IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


රුසියන් බළකොටුවට එරෙහිවීමේ වරදට වෙඩි උණ්ඩයට බිලි වූ ඇලෙක්සැන්ඩර් රැස්ටෝගැෆ්

ඝාතනයට ලක්වූ ජනමාධ්‍යවේදී ඇලෙක්සැන්ඩර් රැස්ටෝගැෆ්

 

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන පිළිබඳ විමර්ශන සිදුවන මෙවැනි දේශපාලන මොහොතක සිය මාධ්‍ය මෙහෙවර නිසාම අකාලයේ ජීවිත පූජා කළ ලෝක පූජිත සහෘදයන් පිළිබඳ ලිපි මාලාවක් ගෙන ඒමට අපි සිතුවෙමු. ඒ පසුගිය වසරේ පමණක් ලොව පුරා ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවයේ යෙදී සිටි 94 දෙනෙකු ඝාතනය වී ඇති බැවිනි. එහිදී රුසියාව යනු මේ වන විට මාධ්‍යවේදීන්ට අතිශයින් භයංකර රටක්ව තිබෙන අතර 1992 වසරේ සිට ජනමාධ්‍යවේදීන් 58 දෙනෙකු රුසියාව තුළ ඝාතනයට ලක් වී තිබේ. 


ඇලෙක්සැන්ඩර් රැස්ටෝගැෆ් ද එවැනි සහෘදයෙකි. රුසියානු රූපවාහිනි නාළිකාවක ප්‍රධානියෙකු වූ ඔහු, ආන්දෝලනාත්මක වාර්තා චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. ජනමාධ්‍යවේදියෙකි. ඔහු මෙලෙස ඝාතනය වෙන්නේ ද එවැනිම වාර්තා චිත්‍රපටයක් රූගත කරමින් සිටින අතරතුර සුප්‍රකට ජනමාධ්‍යවේදී ඔර්හාන් ඩිජෙමාල් සහ සම්මානනීය සිනමා කැමරා ශිල්පී කිරිල් රැඞ්චෙන්කෝ සමග වීම ද කැපී පෙනේ. මෙවර සටහන රැස්ටෝගැෆ් පිළිබඳවයි. 


රොස්ටොව් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ දර්ශන පීඨයෙන් සිය උසස් අධ්‍යාපනය හමාර කළ ඇලෙක්සැන්ඩර් රැස්ටොගැෆ්, අනතුරුව ශාන්ත පීටර්ස්බර්ග් නාට්‍ය පාසලෙන් නාට්‍යකරණය පිළිබඳ උපාධියක් ද ලබන්නෙකි. එහෙත් ෘදබ ඔඪ නාළිකාවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු අරඹන ඔහුට පසුව සිය දක්ෂතා හේතුවෙන් ඉන් ඉවත් වීමට සිදුවෙන අතර 2004 වසරේ දී ඉවත් වූවාට වඩා ඔහු ඉවත් කළා යැයි පැවසීම වඩාත් නිවැරදිය. පසුව රුසියානු නාළිකාවක් වන භඔඪ හි ශාන්ත පීටර්ස්බර්ග් කාර්යාලයේ ද සේවය කළ රැස්ටොගැෆ් සැලකෙන්නේ රුසියාව තුළ ණසදබ ීඑමාසද ස්ථාපිත කළ යුග පුරුෂයා ලෙසයි. 


තමා නිර්මාණය කළ වාර්තා චිත්‍රපට හේතුවෙන්ම මරුමුවට පත්වූ ඔහු, විදෙස් සිනමා උළෙල නියෝජනය කරමින් සම්මාන පිට සම්මාන ලබා ගත් අතර ඒ අතරින් ‘ඵදපපසැි. සහ ‘ඔැබාැර’ි ්‍යැ්එ. උසකා ඊැ්ජය. යන වාර්තා චිත්‍රපට කැපී පෙනේ. පසුගිය වසරේ ජුලි මස 30 වැනිදා රැස්ටොගැෆ් ඝාතනයට ලක්වන්නේ මේ අතරතුරයි. ඒ ක්‍කැ්බ ඔයමරිා්හ නම් වාර්තා චිත්‍රපටය රූගත කරමින් සිටියදීය. 


නීතිවිරෝධී ලෙස මධ්‍යම අප්‍රිකානු ජනරජයේ රැඳී සිටින රුසියානු හමුදා පාදක කර ගත් එම චිත්‍රපටය හරහා අනීතික ලෙස රුසියානු බළකොටුවලට සම්බන්ධ රුසියානු පුද්ගලික මිලිටරි සමාගම් පිළිබඳ අනාවරණය කිරීමට උත්සාහ කිරීම මෙම ඝාතනයට හේතුවයි. රැස්ටොගැෆ් ඇතුළු මාධ්‍යවේදීන් තිදෙනෙක්ම ඝාතනය වන්නේ එම නිසාවෙනි. 
මේ වන විටත් සැබැවින්ම ඇලෙක්සැන්ඩර් රැස්ටෝගැෆ් මිය යන්නේ රුසියානු අගමැති පුටින්ට එරෙහිව ඔහු තුළ පැවැති මතවාදය නිසා බව හෙළිදරව් වී ඇති අතර පසුගිය ජනාධිපතිවරණ සමයේ දී චෙච්නියාවේ සිදුවූ අක්‍රමිකතා පිළිබඳ ඔහු නිර්මාණය කළ ීරදන (ඔයැ ඔැරප) වාර්තා චිත්‍රපටය ඊට හොඳම උදාහරණයයි. 
කෙසේ වෙතත් රැස්ටොගැෆ්ගේ ඝාතනය පිළිබඳ හාස්‍ය උපදවන කරුණක් ද වේ. ඒ පුටින්ට එරෙහිව නිර්භීතව වාර්තාකරණයේ යෙදුනු ඔහු පිළිබඳව රුසියාව නිකුත් කළ මාධ්‍ය නිවේදනයයි. හඳුනා නොගත් කණ්ඩායමක් විසින් මංකොල්ලකෑමක් වෙනුවෙන් ඇලෙක්සැන්ඩර් රැස්ටෝගැෆ් ඇතුළු චිත්‍රපට කණ්ඩායමට වෙඩි තබා ඇති බව එම නිවේදනයේ සඳහන් විණ. 


රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය විසින් තවමත් මෙම ආන්දෝලනාත්මක ඝාතනය පිළිබඳ විමර්ශන සිදු කරමින් සිටින බව ද වාර්තා වේ.

 

 

 


මාලන් විදානපතිරණ
ඡායාරූප : අන්තර්ජාලයෙනි



අදහස් (0)

රුසියන් බළකොටුවට එරෙහිවීමේ වරදට වෙඩි උණ්ඩයට බිලි වූ ඇලෙක්සැන්ඩර් රැස්ටෝගැෆ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 616 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17572 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site