IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


හැම්ටන් මන්දිරයේ සැරිසරණ හෙන්රි රජුගේ බිරිඳ

සුප‍්‍රකට තේම්ස් නදිය ආසන්නයේ පිහිටා ඇති හැම්ප්ටන් මාලිගය සහ උද්‍යානය එංගලන්තයේ මහත් ප‍්‍රසිද්ධියට පත්වූ ස්ථානයකි. එංගලන්තයේ රජ පරපුර සියවස් ගණනාවක් වාසය කළ මාලිගයක් වූ මෙය අද හොල්මන් හා අවතාර පිළිබඳ කතා බොහොමයකින් සමන්විත ස්ථානයකි. පහළොස්වැනි සියවසේ දී පමණ ඉදිකිරීම් ආරම්භ කළ මෙහි හිමිකරුවා වූයේ කාදිනල් වුල්සෙයි නමැති අයෙකි. අටවැනි හෙන්රි රජුගේ හිතවතකු වූ ඔහු මේ මන්දිරය රජුට පරිත්‍යාග කරන ලද බව ඉතිහාසයේ සඳහන් වේ. කාදිනල්වරයා ද මාලිගයේ එක් නිවෙසක වාසය කැර තිබේ. කාදිනල්වරයා 1529 දී මියයාමෙන් පසු අටවැනි හෙන්රි රජු මේ නිවාස සංකීර්ණය මහා මන්දිරයක් බවට පත්කැර ඇත. අක්කර 1100 ක් විහිදුණු උද්‍යානයක් සහිත මාලිගයේ ඇති කාමර සංඛ්‍යාව 280 කි. රජුගේ ටෙනිස් පිටියත්, දේවස්ථානයත්, සොහොන් උද්‍යානයත් පමණක් නොව කැලෑබද ප‍්‍රදේශයකින් ද සමන්විත මාලිගා සංකීර්ණයේ ඉදිකිරීම් අවසන්ව ඇත්තේ 1540 දී ය. තියඩෝර් රජ පරපුරෙන් පැවත අටවැනි හෙන්රි රජු රෝමානු කතෝලිකයකුව සිට පසුව ඇංග්ලිකන් දහම වැළඳගෙන රෝමානු කතෝලික පවුල් ඝාතනය කිරීමට ද කටයුතු කළ දරුණු පාලකයකු ලෙස ප‍්‍රසිද්ධියට පත්ව තිබේ. අටවැනි හෙන්රි රජු එංගලන්තය සහ අයර්ලන්තය පාලනය කළ හත්වැනි හෙන්රි රජුගේ සහ යෝර්ක්හි එලිසබෙත් රැජිනගේ තුන්වැනි දරුවාය. 1491 ජුනි 28 වැනිදා උපත ලද ඔහුගේ පවුලේ සහෝදර සහෝදරියන් හත් දෙනකු සිටියද වැඩි පිරිසක් කුඩා කලම මියගොස් තිබේ. 1509 අප්‍රේල් මස 21 වැනිදා හත්වැනි හෙන්රි රජු මියගිය පසු හෙන්රි කුමරා අටවැනි හෙන්රි ලෙස රජවූවේය. එතැන් පටන් 1547 ජනවාරි මස 28 වැනිදා මියයන තුරු එංගලන්තයේ පාලකයා වූ අටවැනි හෙන්රි රජු එංගලන්ත වැසියන් 72,000 ක් පමණ මරා දැමූ බවට මතයක් තිබේ. මෙලෙස රජුගේ වද හිංසාවටත් මරණ දඩුවමටත් පාත‍්‍ර වූවන් අතර එංගලන්තයේ සොරුන්, කොල්ලකරුවන්, රාජද්‍රෝහීන් පමණක් නොව, ආගමික නායකයන්, වංශවතුන් හා රජුගේම බිසෝවරු ද සිටිති. ලොව හොල්මන් හා අවතාර පිළිබඳ ප‍්‍රකට මහා මන්දිර අතරින් අටවැනි හෙන්රි රජුගේ හැම්ප්ටන් මන්දිරයට හිමිවන්නේ ප‍්‍රමුඛ ස්ථානයකි. එංගලන්තයේ රජවරුන් අතරින් වැඩිම විවාහ ගණනක් කරගත් අටවැනි හෙන්රි රජුගේ විවාහ සංඛ්‍යාව හයකි. ඔහුගේ රාජ්‍ය කාලයේ දී විවිධ අද්භූත සිදුවීම් වූ බවත්, ඉතා දරුණු රාෂ්ට‍්‍ර පාලකයකු වූ ඔහු කළ සාපරාධී කි‍්‍රයා හේතුවෙන් හෙන්රි රජුගේ රාජ මන්දිරය දැන් හොල්මන් ගුහාවක් බවට පත්ව ඇතැයි එංගලන්ත වැසියෝ විශ්වාස කරති. ඔවුන් පවසන්නේ හෙන්රි රජු ජීවත්ව සිටියදී එහි සිදුවූ අපරාධවලට මුහුණදුන් පුද්ගලයන් දැන් අවතාර බවට පත්ව මන්දිරයට අරක්ගෙන ඇති බවයි. බොහෝ දෙනකු පවසන්නේ හෙන්රි රජු විසින් හිස ගස්වා මරා දමන ලද ඔහුගේම බිරිඳගේ අවතාරය මේ මන්දිරයේ සැරිසරන හොල්මන් අතර ප‍්‍රධාන ස්ථානයක් ගන්නා බවයි. එමෙන්ම හෙන්රි රජුගේ සිත් ගත් සේවිකාවක් ද තවමත් මන්දිරය අතහැර ගොස් නැතැයි ද ඇතැම් පිරිසක් කියති. හෙන්රි රජුගේ ආරක්ෂක අංශයේ සේවය කළ සොල්දාදුවන් කිහිප දෙනකු ද අවස්ථා ගණනාවකදී මේ මන්දිරියේ දී දැක ඇති බවට කතා පැතිර තිබේ. මනුෂ්‍යයන් ලෙස ජීවත් වූවන්ගේ අවතාර පමණක් නොව හෙන්රි රජුගේ මාලිගාවේ සිටි බල්ලන් ද අවතාර බවට පත්ව තවමත් සිටින බව පැවසේ. මෙවැනි අවතාර සියැසින් දුටු බවට අවස්ථා ගණනාවක දී විවිධ වාර්තා පළවී තිබේ. මේ අතරින් සුවිශේෂී අවස්ථාවක් උදාවූයේ 2003 වර්ෂයේදීය. දෙසැම්බර් 20 වැනිදා සමස්ත එංගලන්තයම නත්තල් උත්සවය සඳහා සූදානම් වෙමින් තිබිණි. නත්තල සඳහා සියළු දෙනාම සූදානම් වෙද්දී ජේම්ස් ෆොක්ස් නමැති නිලධාරියෙක් හැම්ප්ටන් මාලිගාවේ ආරක්ෂාව භාරව සිටියේය. එංගලන්තයේ ශීත සෘතුවයි. හිම පතනය වෙමින් තිබේ. හාත්පස උත්සවශී‍්‍රයෙන් ඇළලී යමින් තිබේ. හිටි හැටියේ මාලිගයේ අනතුරු හැගවීමේ නලා නාද වන්නට විය. ගින්නක් ඇතිවූ විට නාදවන නලා හඩින් මුළු මාලිගයම දෙදරා යද්දී ෆොක්ස් ඇතුළු පිරිස වඩාත් විමසිලිමත් වූවේය. මෙවැනි නලා හඩක් නැගෙන්නේ ගින්නක් ඇති වූ අවස්ථාවක දී පිටව යාමට ඇති හදිසි දොරටුවක් විවෘත කළහොත් පමණි. සියලූ දෙනාම වහ වහා යුහුසුළු වූහ. ආරක්ෂකයන් ඒ මේ අත දිව යමින් සෑම ස්ථානයකම සෝදිසි කළ ද ගින්නක් හටගත් බවට කිසිදු සාක්ෂියක් ලැබුණේ නැත. එමෙන්ම හදිසි දොරටු සියල්ල සෝදිසි කළ විට දැනගන්නට ලැබුණේ එවැනි දොරටු කිසිවක් විවෘත කර නොතිබූ බවයි. කිසිවෙකු විසින් දොරටුවක් විවෘත කරනු ලැබීමකින් තොරව හා අනතුරු හැගවීමේ සංඥා නිකුත් කිරීමකින් තොරව මෙවැනි හඩක් නැගුනේ කෙසේ දැයි ඔවුන් පුදුමයට පත්ව සිටියේය. ගතවූයේ විනාඩි කිහිපයකි. යළි පෙර පරිදිම අනතුරු හැගවීමේ නලා හඩ නිකුත්වන්නට විය. ජේම්ස් ෆොක්ස් ඇතුළු පිරිස යළිත් වහාම කි‍්‍රයාත්මක වූහ. මාලිගාවේ සෑම ස්ථානයක්ම පරීක්ෂා කැර බැලූහ. ගින්නක් ඇතිවූ බවට කිසිදු සළකුණක් නැත. දොරටුවක් විවෘත කර නැත. නමුත් නළා හ`ඩ නිකුත්වෙමින් තිබෙන්නේ මාලිගාවේ අනතුරක් පිළිබඳ සේයාවක් පවතින බැවිනි. ‘‘කවුරු හරි අපත් එක්ක සෙල්ලම් කරන්න හදනවා වගේ’’ ෆොක්ස් තම සහාය නිලධාරීන්ට එසේ කීවේය. මද වේලාවක වෙහෙස වීමෙන් පසු ඔවුහු ශබ්දයට හේතුවන ස්ථානය සොයා ගැනීමට සමත්වූහ. හදිසි ගින්නක දී පිටව යාම සඳහා හැම්ප්ටන් මාලිගයේ සුවිශාල ආලින්දයේ හදිසි පිටවීමේ දොරටුවක් තිබේ. නලා ශබ්දය ආරම්භ වන්නේ එතැනිනි. කවරකු හෝ විසින් මෙම දොරටුව විවෘත කරන විට නලා ශබ්දය නිකුත් වේ. නමුත් පුදුමයකි. එය විවෘත කළ බවට කිසිදු සලකුණක් නැත. වැඩි බරකින් යුතු මේ දොරටුව පහසුවෙන් විවෘත කළ හැකි දෙයක් ද නොවේ. මෙම ස්ථානයේ විශේෂත්වයක් තිබේ. එම ආලින්දය දැන් ප‍්‍රසිද්ධව ඇත්තේ අමනුෂ්‍ය ආලින්දය යනුවෙනි. අටවැනි හෙන්රි රජුගේ පස්වැනි විවාහක බිරිය කැතරින් හොවාර්ඞ් ආර්යාවගේ අවතාරය මේ ආලින්දයේ නිතර නිතර සැරිසරන බව එංගලන්ත වැසියන්ගේ දැඩි විශ්වාසයකි. වර්ෂ 1542 පෙබරවාරි මස 13 වැනිදා මෙම ආර්යාවගේ හිස ගසා දමා මරණයට පත්කැර තිබිණි. ඇයට එල්ලවූ චෝදනාව වූයේ වෙනත් පිරිමියකු සමග සබඳතා පැවැත්වූවාය යන්නයි. මරා දමා දින කිහිපයකට පසු පටන් ඇය මේ මාලිගයේම වාසය කරනු රජමැදුරේ සේවක සේවිකාවන් පවා දැක ඇතැයි පැවසේ. මාලිගාවේ ආරක්ෂකයෝ මේ සිද්ධියෙන් තැති ගත්හ. කිසිවකුත් විවෘත නොකළ දොරකින් වරින් වර නලා හඩ නිකුත්වෙයි. ඒ දොරටුව ආර්යාවගේ හොල්මන සිටින ආලින්දයේ දොරටුවයි. ගුප්ත සිදුවීම් සහ හොල්මන් කතා දැඩි සේ විශ්වාස කරන එංගලන්තයේ හැම්ප්ටන් මැදුරේ සිටින ඔවුන්ට බියට පත්වීමට හේතුකාරණා අතීතය විසින් නිර්මාණය කරන ලද කතාන්තරවල ගැබ්ව තිබිණි. ‘‘මේක මහ පුදුම වැඩක්. නලා හඩ නිකුත්වූ අවස්ථා දෙකේදීම අපි දොරටුව පරීක්ෂා කළා. ඒත් දොරටුව වැසූ ආකාරයෙන්ම තිබුණා. මේ දොරටුව තිබෙන ප‍්‍රදේශයට කිසිවකුටත් ඇතුළුවිය නොහැකි ස්ථානයක්. ආරක්ෂකයන්ට පමණයි මෙහි යාමට හැකියාව තිබෙන්නේ. අපේ ඒකකයේ කිසිවෙකුත් මෙහි ගිහින් තිබුණේ නැහැ. මේක ඇත්තටම පුදුම ගැටළුවක්’’ ෆොක්ස් එසේ කීවේය. මාලිගාවේ ස්ථාන රැසක ආරක්ෂක කැමරා සවිකැර තිබේ. මේ දොරටුව අසල ද එවැනි කැමරාවක් සවිකැර තිබෙන බැවින් එය පරීක්ෂාකොට සිදුවූයේ කුමක්දැයි සොයා බැලීම ඔවුන්ගේ අරමුණ වූවේය. ඉතා ඉක්මණින් ඔවුන් මෙය නිරීක්ෂණය කරන්නට තීරණය කළහ. ඒ අනුව මුලින්ම නළා හඩට හේතු වූ වේලාව ඔස්සේ යමින් ඔවුහු වීඩියෝ පටිය පරීක්ෂා කරන්නට වූවේය. පුදුමයකි, විශාල බරකින් යුතු දොර ඉබේම විවෘත වෙයි. ඒ සමගම නළා හඩින් ගිගුම් දෙන්නට විය. නමුත් විවෘත වූ දොර යළි වැසෙන බවක් පෙනෙන්නට නැත. ඔවුන්ගේ පුදුමය තවත් වැඩිවන්නට විය. වීඩියෝ පටිගත කිරීමට දොර වැසෙන්නේ නැත. පළමු නලා හඩ නිකුත්වීමෙන් පසු එම දොර ඔවුන් පරීක්ෂා කළ ද ඒ මොහොතේ එය විවෘතව තිබුණේ නැති බව ඔවුන්ගේ විශ්වාසයයි. දොර විවෘතව පවතී. දෙවැනි වතාවේ නලා හ`ඩට හේතුවන්නේ කුමක්දැයි ඔවුහු පරීක්ෂා කළහ. සිදුවන දේ ඔවුන්ට අදහාගත නොහැක අද්භූත මුහුණක් ඇති දැවැන්ත මිනිසකු පැමිණ විවෘතව ඇති දොර වසා දැමුවේය. ඒ සමග යළි නළා හඩ ගිගුම් දෙන්නට විය. ‘‘ඒ මනුස්සයා පැහැදිලිවම දක්නට ලැබුණා. අද්භූත රූපයක්. අපට දෑස් අදහාගන්න බැහැ. මුහුණනම් මනුස්සයකුගේ වගේ නොවෙයි. ඇඳ සිටියේ කි‍්‍රස්තු වර්ෂ 1500 දී පමණ මිනිසුන් හැඳ සිටි ආකාරයේ ඇඳුම්. අප දන්නා විදියට හෙන්රි රජුගේ කාලයේ මිනිස්සු ඇන්දේ ඒ ඇඳුම්. අප හැමෝම මොහොතක් තුෂ්ණිම්භූතව බලා සිටියා.’’ ආරක්ෂක නිලධාරීන් වහාම කි‍්‍රයාත්මක වූවේය. ඔවුන් කොතෙක් භීතියට පත්වුව ද ඔවුන් සියළු දෙනාට අවශ්‍ය වූයේ මේ දොර වසා දමන්නේ හොල්මනක් නොව යම් මිනිසකු විසින් යැයි තහවුරු කැර ගැනුමටයි. ඒ අනුව වහාම මාලිගාවේ සේවය කරන සියළුම සංචාරක මග පෙන්වන්නන් මොහොතකින් එක් ස්ථානයකට කැඳවූවේය. මේ සංචාරක මග පෙන්වනෝ පැරණි කාලයේ ඇඳුම් ආයිත්තම්වලින් සැරසී සංචාරකයන් රැගෙන මාලිගාව වටා ගමන් කරති. ආරක්ෂකයන්ගේ වුවමනාව වූයේ මේ දොර වසා දමන්නේ හැම්ප්ටන් මාලිගාවේ සිටින අවතාරයක් නොව සංචාරක මගපෙන්වන්නෙක් බව තහවුරු කැර ගැනීමයි. ඔවුහු සියුම් පරීක්ෂණයක් කළහ. කිසිදු සංචාරක මග පෙන්වන්නකු සතුව දොර වසා දැමූ රූපයේ ආකාරයේ පැරණි ඇඳුමක් තිබුණේ නැත. වීඩියෝ දර්ශනයේ සටහන් වූ රුවට සමාන රූපකායක් ඇත්තෙක් එදින මාලිගාවේ සිටියේ ද නැත. ඉතිරිවූයේ තවත් ගැටළුවක් පමණි. ෆොක්ස් මෙසේ ද පවසා තිබේ. ‘‘මේ සිදුවීම වූ ප‍්‍රදේශය අමුත්තන්ටත් සංචාරක මගපෙන්වන අයටත් තහනම් කලාපයක්. ඒ නිසා එම ස්ථානයට කිසිවකුට යාමට හැකියාවක් නොමැති බව අපිට ස්ථිරයි. එතැනට යාමේ හැකියාව හා අවසරය තිබුණේ අපේ ආරක්ෂක නිලධාරීන්ට පමණයි. මේ අනුව අපි හැමෝම පුදුමයටත් භීතියටත් පත්වීම අරුමයක් නොවෙයි’’ තව දුරටත් පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ මාලිගාව නැරඹීමට එන අමුත්තන්ගේ සටහන් තබන පොතේ  ඕස්ටේ‍්‍රලියානු ජාතිකයෙක් තබා ඇති සටහනකි. එයින් කියවුනේ ‘‘මාලිගයේ අද්භූත ආලින්දය කියා සඳහන් වන කොටස ආසන්නයේදී මම පුදුමාකාර මිනිස් රුවක් දුටුවා’’ යනුවෙනි. ඔහු සටහන තබා වේලාවද සටහන් කැර තිබිණි. මේ වේලාවත් නලාව ශබ්ද වූ වේලාවත් එකිනෙකට හරියටම ගැළපුනේය. එදින පැය ගණනක් වෙහෙසුණ ද අද්භූත රූපය ආරක්ෂක කැමරාවන්හි සටහන් වීම පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය කැරගත නොහැකි වූයෙන් එදින රාති‍්‍රයේ මේ හොල්මන් රුව ගැන ආරංචිය ලොව පුරා මාධ්‍යවලට විශාල පුවතක් වී තිබිණි. දෙසැම්බර් 21 වැනිදා ආරක්ෂකයන්ගේ කතා බහට වැඩිපුරම මාතෘකාව වූයේ තම කැමරාවන්හි සටහන්වූ අද්භූත රුව පිළිබඳ ලොව පුරාම ප‍්‍රචාරය වීම පිළිබඳවය. මේ අතර එදින ද හිටි හැටියේ නළා ශබ්දය නිකුත්විය. මාලිගාව වටා නොගොස් සියළු දෙනාගේ අවධානය යොමු වූයේ අද්භූත ආලින්දය වෙතටය. ඔවුන්ගේ අනුමානය නිවැරදිය. අද්භූත ආලින්දයේ දොරටුව කිසිවකු විසින් විවෘත කිරීම හේතුවෙන් නලා ශබ්දය හටගෙන තිබේ. කැමරාවේ ඇති දෙය ඔවුහු පිරික්සූහ. දොර ඉබේම විවෘත වෙයි. එය විවෘත කරන්නකු දක්නට නැත. මේ ගැන ආරක්ෂක ප‍්‍රධානී ෆොක්ස් යළි බලධාරීන්ට දන්වා සිටියේය. මෙම අද්භූත රුව පිළිබඳ කතාන්තරය බි‍්‍රතාන්‍යයයේ අද්භූත සිද්ධි පිළිබඳ පරීක්ෂණ පවත්වන ආචාර්ය ටෙරී සුල්ලිවාන්ගේ අවධානයට ලක්විය. වීඩියෝ පටය පරීක්ෂා කළ ඔහු කියා සිටියේ මේ වෙනත් කිසිවකු නොව අටවෙනි හෙන්රි රජුගේ හොල්මන බවයි. ඔහු පවසන්නේ මේ ඡුායාරූපය විශ්මිත දෙයක් බවයි. ‘‘ලොව කිසිදු ස්ථානයක හොල්මනක් සම්බන්ධයෙන් මෙවැනි පැහැදිලි රූපයක් කිසිදු ආකාරයකින් ලැබී තිබුණේ නැහැ. අපි අසා තිබෙනවා අටවැනි හෙන්රි රජුගේ බිරියන් ගණනාවක්ම මේ මාලිගයේ හොල්මන් කරන බව. හිසගසා මරා දැමූ ඈන් බොලෙයින්, කැතරීන් හොවාර්ඞ්, දරුවකු බිහිකිරීමේදී මියගිය සෙයිමුවර් වැනි ආර්යාවන් මේ මාලිගාවේ හොල්මන් කරනවා. ’’ මේ අද්භූත රුව පිළිබඳ සොයා බැලීමට එංගලන්තයේ හර්ට්ෆෝර්ඞ්ෂයර් විශ්වවිද්‍යාලයේ අධිමානසික කටයුතු පිළිබඳ ඒකකයේ අධිමානසික විද්‍යා අංශයේ ආචාර්ය රිචඞ් වයිස්මන් ද හැම්ප්ටන් මාලිගයට පැමිණියේය. ඔහු පවසන්නේ ආරක්ෂක කැමරාවේ සටහන්ව ඇති මේ රූපය පිළිබඳ වැඩිදුරටත් කරුණු පරීක්ෂාකැර බැලිය යුතු බවයි. ආරක්ෂක කැමරාවේ සටහන් වූ එය කිසිවක පරාවර්තනයක් නොවන බව පැහැදිලි අතරම පැහැදිලිවම හඳුනාගත හැකි ඡුායාරූපයක් වීම විස්මය දනවන්නක් යැයි ආචාර්ය වයිස්මාන් පවසයි. ස්වයංකී‍්‍රය ආරක්ෂක කැමරාවෙන් බොරුවක් නිර්මාණය කැර පෙන්වීමට කිසිවකුටත් නොහැකි නිසා මේ කඩිනමින් සොයා බැලීමට උත්සාහ ගතයුතු බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. ‘‘සාමාන්‍යයෙන් භූතයන් ගැන සඳහන් වන්නේ පෙනී නොපෙනී යන ඡුායාවන් ආකාරයෙන් නැතිනම් දුමක් වැනි දෙයක් ලෙසින්. නමුත් මෙය මිනිසකුගේ රුවකට ඉතාමත්ම සමීපයි. ඒ වගේම බොඳවූ ඡුායාරූපයක් ද නොවෙයි. ඉතාමත්ම පැහැදිලි රූපයක්. මේ නිසා මෙය අමනුෂ්‍යයකුගේ නොවිය හැකියි. මාලිගාවේ සිටින අයකු කළ කි‍්‍රයාවක්ම වීමට ඉඩ තිබෙනවා.’’ හැම්ප්ටන් මාලිගාවේ මේ හොල්මන් කතාව මෙතෙක් නොවිසඳුනු සිදුවීමකි.

සටහන සහ ඡායාරූප සැපයීම - සජීව විජේවීර
ඈන් ක්ලේව්ස් ආර්යාව අටවැනි හෙන්රි රජු හෙන්රි රජුගේ මාලිගාව වූ හැම්ප්ටන් මන්දිරය හෙන්රි රජුගේ බිරින්දෑවරු



අදහස් (0)

හැම්ටන් මන්දිරයේ සැරිසරණ හෙන්රි රජුගේ බිරිඳ

චානුක Monday, 24 September 2012 09:13 AM

ලෝකයේ සිදුවන සියලු සිදුවීම් දිනපතා අප වෙත මෙලෙස ලබාදීම පිළිබදව ලංකාදීපයට අපගේ හෑදයාංගම ස්තූතිය! (නි)

:       0       0

නයනා Monday, 24 September 2012 04:14 PM

දියුණු රටවල අය අපේ අය ව‍ගේ හැමදාම බොරු කියන්නෙ නැහැ (නි)

:       0       0

ෆර්සාන් Saturday, 29 September 2012 01:28 PM

සාතන්... (නි)

:       0       0

රාජා Sunday, 30 September 2012 03:18 PM

අරුණි ,ඔබ ආරක්ෂක කැමරා පටියක සටහන් වෙලා තියෙන දෙයක්වත් විශ්වාස කරන්නේ නැද්ද? සමහරවිට අර මාලක සහ මේජර් නාඩගම නිසා වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මේක කියලා තියෙන්නේ සුද්දෙක්. ඉතින් අපට අනිවාර්යයෙන්ම පිළිගන්න සිද්ධ වෙනවා. මොකද බුදුහාමුදුරුවෝ වදාරපු දේ පිළිනොගන්න අපේ අය ඒදේම සුද්දෙක් කිව්වොත් එකහෙළාම පිළිගන්න නිසා. නසිබ්, ඔබ ආත්ම ධෛර්යක් තියන කෙනෙක් බව පැහැදිලියි. ඇත්ත අවබෝධ කර නොගැනීම තමයි ලෝකේ ඇතිවෙන මේ සේරම ප්‍රශ්න වලට මුල. දැනුම් තේරුම් ඇති අයෙකු ඔබට උපකාර වේවි. (නි)

:       0       0

කෙනත් Monday, 24 September 2012 10:41 PM

මරණින් මතු 'ප්‍රේත' භාවය ලැබූ බවක් තමයි තේරෙන්නේ. මේ වගේ හොද සිද්ධීන් 'ප්‍රේත වස්තුව' නම් සුත්‍ර කොටස් වලින් හොදට පැහැදිලි වෙනවා. පේනවා නේද මිත්‍යා දෘෂ්ටිය නම් මෝහ මූලෝක අකුසලයෙහි බරපතලකම? රජකම් කලළත් කම් නැත දුගතියෙහි භාවය සැකසී ඇත. තිසරණයෙහි මනාව සරණ ගොස්, සියලු මිත්‍යා විශ්වාස ඉවත දමා පන්සිල් රැක්කොත් , රැකවරණයක් තියෙයි, නැත්නම් කාටත් මේ ටික තමයි. (නි)

:       0       0

නසීබ් Monday, 24 September 2012 10:45 PM

මේ වගේ දේවල් වෙන්නේ කොහොමද? අපේ ආගමේ මෙහෙම දෙයක් නැහැ. බුද්ධාගමේ තියෙනවා නම් මම දැනගන්න ආසයි. මේවා ඇහුවහම නම් ඇත්තටම බය හිතෙනවා. අපේ අය මේ දවස්වල ගිනි තියමින් පාරවල් ගානේ නටන විකාර දැක්කහම මොකක්ද මේ කියලා කියලත් හිතෙනවා. මට නම් මේක මහා පටලැවිල්ලක් දැන්. (නි)

:       0       0

අරුණි Monday, 24 September 2012 10:17 AM

මට මේක විශ්වාස කරන්න බැහැ. (නි)

:       0       0

දේශිකා Sunday, 23 September 2012 08:15 PM

මගේ විශ්වාසයද මෙවන් අද්භූත දේවල් මේ ලෝකේ කොතෙකුත් තිබිය හැකියි. එවන් සිද්ධීන් එකහෙලාම අපට බැහැර කිරීමට තරම් අපගේ බුද්ධිය මෝරා නැතැයි මගේ හැගීම. (ස)

:       0       0

ජනක Monday, 24 September 2012 10:55 AM

යූටියුබ් වෙබ් අඩවියට ගොස් "Hampton Court Palace Ghost" ලෙස සෙවීමෙන් ඔබට වීඩියෝ දර්ශන නැරඹිය හැක. (නි)

:       0       0

ජයකොඩි Wednesday, 26 September 2012 09:32 AM

ඉස්සරකාලෙ සුද්දන්ගේ ඈදුන් නම් සංවර පාටයි.(ස)

:       0       0

ශානිකා Sunday, 23 September 2012 10:09 PM

මෙයානම රජ වැඩ කාරයෙක්ම තමයි. (ස)

:       0       0

වජිර Monday, 24 September 2012 01:54 AM

පුදුමාකාර කතාවක්. නමුත් යථාර්තය කුමක්දැයි තේරුම්ගැනීම අසීරුය. (නි)

:       0       0

රියාස් Friday, 28 September 2012 10:43 AM

ස්තූතියි ජනක. මම එම වීඩියෝව බැලුවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

නීතියේ සදාචාරයේ විකෘතිය
2024 මැයි මස 18 133 0

ලබන සැප්තැම්බර් 17 වැනිදාත් ඔක්තෝබර් 16 වැනිදාත් අතර දිනෙක ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පසුගිය 9 වැනිදා නිවේදනයක් මගින් ප්‍ර


පාසල් දරුවන්ගේ උදේ ආහාරය සුළුවට නොතකමු
2024 මැයි මස 18 67 0

සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. පාඨලී චම්පික රණවක ම


දුයිෂෙන් අල්තීනායි අපේ කරළියට ඇවිත්
2024 මැයි මස 17 252 0

‘‘ගුරුවරයා අල්තීනායි නගරයට යන දවසේ සමුගන්නා සැටි චිත්‍ර ගත කරපන්. මතකද ඔහු අන්තිම වරට කෑගැසූ හැටි. අල්තීනායි අද වනතුරුත් අමතක නොකර, සෑම මිනිසකුගේම හදව


සරසවියට සංගීත තාක්ෂණය හඳුන්වා දුන්නේ මමයි
2024 මැයි මස 17 524 0

‘‘ශ්‍රී ලාංකේය රවි ශංකර්’’ ලෙස විරුදාවලිය ලත්, එතෙර මෙන්ම මෙතෙරදීත් ඇගැයුමට හා ප්‍රශංසාවට ලක්වූ, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට මුලින්ම සංගීත තාක්‍ෂ


රුසියා යුදබිමෙන් පැනගත් සෙබළා හෙළි කරන කතාව
2024 මැයි මස 17 1991 5

රුසියාවේ යුක්රේන යුද බිමේ ඉදිරි ආරක්ෂක වළල්ලේ මාස එකහමාරකට ආසන්න කාලයක් දිවා රෑ ජීවිතයත් මරණයත් අතර දෝලනය වෙමින් එම්.එච්. නිශ්ශංක පින්තු මහතා සටන් වැද


විශ්‍රාමික සෙබළුන් බිලිදුන් මිනිස් ජාවාරම
2024 මැයි මස 17 353 2

කලින් කලට විවිධාකාරයේ ජාවරම් රට තුළ නිර්මාණය වේ. වැලි ජාවාරම්, මත්ද්රදව්යැ ජාවරම්, ඖෂධ ජාවාරම් ආදිය ශ්රී ලංකාවට අලු‍ත් අත්දැකීම් නොවන්නේය. මේ දිනවල උණ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 786 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2334 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2000 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site