IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


හොරිවිල වෙද පරපුරේ අලුත් පුරුක

අපේ රටේ පාරම්පරික වෙදකම ගැන කතා  බහ කරද්දී වෙද පරම්පරා ගණනාවක් විවිධ ලෙඩ රෝග සඳහා ඔවුනොවුන්ගේ වෘත්තීය දක්ෂතා පෙළගස්වා ඇති අතර, මේ අකුරු කෙරෙන සටහනේ ජීවකයා ද කැඩුම් බිඳුම්  ප‍්‍රතිකාර සම්බන්ධයෙන් සුවිශේෂී දක්ෂතා දැක්වුවෙකි. කැඩුම් බිඳුම් ගැන කතා බහ කරත්ම හොරිවිල කැඩුම් බිඳුම් වෙදකම නිතැතින්ම බොහෝ දෙනෙකුගේ සිත් තුළට ගැනෙනුයේ එහි ප‍්‍රතිකාර නිසා සුව වූ රෝගීන් ප‍්‍රමාණය අතිවිශාල අගයක් ගන්නා හෙයිනි. පසුගිය වසරේ පමණක් රෝගීන් 15000ක් පමණ තම දෙඅතින් සුව කළ බව මෙම ජීවකයා පවසනුයේ මහත් ආඩම්බරයෙනි. මුඛ පරම්පරාවෙන් පැවත එන මෙම වෙදකමේ 34 වැනි වෙද පරම්පරාවේ සුප‍්‍රසිද්ධ වෙදැදුරකු ලෙස නමක් දිනූ වෛද්‍ය එස්.එම්.කේ. හේරත්හාමි හොරිවිල වෙදමහතාගෙන් කැඩුම් බිඳුම් වෙදකම උගෙන ගුරු සහතිකයක් ලබමින් ආයුර්වේද වෛද්‍ය සභාවේ ද හොරිවිල වෙද පරපුරේ නියෝජිතයකු ලෙස ලියාපදිංචි වූ ඔහු වෛද්‍ය ප‍්‍රසාදිනී, වෛද්‍ය අභිමානි, පදවිවලින් පිදුම් ලැබූ වෛද්‍ය එස්.එම්.එම්. විජේසිංහ වෙදැදුරාණෝය. මේ ඔහු එම වෘත්තියෙහි ආ දිගු ගමන් මග පිළිබඳව ආපසු හැරී බැලීමකි. මුඛ පරම්පාරවෙන් පැවතගෙන එන හොරිවිල කැඩුම් බිඳුම් වෙදකමේ මගේ පියා නියෝජනය කළේ 34 වැනි පරම්පරාවයි. මගේ පියා එස්.එම්.කේ. හේරත්හාමි හොරිවිල වෙද මහතායි. මගේ පියාට අවුරුදු 20ක් වෙද්දී මගේ සීයගෙන් මේ වෙදකම ඉගෙන ගෙන තිබුණා. මගේ පියා ශිරෝමනී, පණ්ඩිත ආයුර්වේද වෛද්‍ය විශාරද යන ගෞරව නාමවලින් පිදුම් ලැබුවා. මගේ පියාට දරුවො 10 දෙනෙක් හිටියා. පුතුන් අට දෙනයි. දුවලා දෙදෙනයි. එයින් පුත්තු හතර දෙනෙක් තාත්තා ජිවත්ව ඉද්දි වෙදකම කළා. මේ වෙද්දි ඒ අයගෙන් දෙදෙනෙක් මියගිහින්. මගේ සීයා මැරෙන්න පෙර අවසාන දවස්වල රහස් බෙහෙත් වට්ටෝරුවක් මගේ පියාට කියලා තිබුණා. ඒ බෙහෙත් වට්ටෝරු නිසා තමයි හොරිවෙල කැඩුම් බිඳුම් වෙදකම මුළු රටේම ප‍්‍රසිද්ධියට පත්වුණේ. කැලණිය වික‍්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය පීඨයේ ඞී.එස්.ඒ.සී සහතිකය අරගෙන ආයුර්වේද වෛද්‍ය සභාවේ සර්වාංග වෛද්‍යවරයෙක් විදියට අංක 8713 යටතේ ලියාපදිංචි වුණා. පාරම්පරික හොරිවිල වෙද පරපුරේ පියාගෙන් පැවත එන දෙවැනි පරපුර ලෙස ආයුර්වේද වෛද්‍ය සභාවේ විශේෂඥ වෛද්‍යවරයෙක් විදියට අංක 6072 යටතේ ලියාපදිංචි වුණා. හොරිවිල විජේසිංහ වෛද්‍යවරයා රටට දැයට කළ මහඟු සේවාව වෙනුවෙන් ආචාර්ය, දේශමාන්‍ය, ආයුර්වේද විශාරද, පණ්ඩිත, වෛද්‍ය අභිමානි, වෛද්‍ය ප‍්‍රසාදිනි, මුළු දිවයිනටම සාමවිනිසුරු යන පදවිවලින් පවා පිදුම් ලැබීය. ඊට අමතරව කැලණිය විශ්වවිද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය පීඨයේ කැඩුම් බිඳුම් කතිකාචාර්යවරයකු ලෙස ද දැනට සේවය කරයි. දැනට වසර 23ක පමණ කාලයක් තිස්සේ වෛද්‍ය සේවාවේ නියැලෙන මෙම ජිවකයාණෝ කැඩුම් බිඳුම් වලට අමතරව අංශභාගය, කොඳු ඇට පෙළේ හා අස්ථි විකෘතිතා, ආමවාත සංදිශෝත, ස්නායු ආබාධ ආදී රෝගවලට ද ඔහු සතු අත් දුටු ප‍්‍රතිකාර බොහෝය. සාමාන්‍යයෙන් රෝහල්වලින් මොළයේ ගෙඩි ආදියට ශල්‍යකර්මවලට භාජනය කළ බට මාර්ගයෙන් කෑම බීම පොවන අසාධ්‍ය රෝගීන් පවා සුව කරන්න මට හැකි වුණා. ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් මේ අය සුවය ලබා යද්දී හිතට දැනෙන්නේ පුදුම සතුටක්. ඒ වගේම ගැහැණු දරුවො වයස අවුරුදු 13-14 වෙද්දි කොඳු ඇට පෙළේ විකෘතිතාවලටත් බොහෝ සෙයින් ලක්වෙනවා. එහෙම අයත් බොහෝ දෙනෙක් මම මේ වන විට සුව කරලා තිබෙනවා. 2011 අවුරුද්දේ පමණක් රෝගීන් 15000ක් පමණ සුවපත් කරලා තියෙනවා. අද පාරම්පරික කැඩුම් බිඳුම්වලට අවශ්‍ය බෙහෙත් පැළෑටි හිඟයි. ඒ නිසා අප ඒ වගේ බෙහෙත් වර්ග වවලා තියෙනවා. අපි රෝගියාට අවශ්‍ය බෙහෙත් වර්ග නිෂ්පාදනය කරනවා. බෙහෙත් බඳින්න අප ළඟ ගෝලයෝ නැහැ. රෝග පරීක්ෂාව, බෙහෙත් බැඳීම ඇතුළු රෝගියාගේ සියලූ කටයුතු සිදුවෙන්නේ අපේ අතින්. මේ කටයුතුවලට මගේ බිරිඳගෙන් ලැබෙන සහායත් අතිවිශාලයි. ඇගේ නම ස්වේතා ලාලනී. ගම අම්බලන්ගොඩ. කැලණිය විශ්වවිද්‍යාලයේත් වික‍්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය පීඨයේත් ඞී.එස්.ඒ.එම්.එස්. ගෞරව සම්මාන සහතික ලබාගෙන අංක 9436 යටතේ ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වූ ඇයත් වෛද්‍යවරියක්. අපි දෙදෙනාම වසර 20කට අධික කාලයක් රෝගීන් සුවපත් කරනවා. විදේශයන්ගෙන් පවා රෝගීන් අප හමුවෙන්න එනවා. මගේ පුතාත් බෙහෙත් වර්ග නිෂ්පාදනයේදී සහාය වෙනවා. ඔහු ඖෂධ පාඨමාලාවක් හදාරනවා. අපෙන් පස්සේ පුතා මේ කටයුතු ඉදිරියට අරගෙන යයි. දුවත් සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විදුහලේ ජීව විද්‍යා ආංශයෙන් උසස් පෙළ හදාරනවා. අපේ වෛද්‍ය සායන මහරගම නාවින්න ආයුර්වේද සංස්ථාව ඉදිරිපිට නො. 117, පරණ පාර, නාවින්න, මහරගම. ලිපිනයේ සඳුදා, බදාදා පෙරවරු 8.00 - පස්වරු 8.00 දක්වාත්, නො. 06, හොරිවිල වෙදගෙදර, කුලරත්න හරස් පාර, අම්බලන්ගොඩ යන ලිපිනයේ, බ‍්‍රහස්පතින්දා සිට ඉරිදා දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වාත් පැවැත්වෙනවා.

සටහන - දුෂ්‍යන්ත කුමාර
  ඖෂධ නිෂ්පාදනය කරමින් විජේසිංහ වෙදමහතා රෝගියකුට ප‍්‍රතිකාර කරමින් හේරත්හාමි වෙදමහතා



අදහස් (0)

හොරිවිල වෙද පරපුරේ අලුත් පුරුක

දිල්රුක් Thursday, 12 January 2012 01:39 PM

අපිට සතුටුයි ඔබ ගැන

:       0       0

නයනා Wednesday, 18 January 2012 10:32 PM

ඇදෙන් වැටීමෙන් ඔත්පල වූ මගේ මවුට නැවතත් ඇවිදීමට හැකිවූයේ ඔබතුමා නිසයි. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

:       0       0

ගංගා Thursday, 19 January 2012 01:23 AM

ඔබට දීර්ඝායුෂ පතමි!

:       0       0

ශ්‍යාමලී Friday, 06 July 2012 03:19 PM

අපේ වෙද කම ලොවටම කියාපාන ඔබ රටට ආඩම්බරයක්.....

:       0       0

madu Thursday, 19 January 2012 07:47 PM

ඔබ අපට සම්පතක්

:       0       0

උපුල් Sunday, 15 January 2012 07:59 AM

ඔබට වාසනාවන්ත අනාගතයක්

:       0       0

මංජුලා Wednesday, 18 January 2012 06:48 PM

ඔබ ලංකාවට ආඩම්බරයක්. අපි අගයනවා ඔබගේ මෙම සමාජ සේවය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1425 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1297 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 468 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site