පල්ලේගම හේමරතන හිමියන්ගේ ගේයපද මාලාවෙන් ද කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද නාලක අංජන කුමාරයන්ගේ මියුරු මියැසියෙන් ද සුවිභූෂිත වූ මෙි ගීමිණ කරුණරසය දනවයි.
මිනිසා නිරතුරු ජීවත් වන්නේ සොබාදහමත් මානව සබඳතාත් අතර ගැටෙමිනි.මෙි ගීතයෙන් කියැවෙන්නේ වියෝගයක් ගැනය.එහෙයින් මෙහි අන්තර්ගතය සංයෝග - වියෝගයකි.සම්ප්‍රයෝග - විප්‍රයෝයකි.පෙම් බැඳුම් මෙසේ ඇති ව නැති වී යන අතර අතීතය හිතට වද දෙයි.අතීතය සිහිනෙන් ගෑ මුදු සුවඳකැයි ඇතමෙක් කියති.එහෙත් එහි සැබෑ සුවඳක් නොමැති බව මෙි ගීතයේ කථකයා පවසයි.
තතු එසේ වූව ද අතීත මතකය වියෝගී ප්‍රේමවන්තයන්ට නම් සිත පාරවන වෙිදනාවකි.මෙනයින් බලන කල මෙි කථකයාගේ හදවතේ තෙරපෙන්නේ වියෝගයෙන් උපන් ශෝකය යි.එහෙත් මෙි කථකයාට සම්‍යඥානය ඇත.මෙලොව සියලු සංස්කාරකයන් නැසෙනසුලු බව ඔහු දනී.ජීවිතය මිටියාවතක් නම් එය කඳුළින් පිරුණු මිටියාවතක් නො වෙි ද?සසර නම් චක්‍රයක් මෙන් භ්‍රමණය වන්නකි.ජීවිතය වනාහි දුකකින් දුකට කරන යත්‍රාවකි.එහි ඉමක් කොනක්,අගක් මුලක් නොපෙනේ.එහෙත් උපේක්ෂාවෙන් ජීවිතය දෙස බලන්නෝ ප්‍රඥාවන්තයෝ ය.යටකී සත්‍ය ධම්මපදයේ වඩාත් හොඳින් විග්‍රහ කර ඇත.
පමාදං අප්පමාදේන
යදා නුදති පණ්ඩිතෝ
පඤ්ඤාපාසාද මාරුය්
අසෝකෝ සෝකිනිං පජං
පබ්බතට්ටඨෝව භුම්මට්ඨේ
ධීරෝ බාලේ අවෙක්ඛති
මෙහි සරල අරුත මෙසේය.
යම් කලෙක නුවණැත්තා අප්‍රමාදයෙන් ප්‍රමාදය දුරු කරයි ද,ශෝක රහිත වූ වීර්යවත් වූ හෙතෙම ප්‍රඥා නමැති ප්‍රාසාදයට නැගී ශෝක සහිත වූ අඥාන වූ සත්ත්ව සමූහයා දෙස බලයි.පර්වතයකට නැගී මිනිසකු පහත් බිම සිටි මිනිසුන් දෙස බලන්නාක් මෙනි.
- ධම්මපදය
කාව්‍ය වනාහි ධ්වනිතාර්ථයන්ගෙන් සමන්විත විය යුතුය.එහෙත් ධ්වනිතාර්ථ යනු කිම? ධ්වනිතාර්ථ නම් වචනමාලාවෙන් ඉඳුරා ම නො කියැවෙන නමුත් වචන සංකලනයෙන් මතුව එන අදිසි වූ ද හැඟෙන්නා වූ ද අර්ථයකි.පල්ලේගම හේමරතන හිමියන්ගේ මෙි ගීපදවල මෙකියන කාව්‍යමය ලක්ෂණ ඇත.
අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නොබැඳුණා නම්
මෙදා වියොවක් නෑ
මෙහි කථකයාට අතීතය යනු සැබෑ සුවඳක් නැති සිහින විජිතයකි.එහි පැවැත්මක් නැති බව එයින් ගම්‍ය නො වෙි ද?ලොව ජනිත වන සියලු දේ ඇති වී නැති වී යයි.අවසානයේදී ඉතිරි වන්නේ වියෝ දුක පමණි.මෙනයින් බලන කල සියල්ල වෙනස් වන ලෝකයේ වෙනස් නොවන එකම දේ වෙනස්වීම පමණි.ප්‍රේමයත් එසේය.විප්‍රලම්භ ශෘංගාරරසය විඳින්නෝ පරාජිත ප්‍රේමයට වෛර නොකරති.කල්පනා යානෙක නැගී යටගියාව සමරති.අතීතයේදී සිහිනෙන් ගෑ සුවඳක් වැනි ඇසුරක් ඇති වන්නට ඇත.එහෙත් දැන් මෙි කථකයා යටකී සුවඳ පවා සැබෑ සුවඳක් නොවන බව පවසයි.එදා උනුන් එකිනෙකා සෙනෙහසින් නොබැඳුණා නම් මෙවැනි වියෝ දුකක් කොහින් ද?
තැනූ මන්දිර බිඳී වැටුණත්
නෙතේ කඳුළක් නෑ
සිනහවෙන්නට වරම් නොලදත්
හිතේ කිලුටක් නෑ
ප්‍රේමවන්තයෝ අනාගත පිළිබඳ අහස් මාලිගා තනති.එහෙත් ඒවා මහපොළොවෙි යථාර්ථයක් වනුයේ කලාතුරකිනි.පෙම් මල පරවුණු කල තැනූ මාලිගා සිඳී බිඳ වැටෙි.එහෙත් මෙි කථකයා පාරජයේ දුක, අහිමිවීම එකදු කඳුළක් නොහෙළා උපේක්ෂාවෙන් විඳ දරා ගනී.තම ප්‍රියාවිය අහිමි වූව ද සිතේ කිසිදු කහටක්,කිලුටක් හෝ ජුගුප්සිත හැඟීමක් නැති බව ඔහු කියයි.සිනාසෙන්නට වරම් නොලදත් සිත දූෂණය කර නො ගනී.
සොබා දහමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ
ලොවේ පැරදුම මිසක කිසිදා
ලැබූ දිනුමක් නෑ
මිනිසාට පරාජයෙන් මිදිය හැක්කේ අනිත්‍ය ධර්මය අවබෝධ කරගැනීමෙනි.
සොබාදහමට අවනත නොවන කිසිදු දෙයක් මෙි මිහිපිට නැත.මිනිසාට සොබාදහමත් සමාජසබඳතාත් දමනය කළ නොහැකිය.නුනුවණ දනෝ සසර දිගුකර ගනිති.ඔවුහු ජීවන ලාලසාවෙන් සංසාරයට තවතවත් ලොබලිය වඩති.එහෙත් අවසානයේ මිනිසා ලැබූ ජයග්‍රහණයක් නම් නැත.තමා හරිහම්බ කළ සියල්ල අතහැර හතර රියනක සැතපීමට සෑම මිනිසකුට ම සිදුවෙයි.එය දිනුමක් නොව පරාජයකි.එහෙත් ජීවත්වන තුරු කිසිදු මිනිසකු පරාජය බාර නොගත යුතුය.
මෙනයින් මෙි ගීතය අප තුළ වියෝගයෙන් මතු වන කරුණරසය දනවයි
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
අතීතය සිහිනයක් පමණයි