කලකට ඉහතදී කොළඹ කොටුවේ බළල් මසුත් ගිනි ගණන් විය. කොඩි ගහයට උපන්න කට්ටිය ටැක්සි කාර කොළඹ හාදයෝ නිදැල්ලේ ඉගිලෙන කිරිල්ලියෝ ද බොහෝ සෙයින් බිහිවූහ. අපේ රටේ මනුස්සකම කොළම් තොටින් නැව් නැග්ගාද කියා ප්‍රශ්න කරන්නට වන අවස්ථා එළඹීම කොළඹට විතරක් ආවේණික වූවක් නොවුවද? හවස හතර පහෙන් පසු කොළඹ කොටුවට එන කාන්තාවකට තරුණියකට ළමයකුට මුහුණ දෙන්නට සිදුවන නිමක් නැති මහමඟ කරදර හිරිහැර ඇතිකරනු ලබන්නේ මහත් පීඩාවකි.
මිලියන 20.483 ක් ලෙස ඇස්තමේන්තු ගතකර ඇති ලංකාවේ සමස්ථ ජනගහනයෙන් හතරෙන් එකක පිරිසක් ජීවත්වන්නේ කොළඹ නගරය ද ඇතුළත්ව බස්නාහිර පළාතේය. අනෙක් අතට රටේ ප්‍රධාන බස් නැවතුම් පොළ දුම්රිය ස්ථානය පිහිටීම කොළඹ අවට ගැවසෙන ජනගහණය වැඩිවීමට ප්‍රධාන හේතුවකි.
කොළඹ ගැවසෙන ජනගහන තදබදය
එකේ සිට පහළොව දක්වා වන කොළඹ කොටුව සමීප නගර ආශ්‍රිතව පිහිටා ඇති රජයේ මහජන සේවා සම්පාදනය කර ගැනීම සඳහා රජයේ ආයතන දෙපාර්තමේන්තු වලට රටේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන ජනතාවට කොළඹ පාසල් ආශ්රිත ළමයින්ද ආගමික ස්ථාන වන්දනා කිරීමට එන අය සහ බහුවිද සේවා සඳහා රජයේ පෞද්ගලික අංශයේ විවිධ ආයතනයන්ට පැමිණෙන ජනතාව කොළඹ නගරයේ වැඩි වශයෙන් ගැවසේ.
දෛනිකව මහමඟ ගැවසෙන කාන්තාවෝ
රටේ ශ්‍රම බළකායට අයත් සමස්ථ පිරිස 53.8% ලෙස ජාතික මහබැංකු වාර්තා විසින් ගණනය කර ඇති අතර එයින් 35.6% පිරිසක් කාන්තාවන්ය. මුළුතැන් ගෙයින් එළියට බැස කාෂ්ටක කොළඹ රටේ ජීවන අරගලය පිණිස විවිධ රැුකියා සඳහා යන එන කාන්තාවෝ ප්‍රධාන වශයෙන් ප්‍රවාහන අවශ්‍යතා සඳහා කොළඹ කොටුවට පිවිසෙති. විවිධ රැුකියා සඳහා ගොස් නැවත නිවෙස් කරා යෑම මෙන්ම කොළඹ ආශ්රිත බෝඩිම්වල වාසය කරන කාන්තාවන් සේවාවන් ලබා ගැනීම සඳහා කොළඹට පැමිණෙන කාන්තාවෝ හවස් යාමයේ අඳුර වැටෙන්නට පෙර හිසට සෙවණක් සොයා යෑමට උත්සාහ කරති.
මහමග යන එන අතරමඟ කාන්තාවන්ට සිදුවන හිරිහැර තාඩන පීඩන
වැඩ ඇරී ගෙදර යන්නට කොටුවට එන කාන්තාවෝ අත්විඳින හිරිහැර තාඩන පීඩන පිළිබඳ අදහස් දැක්වූ කිහිප දෙනෙකු මෙසේ පැවසූහ.
‘‘මම වැඩකරන්නේ කිරුළපන ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක. ගම කඩවත උදේ හවස බස් රථයෙන් තමයි සේවයට එන්නේ. උදේට නම් මාර්ග තද බදය හැරුණම වෙන කරදරයක් නෑ. හවස ඒ කියන්නේ හවස පහ විතර පහු වුණාම කොටුවෙන් බැහැල බස් එකක් එනකං ඉන්න එක හුඟක් අමාරු වැඩක්. කට්ටිය ඇවිත් ඇගේ හැප්පෙනවා. මූණට සිගරට් දුම අල්ලනවා. ඕල්කට් මාවත පැත්තේ එහෙම යන්නම බෑ. බෝගහ කිට්ටුව එහෙම තනියම යන එක හරිම භයානකයි. ගියත් යන්න වෙන්නේ පිරිමි එක්කෙනෙක් එක්ක තමයි. සමහරු යන ගමන් සෙනඟ තදබදය අතරේ ඇඟපත අතපත ගාලා යනවා. දැනට දවස් තුන හතරකට කලින් මගේ යාළුවෙක්ගේ පර්ස් එක නැතිවුණා. අනං මනං විහිළු කරනවා එනවද? යමුද? කියලා අහනවා. ඕව තමයි ප්‍රශ්න’’
ගැටකපන්නන් වෙළඳසැල් ආශ්‍රිතව ගැවසෙන සමහර මිනිසුන් හවස් යාමයේ කාන්තාවන්ට විහිළු තහළු කිරීම විවිධ ආරාධනා කිරීම සමහර ලිංගික හිංසා සිදුකිරීම ගැටලූකාරී තත්ත්වයකි. වැඩ නිමවී ගෙදර යන අතරතුර සමහර පිරිමින් කලබලේට යනවා මෙන් පෙන්වා හෙමින් සීරුවේ කාන්තාවන්ගේ ඇඟට හේත්තුවක් දමා යෑමට උත්සාහ කරයි. හවස් යාමයේ කොළඹ අවට ගැවසෙන නිකරුණේ කල් මරන්නෝ මෙන්ම මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය නිසා ප්‍රකෘති සිහිය නැති වූ පිරිස් සමහර අවස්ථාවල තම නිරුවත පවා කාන්තාවන් ඉදිරියේ ප්‍රදර්ශනය කරන අවස්ථාද බොහෝමයකි. ටැක්සි රියදුරෝ වෙළෙන්දෝ මෙන්ම හවස් යාමයේ කොළඹ කොටුව ආශ්‍රිතව ගැවසෙන ගණිකාවෝ ආදී පිරිස් විවිධ වීදි හරස් මාර්ග අතර අරක්ගෙන සිටීම නිසා ඒ ආශ්‍රිතව ගමන් කිරීමට නොහැකිවීම අනෙක් ප්‍රධාන ගැටලූවකි.
චැතම් වීදිය, මල්වත්ත පාර, කෙළින් වීදිය, පළමුවැනි හරස් වීදිය වැනි ප්‍රදේශ ආශ්‍රිතව මෙසේ ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් පවතී.
තදබදය මැද හිරිහැර විඳීමට සිදුවන කාන්තාවන් අතරින් තවත් කාන්තාවක් මෙසේ අදහස් දැක්වුවාය.
මම වැඩ කරන්නේ ටෙලිකොම් එකේ. හිටගෙන යන්න අමාරු නිසා කෝච්චියේ යන්නේ නැහැ. බස් එකේ තමයි වැඩිපුර හවසට වැඩ ඇරිලා ගෙදර යන්නේ. ගල්කිස්සේ ගෙවල් තියෙන්නේ. කොටුවේ හවසට ඉන්න නම් අමාරුයි කොහොමත් හොඳම දේ හවස් වෙන්නේ නැතුව යන එක තමයි. ඒත් ඉතින් බස් එන වෙලාවට ට්‍රැෆික් එහෙම බලලා තමයි ඒක තීරණය කරන්න වෙන්නේ’’
හවසට කොළඹ කොටුවෙන් යන බස්රථ ඇතුළේ සිදුවන හිරිහැර
හවස් යාමයේ බස්රථයෙන් ගමන් ගැනීමේදී තවත් විශාල අභියෝග රැසකට මුහුුණ දීමට සිදුවේ. දැඩි තදබදය මැද ඇගට හේත්තු වන අය මේ අතර ප්‍රධාන ප්රශ්නයකි.
බස් රථයේ එවැනි ක්‍රියාවකට කාන්තාවන් විරෝධාකල්පයක් දැක්වූ විට මගීන් සියලූ දෙනා අපහසුතාවට පත්වූ කාන්තාව දිහා බැලීම නිසා ඇය තවත් අපහසුතාවයට පත්වේ. එයින් ඇයට තවත් හිංසාවන් සිදුවේ. සමහර පෞද්ගලික ආයතනවල සේවය කරන කාන්තා පිරිස් කොට සායවල් ඇඳගෙන යෑම නිසා බස්රථයේ යම් යම් ලිංගික හිංසාවන්ට ලක්වේ. මෙබඳු ගැටලූ හා සම්බන්ධව ඇත්තේ අතිශය මානුෂිය කාරණාවන්ය.
රැකියාවට ගැලපෙන ආකාරයට ඇඳුම් ඇඳීමට කාන්තාවන්ට සිදුවේ. බස්රථයට නැගි විට ඇය ඒ නිසා දැඩි අපහසුතාවන්ට ලක්වේ. ගැටකපන්නන් නිසාද ගැටලූ රැසක් මතුවේ. එක් අවස්ථාවක කාන්තාවකගේ මුදල් පසුම්බිය පැහැරගෙන යෑම නිසා ඇයට බස් ගාස්තුව ගෙවීමට හෝ මුදල් නැතිවූ අතර දෙතුන් දෙනෙක් එකතු වී ඇයට බස් ගාස්තුව එකතු කර දුන්හ.
ගැට කපන්නන්ට හසුවීම ස්ත්රීන්ට පමණක් පොදු වූවක් නොවර අතර දුරබැහැර සිට පැමිණෙන කොළඹ නුහුරු පිරිස් කොළඹ ගැට කපන්නන්ට හා වංචාකරුවන්ට නිතැතින්ම හසුවේ. හවස් යාමයේ බස්රථ දැඩි මාර්ග තදබදයන්ට හසුවීම නිසා පැයක ගමන නිම කිරීම සමහර අවස්ථාවල පැය එකහමාර දෙකක් පවා ගෙවීමට මගීන්ට සිදුවේ. එසේ යන අතරතුර බස්රථයේදී කාන්තාව දැඩි පීඩනයට ලක්වේ. බොහෝ වේලාවට කාන්තාවන් වැඩිහිටියන් බස්රථයේ අසුනක් නොමැතිව හිටගෙන යද්දී තරුණ පිරිමි පිරිස් පවා අසුනේ හිඳගෙන යයි. මෙබඳු අවස්ථාවක ගැබිනි මවකට හෝ රෝගියෙකුට පවා අසුනක් ලබා ගැනීමට ඇත්තේ දැඩි අපහසුතාවයකි. රැුකියාවේ පීඩනයත් ගමන් විඩාව වැනි දේවල් සමහර විට ඊට ප්‍රධාන හේතුව විය හැකිය. මාර්ග තදබදය නිසිකලට ප්‍රවාහන සේවා සම්පාදනය නොවීම මෙබඳු ගැටලූ මතුවීමට හේතු සාධක වේ.
සෘජුවම සිදු නොවෙතත් මෙලෙස සිදුවන තාඩන පීඩන හිංසාවන් නිසා බස්රථයේ මහ මගේදී දුම්රියේදී කාන්තාවන් කොපමණක් හිංසා පීඩාවන්ට ලක්වනවා ඇතිද? මේ ඒ පිළිබඳව සමාජ විද්‍යාත්මක විමසුමකි.
නගරයේ තදබදය හා සමාජ පීඩනය.
අපේ රටේ නගරාශ්‍රිත තදබදය වැඩිවීමේ හේතුව ප්‍රවාහනය සේවාවන්ගේ දුප්පත්කම, ජනගහණය වැඩිපුර ගැවසෙන තැනක් කියන්නේ ආරක්ෂාව තරවිය යුතු තැනක් නගරාශ්‍රිත ආරක්ෂාව පිළිබඳ තක්සේරුවක් තියෙනවා නම් මෙහෙම ගැටලූ ඉස්මතු වෙන්න හේතුවක් නැහැ. ගැට කැපීම ගණිකා වෘත්තිය මුදල් උත්පාදනයේ පහසු මාර්ගයක්. සමාජ අසහනය වැනි තත්ත්වයන් ඇතිවෙන්න ප්‍රධාන හේතුවක් මිනිසුන් ලේබල් ගත කිරීම සමාජ විද්‍යාවේ මෙය හැඳින්වෙන්නේ (Lebeling Theory) නමින්. මිනිසුන් විසින් සමාජයේ විවිධ කොටස්වලට විවිධ ලේබලයන් ඇලවීම මෙයට හේතුවයි. එයින් මිනිසුන් තුළ යම් අසහනයක් ඇතිවෙන්න පුළුවන්. ඒත් මිනිසුන් පීඩාවෙන් හෝ අසහනයට පත්වී සිටීම කාන්තාවක් හෝ ළමයෙක් අසහනයට පත් කිරීමට හේතුවක් නොවෙයි. නගර සැලසුම් නගර ආරක්ෂාව වැනි කටයුතු සම්බන්ධව නගර ආරක්ෂිතයින් ඇතුළු වගකිවයුත්තන් සැලකිලිමත් විය යුතුයි.
ආර්ථික මට්ටමින් පහළ ලූම්පන් යැයි හඳුන්වන පිරිස් අතර සදාචාරය සමාජ සම්මතය පිළිබඳ නිවැරදි ආකල්ප නැහැ. ඒත් පීඩාව හෝ අසහනය කියන එක සමාජ කොටසකට සීමා වූ දෙයක් නොවෙයි. එබඳු සමාජ විරෝධී චර්යාවන්ට නීතිය ඉදිරියේ ලැබෙන දඬුවම් සීමාවෙන්නේ නැහැ. අපහාස උපහාස කිරීම කාන්තාව හෙළා දැකීම ලිංගික පීඩාවන් ගැට කැපීම ලූම්පන් සමාජය ඇතුළේ කොළඹට විතරක් පොදු වූ දෙයක් නොවෙයි. ඒක සමස්ථ සමාජයට පොදුයි. මේ බදු තත්ත්ව පුළුල්ව වටහා ගත යුතු සහ සමාජ මානව විද්‍යාත්මක වශයෙන් විග්රහ කළයුතු තත්ත්වයක්’’
ඒ වෙනුවෙන් යෙදිය හැකි පිළියම්.
නගරාශ්‍රිතව මාර්ග තදබදය අවම කිරීම සඳහා සැලසුම් හා ක්‍රමවත් විධි විධායන යෙදවීම ජනාකීර්ණ නගර ආශ්රිත මාර්ග සැලසුම් විදිමත් වීම
රැකියා වියුක්තිය අවම කිරීම සමාජ අසහනය මග හැරෙන පරිදි මිනිසුන් සවිබල ගැන්වීම වැනි ක්‍රියාමාර්ග ඒ සඳහා වඩාත් උචිතය.
සම්පත් දායකත්වය : කොළඹ විශ්වවිද්‍යාලීය සමාජ විද්‍යා අධ්‍යයන අංශය





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදම දෙයනම් කාන්තාවන්ට වෙනම ප්‍රවාහන සේවයක් ආරම්භ කිරීම ,එතකොට කිසිම කරදරයක් නැහැ.(හේ)
පොලිස් නිලධාරීන් ගැහැණු ඇඳුම් ඇඳ ඔය වෙලාවට පාරේ ගිහින් ඔය අයව අල්ලාගෙන හොඳට දෙකක් දුන්නොත් ඔය ප්රශ්නය දවසකින් ඉවර වේවි. (නදී)
මේ කොළඹ නගරයේ වැරැද්දක් නෙමයි.නාගරිකරණයට හසුවූ ඒ වගේම නොයෙකුත් විෂමාචාර වලින් සමාජයේ පීඩාවට පත් වූ එක්තරා සමාජ කොට්ඨාශයක්. ඔවුන් යහමඟට ගැනීම සමාජයේ යහපත් බවට හේතුවේවි. (නි)
මෙතන ප්රශ්නය කොටට අඳින එක නෙමෙයි. එහෙනම් බටහිර රටවල් වල මොනවා වෙයිද? මොකද එහෙ පිරිමි නැද්ද ? ලංකාවේ මිනිසුන්ගේ තිබෙන හීනමානය සහ නැහැදිච්චකම . (නි)
මීට විසඳුමක් ඇත්තේම නැද්ද? (නි)
මැදපෙරදිග බොහෝ රටවල සෑම බසයකම ඉදිරිපස බාගයක්ම වෙන්කර ඇත්තේ කාන්තාවන්ට. අවශ්‍ය නම් කාන්තාවන්ට පිටුපස වාඩිවිය හැකියි. නමුත් කිසිම හේතුවන් නිසා පිරිමින්ට ඉදිරිපස කොටසේ හිටගෙනවත් යා නොහැකියි. කාන්තා සංවිධාන වල වගකීම වියයුත්තේ මෙවැනි දේ ලබාගැනීම කියලයි මම හිතන්නේ. මේ ගැන කාන්තා අදහස් දැනගන්න කැමතියි. විලිබිය ගැහැනියකට තිබිය යුතු දෙයක්.නමුත් එය පිරිමින් ප්‍රශ්නයක් කරගත යුතු නැත. (නි)
පොලිසියට මේ ගැන බලන්න පුළුවන් නේ මොකද කියන්නේ (අ)
කොටට අදින නිසා තමයි හිිරිහැර (නදී)
කොච්චර අපි කෑගැහුවත් මේවට කවදාවත් විසඳුම් නැහැ (නි)
කුමාර මෝඩ කතා කියන්න එපා ලංකාවේ කාට හරි හෙම්බිරිස්සාව හැදුනත් ආණ්ඩුව / පොලිසිය පලිද මනුස්සයො. (අ)
මේ වගේ හොඳ සටහනකට ප්‍රතිචාර දානවා අඩුයි. එ්ත් වැඩකට නැති ඒවාට ඕනා තරම් දානවා (නදී)
ඔය කඩ කරන කට්ටිය නිතරම පාරේ වැටට හේත්තුවෙලා ඉන්නේ. නොයෙක් දේවල් කියනවා, පාරේ යන කාන්තාවනට. මම දැකල තියනවා. (හේ)
මොහාන් මෙතන වැරැද්ද කොට ඇදුම නෙමෙයි නැහැදිච්චකම.බටහිර නොගියාට කොරියාව සිංගප්පුරුව වගේ රටවල කාන්තාවන් අදින ආකාරය ඒ රටවල ඉන්න අපේ ළමයින්ගෙන් අසා දැනගන්න.දකුණු කොරියාවේ ජනගහනයෙන් 50%ආගමක් නැහැ.නමුත් රැ දොළහටත් කෙල්ලෙකුට ඕනෙම තැනක නිදහසේ යන්න පුළුවන්.(අ)
ඉන්දියාවේ මුම්බායි වල බස් වල කාන්ත වන්ට එක පැත්තක් වෙන් කරලා තියනවා.කාන්තාවක හිටගෙන ඉන්නව නම් ආසනය දෙන්න ඕන හරිම වැදගත් ගරුත්වයක් තියනවා(අ)
කොළඹ විතරක් නෙමෙයි, දැන් ගොඩක් නගර වල මේ දේවල් දකින්න තිබෙනවා. මට දවසක් මාර වැඩක් වුණා. මම වැඩ ඇරිලා ගෙදර යන්න බස් එකට නැග්ගා. බස් එකේ සෙනඟ පිරිලා. මමත් ඉතින් බස් එකේ මැදට ගිහින් සීට් එකක් අල්ලගෙන හිටගෙන හිටියා. ඉතින් මම අල්ලාගෙන හිටිය සීට් එකේ හිඳගෙන හිටියේ ගැහැණු කෙනෙක්. එයා ටිකක්වෙලා යනකොට බස් එකේ හිටපු හැමෝටම ඇහෙන්න මට බැනගෙන බැනගෙන ගියා. මගේ ගමේ අයත් බස් එකේ ගොඩක් හිටියා. මට මාර ලැජ්ජාව. එයා කියනවා මම එයාගේ ඇඟට හේත්තුව දාන්න ආවා කියලා. ඇත්තටම මිනිස්සු බස් එකේ එහාට මෙහාට යනකොට මගේ කකුල එයාගේ උරහිසේ වැදිලා. මට ඒ වෙලාවේ පුදුම දුකක් ඇති වුණේ. සමහර ගැහැණු හිතන්නේ මඟීන් ගෙනයන බසුත් එයාලගේ පුද්ගලික වාහන කියලා. ඉතින් මම කියන්නේ ගැහැණුන්ට විතරක් නෙමෙයි, පිරිමි අපිටත් හිරිහැර අපහසුතා වෙනවා (නි)
බස් රථ මහමඟ නවත්වා මඟීන් බැස්සවීමේ ක්‍රමය වෙනස්කර, බස් නැවතුම්පළ ඇතුළට ගෙනවිත් මඟීන්ට බැසයාමට ක්‍රමයක් ඇති කළයුතුයි. කැමති අයෙකුට මහමඟ බැස ගැනීමට ඇති අයිතියට හානියක් නොවන පරිදි. (නි)
කොට ඇඳුම් නිසා කාන්තාවන් හිරිහැරයට ලක්වන බව කීම ස්ත්‍රී දූෂකයන් සාධාරණීකරණය කිරීමකි. එසේ නම් බටහිර රටවල අහස උසට ස්ත්‍රී දූෂන තිබිය යුතුයි. මේ තත්ත්වය කවදත් කොළඹ නගරයේ අඩු වැඩි වශයෙන් තිබුණා. මෙය දැන්වත් පාලනය කිරීමට උත්සාහ නොකළොත් මේකත් නවදිල්ලිය වගේ පාරෙ බැහැල යන්න බැරි තැනක් වේවි.(හේ)
මමත් හැමදාම වගේ කොටුව බෝ ගහ පහු කරලා යන කෙනෙක්, අතටම ලජ්ජයි කියන්න බෝධීන් වහන්සේ පෙනී පෙනී එතන ඉන්න වෙළෙන්දෝ...කාන්තාවකට කියන දේවල්...(හේ)