දිලීප අබෙිසේකරයන්ගේ ව්‍යංගාර්ථපූර්ණ ගේය පද රචනයෙන් ද කසුන් කල්හාරයන්ගේ කර්ණරසායන හඬ මාධුර්යෙන් ද නාලක අංජන කුමාරගේ සුමධුර ස්වර සංරචනයෙන් ද සුරංජිත වූ මෙි ගීමිණිරුවන ශෝකය මිශ්‍ර විප්‍රලමිභ ශෘංගාරය දනවයි.
කාව්‍ය වනාහි ධ්වනිතාර්ථයන්ගෙන් සමන්විත විය යුතුය. ධ්වනිනාර්ථය නම් පද පෙළෙන් ඉඳුරාම නොකියැවෙන නමුත් වචන සංකලනයෙන් මතුව එන අදිසි වූ ද හැඟෙන්නා වූ ද අර්ථයකි. දිලීප අබෙිසේකරයන් ලියූ මෙි ගීතයේ ද මෙකී කාව්‍ය ලක්ෂණය ඇත. එබැවින් මෙි ගීමිණ බහුඅරුත් දනවන ගීතයකැයි කීම අතිශයෝක්තියක් නොවෙි. සාර්ථක ගීත බොහොමයක නිශ්චිත වචනාර්ථ නැත. ඒවා කාව්‍යෝක්ති ගුණයෙන් ධ්වනිතාර්ථපූර්ණය. මෙි ගීතය වූකලි ගායන ශිල්පී කසුන් කල්හාරයන්ගේ මව වන අකල්හි අප අතරින් සමුගත් ප්‍රවීණ ගායන ශිල්පිනී මාලනී බුලත්සිංහල පිළිබඳ ලියූ ශෝකාලාපයකැයි ද ඇතමෙක් කියති. එය එසේ නොවෙි යැයි ද තවකෙක් තර්ක කරති. තතු කෙසේ වූවද මෙි ගීතයෙන් දනවන අර්ථය නම් තවත් ප්‍රේමානිසංසයක මහිමය විනා අන් කුමක්ද? ප්‍රේමයේ ඉරණම කොහොම කෙසේ විසඳේ දැයි ආදරවන්තයෝ නොදනිති. ඇතමකුට එය සදාකාලික කඳුළු වියෝගයකි. තවකෙකුට පරමානන්ද බ්‍රහ්මාස්වාදය ගෙනදෙන සිනා මහෝඝයකි. එහෙත් අද්‍යතන සමාජයේ ප්‍රේමය, විවාහය යනු සිහිනයකි. එය සාක්ෂාත් වන්නේ කලාතුරකිනි. මෙි සමාජයේ පුද්ගලයෝ සාමුහික ජීවිතයෙන් විතැන් වූ හුදෙකලා අවනඩුවල පැටලුණු අසරණයෝය. පුද්ගල කේන්ද්‍රවාදී සමාජයක එක පොදියට තරගයට වැටී මිනිස්සු ඉබාගාතේ දුවති. අවසානයේදී ඔවුහු හසරක් නොදුටුවූවන් සේ වල්මත් වෙති.සියල්ලන්ම ජීවත් වන්නේ තම තමන්ගේ සිහින ලෝකවලය. ප්‍රේමය මෙි සිහින ලෝකවල එක් ප්‍රබල අංගයකි. බොහෝ පෙම්වතුන්ට තම ප්‍රේම විජිතය ජයගැනීමට නොහැකි වී ඇත්තේ ඒ අබියස තිරසර සුනෙරගිරක්, කොටුපවුරක් ඇති බැවිනි.
මෙි කොටුපවුර ධනබල, කුලබල, පන්තිබල, ජන්මපත්‍රබල, සමාජබල, කන්‍යාභාවාදී බල යනාදී පිළිමලුන්ගෙන් සන්නද්ධය. මෙි වූකලි අයෝමය බලවෙිගයක් නොවෙිද?. මෙකී කොටුපවුර සිඳබිඳ නොදා කෙළින්ම උනුන්ට කතා කිරීමට, හද විවර කිරීමට, සුහද හැඟීම් පැවසීමට කිසිවකුටත් නොහැකිය. මෙනයින් ප්‍රේමාපේක්ෂී මාර්ගයේ පැතිර පවත්නා උවදුරු, ආපදා හා ව්‍යසන සුළුපටු නොවෙි. තතු එසේ වූවද ඇතැමි ප්‍රේමවන්තයෝ අතීතකාමයෙන් උමතු වී විප්‍රලමිභ ශෘංගාරය විඳිති. ප්‍රේමාභිලාෂයේ, ප්‍රේම ගවෙිෂණ ප්‍රයත්නයේ සංවෙිදනාව තීව්‍ර වූවද ප්‍රේමවන්තයෝ උත්සාහ අත්නොහරිති. ඔවුහු පරාජිත හැඟුමෙන් සියල්ල විඳදරා ගත්ත ද හැරගිය එකා මත්තෙම නහිති. මෙි ගීතයේ කථකයාට ද සිය පෙමිවතිය අහිමි වී ඇත. මෙි සා හුදෙකලා වූ ඔහුට හැඟෙන්නේ තමා මහත් සේ අසරණ වූ බවකි. ඔහු ලිය පහස පතා සෝතැවුල් ගනී. කාමසම්භෝග සම්පර්කය අහිමිවීම පිළිබඳ ළතැවෙයි. දිලීප අබෙිසේකරයෝ මෙි අත්දැකීම අප තූළ ප්‍රතිනිර්මාණය කොට එය තමාගේ හදගත් තථ්‍ය හෝ කාල්පනික ලිය වෙත ධ්වනිතාර්ථපූර්ණ අන්‍යාලාපිත වදන් වැලකින් සම්ප්‍රේෂණය කරති. ඒ වදන් මෙසේය.
ඇරඹුමම කඳුළක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා
මෙි ගීතයෙන් කියවෙන්නේ මෝරා එමින් තිබී අහෝසි වූ ආදර අන්දරයක් ගැනය. කථකයාගෙන් වෙන්වී ගොස් ඇත්තේ ඔහුගේ පෙම්වතිය යි. මෙි වුකලි ලත් තැනම ලොප්වී ගිය ආදර අන්දරයකි. කඳුළු කතාවකි. ඇතැම් ආදර අන්දර සුනුවිසිනු වන්නේ අතරමගදී ය. තවත් ඒවා ආරම්භයේදී ම ඇණහිටී. මෙි කථකයාගේ ප්‍රේමය ඇරඹෙන්නේ ම කඳුළකිනි. එහෙත් ඇය ඔහු හැරපියා ගියේ කිනම් බාධකයක් හමුවෙි ද? මෙලොව ප්‍රේමය ප්‍රේමයේ සීමා තුළ ම නොරැඳේ. එය අනවරතයෙන් ම සමාජ චලනයට ලක්වෙයි. බාහිර සමාජයේ ආර්ථික ජීවිතයට නතු වෙයි. එහෙත් ඒ බාහිර සමාජයේ ආර්ථික ජීවිතය තුළ රජයන්නේ මානව ප්‍රේමය නොව මුදල්ය. ආර්ථික බලපුළුවන්කාරකම්ය. ආර්ථික අහේනිය හමුවෙි අදරය පෑළ දොරින් පලා යයි. මුදල් නොමැති කල ප්‍රේම විජිත කඩා වැටෙයි. දුගියාට ගේදොර, සුතනඹුවන් නඩත්තු කළ නොහැකිය. කුටුමිබ සංරක්ෂණය නොමැති කල ගේහසිත ප්‍රේමය දෙදරා යයි. එවිට දිවට දිවගා සිටිය බිරිය ද කොකන් පාන්නීය. මෙබඳු ඛෙිදවාචක හමුවෙි බොහෝවිට අසරණ වන්නේ දරුවන්ය. එහෙත් ඔවුනගේ ආනාගතයට වගකිය යුත්තෝ කවරහුද? මෙි කථකයාගේ පෙමිවතිය ප්‍රේමයේ කූටයට නැගීමට පෙර ඔහු හැර ගියාය. ඒ පිළිබඳ ඔහුට ඇත්තේ සැක සංකාමුසු හැඟීමකි. ප්‍රේමය සුපුෂ්පිතවී සුගන්ධයෙන් උද්දීපනය වූවද එහි අානිසංස දරුණුය. දැන් ප්‍රේමයක් නැත.ප්‍රේමියාට ද ඇත්තේ දුක පමණි. ඔහු ළසොවින් හඬයි. හඬමින් තැවෙයි. වාගාලාප දොඩයි. ප්‍රේමානිසංස දුක්බරය. ඒවායින් ගැලවීමක් කොයින්ද? දිවි ඇති තෙක් ඒවා පොදිබැඳගෙන යා යුතුය.
දුක්බරම කවියක් ලියා
එහි පද පෙළක් අඩුවෙන් තියා
අරුත පසිඳින්නට කියා
අවසානයට පෙර ඈ ගියා
මෙි කථකයාට අවසානයේදී උරුමවූයේ සුනරුත් පැතුමක දැවටුණු දුක්බර කවියක් පමණි. ඇය ලියූ කවියෙහි පද පෙළක් හිස්ය. ප්‍රහේලිකා, ප්‍රශ්නාර්ථයවලින් පිරුණු එබඳු කවියක් ඔහු කෙසේනම් ගළපා අරුත සොයා පාදා ගන්නද? මිනිසාගේ ජීවිතය ම දුක්බර කවියකි. එය වටහා ගන්නෝ ජීවිතය ජයගන්නෝය. ප්‍රේමයේ නටබුන් දෙස බලා දුක් විඳින්නෝ පරාජිතයෝය.
ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් ඇති නියා
අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා
අප වසන සමාජයේ ප්‍රේමය, ආදරය, සෙනෙහස යන වදන්වල ඇත්තේ මතුපිට අර්ථය පමණි. මෙි සෞන්දර්යාත්මක, භාවානුරාගී වදන්වල ගැඹුරු යථාර්ථය කෙලෙසන්නෝ ද පෘතග්ජනයෝය. එම වදන් තුළින් මනෝ ලෝකයක තනිවී සෞන්දර්යයක්, සෞකුමාර්යයක් අත්පත් කරගත්ත ද එයින් ජනිතවන සුඛස්පර්ශයේ නිතර ම දුඃඛස්පර්ශයක් දැවටී ඇත. මෙි ප්‍රේමය ශෝකාන්තයක් බව ඇය හොඳින් දැන සිටියාය. එබැවින් ඇයට එහි දිගින් දිගටම ඇලී ගැලී සිටීමට ශක්තියක් නොවීය. අවසානයේදී ප්‍රේමයේ අනන්තය අසල ඔහු අතරමං කොට ඇය පලා ගියාය. මෙනයින් බලන කල්හි මෙි ගීමිණිරුවන මානව ප්‍රේමය පිළිසිඳගෙන, විකසිතව අකලට පරවී ගිය ආකාරය අපට වින්දනය කරවයි. මෙි ගීතයේ කථකයාට එය නිරානන්දයක් වූවද රසිකයාට ආනන්දයකි. මෙහිදී උපදින්නේ ශෝකයමැයි. එහෙත් ශෝකයත් එක් රසයකි. මෙි ශෝකය සාහිත්‍ය කලාවට නැංවුණු කල්හි කරුණ රසය උපදී. මෙි ගීතයෙන් ප්‍රකාශිත වන්නේ එබඳු වියෝගයක් හේතුකොට ගත් කරුණරසය යි.
විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ
මහගම සේකරයන්ගේ ගේයපද සුරචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සුගායනයෙන් සහ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ ශෘංගාරරසය දනවයි.
සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද ජැක්සන් ඇන්තනි සහ කුමාරි මුණසිංහගේ භාවානුරාගී සුගායනයෙන් ද ඔස්ටින් මුණසිංහයන්ගේ ස
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියැසියෙන් ද සුසැදි මෙි ගීමිණ මානව ප්‍රේමයේ උ
සුකීර්තිමත් ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විසුන්ගේ පද සංකල්පනාවකට, ප්‍රවීණ සංගීතවෙිදී ශෙල්ටන් පෙරේරාණන් ස්වරාලංකාරයෙන් හඬ මුසුකළ මෙි ගීමිණ කරුණරසය ද
කේ.ඩී කේ ධර්මවර්ධයන්ගේ ගේයපද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වර මාධූර්යයෙන් ද සංගීත නිපුන් සනත් නන්දසිරිගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගී
සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියුරු මියැසියෙන් ද යුතු ම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඇරඹුමම කඳුළක් වෙලා
AB Monday, 02 January 2023 04:56 AM
දුක්බරම කවියක් ලියා එහි පද පෙළක් අඩුවෙන් තියා ඉතිරි පද පෙළ ලැබුණු පසු ඇය නිහඩවම පිටුවෙන් ඉවත්විය...
RANDIL Monday, 02 January 2023 12:15 PM
භාවනාවක්...
Chandani Thursday, 05 January 2023 12:10 PM
විශිෂ්ඨයි...!
රනේ Thursday, 05 January 2023 02:21 PM
"ශෝකයත් සාහිත්‍ය කලාවට නැංවුණු කල්හි එක් රසයකි..."