බුදු රැුස් විහිදීම්, දේවතා එළි ආදිය ගැන අපට වරින්වර අසන්නට කියවන්නට ලැබේ. ඒවා බොහොමයක් රුවන්වැලි සෑය, සෝමාවතිය වැනි වැදගත් බෞද්ධ සිද්ධස්ථාන ආශ‍්‍රිත ඒවාය. බුදු රැස් සහ දේවතා එළි පියවි ඇසින් දුටු අවස්ථා ගැනද ඇති වාර්තා රැසකි. කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයවික‍්‍රම පෙරේරා මහතා පසුගිය සමයේ කිහිපවරක්ම සෝමාවතී චෛත්‍ය රාජයාණන් ආශ‍්‍රිතව බුදු රැස් විහිදීම් පිළිබඳ ඡායාරූපමය සාක්ෂි ජනමාධ්‍ය හරහා ඉදිරිපත් කරන්නට යෙදිණි. ඒවාට විවිධ අය විවිධ අර්ථකථනයන් ද සැපයූ බැව් මතකය. ඩිජිටල් කැමරාවල ආගමනයත් සමග එබඳු සිද්ධීන්ගේ විශ්වාසනීයත්වය වැඩිවී, නව මුහුණුවරක් ගෙන තිබේ. ආලෝක ධාරා විහිදුවමින් මුළු පරිසරයම ඒකාලෝක කරමින් රාත‍්‍රි කාලයේදී දෙවිවරුන්, බුදුන් වහන්සේ හමුවීමට පැමිණි අවස්ථා රැසක් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ. මේ ලිපියේ අරමුණ වන්නේ සර්වඥ ධාතුන් වහන්සේලා ඇසුරු කොට ගත් ආලෝක ධාරා විහිදීම් පිළිබඳව මීට සති දෙකකට පමණ පෙර ලත් සත්‍ය විශ්මිත අත්දැකීමක් වාර්තා කිරීමය. මේ අසිරිමත් අත්දැකීම ඉදිරිපත් කරනු ලබන්නේ මෙරට සැදැහැවත් බෞද්ධ ජනතාව තුළ ශ‍්‍රද්ධාව වැඩි දියුණු කිරීමේ පරම පවිත‍්‍ර චේතනාවෙන් බවද සඳහන් කළ යුතුවේ. මීට වසර 20කට පමණ පෙර හලාවත ප‍්‍රදේශයේ වෙසෙන හැරිටස් වරුෂවිතාන නම් වූ මාගේ පාසල් මිතුරෙකුට ඉතා විශ්වාස කටයුතු මාර්ගයකින් සර්වඥ ධාතුන් වහන්සේලා දෙනමක් ලැබිණි. පාසල් සමයේදී පවා ආගමික පැත්තට නැඹුරුවක් පෙන්වූ වරුෂවිතාන මහත්මා එතුමාගේ ආදරණීය බිරිඳ, දියණිය එකතුව එම ධාතුන් වහන්සේලාට පසුගිය දශක දෙක පුරාම දිනපතා උදේ දහවල් සවස දාන ගිලන් පස මල් පහන් පූජා කරමින් එම ධාතුන් වහන්සේලා රැක බලා ගනු ලැබුයේ අසීමිත බැතියෙනි. ශ‍්‍රද්ධාවෙනි. මෙම සර්වඥ ධාතුන් වහන්සේලා කොක්කාවිල වනරතන ආරණ්‍යයට පූජා කිරීම මැනැවැයි වරුෂවිතානයන්ට සිත්වූයේ මීට මාස කිහිපයකට පෙරය. කොක්කාවිල වනරතන ආරණ්‍යය යනු හලාවත කුරුණෑගල මාර්ගයේ දහයේ කණුව අසලින් හැරී යා යුතු නිසල සුන්දර පෙදෙසක පිහිටි භාවනා මධ්‍යස්ථානයකි. එම ආරණ්‍යයද වරුෂවිතාන මහතා විසින්ම ඉඩම් හා ධන පරිත්‍යාගයෙන් මීට වසර විසි ගණනකට පෙර ආරම්භ කරන ලද්දකි. දෙස් විදෙස් ගිහියන් මෙන්ම ස්වාමීන් වහන්සේලාද වැඩ වෙසෙන අක්කර 7ක් පුරා පැතිරුණු මේ රමණීය පින්බර ආරණ්‍යයට එම සර්වඥ ධාතුන් වහන්සේලා පූජා කිරීම පසුගිය සැප්තැම්බර් 23 දාට යෙදී තිබිණි. සර්වඥ ධාතුන් වහන්සේලා වනරතන ආරණ්‍යයට වැඩම කරවීමට හරියටම පැය 24කට පෙර හලාවත ප‍්‍රදේශයේ මාස ගණනක් තිස්සේ පැවති දැඩි නියඟය නිමා කරමින් පුරා පැය 2ක් ධාරානිපාත වැස්සකින් මුළු ප‍්‍රදේශයම යටවී, සේදී පවිත‍්‍ර වී සිසිල් වීමද අසිරිමත් සිදුවීමක් ලෙස ප‍්‍රදේශවාසීහු සලකති. සර්වඥ ධාතුන් වහන්සේලා ආරණ්‍යයට පූජා කිරීමට පෙර දින මල් අතුරන ලද මේසයක් මත කරඬුව විවෘත කොට වැඩ සිටි රන් බඳුනෙන් පිටතට ගෙන ධාතුන් වහන්සේලා වෙන වෙනම කරඬු දෙකක තැන්පත් කිරීමට සූදානම් වූ හැම අවස්ථාවකදීම විශ්මිත ලෙස කාන්දම් දෙකක් එක්වන්නාසේ ධාතුන් වහන්සේලා නැවත එක්වීමද අසිරිමත් දෙයක් විය. සැප්තැම්බර් 23 වැනිදා උදෑසන 6.30ට ධාතුන් වහන්සේලා රැගත් රිය පෙරහර හලාවත නගරය මැදින් කොක්කාවිල වනරතන ආරණ්‍යයට ළඟාවූයේ දෙපස රැස්ව සිටි ජනයාගේ පූජෝපහාර මධ්‍යයේය.කොක්කාවිල වනරතන ආරණ්‍යයට ධාතුන් වහන්සේලා වැඩම කරවීමෙන් පසු උදෑසන 8.30 සිට සවස 6.30 දක්වා එහි ධර්ම ශාලාවේ මහජන ප‍්‍රදර්ශනය සඳහා තැන්පත් කර තබන ලදී. එම සර්වඥ ධාතුන් වහන්සේලා දෙනමට අමතරව සැරියුත් මහ තෙරුන්ගේ, කාශ්‍යප මහ තෙරුන්ගේ, සීවලී මහතෙරුන් ගේ සහ තවත් මහ රහතන් වහන්සේ කෙනෙකුගේ ධාතුන් වහන්සේලාද ප‍්‍රදර්ශනය කෙරිණි. ඒ වූකලී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අතිශය දුර්ලභ අවස්ථාවක් විය. ඊට සහභාගිවන්නට ලැබීමද මහත් භාග්‍යයක් කොට සලකමි. ප‍්‍රදර්ශනය සඳහා ධාතු කරඬුව සූදානම් කිරීමට උදෑසන විවෘත කරනු ලැබූ අවස්ථාව විවිධ කෝණවලින් ඡායාරූප ගත කරනු ලැබූ අතර ඒවායේ කුඩා පබලූ වැනි ආලෝක බින්දු හැරුණු විට වෙනත් විශේෂත්වයක් නොවීය. (රූපය 1) විනාඩි කිහිපයකට පසු සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින කරඬු සහිත ස්ථානය නැවත ඡායාරූප ගත කරනු ලැබූ විට සර්වඥ ධාතුන් වහන්සේලා ආසන්නයේ ලානිල් පැහැති වාටියකින් යුත් ඉතා දීප්තිමත් ආලෝක ධාරාවක් දිස්විය. එය මේ සමග ඇති ඡයාරූපයේ පැහැදිලිව පෙනේ (රූපය 2) අනතුරුව ධර්ම ශාලාව තුළදී ගනු ලැබූ කිසිම පින්තූරයක එබඳු විශේෂ එළියක් දක්නට නොලැබිණි. සවස් යාමයේ හිරු බැස ගොස් අඳුර වැටෙත්ම ධර්ම ශාලාව අවට නැවත ඡායාරූප ගත කළ අතර ඒ අවස්ථාවේදී ඒ අසල පිහිටි මාදං ගසට ඉහළින් අහසේ ඉතා දීප්තිමත් ආලෝක ධාරාවන් එම ඡායාරූප වල දක්නට ලැබිණි. (රූපය 3) තවත් ස්වල්ප මොහොතකින් එම ආලෝකයන් මාදං ගස හා ඒ අසල වූ බෝධීන් වහන්සේ අතර දර්ශනය විය. මීට අමතරව ආලෝක ධාරා ගණනාවක් අහස පුරා තිබෙනු කැමරාවට හසුවිය. රුවන්වැලි සෑය ආශ‍්‍රිතව යම් යම් පුද්ගලයන් විසින් ගෙන තිබූ ඡුායාරූපවල මෙබඳු ආලෝක ධාරා තිබෙනු (ඊමේල් හරහා එවනු ලැබූ ඡායාරූපවල) මා කලින් දැක ඇත. එම ආලෝක ධාරා දෙවිවරුන් හා සම්බන්ධ කොට විග‍්‍රහ කර තිබේ. දේවතා එලි ලෙසද හඳුන්වන්නේ මේවා බව පෙනේ. දේවතා එළි යථාර්ථයෙන් නම් නිසල නොවුවද මෙවන් ඡායාරූපවල ඒව දිස්වන්නේ ගෝලාකාර ප‍්‍රභාමත් වස්තුන් විදියට බැව් පෙනේ. යථෝක්ත විග‍්‍රහයේ සැබෑ තත්ත්වය පෙන්නුම් කරන අසිරිමත්ම සිදුවීම දක්නට ලැබුණේ සර්වඥ ධාතු ප‍්‍රදර්ශනය අවසන් වී හරියටම සතියකට පසුවය. යම් හේතුවක් නිසා ධාතු ප‍්‍රදර්ශන පිංකමට සහභාගිවන්නට බැරිවූ වරුෂවිතාන මහතාගේ මිතුරෝ කිහිපදෙනෙක් ඊළඟ සති අන්තයේ හලාවතට පැමිණියහ. ඒ මිතුරන්ගෙන් එක් අයෙක් විශ්වවිද්‍යාල මහාචාර්ය වරයෙකි. ඒ සමග නිවාඩුවක් සඳහා ලංකාවට පැමිණ සිටින ඇමෙරිකානු විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයකු සේ සේවය කරන ඔහුගේ පුත‍්‍රයා ද විය. එදින සවස් යාමයේ එම පිරිස වනරතන ආරණ්‍යයට ද ගියහ. හිරු බැස යන සන්ධ්‍යා යාමයේ ඔවුන් විසින් තම තමන්ගේ කැමරා වලින් ආරණ්‍යයේ විවිධ ස්ථාන ඡායාරූප ගත කළහ. ධාතු ප‍්‍රදර්ශනය කළ දිනයේ දිස්වූ ආකාරයේම ඉතා දීප්තිමත් ආලෝක ධාරාවක් ධාතුන් වහන්සේලා වැඩ සිටින සීමා මාලකයට ඉහළ අහසේ ඡායාරූප ගත විය. එය හසුවූයේ ඇමෙරිකානු සරසවි කථිකාචාර්යවරයාගේ කැමරාවටය. එම කැමරාව නවීන අධි සංවේදී කැමරාවකි. එම කැමරාවට හසුවූ අතිශය දීප්තිමත් ආලෝක ධාරාව සීමා මාලකය අසල පිහිටි මාදං ගහට ඉහළින් ඇති ආකාරය මේ සමග ඇති ඡායාරූපයේ (රූපය 4) දැක්වේ. විශ්මයජනක දෙය නම් එම ආලෝක ධාරාව ගමන් කරන අයුරුද පැහැදිලිව එම කැමරාවට හසුවීමය. රූපය 5 හි සටහන්ව ඇත්තේ රූපය 4 හි තිබූ ඒ දීප්තිමත් ආලෝකය එතැනින් ඉවත්වී වෙනත් ස්ථානයකට ගොස් ඇති ආකාරයයි. රූපය 5 හි ඉහළ දකුණු කෙළවර සටහන්ව ඇත්තේ එම දීප්තිමත් ආලෝක ධාරාවයි. මේ දීප්තිමත් වස්තුව ස්වකීය පුත‍්‍රයාගේ අධි සංවේදී කැමරාවෙන් දකින තෙක් දේවතා එළි ආදිය පිළිබඳව මහාචාර්යවරයා තුළ කිසිදු පැහැදීමක් නොවීය. ඔහු ඒවා විස්තර කළේ ආලෝක පරාවර්තනයක් නිසා දිලිසෙන දුවිලි අංශු ලෙසය. මෙවර තමන් දුටු වස්තුව ආලෝක පරාවර්තන වස්තුවක් නොව ස්වයංදීප්ත එකක් බව අවට ආලෝකමත් කරන ස්වභාවය හා එහි චලනය අනුව සිතිය හැකි බැව් මහාචාර්යවරයාගේ මතයයි. මේ අසිරිමත් ආලෝක ධාරාවන් ගැන තමන් ඇමෙරිකාවට ගිය පසු තවදුරටත් පර්යේෂණ පැවැත්වීමට අදහස් කරන බැව් ඇමෙරිකානු සරසවි කථිකාචාර්යවරයා පවසයි. මේ පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීමට කැමති දේශීය හෝ විදේශීය කෙනෙක් වෙතොත් ඔවුනට අවශ්‍ය පහසුකම් සලසා දිය හැකි බැව් කොක්කාවිල වනරතන ආරණ්‍යයේ වත්මන් භාරකාර පූජ්‍ය ඔක්කම්පිටියේ කස්සප හිමියෝ පවසති. සර්වඥ ධාතු ප‍්‍රදර්ශනය සිදුකළ දා හා පශ්චාත් ධාතු ප‍්‍රදර්ශනය අසිරිමත් සිද්ධීන්ගෙන් අප නිතර අසා පුරුදු ඒ දේවතා එළි සංකල්පයට නව ආලෝකයක් ලැබුණු බැව් මාගේ විශ්වාසය වේ.
මහාචාර්ය - පියසිරි අමිලසිත් යාපා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන් බුදුන් ඇති එකම රට ලංකාවයි. (නි)
බුදු දහම සදා සත්‍යයයි. (නි)
සාධු... සාධු... සාධු...! (නි)
තෙරුවන් සරණයි! (නි)
සාධු... සාධු... සාධු...! (නි)
මෙවැනි පුවත් හැමනිතරම ඇතුලත් කරන්න (ස)
සාධු... සාධු... සාධු...! (නි)
මම නම් පිළිගන්නේ බුදු රැස් විහිදෙන්නේ බුදු කෙනෙකුගේ ශරීරයෙන් පමණයි කියායි (නි)
කෙනත්, ඔබගේ පැහැදිලි කිරීම ඉතාම නිරවුල්. ඔබට තෙරුවන් සරණයි! (නි)
මම නම් ඔහොම එළියක් ඇස් දෙකෙන් දකිනකල් විශ්වාස කරන්නෙ නැහැ. (නි)
මම නම් ඔහොම එලියක් ඇස් දෙකෙන් දකිනකම් විශ්වාස කරන්නෙ නැහැ.. ඒ අහන්දා ඔය තියෙන අන්තිම ඡායාරූප දෙකටනම් මම සාදු සාදු කියන්නෙ නැහැ.!(නු)
සාදු ! සාදු ! සාදු !!!.(ස)
මමත් ඉතාම කුතුහලයක් දක්වන විෂ්‍ය මාලාවක් වුණත්. මේ 4 සහ 5 වන පින්තූර දෙක එක තැනකදී ගත් බවක් දිස් නොවීම ප්‍රශ්නයක් (අ)
හොද පණිවිඩයක්. (නි)
කෙනත් කියන දේ අපිට කරන්න පුළුවන් (ස)
බෞද්ධ ධර්ෂණයේ හැටියට දෙවිවරු ගැන සඳහනක් නෑ. එහෙනම් කොහොමද මේවා වෙන්නේ (ස)
සම්මා සම්බුදු සරණයි (දී)
කෙනත්, ඔබේ ධර්මාවබෝධය මමද අගය කරමි. (නි)
සාදු..සාදු ..සාදු බුදුන් ජීවමානයි.. (අ)
සිතිර, චායාරුප වලටනම් වැන්දේ නැතුවට කමක් නැහැ, එහෙම වන්දනාවක් ධර්මයේ සදහන් නැහැ නොවැ. කෙනෙකුගේ සිත බුදුරජාණන් වහන්සේ, අකාලික සද්ධර්මය, සුපටිපන්න මහා සඝ ගුණ ගැන සිත පහදවා ගත්තම හොදයි. මොකද අපි බුදුපිළිමයක් ඉස්සරහට ගිහින් වදින්නේ පිලිමෙටද බුදු රජාණන් වහන්සේගේ ගුණ සිහිකර ඒ ගුණයන්ටද? අපි වදින්නේ බුදු ගුණයෙන් පිරි බුදු රදුන්ටනේ , පිලිමවන්දනාවක් නැහැනේ, ඒ වගේ මෙතන ෆොටෝ වන්දනාවක් නැහැ. තවත් තේරුම් යන්ට කියනවනම් , හිතන්න ඔබේ මව පියා ගේ පින්තුර බිත්තියේ එල්ලලා ඔබ ඒ දිහා බලල සිහියට නගන්නේ මව් පිය ගුණ සහ ඒ අය සිටි කල ඔබට දැනුන ආදරය ගැන නේද ? පින්තුරේට වැන්දේ නැහැනේ. මේවා සියුම් දේවල්. හරියට දහම අල්ලාගත්තේ නැත්නම් නයා වලිගෙන් ඇල්ලුවා වගේමයි, අන්තිමට බුද්ධ , ධම්ම , සඝ ගුණ වලට අපහාස කර නිරයන්හි උපත ලබන්න තරම් ඒක දුර දිග යන්න පුළුවන්. මෙහෙම හිතන්න , ඔබ ඔබව දකින්න කණ්නාඩියක් ඉදිරියට යන්න ඕන, නමුත් කණ්නාඩිය ලගට ගොස් බලන්නේ ඔබ දිහාද කන්නාඩිය දිහාද? ඔබ දිහා බලනවානම් ඔබට කන්නාඩියක් ඕන නැහැ නේ. ඔබ බලන්නේ කන්නාඩිය දිහා, හැබැයි ඔන්න එතකොට ඔබට ඔබ හොදින් පෙනෙනවා. හැබැයි ඔබ බල ඉන්නේ කන්නාඩිය දිහාද? කණ්ණාඩියෙන් පෙනෙන ඔබ දිහාද? සියුම් නේද? ඔබ බලන්නේ කන්නාඩිය දිහා, පෙනෙන්නේ ඔබව! මේක දන්නේ ඔබ පමණයි. පිට ඉදන් බලන කෙනෙක් අහන්නේ "මොකද ඔය කන්නාඩියක් දිහා බලන් හිනහ වෙන්නේ කියල" නමුත් එහෙම නැහැ. මෙතන බලන්න ඕන ක්‍රියාවද ? සිත පිහිටන තැනද? බලන්න ඕන සිත පිහිටන තැන! මේ නිසා තමයි වෙන ආගම්වල අය බෞද්ධයන්ට පිළිම වදිනවා කියල කියන්නේ, නමුත් බෞද්ධයින් වදින්නේ පිළිමෙට නොවෙයි, බුදුගුණයට. හැමෝටම දහම් ඇස පහළවේවා !(ස)
අනේ සාදු මෙය බලන කාගේත් සිත් බුද්ධාලම්බන ප්‍රිතියෙන් පිරි ඉතිරේවා (අ)
මගේ කැමරාවෙත් ඔය වගේ එළි දවසක් තිබුණා (නි)
ඇත්තම කියනවනම් සබැ දෙවි වරු දැකීමටත්, ඇමරිකානු ආචාර්යවරයෙකුගේ කැමරාවක් නැතුවත් පුළුවන්. මේ සදහා පිරිසිදු සුත්‍ර දේශනා අධ්‍යයනය කරන්න. බුදුරජාණන් වහන්සේ වැඩුපුරම සුත්‍ර දේශනා කරලා තියෙන්නේ මිනිසුන්ටත් වඩා දෙවි වරුන් නැගු ප්‍රශ්න දහම් ගැටළු පැහැදිලි කිරීමටයි, මහා මංගල සුත්‍රය වගේ දේශනා කදිම සාක්ෂිය. මීට අමතරව මහාසමය , ධජග්ගය, රතන සුත්‍රය, වගේ සුත්රදේශන තනිකරම දෙවිවරු සහ වෙනත් අධ්රුශ්යමන සත්වයන් අරභයා දේශනා කල දේවල්ය. සබැ ලෙස තෙරුවන් සරණ ගිය කෙනාට මේවා අරුමයක් නොවෙයි. මීට අමතරව මුගලන්, සැරියුත් වගේ මහා රහතුන් වහන්සේලා දෙව් , බබ ලෝක වලට වැඩම කරලා සිදු වෙච්ච ධර්ම දේශනා , විස්තර ඕනෑතරම් සදහන්. විමාන වස්තු නම් කොටසෙහි තිබෙන්නේ තනිකරම විවිධ දෙවිවරු තමන් දෙව් බව ලැබීමට කල පින්කමුත්, ඒ නිසා ලැබූ දිවය භාවයේ ස්වභාවයත්, ආයුෂත් කදිමට දෙවිවරු විසින්ම විස්තර කරනවා. මේ සාක්ෂි ඔය දේවත එළියක් අමරිචානු කාමර කාචයකට වැටීමට වඩා ඉතා ප්‍රබලයි නේද. ඒ විතරක් නොවෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා කෙනෙකුට සමාධිය වඩා, භාවනා කර 4 වන ධ්‍යානය උපදවා ගන්න හැටි. 4 වන ධ්‍යානයේදී සිත හරියට රත් කල යකඩයක් වගේ වෙනවා. කෙනෙකුට එසේ සකස් උන සිත තමන්ගේ ජීවිතේ ආපස්සට යොමුකර බලන්න පුළුවන් තමන් පෙර ගතකල ජීවිත ගැන, ඇතට කන් යොමා ඇත ලෝක වලට සවන් දෙන්න පුළුවන්, දෙවියන්, අසුරයන්, නිරයන් බලන්න පුළුවන්, අනුන්ගේ සිත් කියවන්න බලන්න පුළුවන්, ඒ විතරක් නොවෙයි කෙලෙස් පරසිද දැක ඒවා ප්‍රහාණය කර තෘෂ්ණාව සිද දමා නිකෙලෙස් අරහත් වී මේ සසර ජයගන්න පුළුවන්. මෙන්න භාග්‍යවතුන් වහන්සේ අපට උගන්වා ඇති සුවිශේෂ තාක්ෂණික මෙවලම්. මේවට කැමරා , විද්‍යාව පරාදයි නේද?! වහ වහ සමාදිය වඩන්න, කටත් තමන්ටම දෙවිවරු බලාගන්න පුළුවන්. (අ)
ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකියි. ඒ මහතා බුදුන් දැක නිවන් දකින්න කියා මා ප්‍රාර්ථනා කරනවා. (නි)
අනේ සාධු! (නි)
කෙනත්, ඔබට අනාගතය ගැන කියන්න පුලුවන්ද? (නි)
සාඳු !!!!!!!!!!!!!!!!! (ස)
ඔබ දෙවියන් දකින්නට සමාධි වැඩුවොත් දෙවියන් දැකගනීවි. (නි)
කෙනත්, ඔබගේ අදහසට මම ඉතාම ගරුකරනවා. ඒ තමයි සත්‍යය. සාදු සාදු සාදු! දහම් ඇස පහළ වේවා! (නි)
මෙවැනි දේවතා එලි තිබෙන නමුත් ඒවා ඔය ඩිජිටල් ( සංවේදී - සංවේදී ඩිජිටල් කැමරා නැති අතර සංවේදී හදවත් ඇත ) ඔය දේ මගේ කැමරවෙන්ද කබිලිත්තෙදී ගතිමි.එය පරික්ෂ කල විට මිනිසුන් ගමන් කරද්දී ඇවිස්සෙන දුවිලි අංශු වලින් බව තේරුණි. ඒ දුවිලි අංශු ටික වෙලාවකින් නැවත ගසාගෙන යන බව ඔබත් දනී. කෙසේ හෝ වේවා විද්‍යාවේ උපකරන වලින් මේ දෙවිවරු බලා ගත නොහැකිය . ඒ සදහා මානසික ශක්තිය අවශ්‍ය වේ.මෙවැනි කැමරා දෝෂ වලින් හෝ විද්‍යා වෙන් බුදුදහම විනාස කරන පිස්සූ කතා නතර කර බුදු දහමේ විශ්ව සාදාරන ධර්මය දකින්න.(ස)
සැබෑවටම දෙවියන් දකින්න නම් බුදු දහමට අනුව ජීවත් වෙන්න. (නි)
සාධු... සාධු... සාධු...! අපේ මවුබිම බුදු සිසිළෙන් නැහැවේවා! (නි)