‘ලංකාදීප’ නිවහනේ විසූ තවත් සොඳුරු සහෘදයකුගේ නික්මයාම සම්බන්ධ වේදනාබර පුවත වාර්තා වූයේ ඉකුත් සඳුදා රාත්‍රියේය. දිනපතා ලංකාදීප පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා ලෙසත්, ඉරිදා ‘ලංකාදීප’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා ලෙසත් දීර්ඝ කාලයක් ලංකාදීප නිවහනේ විසූ ඔහු ඒ.එල්.කේ. පෙරේරාය. රෝගී තත්ත්වය නිසාම සේවයෙන් විශ්‍රාම ගත්ත ද ඔහු අප සමග සිටින්නේයැයි සිතෙන තරමට ඔහුගේ මතකයන් ප්‍රබලය.
ටයිම්ස් ආයතනයෙන් මුද්‍රණය කළ ‘ලංකාදීප’ පුවත්පත ඒ.එල්.කේ. ගේ පත්තර රස්සාවේ තිඹිරිගෙය විය. මුලකුරුවලින් ඇමතිය හැකි පිරිස අවමය. ඒ අතින් ඒ.එල්.කේ. ප්‍රමුඛය. ඔහු අපට ඒ.එල්.කේ.ය තවත් අයට ඔහු ඒ.එල්.කේ. මහත්තයා විය.
ටයිම්ස් ආයතනය වසා දැමෙන විට විජය පුවත්පත් සමාගම ආරම්භ කර ‘ලංකාදීප’ පුවත්පත පාඨකයන් අතට පත්කර තිබිණි. ටයිම්ස් ආයතනයේ ‘ලංකාදීප’ පුවත්පත වසා දැමුණු පසු එම පුවත්පතේ සේවය කරමින් සිටි කිහිප දෙනෙක් විජය නිවහනට පැමිණියහ. ඒ.එල්.කේ., ලයනල් යහම්පත්, දුෂ්‍යන්ත සමරසේන හා හැරිසන් සුවාරිස් ඒ අතර වූහ. මේ සියල්ලෝම පත්තර රස්සාව සිය ජීවිතය කරගත්තෝ වූහ. එපමණටම ඔවුහු පත්තර රස්සාවට ආදරය කළහ. එහෙයින් විජය නිවහනේ කා සමගත් සමීප මිත්‍රත්වයක් ඇති කර ගැනීමට ඔවුන්ට අපහසු නොවීය. ඇතුළතින් කුණු වී නොසිටීමත් එයට හේතුවකි.
‘ලංකාදීප’ පුවත්පතේ කර්තෘ මාණ්ඩලිකයකු ලෙසින් දෙවැනි ජීවිතය ආරම්භ කළ ඒ.එල්.කේ. පුවත් සොයා හඹායාමේ රුසියෙක් විය. “පත්තරකාරයකුට හොඳ නහයක් තිබිය යුතු” යැයි කියමනකි. ගඳ–සුවඳ දැනෙන්නේ නාසයටය. හොඳ නාසයක් තිබිය යුත්තේ හොඳ ප්‍රවෘත්ති ඉවකර හඳුනා ගැනීමටය. ඒ.එල්.කේ. යනු එබඳු හොඳ නාසයක් තිබූ පත්තරකාරයෙකි. පත්තර කලාවේ මහගිරිදඹ තරණය කිරීමට ඔහුට අපහසු නොවූයේ එහෙයිනි.
ඒ.එල්.කේ. හොඳ රසවතෙකි. නිතරම සතුටෙන් සිටින කෙනෙකි. තවකෙකු සමග මිත්‍රත්වය ගොඩනගා ගැනීමට ඔහුට මහ ලොකු කාලයක් ගත නොවේ. මිත්‍ර සමාගමට ඔහු ජීවිතයේ වැඩි අගයක් ලබා දුන්නේය. එමෙන්ම මිතුරන්ට බොහෝ සෙයින් උපකාර කළේය. අවමංගල්‍ය පුවතක් වාර්තා වූ විට දුර ප්‍රමාණය ඔහුට ප්‍රශ්නයක් නොවීය.
‘ලංකාදීප’ පත්තරේ වගකීම් පැවරුණ විට අන්‍යයන්ගෙන් වැඩ කරවා ගැනීමටද ඔහු පෑවේ අති මහත් දක්ෂතාවයකි. ප්‍රවෘත්ති වාර්තාකරුවන් අමතා ‘‘අද හොඳ ලීඩ් එකක් ඕනෑ’’ යැයි කියන ඒ.එල්.කේ. පැයෙන් පැයට ‘‘කෝ නැද්ද තාමත් එකක්’’ යැයි විමසයි. අවසානයේදී හවස් වන විට ‘ලීඩ්’ එකට හෙවත් ප්‍රධාන ප්‍රවෘත්තියට ගත හැකි තරමේ ප්‍රවෘත්ති රැසක් සොයා ගැනීමට ඔහු දක්ෂ වේ. ලංකාදීප පුවත්පත මෙරට පත්තර ලොවේ මුදුනතටම ඔසොවා තැබීමට සම්මාදම් වූ අය අතර ඒ.එල්.කේ. ද ඉස්සරහින්ම සිටියේය.
ඔහු බිරිඳට දයාබර ස්වාමිපුරුෂයෙක් විය. දරුවන්ට සෙනෙහෙබර පියෙක් විය. සහෝදර–සහෝදරියන්ට හා ඥාතීන්ට නොමසුරුව යුතුකම් ඉටුකළ මහත්මා ගුණයෙන් පිරිපුන් කෙනෙක් විය.
එහෙත් ඒ සියල්ලම අතීතයට අයිති දේය. ඔහු ජීවත් වූයේ වසර 74කි. ජීවිතයේ ස්වභාවය එයයි. ලෝ දහමට අප යටත්ය. කඩුවෙල පහළබෝමිරිය නිවෙසින් ඔහු අද මළහිරු බැස යන සන්ධ්‍යාවේදී අවසන් ගමන් යයි.
මිතුර ඔබට සුබ ගමන්!
(***)
සිරි රණසිංහ
2025 නොවැම්බර් මස 04
458
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2210
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සහෘදයාණනි! ඔබට සුබ ගමන්
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 01 December 2021 02:00 PM
නියෝජ්‍ය කතෘ තුමනි, ඔබතුමාට නිවන් සුව අත්වේවා ... !!!
කරුණාරත්න ගමගේ Wednesday, 01 December 2021 11:41 PM
නික්මයාම සැබැවින්ම සංවේගයට කරුණකි, මිතුර ඔබට සුබගමන්...!