IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


අයියණ්ඩියේ නුඹ ඇවිදින්

 

 

සෑම මිනිසකුගේ ම ප්‍රාර්ථනය මානවදහමින් වෙළී අනුන්ට හිරිහැරයක් කරදරයක් නොවී සුජීවත් වීමටය.එහෙත් අප වසන සමාජය එබඳු සුන්දර,සැපවත්, පිරිපුන් ජීවිතයක් ගත කිරීමට ඉඩ නොදේ.විසම සමාජයක විසම මිනිසුන් අතර පණ කෙන්ද රැකගෙන ජීවිත් වීම ද අභියෝගයකි.මිනිස් සිත්සතන් නිතර ජුගුප්සිත සිතුම් පැතුම්වලින් පිරී පැවතීම ද අප පතන යහපත් සමාජය උදානොවීමට හේතුවකි.එහෙත් මිනිසා යනු කවරෙක් දැයි නිර්ණය වන්නේ මිනිසා තමා ගැන සිතන දෙයින් නොව මිනිසා සැබැවින්ම පවත්නා සටියෙනි.අද්‍යතන සමාජයේ මුදල් නැ⁣තොත් තමාට තමාවත් නැත.මෙනයින් අන් කිසිවක් නැතිවීම ගැන කියනු ම කවරේද? මිනිස් සිත නිතර ඊර්ෂ්‍යා,ක්‍රෝධ,මාන්න,පරිභව,හිංසක චෙිතනා ආදියෙන් පිරී පවතී.මෙහිදී එක මවගේ බඩවැල කඩාගෙන ආ සහෝදර සහෝදරියෝ ⁣මවුපියනගේ දේපළ බෙදාගැනීමට නොහැකිව නයි මුගටි මෙන් ගහමරා ගනිති.ඇතමෙක් කුඹුරු ඉඩකඩම් දේපළට පමණක් නොව එතරම් වටිනාකමක් නැති වීපෑලකට පවා රණ්ඩුසරුවල් වෙති.මිනිසා සෑම කල්හි ම පතන්නේ ආත්මාර්ථකාමී ජීවිතයක් ගතකිරීමට නොවෙිද?

කේ.ජයතිලකයන්ගේ චරිත තුනක් නවකතාව ⁣සහෝරයන්ගේ ඇවතුම් පැවතුම් පිළිබඳ පමණක් නොව සුදු කළු සහ අළු ජීවිත ගැන ද විනිවිද දුටු අපූරු නිර්මාණයකි. එබඳු සහෝදරයන්ගේ හැඩ පැහැ කදිමට නිරූපණය කෙරෙන අපූරු ගීමිණක් නොවෙිද මෙි?

සහෝදර ප්‍රේමය මවුපිය සෙනෙහස තරම් ම දාරක ප්‍රේමයකැයි කීම අතිශයෝක්තියක් නොවෙි.ඇට,ලේ,මස් නහරවලට කිදා බැසගත් එබඳු ප්‍රේම වෘත්තාන්ත ලොව කොතෙක් ඇත්ද? එහෙත් වත්මන් සමාජයේ ආර්ථික ප්‍රශ්න හමුවෙි එක බඩවැල කඩාගෙන ආ සහෝදර සහෝදරියෝ ද ඇනකොටා ගනිති.මහගම සේකරයන් කියූ පරිදි මෙි ජුගුප්සිත නරාවළේ මෙි මගේ බිරිඳ,සැමියා,සහෝදරයා,නෑයා කියා කෙනෙක් නැත.සියලු මානව බැමි දෙදරා ගොස් අවසානය.මුදල් ඉදිරියේ සහෝදර ප්‍රේමය ද කුණු කූඩයට වැටී ඇත.භෞතික සම්පත් සියලු දෙනාට එකසේ බෙදී නොයාම හේතුවෙන් මෙි අර්බුදය පැන නැගී ඇත. සම්පත් තනිපංගලමෙි භුක්ති වඳින්නෝ මෙි යථාර්ථය නොදකිති.මෙි ලෝකයේ රජයන්නේ ධනතෘෂ්ණාවයි.අද වැඩිහිටියෝ සියලු දෙනාම ඇතුළතින් බෙදුණු,බිඳුණු ජීවිත ගත කරති.මෙි හේතුව නිසා සහෝදර ප්‍රේමය පමණක් නොව මුළු සමාජය ම ⁣කැඩී බිඳී සුනුවිසුනු වී ගොස් අවසානය.මෙි අපූරු ගීමිණෙන් සුවිශද වන්නේ යටකී ධනතෘෂ්ණාව හේතුවෙන් උද්ගත වූ අයියා මලෝ ගැටුමක ඛෙිදවාචකය යි.මෙහිදී යටකී ධනතෘෂ්ණාවට මැදිවී සිටින්නේ නූගත් මල්ලි නොව සරසවි අධ්‍යාපන පවා ලබාගත් උගත් අයියාය.අද ලෝකයේ බොහෝ අක්‍රමිකතා,වංචා දුෂ්ණ,අපරාධ හොර මැර තක්කඩිකම් පිටුපස සිටින්නේ ද මෙකී උගතුන්ය.ඔවුහු තමන් උගත් ශාස්ත්‍ර ඥානය කළු සල්ලි ඉපැයීම සඳහා අවභාවිත කරති.ඇතමෙක් මෙි ගීතයේ මෙන් හෘද සාක්ෂිය ,මනුෂ්‍යත්වය පසෙකලා පවුලේ අහිංසක සහෝදර සහෝදරියන්ට අයිති දේපළ පවා කූට උපක්‍රම යොදා කොල්ලකති.එසේත් නැත්නම් ගහමරා ගෙන හෝ අන්සතු වස්තුව කොල්ලකති.මෙනයින් මෙි ගීතය ගෘහ ජීවිතය ආශ්‍රය කොට අප තුළ භයකම්පා උපදවයි.ස්වාභාවෝක්තියෙන් ලියා ඇති මෙි ගීමිණ මානවබන්ධුත්වයේ හෘද සාක්ෂිය විමසන කැඩපතක් බඳුය.

 

අයියණ්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ

ගිනි ඇවිළුණා කැණිමඬලට අපෙ නිවසේ

එක පත අනා එකටම කෑ පෙර දවසේ

මං අමතකද නුඹ රජ වූ අද දවසේ

 

මෙි කථකයාගේ වැඩිමහල් සොහොයුරා සිදාදියේ සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන තැනැත්තෙකි.එහෙත් ඉඳහිට ඔහු ගමට ඇවිත් පවුලේ තමන්ට හිමි ඉඩකඩම් දේපළට ද ඇල්ම බැල්ම හෙළයි.පියා නැති නිවසේ මව සමඟ සියලු දේ රැකබලා ගෙන ජීවත් වන්නේ බාල ⁣සහෝදරයාය.ඔහු තම අයියාට පණ මෙන් ආදරය කරයි.එහෙත් උගත්කමින්,උඩඟුකමින් කොළඹ රටෙි ජීවිතය ගත කරන අයියාගේ කුඩාකල තිබු මනුෂ්‍යත්වය දැන් නැත.ඔහුට සමාජ පුරුෂාර්ථ,මානව ගුණදම් අමතකවී ඇත.මෙහිදී කථකයා පවසන්නේ අයියා නිවෙසට ආ ගිය පසු කැණිමඬලට ගිනි ඇවිළුණු බවයි.කැණිමඬල යනු කිම? මෙි වූකලි ගෙයි වහලේ පරාල විසිහයක් එකට එකතු වන අපුරු ස්ථානයකි.මෙකි පරාල 26 එක ලීයකින් පුරුද්දා තිබීම ද විශේෂත්වයකි.එහෙත් කුමන හෝ හේතුවක් නිසා කැණිමඬල කැඩුණොත් මුළු වහලයම කඩා වැටෙි.තම වැඩිමහල් සොහොයුරාගේ ප්‍රකෝපකාරී හැසිරීමෙන් සිදුවී ඇත්තේ ද නි⁣වසේ කැණිමඬලට ගිනි ඇවිළීමක් බව කථකයා කියයි.මෙයින් ගම්‍ය වන්නේ මෙතෙක් කල් නිවසේ තිබු සතුට, සමාදානය නැති වී ගිය බව නොවෙිද? පෙර දවසේ එක බත්පත අනාගෙන කා එක පැදුරේ නිදාගත් අයියාට සිදුවු නස්පැතිය පිළිබඳ මල්ලි තැවුල් සිතින් කල්පනා කරයි.එහෙත් ශිල්ප සතර උගෙන සැපවත් ජීවිතයක් ගත කරන අයියාට අද තම එකකුස උපන් මල්ලි ගැන වගෙ වගක් නැත.සම්‍යඥානය නැති උගතාගේ හැසිරීම මෙි අනගි ගී මිණෙන් මොනවට පැහැදිලි නොවෙිද?

 

අම්මා එක්ක දබරව පැද ගිය වැත්තේ

ළැම දා ගියා බත හිර වුණි කුස ගින්නේ

දෑසේ කඳුළු වැහි පොද ලෙස වෑහෙන්නේ

වී පෑලකට ඇයි නුඹ විරසක වෙන්නේ

 

කථකයාට ඉවසා සිටිය නොහැක්කේ උසස් ජීවිතයක් ගත කරන තම වැඩිමහල් සොහොයුරාගේ බාල බොළඳ හැසිරීම ගැනය.ඔහු නිසෙට ඇවිත් තිබෙන්නේ එතරම් වටිනාකමක් නැති වීපෑලක අයිතිය ඉල්ලීමටය.ඔහු ඵ් වෙනුවෙන් මව සමඟ අඬදබර කර ගනී.මල්ලි මෙි සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා සිටියි.අයියාගේ අසෝබන හැසිරීම කථකයාට ඉවසුම් නොදෙයි.වටිනාකමක් නැති වී පෑලක් වෙනුවෙන් තම ප්‍රාණසම වැඩිමහල් සොහොයුරා විරසක වන්නේ මන්දැයි කථකයා ප්‍රශ්න කරයි.

 

ඉරට සැපක්දෝ නියඟය දළුලෑම

සඳට සැපක්‍දෝ ගනඳුර පීදීම

නුඹට සැපක්දෝ අපි තනිකර යෑම

මහ පොළොවකට නඩු හබ ඇයි ගතු කීම

 

හිරු මඬලෙන් අපි කවමදාවත් රශ්මිය,එළිය මිස නියඟය බලාපොරොත්තු නොවෙමු.එහෙත් සොබාදහමට අනුව වැස්ස සේම නියඟය ද පොදු ධර්මතාවකි.සඳ මඬල ද එසේය.සඳෙන් එළිය මිස අපි ගනඳුර අපේක්ෂා නොකරමු.මෙි කථකයා තම අයියාගෙන් අසන්නේ ද එබඳුම තාර්කික පැනයකි.නිවෙස සිටින මව සහ සහෝදරයා අමතකර නඩුහබ කීම නුඹට සැපක් දැයි ඔහු අයියාගෙන් අසයි.මහ පොළොවෙි අඩිහයක පමණ කුඩා බිම් කෙටසක මරණයෙන් මතු සැතපෙන සෑම මිනිසකු ම මහපොළොවෙි අයිතිය වෙනුවෙන් පොරබැදීම නිෂ්ළුල ක්‍රියාවක් බව නොවෙිද මෙි කියන්නේ ?

මෙි ගීතය රචකයාගේ වෙිදයිතයක් බව ද පැවසේ.එහෙත් පෞද්ගලික අත්දැකීමක් පොදු අනුභූතියකට පෙරළමින් මෙහි රචක නිමල් ආනන්දයෝ විශිෂ්ට ගීතයක් නිර්මාණ කිරීමට සමත් වෙති.ගුණදාස කපුගේ ගේ විශිෂ්ට හඬ පෞරුෂය ද සංගීතය ද රචකයා මෙහි යොදා තිබෙන ජන ජීවිතයෙන් උපුටාගත් බස්වහර ද මධුර මනෝහරය.

 



අදහස් (0)

අයියණ්ඩියේ නුඹ ඇවිදින්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31339 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13559 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11007 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 958 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 282 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site