IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ඔප නොදැමූ නිල් මැණික්

සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්තෙන් හමු වී ඇති ලොව විශාලතම යැයි කියන මැණික් පොකුර ගැන ආරංචිය මේ වනවිට සැලකිය යුතු සමාජ කථිකාවකට හේතු වී ඇත. ඔය කියන පළාත හෝ එහි දිස්ත්‍රික්ක සහ ගම් පමණක් නොව සබරගමුවේ වෙනත් ඕනෑම දෙයක්  ගැන අසනවිට කිතියක් වැනි අමුතු ගතියක් ඇති වන්නේ මා කලක් එහි ආණ්ඩුකාරයා ලෙස වැඩකළ නිසා විය හැකිය. එසේම ඒ කළ වැඩ අමතක වන්නට නොදී පළාතේ අයත් වෙනත් පැතිවල අයත් විටින් විට මතක් කරන නිසා වන්නටත් ඇති. කෙසේ වෙතත් සබරගමු මතකය මියෙන තුරු මටත්, ඉන් පසු අනෙකුන්ටත් අමතක නොවන මූලික කාරණා අතරට ශ්‍රී පාද භූමිය නිල පූජා භූමියක් බවට පත් කිරීමට සහ වසර හත්සිය ගණනක් පැවැත්වුණු රත්නපුර මහ සමන් දේවාල පෙරහැර ජාතික උත්සවයක් බවට පත් කිරීමට දුන් මූලිකත්වය සේම 1980 අහාර පනත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු‍ අංශ ආවරණය වනසේ ප්‍රාදේශීය ආණ්ඩු සඳහා අතුරු ව්‍යවස්ථා සම්පාදනය කළ ප්‍රථම පළාත බවට සබරගමුව පත්කිරීම, රටේ පළමු වරට ජාතික සහ පළාත් කිතුල් සංවර්ධන අධිකාරියක් පිහිටුවීම සැලසුම් කොට සමාජ ගත කිරීම වැනි ක්‍රියා හේතු වනු ඇති.

ලියමන පෞද්ගලික ආත්ම කථනයකට යන හැඩකි. ඒ නිසා ඉන් මිදී අගතියකට නො වැටී මැණික් පොකුර ආශ්‍රිත කථිකාව මුල් කරගෙනම මෙවර ‘කිවි දා දැක්ම’ පෙළ ගැස්සවීමට උත්සාහ කරමි.

මැණික් පොකුර මුල් කරගෙන මතු වී ඇති කථිකාවේ මා සිත් ගත්ම තේමාව වන්නේ එහි අයිතිය පිළිබඳ කතාබහය. මා මිත්‍ර නිර්මාල් රංජිත් දේවසිරි සමාජ මාධ්‍ය හරහා මතුකොට තිබුණේ මෙම මැණික් පොකුරේ අයිතිය පෞද්ගලික වීම සාධාරණ ද යන්නය. ඊට ප්‍රතිචාර දැක්වූ බොහෝ අයගේ මතය වී ඇත්තේ එය පොදු නැතහොත් රාජ්‍ය අයිතියට පත්විය යුතුය යන්නය. මා ද ඒ මතය දරන්නෙකි. අප සිටින්නේ, වසර මිලියන ගණනක්, එනම් හෝමෝසේපියන් මානව පරම්පරාව බිහිවීමටත් වසර මිලියන ගණනකට පෙර, විශ්වයේ සහ පෘථිවියේ විවිධ හේතුඵල හෝ දයලෙක්තික විපර්යාසවල ඵලයක් ලෙස නිර්මාණය වූ බොහෝ දේවලට මිලක් සහ පෞද්ගලික අයිතියක් කියාපාන, පසුගාමිත්වය ප්‍රගතිය යැයි උත්කර්ෂයට නංවන සමාජ මොහොතකය. එසේම සියලු‍ පොදු දෑ පෞද්ගලික අයිතියේ නාමයෙන් අව-භාවිතා වන සමාජයකය. බොහෝ සමාජ පීඩන සහ අර්බුදවලට හේතුව මෙයය. මේ ගැටලු‍ව යම් පමණකට හෝ විසඳිය හැක්කේ රාජ්‍යයටය. එහෙත් රාජ්‍යය දැන් රඟපාන්නේ ඕනෑම පොදු දෙයක් පෞද්ගලික අයිතියට පත් කරන අතරමැදියාගේ, තැරව්කරුවාගේ සහ පහසුකාරකයාගේ භූමිකාවය.

ලෝකයේ හැම තැන ම එහෙම නැත. පෞද්ලිකත්වය භුක්ති විඳිය යුත්තේ පොදු බව යටතේය යන රාජ්‍ය ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක වන රටවල් ලෝකයේ ඇත. ඇත්තටම ඒවා නූතන රාජ්‍යයන්ය. ඒවායේ ජනතාව සමාජීයවත් පෞද්ගලිකවත් සතුටින්ය. එහෙත්, “මහරජ ඔබ මේ පොළොවේ භාරකරු මිස අයිතිකාරයා නොවේ” යන බෞද්ධ දේශනාව වසර දහස් ගණනකට පෙර අසා ඇති, සහ එතැන් සිට යළි යළි පුනරුච්ඡාරණය කරන මෙරට එවැනි රාජ්‍යයක් බවට තවම පත් වී නැත්තේ පොදුබව යටකොට, අව-භාවිතාකොට පෞද්ගලිකත්වය අශිෂ්ට ලෙස උත්කර්ෂයට නැංවීම නිසාය.

රාජ්‍යයක කාර්යභාරය විය යුත්තේ පොදු යහ පැවැත්ම සඳහා භෞතික සහ මානව සම්පත් නිසි ලෙස කළමනාකරණයය. එවැනි පසුබිමක පුද්ගලභාවය ද ආරක්‍ෂිතය. මෙවැනි මතවාදී පදනමක සිට මා යෝජනා කරන්නේ මහ පොළොවේ ඛනිජ සම්පත් පොදු අයිතියට පත් විය යුතුය යන්නය. එම මතය අන්තවාදයකට ගෙන යන්නේ නැතිව මා ඉදිරිපත් කරන අතරමැද යෝජනාව වන්නේ ඛනිජ සම්පත් මිල කරන්නේ නම්, අලෙවිකරන්නේ නම් ඉන් වැඩි ප්‍රතිශතය හිමිවිය යුත්තේ රාජ්‍යය නම් වූ භාරකාර ආයතනයටය යන්නය. එනම් රාජ්‍යයටය, පොදු සමාජයටය. මේ යෝජනාව මැණික්වලට පමණක් නොවේය. වැලි, ගල්, ගස්, පස්, ජලය, වෙනත් ඛනිජ යනාදී සියල්ල මීට අදාළය. ඉන් ලබන ආදායම පොදු ජන සුබ සිද්ධිය සඳහාය. එය එසේ වන්නේ නම් මහපොළොවට එරෙහි නින්දිත සහ විනාශකාරී ක්‍රියා බොහොමයක්ම නවතිනු ඇත. රාජ්‍යයත් පෞද්ගලිකව අපත් මේ ස්වභාව ධර්මයේ භාරකාරයෝ මිස අයිතිකරුවෝ නොවෙති.

මැණික් පොකුර අරබයා මතු වී ඇති තවත් කතා බහක් වේ. එය මතු වන්නේ අනෙකුත් මැණික් වෙළෙන්දන් සහ මැණික් ගැන ප්‍රමාණවත් දැනුමක් ඇත්තන් අතුරින් ය. ඔවුන්ට අනුව මෙය ලක්ෂ හතරක පහක මිල වටිනාකමක් ඇති මැරුණු මැණික් (පාෂාණ) එකතුවකි. ඇතැමෙකුට අනුව එහි ඇත්තේ ලක්ෂ දහයක පමණ කෞතුක වටිනාකමක් පමණි. තවකෙකුට අනුව මේ සිදුවන්නේ එම පොකුරට බොරු වටිනාකමක් දී වෙන මැණිකක් රටින් පැන්නවීමට දරන උත්සාහයකි. ඔය සියල්ල මැද මැණික් ගැන නොදන්නා මට නම් ඒ පොකුරේ පෙණුමෙන් කිසිම වටිනාකමක් දැනෙන්නේ නැත. එහෙත් ඒ නොදැනුම පදනම් කරගෙන එය නොවටී යැයි කීමට මා හදිසි වන්නේ නැත.

ඔප නො දැමූ මැණික් උපමාවක් ලෙස ගෙන බොහෝ කලකට පෙර එවක ‘රාවය’ පුවත්පතේ කතෘ වික්ටර් අයිවන් මහතා කියූ කතාවක් සිහියට නැගේ. මගේ මතකයේ ඇති ආකාරයට නම් ඔහු කීයේ මහින්ද රාජපක්ෂ යනු කපා ඔප නොදැමූ මැණිකකි. එය කපා ඔප දැමුවොත් වටිනාකම අති මහත්ය. එහෙත් ඔහු වටා සිටින අය ඒ මැණික කපා ඔප දැමීමට ඉඩ දෙන්නේ නැත’ යනුවෙනි. 2000 මැද භාගයේ කියූ ඒ කතාව අදාළද නැත්ද යන්න ගැන විමසීම ජනතාව බාර කරමින් මා එම උදාහරණය රටේ දේශපාලනය සහ දේශපාලකයන් පිළිබඳ විමසීමට යොදා ගැනීම ගැන කෘතහස්ත මාධ්‍යවේදියකු වන අයිවන් මහතා උරණ නොවෙතැයි සිතමි.

කපා ඔප දැමිය හැකි සහ එසේ කළහොත් වටිනාකමින් ඉහළ මැණික් අද දේශපාලනයේ තිබේ ද යන්න ප්‍රශ්නයකට එහා ගිය මහා අර්බුදයකි. පවත්නා දේශපාලන කණ්ඩායම් අතුරිනුත් එවැනි පුද්ගල මැණික් සොයා ගැනීම ඉතා අපහසුය. මන්ද කොයිතරම් කැපූවත් ඔප දැමුවත්  මතුවන්නේ, (මැණික් පිළිබඳ විශේෂඥයකු වන ආචාර්ය දුනිල් පාලිත ගුණසේකර දක්වන ආකාරයේ) මැරුණු ස්පටිකය. දේශපාලන පක්ෂ ද ඒ ඝණයට අයත් ය. එහෙම සිතන විට සහ දකින විට අනාගතය බියකරුය, අසරණය. පෞද්ගලික පැවැත්ම සඳහා වූ සමූහ ගත වීම් අපමණය.

එහෙත් සමාජ ප්‍රගතිය සඳහා සමුහ ගත වීම් අතිශයින්ම අල්පය. සමහර පක්ෂ යැයි කියාගන්නා ඒවාට මධ්‍යම කාරක සභාවක් වත් නැත. දේශපාලන මණ්ඩලත් නැත. තියෙන මණ්ඩලත් දෙපත් නයින්ගෙන් සහ මහ සුපින ජාතක කතාවේ එන දෙපැත්තෙන් ම කන අශ්වයන්ගෙන් පිරිලා ය. ඇතැම් තැන්වල කට අරින්නටවත් බැරි අකාරයට ‘ප්‍රජාතන්ත්‍රවාදය’ ය. පක්ෂ යනු පාර්ලිමේන්තුවට යෑම සඳහා වූ විවාහ සහතිකයක් පමණක් බවට පත්කරගත් අයගේ කතා සාප්පුය. එවැනි පසුබිමක ඔප දැමුවොත් වටිනාකම ඉහළ යන මැණික් තිබිය හැකි නොවන බව අප තේරුම් ගත යුතුය. වියතුන් යැයි කියාගත් අය තම දේශපාලන ව්‍යාපාරය පමණක් නොව රටම රවටා ඇති බව සහ ඔවුන් දලන් කෑල්ලක් තරම්වත් වටින්නේ නැති බව දැන්නම් එළිපිටම කීම රටට පාඩමක්ය. නොකීවත් රට ඒ බව තේරුම් ගෙන හමාරය.

දැන් රටට අවශ්‍ය පරණ අය අලු‍ත් යැයි කියාගෙන එන ආණ්ඩුවක් වත් පරණ නායකයන්ම අලු‍ත් යැයි කියාගෙන එන නායකයකු වත් නොව ජාතික වැඩපිළිවෙළක් සහිත විධිමත් මහජන ව්‍යාපාරයක්ය. ඒ ව්‍යාපාරය මඟ හැර දේශපාලනය කිරීමට සහ ඒ ව්‍යාපාරය හරහා පිරිපහදු නොවී දේශපාලනය කිරීමට කිසිවකුට ඉඩ නොලැබෙන ජාතික දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කිරීමට ස්වදේශික ප්‍රගතිශීලීන් සමූහ ගත විය යුතුය. මැණික් කපා ඔප දැමීම ඒ ව්‍යාපාරය මගින් සිදුවිය යුත්තකි. එවිට නායකයන් මතුවනු ඇත. රට අපේක්ෂිත ගමනාන්තය කරා ගෙනයන කප්පිත්තන් නිර්මාණය වනු ඇත. එවිට මහපොළොවේ අයිතිකාරයන් නොව එහි භාරකාරයන් බලවත් වී ගෞරවාන්විතව ප්‍රීතිමත්ව නිදහසින් සිටින මනුෂ්‍යයන්ගේ පමණක් නොව සියලු‍ සතුන්ගේත් සොබාදහමේත් පරිපූර්ණත්වය සහිත සමාජයක් නිර්මාණය කළ හැකිවෙනු ඇත. මා මිතුරු චරිත හේරත් වෙළඳපොළ සිදුරකින් හෝ මේ දෙස බලනු ඇත යන්න මගේ බලාපොරොත්තුවය.

කොළඹ විශ්වවිද්‍යාලයේ
දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශ​යේ,
ධම්ම දිසානායක

 

 



අදහස් (2)

ඔප නොදැමූ නිල් මැණික්

Raveendra Friday, 30 July 2021 11:09 AM

අප රටේ පවතින අසූචි දේශපාලනය පිළිබඳව කර ඇති විග්‍රහය ඉතාමත්ම නිවැරදිය. ඇත්තෙන්ම අප රටේ තිබෙන සියලුම පක්ෂවල ඉන්නේ දේශපාලඥයින් නොව. එය ඉතාමත්ම අවාසනාවකි. "ඉන්නා තරමක්ම ඉන්නේ දේශපාලුවන්ය". මෙය රටේ තිබෙන සියලුම පක්ෂවලට අදාලයි. දේශපාලුවන් යනු රට විනාශ කරන "පාහරයින්ය". මෙම අදහස් අප රටේ තිබෙන සියලුම පක්ෂවල ඉන්නා දේශමාමක, දේශ හිතෛෂී යයි කියාගන්නා හරකුන් සියල්ලන්ටම කියවීමට හැකි වේවා...!!!

:       4       42

විජිත් Friday, 30 July 2021 05:04 PM

මේ මැණික් පොකුර ගැන මහත් වූ ප්‍රශ්න රැසක් ඇතිවෙලා තියෙනවා. මේ රටේ සිටින මැණික් පිළිබඳ හසල දැනුමක් ඇති "මැණික් විශේෂඥයින්" ඒ වගේම මැණික් මුදලාලිලා කියන්නේ මේ "පණු ගලක්" කියයි. එහි අරුත මිය ගිය මැණික් පොකුරක් යන්නයි. මගේ ඉතාම හිතවත් මිතුරෙකුගේ නිවසේ සාලයේත් මෙවැනිම ගලක් තියෙනවා. ඒකත් කිලෝ 10ක් විතර ඇති. ඔවුන් කියන්නේ මෙහි ආර්ථික වටිනාකමක් නැති බවයි. නමුත් සමහරු, කෞතුකාගාර, ප්‍රදර්ශනාගාර අලංකාර කිරීමට යොදාගන්නා බව කියනවා. ඒ වගේමයි මේ මැණික අයිති මහත්මයත් කියන්නේ " මේකේ වටිනාකමක් නැහැ .." කියලයි. ඔහුත් මැණික් ගැන දන්නා කෙනෙක්. මට නම් හිතෙන්නේ මේ (වටිනාකමක් නැතැයි පවසන) මැණික පිටුපස සැඟවුණු ලොකු කතාවක් තියෙනවා කියලයි. මෙට්‍රික් ටොන් 1/2 පමණ බර මේ ගල විද ඒ තුල වටිනා මැණික් ඇතුළුකොට රටින් පිට කිරීමට "රාජ්‍ය අනුග්‍රහයෙන්ම " කරන වැඩක්ද මේ...? හොර රැලක් විසින් පාලනය කරන රටක එවැනි දෙයක් නොවිය හැකිද...? පොලිසියේ, ඒවගේම රේගුවේ කොන්ද පණ ඇති, කාටවත් නොනැමෙන, අවංක නිලධාරී මහත්වරුන් තවමත් ඉන්නවා නම්.. ඒ අයට මෙන්න අවස්ථාවක්....

:       5       123

ඔබේ අදහස් එවන්න

 

 
 

කිවිදා දැක්ම

ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 618 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 1190 3

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 1042 5

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 260 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 967 5

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


ජනමතය උරගා බැලීමක්
2025 මාර්තු මස 28 329 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති කාලයකය. පළාත් පාලන මැතිවරණය අවසාන වරට පැවැත්වුණේ 2018 වර්ෂයේදීය. ඒ පැවැත්වූයේත් නියම


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1434 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1622 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 426 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site