IMG-LOGO

2025 අගෝස්තු මස 22 වන සිකුරාදා


සිසු දරුවනට විල්ගමුවේ - අත්වැලක් ලැබේ අකුරු දැනුමේ

දේශගුණය කටුකය. ගම්මාන වෙත යාමට ඇති මාර්ග වළ ගොඩැලි සහිතය. දුෂ්කරය. කුමන මොහාතක හෝ වල් අලින් කඩා වැදී නිවාස දේපළ බව භෝග වනසාවි දෝ යන බිය නිරතුරුව ප‍්‍රදේශය පුරා පැතිර පවතී. මේ මාතලේ දිස්ති‍්‍රක්කයේ විල්ගමුව අධ්‍යාපන කලාපයයි. මිණිපේ ඇළෙන් පෝෂණය වන මහවැලියේ අන්තිම ගම්මානයයි. මෙවන් දුෂ්කරතාවලට දිරියෙන් මුහුණ දෙමින් ඇල්මෙන් අකුරු කරනා ගුරු සිසු පිරිසක් හා ඔවුනට අත්වැල සපයන ආයතනයක් විල්ගමුවේදී අපට මුණ ගැසිණි. විල්ගමුව අධ්‍යාපන කලාපයේ සිසු දරුවන්ගේ සාක්ෂරතාව නැංවීමට එහි මහඟු ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කරන්නේ ”රූම් ටු රීඩ්” ආයතනයයි. එම වැඩ සටහනේ උපදේශක ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ එස්.  ඕ. ප‍්‍රනාන්දු මහතා ව්‍යාපෘතියේ අරමුණ පිළිබඳව ”ලංකාදීප”යට කරුණු පැහැදිලි කළේ මෙසේය. ”රූම් ටු රීඩ් ආයතනය රාජ්‍ය නොවන සංවිධානයක්. ලංකාවේ අධ්‍යාපනය නංවන්න එම ආයතනයෙන් වැඩ සටහන් රැුසක් කි‍්‍රයාත්මක වෙනවා. මාතලේ- විල්ගමුව කලාපයේ ප‍්‍රාථමික ශේණිවල සිසුනගේ සාක්ෂරතාව නැංවීමේ ව්‍යාපෘතිය ඉන් එකක්. මේ සඳහා පංති කාමරය තුළ මෙන්ම ඉන් බැහැරව ද අපේ වැඩ සටහන් කි‍්‍රයාත්මක කරනවා. පසුගාමී සිසුන් සඳහා භාෂා අධ්‍යයන කඳවුරු පැවැත්වීම හා ගුරු භවතුන් උදෙසා පුහුණුවීමේ සැසි පැවැත්වීම පංති කාමරයෙන් බැහැරව කෙරෙන වැඩ සටහන්වලට අයිතියි. මෙයට අමතරව ප‍්‍රාථමික ශ්‍රේණිවල උගන්වන සියලූම ගුරු භවතුන්ට වාර සටහන් මුද්‍රණය කොට බෙදා දී තිබෙනවා. ප‍්‍රාථමික ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන විල්ගමුව කලාපයේ සියලූම සිසුනට වැඩ පොත් දෙක බැගින් රූම් ටු රීඞ් ආයතනය ලබාදුන්නා. පාසල් සිසුනගේ කියවීම් රුචිය නංවනු සඳහා පංති කාමර 66 කට පොත් සහිත පුස්තකාල අල්මාරි ලබාදුන්නා. ඇතැම් පාසල්වලට පුස්තකාල ගොඩනැගිලිද අප ආයතනයෙන් හදාදී තිබෙනවා. රූම් ටු රීඞ් ආයතනයේ සාක්ෂරතා ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක වන අයුරු දැකගනු සඳහා අපි විල්ගමුව කලාපයේ පාසල් ගණනාවකට ගියෙමු. එම චාරිකාවේදී අපට හමුවූ ගුරුවරු විදුහල්පතිවරු සහ මාපියෝ ඒ පිළිබඳව මෙසේ අදහස් පළ කළෝය. විල්ගමුවේ තරුණ මවුවරු බොහෝ දෙනෙක් දරුවන් ආච්චි සීයා ළඟ තබා රට ගොස් සිටිති. තාත්තලා සිදාදියේ රැකියා සොයා යති. දරුවන් පාසල් යැවීමේ බර බොහෝ විට ආච්චිලාට සීයලාට පැවරේ. ඒ මදිවාට ඇටෙන් පොත්තෙන් තේරෙන විට ගැහුණු දරුවෝ දීග යති. අඩු වයසේ විවාහ බහුලය. එවැනි බරපතල සමාජ ප‍්‍රශ්නවලට මැදි වී සිටින දරුවනට ගුරුවරුන්ගේ ඇල්ම බැල්ම බෙහෙවින්ම ඇවැසි විය. හඳුන්ගමුව මහ විදුහලේ විදුහ්ලපති වසන්ත ඒකනායක මහතා එවැනි ගුරුවරයෙකි. ඔහු ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයාද වෙයි. ”රූම් ටු රීඞ් ආයතනයේ ව්‍යාපෘතිය විල්ගමුව කලාපයේ සිසුනගේ අකුරු හැකියාව නංවන්න මහඟු රුකුලක් වුණා. මගේ පාසලේ දරුවන් එයින් විශාල ප‍්‍රගතියක් ලබා තිබෙනවා. වාර සටහන් අකුරු කාඞ්පත් ආදිය ලබාදීම නිසා ගුරුවරුන් මෙම වැඩ සටහන කි‍්‍රයාත්මක කරන්නේ ලොකු උනන්දුවකින්. අවුරුදු පහක් වත් නොකඩවා මේ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරන්නෙ කියලා මම ඉතා  ඕනෑකමින් ඉල්ලා සිටිනවා. දෙවැනි ශ්‍රේණියේ ”බී” පංති බාර ගුරුතුමිය වන ආර්. එම්. සුජාතා කුමාරිහාමි මහත්මිය මෙසේ සිය අදහස් දැක්වුවාය. රූම් ටු රීඩ් ආයතනයෙන් ලබාදෙන වැඩ පොත් වෙළෙඳ පොළේ විකුණන්න තියන වැඩ පොත්වලට වඩා ගුණාත්මක බවින් ඉහළයි. ඒවා භාවිතයෙන් සිසුනගේ භාෂා දැනීම පුලූල් වෙනවා. එම වැඩ පොත්වල කි‍්‍රයාකාරකම්වලට සිසුන් හුඟක්ම කැමතියි. පලූපිටිය ප‍්‍රාථමික විදුහලේ ඒ. ජී. සංජීවනී ජයතුංග ගුරු මහත්මිය : මම උගන්වන්නෙ 4 වැනි ශ්‍රේණියට. එකම අකුරක්වත් බැරිව සිටි ළමයින් දැන් ලොකු දියුණුවක් ලබලා. සිසුනට අකුරු හා පිළි හඳුනා ගන්න රූම් ටු රීඩ් ආයතනයෙන් ලබාදී ඇති කාඩ්පත් බෙහෙවින් ඵලදායි වුණා. ගීතිකා වෑකඩපොළ ගුරු මහත්මිය : ”මම උගන්වන 4 බී පංතියේ දරුවන් 35 දෙනාගෙන් 10 දෙනෙක් මෙම වැඩ සටහන නිසා ප‍්‍රශස්ත මට්ටමට ඇවිත් තියෙනවා. ඔවුන්ට ඉතාම පැහැදිලිව අත්අකුරු ලියන්නත් පුළුවන්. පලූපිටිය විදුහලේදී අපට හමුවූ මවක වන එස්. පී. පද්මිනී මහත්මිය පළකළ අදහස් මෙසේය. ”අපේ ප‍්‍රදේශයේ ටියුෂන් පංති නෑ. එනිසාම රූම් ටූ රීඩ් වැඩ සටහන අපේ දරුවන්ට හරිම ඵලදායි වුණා. මගේ පුතා හසිත චතුරංග අත් අකුරු තරගයෙන් මුල්තැන දිනාගත්තා. එයාගෙ අත්අකුරු හැඩ ගැසුනෙ මෙම වැඩ සටහන නිසයි. අනතුරුව අප ගියේ දුෂ්කර ප‍්‍රදේශයක පිහිටි රණමුරේ කනිටු විදුහලටයි. පාසල් භූමියේ මනස්කාන්ත පරිසරය අප සිත් තුළ ඇති කළේ ප‍්‍රබෝධ ජනක හැඟීමකි. ශිෂ්‍ය සංඛ්‍යාව 206 ක් වූ මෙම පාසලේ ගුරුවරු 15ක් සේවය කරති. විදුහල්පති එම්. ජී. විජේරත්න බණ්ඩා මහතා ප‍්‍රකාශ කළේ රූම් ටු රීඩ් වැඩ සටහන නිසා ගුරු භවතුන්ගේ රාජකාරිය පහසුවී ඇති බවයි. ඔවුනට අවශ්‍ය පාඩම් සටහන් කාඞ්පත් ආදිය ලබාදීම නිසා වැඩි අවධානයක් ශිෂ්‍යයන් වෙත යොමු කරන්න කාලය ඉතිරි වන බවත් ඔහු සඳහන් කළේය. රණමුරේ විදුහලේදී අපට හමුවූ පාසල් සංවර්ධන සමිතියේ සාමාජිකාවක වන අමරා යාපා බණ්ඩාර මහත්මිය සිය අදහස් පළ කළේ මෙසේය. අපේ ගම් ප‍්‍රදේශවල පොදු පුස්තකාල නැහැ. රූම් ටූ රීඩ් ආයතනයේ පුස්කාල වැඩ පිළිවෙළ නිසා අපේ දරුවන් කියවීමට පුරුදු වුණා. නව පරපුර පොත පතින් ඈත්වෙන යුගයක දරුවන් පොතට හුරු කරවිම මහඟු සේවයක්. මේ වගේ කොටුවෙලා තියෙන පාසල්වලට බාහිර ලෝකයේ අවධාන යොමු වුණේ රූම් ටූ රීඩ් ආයතනය නිසයි. අමතර  පොතක් අරන් දෙන්න වත්කමක් නැති මවුපියන්ට මෙම වැඩ සටහන හරිම වටිනවා. අප විල්ගමුවෙන් සමුගත්තේ ශාස්ත‍්‍රාලෝකය සොයා යන දිරිය දරුවන් ගුරු භවතුන් හා එයට අත්වැල සපයන  විල්ගමුව අධ්‍යාපන කලාප කාර්යාලයේ නිලධාරීන් පිළිබඳවද සදා නොමැකෙන මතකයක් හදවත්හි රුවාගෙනය. මෙහි ලා තවත් සුවිශේෂි කරුණක් සටහන් කළ යුතුය. රාජ්‍ය නොවන සංවිධානයක් වන රූම් ටු රීඞ් ආයතනය සිංහල භාෂාව නිවැරැදිව ඉගැන්වීමට සිදුකරන අනගි මෙහෙවරට භාෂා පේ‍්‍රමීන්ගේ ප‍්‍රශංසාව හිමිවිය. යුතු බවයි.



අදහස් (0)

සිසු දරුවනට විල්ගමුවේ - අත්වැලක් ලැබේ අකුරු දැනුමේ

ජයන්ත Thursday, 19 July 2012 08:59 AM

සුභ පතනවා. මේ සත්කාර්යයට හැමෝම හැකි පමණින් දායක වෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 92 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 152 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 183 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

Our Group Site