබඳ අනවරතයෙන් ම උදාර, ගම්භීර,හැඟීම් සිතුවිලි දනවති.⁣මෙි ගීතයේ මුල් අයිතිය ඉන්දියාව සතුය.

‘පුෂ්ප කි අභිලාෂා’ නම් වූ හින්දි පැදි පෙළෙන් මෙම ගීතයට ආභාසය ලැබී ඇත. මෙහි ගේයපද රචකයෝ  පණ්ඩිත් මඛන්ලාල් චතුර්වේදීයෝ ය.ඔවුහු ඉන්දීය නිදහස් අරගලයේ පුරෝගාමීයෙක් ද වෙති.

පණ්ඩිත් මඛන්ලාල් චතුර්වේදීයෝ 1963 පද්ම භූෂණ සම්මානයෙන් ද පිදුම් ලැබූහ.තතු එසේ වූව ද සුකීර්තිමත් ගේයපද රචක ඩෝල්ටන් අල්විසුන් යටකී පදවැල අතිරමණීය ලෙස සිංහලට පරිවර්තනය කර ඇත.

'සසර වසනතුරු, නිවහල් සිතිවිලි සිතනා,  වැනි විශිෂ්ට දේශාභිමානී ගීත ලියූ අල්විසුන් උඩඟු ලියන් ගීතයෙන් දේශාභිමානී ගීත ලිවීමෙහි තම ශක්‍යතාව මොනවට පැහැදිලි කළේය.එකල ප්‍රබල ජාතිකාභිමානයක් මුළුමහත් ඉන්දියාව වෙළාගති.එය ඇරඹුණේ ඉන්දීය නිදහස් සටනට සමගාමීව ය.නිදහසින් පසුව ද එය නො නැසී පැවතුණි.දැනුදු පවතී.ඉන්දියනුවෝ අදටත් තම රට,ජාතිය වෙනුවෙන් හඬ නගති.පෙරට එති.සටන් කරති.රොද බඳිති.මෙනයින් බලන කල යටකී ජාතිකාභිමාන,ජාත්‍යාලය ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූයේ ඉන්දියාවෙන් යැයි කීම නිවැරදි ය.නිදහස පිළිබඳ ඇල්මැරුණු කෙඳිරියක් නඟන ලද කාලයේ එය මෙහි පැමිණියේ ය.
පණ්ඩිත් මඛන්ලාල් චතුර්වේදී විසින් විරචිත මුල් පැදිපෙළේ ඉංග්‍රීසි වදන්වැළ මෙසේය.

 

A FLOWER’S DESIRE 
I do not wish to be a part of the ornaments of the daughter of Gods, I do not wish to lure sweet love being a part of lover’s garland for her I do not wish O God, to be offered on the dead-bodies of great kings I do not wish to adorn the foreheads of Gods and be proud of my luck O Gardener! Please pluck me and throw me on the street Where the brave men offering their head for the motherland tread!


උඩඟු ලියන් ගොතා බඳින 
නීල වරල සරසන්නට
මා පිපුණේ නැත 
මේ දෙරණේ

මල අජීවි වස්තුවකි.එහෙත් ඊට මෙි ගීතයෙන් සජීවි බවක් ආරෝපණය කර ඇත.කුසුම වනාහි වර්ණගන්ධ ගුණෝපේතව සුපුෂ්පිතව සුදිලෙන සොබාදමෙි මනස්කාන්ත දායාදයකි. සාහිත්‍යයේදී  ලියන් මල්වලට සම කරයි.එහෙත් මෙි මල අතිශය සුදුර්ලභ පුෂ්පයකි.මෙි වූකලී උත්රීතර ආරම්මණයකින්, අභිලාෂයකින් සුපිපුණු අනෝතප්ත විල නෙළුම සදිසි පියුමකි.එහෙත් මෙමල කිසිදු බාල,බොළඳ ක්‍රියාවක් වෙනුවෙන් විකසිත නොවෙි.උඩඟු,උද්ධච්ඡ ලියන්ගේ දිගු වරලස සැරැසීම මෙමලේ අභිප්‍රාය ද නොවෙි.මෙමල ලොව පිපුණේ ම උත්රීතර අරමුණක් සාක්ෂාත් කරගැනීමෙි අභිලාෂයෙනි.

හිස් මිනිසුන් කුස් පුරවන
සිත් පුරවන බස් දොඩවන
බොජුන් මේස මත
සුවඳ හමන්නට
මා පිපුණේ නැත
මේ දෙරණේ

වර්ණවත් මල් පොකුරක්  ඇස ගැටුණු විට බොහෝදෙනෙක් නිරායාසයෙන් ම  එහි සෞන්දර්ය විඳීමට ප්‍රිය කරති.ඇතමෙක් කෑම මෙිසය පවා මල් බඳුනකින් අලංකාර කිරීමට වෙහෙසෙති.උත්සව අවස්ථාවලදී සමහරුන්ට මල් නැතිවම බැරිය.එහෙත් මොළේ නැති අමනෝඥ මිනිසුන් ආහාර ගනිමින්  මුසා බස් දොඩන කෑම මෙිසයක සුවඳ හලමින් තවත් සරැසිල්ලක් වීමට ද මෙමල අකමැතිය.


රට වෙනුවෙන් සටනට වැද දිවිදුන්
රණවිරුවකුගේ අවසන් ගමනට
යන මහජනතා පා දූවිල්ලෙන්
තැළී වෙළී සැනහී මියයන්නෙම් 

මගේ පරම පැතුම එයයි
එමගට මා විසිකරන්න

විසූකදස්සන,ව්‍යාජ සාද හැඩ කරන මලක් නොවී උදාර පරමාර්ථයක් වෙනුවෙන් කැපවුණු මෙමලේ පරම පැතුම කිම?
රට වෙනුවෙන් තම අවසන් හුස්ම  තෙක් සටන් කර මවුබිමට ණය ඉතිරි නොකර මියගිය රණවිරුවකුගේ අවසන් ගමනට සහභාගීවන සංවේදී දේශප්‍රේමී මහජනයාගේ පා රළු පොළොවේ ගැටෙන්නට නොදී පාවඩයක් ලෙස රැඳී සිට තැළී පෙළී පරවෙන්නට මෙි උත්රීතර මල සූදානම් බව නො වෙි ද මෙි කියන්නේ?එසේ මියයාම මලට සහනයක්.  'මලේ' පරම පැතුම  එය නො වෙි ද?මෙනයින් බලන කල 
දේශානුරාගී හැඟීම් දනවන මෙබඳු මල් තවතවත්  ලොව සුපුෂ්පිත විය යුතු නො වෙි ද?



අදහස් (1)

උඩඟු ලියන්

Achini Wednesday, 12 March 2025 12:32 PM

ගීතයේ පද විදිහට තියන ඒවා රචනාවක් වගේ හැබැයි. සමහර ගීතවල අර්ථය වෙනස්. බණ්ඩාර මහත්තයාගේ ගීත විතරක් අහන්න කියලා මම මෙතුමාට යෝජනා කරනවා. ගීතවල පද පේලියම නෙවෙයි. සැඟවුණු අර්ථයක් තියෙන්න පුළුවන්...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 48 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 438 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 876 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site