IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


හතර ගාතෙන් වැටුණු කොංගෝවේ නව ජනාධිපති ෆීලික්ස්

 

රටක් ප්‍රපාතයට ඇද වැටෙනවාය කියන්නේ ඒ රටේ ආර්ථිකය කඩාවැටුණාමය. නීතියේ ආධිපත්‍යය බිඳ වැටුණාමය. කන්න නැතිව ජනතාව මහ මගට ඇදවැටුණු විටය. එවැනි රටක උන්නතියක් සිදුනොවේ. සිදුවෙන්නේ අවනතියකි. ලෝකයේ කණකොකා හැඬූ තවත් රටක් වන්නේ කොංගෝවයි. 


කොංගෝව පිහිටා ඇත්තේ මධ්‍යම අප්‍රිකාවේය. දකුණු සුඩානය, උගන්ඩාව, රුවන්ඩා, බුරුන්ඩි, ටැන්සානියාව, සැම්බියාව යන රටවල් රාශියකට මැදිව කොංගෝව පිහිටා ඇත. ලොව විශාලතම රටවලින් 11 වැනි ස්ථානය හිමිවී ඇත්තේ කොංගෝවටය. 


එහි අද ජනගහනය හත් කෝටි අසූ ලක්ෂයකට අධිකය. විශාලත්වය වර්ග කි.මී. 2,345,409 කි. එදා අති දැවැන්ත ඛනිජ සම්පත්වලින් අනූනව පැවති කොංගෝව තුළ දරිද්‍රතාව ඔඩු දුවා ඇත්තේ ඔවුන්ගේම ජරාජීර්ණ වූ දේශපාලනය නිසාවෙනි.


එවැනි අවස්ථාවක කොංගෝවේ පැවැති ජනාධිපතිවරණයෙන් ජනපති ජෝසප් කබීලා පරාජයට පත් කර හිටපු  විපක්ෂනායක 55 හැවිරිදි ෆීලික්ස් ට්සිසේකෙඩි ජයග්‍රහණය කර තිබේ. මෙවර මැතිවරණය සඳහා කරට කර තරගකරුවන් තිදෙනෙක් තරග කළ අතර හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය එමැනුවල් රම්සානි අනෙක් ජනපතිධුර අපේක්ෂකයා ලෙස මෙහිදී තරග වැදුණේය. 


කොංගෝව 1960 වර්ෂයේදී බෙල්ජියම් රජයෙන් නිදහස ලැබූ පසු අප්‍රිකාවේ නොදියුණුම රාජ්‍යයක් වශයෙන් පැවතියේය. අසල්වැසි රුවන්ඩාව සහ උගන්ඩාව සමග පැවති යුද්ධ සහ රට අභ්‍යන්තරයේ පවතින සටන්කාමී ව්‍යාපාර හේතුවෙන් කොංගෝව ලෝකයේ බිහිසුණු දේශපාලන වටපිටාවකින් යුත් රාජ්‍යයක් ලෙස සැලකේ. 


2001 වසරේ පටන් වරින් වර අවස්ථා 3 කදී බලයට පත්වූ ජෝසප් කබීලා සැලකෙන්නේ කොංගෝව ප්‍රජාතන්ත්‍රවාදය වෙත හැකි පමණින් යොමුකළ නායකයෙකු ලෙසය. දැනට ක්‍රියාත්මක වන 2006 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමට ද කබීලා මුල් විය. 


මේ අතර, නව නායකයා ලෙස තේරී පත්වූ ෆීලික්ස් ට්සිසේකෙඩි ද පවසන්නේ කබීලා යනු කොංගෝවේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනසේ සහකරුවෙකු වූ බවයි. 


ජයග්‍රහණයෙන් පසු ඔහු පැවසුවේ කිසිදු භේදයකින් තොරව සියලු කොංගෝ ජාතිකයන්ගේ ජනපති වීමට තමන් බලාපොරොත්තු වන බවයි. 55 හැවිරිදි ට්සිසේකෙඩි දශක ගණනාවක් තිස්සේ කොංගෝවේ විපක්ෂ නායකයා ලෙස කටයුතු කර තිබේ. කොංගෝවේ ප්‍රථම වරට වෙනත් පක්ෂයක් වෙත බලය හුවමාරු වූ අවස්ථාව මෙය වෙයි.


ලිංගාශ්‍රිත රෝගවලින් පෙළෙන රෝගීන්ගේ සංඛ්‍යාව 12 ලක්ෂය ඉක්මවන, තවමත් මැලේරියාව පවතින මේ රට 1960 ජුනි 3 වැනිදා බෙල්ජියමෙන් නිදහස ලබාගත් පසු ගතවූ වසර 58 තුළදී ආපස්සට ගිය හැටි අනුවේදනීය වන්නේය. එලෙස ආපස්සට ගිය රට නැවත හරිමඟට ගන්නට නව ජනපතිවරයා කළ යුතු දේ බොහෝය.


කොංගෝව යන නම කිව් විගස කාගේත් මතකයට නැගෙන්නේ පැටි්‍රස් ලුමුම්බා යන නාමයයි. කොංගෝවේ මහජන ඡන්දයෙන් තේරී පත්වූ ප්‍රථම පාලකයා ලුමුම්බාය. ඒ 1960 මැයි මාසයේදීය. 


ලුමුම්බා ඝාතනය කිරීමෙන් පසු එහි බලයට පත්වූ ජෝශප් මොබුටු වසර 32ක් ඒකාධිපතියකු මෙන් කොංගෝව පාලනය කළේය. එම රටට කණකොකා හැඬුවේ මේ කාලයේදීය. කොංගෝව සෝවියට් දේශය හා ඇමරිකාව අතර පැවති බල අරගලය හේතු කොටගෙන විනාශ මුඛයට පත්වූ බව කියනු ලැබේ.

 

 

 

තිළිණි ද සිල්වා
ඡායාරූපය අන්තර්ජාලයෙනි

 



අදහස් (0)

හතර ගාතෙන් වැටුණු කොංගෝවේ නව ජනාධිපති ෆීලික්ස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 568 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17377 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site