IMG-LOGO

2024 මැයි මස 14 වන අඟහරුවාදා


සිරිපා හිමේදී මිනිසුන් අතරමන් කරන බලවේගය

සමනල අඩවිය හෙවත් ‘‘හිමේ’’ හා බැදුනු කතා අපමණය. මේවා අතර සිරිපා අඩවියේ යාබද ගම්වල වැසියන්ගේ ජීවිත හා බැ`දුනු ඒවා ද තිබේ. ඊට අමතරව සිරිපා වන්දනාවේ යන්නට ආ බැතිමතුන් මුහුණ දුන් ඒවාද තිබේ. සමන් දෙවි`දුන්ගේ අඩවියේ හාස්කම් අනූනය. නමුදු මේ අඩවියට පිටතින් එන කටකාර තරුණ සහ වැඩිහිටියන් ඇතැම් අවස්ථාවල මේ හාස්කම් ගැන කතාකරන විට හාස්‍යයෙන් ඒ දෙස බලයි. ඇතැමුන් ඒවා විශ්වාස නොකරති. එවැනි අවස්ථාවල ඊට ද`ඩුවම් වි`දි අවස්ථාද ඇති බව ගම්මුන්ගේ කතා අතර තිබේ. සිරිපා අඩවියේ ආශ්චර්යයන් ගැන කතා ඇත්තේ පැරැුණ්නන් තුළය. එදා සිරිපා අඩවියට හෝ සිරිපා මළුවට කෙනෙක් යන්නට සිතුනොත් එය ආවාට ගියාට නොකරයි. ඇතැම් අවස්ථාවල පේවීම හෝ පිරිසිදුවීමකින් තොරව මේ භූමියට පිවිසිය යුතු නැති බව පැරැුන්නෝ විශ්වාස කළහ. එයට හේතුව සිරිපා අඩවිය හෙවත් ‘‘සමනල අඩවිය’’ ඔවුන්ට ‘‘ශුද්ධ භූමියක්’’ වූ නිසාය. මේ ශූද්ධ භූමියට වන්දනාවේ ගිය බැතිමතුන් අතරින් වගේම අවට ගම් වලින් කුරුඳු, වල් එනසාල්, දුම්මල, හම්බුලූ හතු, අඟුරු හතු, ඉඳලෝලූ, ලේනපලා, කටුඅල, ගෝනල, කිරිතල, බෙරලිය, තිත්තඇට, හල්, දොරණතෙල් (විහාරවල චිත‍්‍ර කර්මාන්තය සදහා අවශ්‍ය වේ) සොයා යන ගම්වැසියන්ද  ඉඳහිට මේ ‘‘ශුද්ධ භූමියේ’’ ඇති හාස්කම් අත් වින්දෝ  ද තවමත් ජීවතුන් අතර සිටිති. සිරිපා කරුණාකරන ප‍්‍රධාන මාවත් හතෙන් එකක් වැටී ඇති දැරණියගල මාලිබොඩ ගමේ එවැනි සිදුවීම් මතක ඇති බොහෝ දෙනෙක් සිටිති. උඩමාලිබොඩ ගමේ කලකට ඉහත රතු අප්පුහාමි නම් තැනැත්තෙක් වාසයකර තිබේ. ඔහුට සී.ජී.ආර්. රතුඅප්පුහාමි යැයි කියති. ශරිරය කුඩා වුවත් රතු අප්පුහාමි නිරෝගී ශක්තිමත් තැනැත්තෙකි. හොඳ කාය ශක්තියක් තිබු ඔහුට  සිමෙන්ති මිටි දෙකක්, භූමිතෙල් කෑන් එකක්, හාල් සේරු දහයක් එකවර ගෙනයා හැකි තරම් හැකියාවක් තිබු බව පැරැන්නෝ කියති. මේ නිසාම ගම්මු ඔහුව යෝධයෙකු ලෙස හැදින්විය. හිමේ ඇති මුවන්පැන්නගලට ගොස් එහි ඇති වල්එනසාල් නෙළාගෙන එන්නට කුරුඳු ටිකක් තලාගෙන එන්නට ඔහු සමතෙකි. හිමේ මේ අඩවියට සැමදෙනාටම යා නොහැකි බවට මතයක් ගම්මුතුළ  පැලපදියම්ව තිබිණි. ඒ නිසා එවැනි තැනකට තනිව යනෙන තැනැත්තා ගම්මුන්ගේ වීරත්වයට පාත‍්‍රවන්නෙකි. රතුඅප්පුහාමිත් මෙවැනි ගමන්වලට හපනෙක් නිසා ගමේ හැමෝටම ඔහු වීරයෙක් ද විය. හිරු නැඟ එද්දී හිමේට යන ඔහු අතුරු ආන්තරාවක් නැතිව ගිය කාරණය ඉටුකරගෙන බිම් කරුවල වැටෙද්දි ආපහු ගමට එන්නට සමතෙක් බව කාගේත් පිළිගැනීම විය. දිනක් සුපුරුදු පරිදි වල් එනසාල් ටිකක් හොයාගෙන එන්නට රතු අප්පුහාමි පාන්දරින්ම ‘‘සමනල අඩවියේ මුවාපැන්නගල පැත්තට සේන්දුවිය. වෙනදා බිම් කරුවල වැටෙද්දී ගෙදරට එන රතු අප්පුහාමි එදා ඒ වනවිට පැමිණියේ නැත. ගමේ හැමෝම කලබල වූහ. ‘‘රතු අප්පුහාමි හිමේ නවතිනවානම් කියලා යන්නේ. මොකද අද පරක්කු.’’ හැමදෙනාගෙම හිත්වල සැකයකි. ‘‘සමන්දෙවි අඩවිය රතුඅප්පුට අලූත් තැනක්යැ. සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් උන්දෑ එයි’’ සුසුම්හෙල ගම්වැසියන් අස්වසන්නට වැඩිහිටියෙක් කියනු ඇසේ. ඒත් ගමේ තරුණයන් අතර ඇතිව තිබුණේ යම් භීතියකි. රතු අප්පුහාමිගේ නොපැමිණීම ආරංචි වූ ගමේ හැම නිවෙසකම එදින කිසිවෙකුත් නිදි නැත. අද මෙන් විදුලි ආලෝකය නොතිබුණත් කුප්පි ලාම්පුවකින් හෝ අඳුර මැකිනි. ගෙදරකට දෙකකට එකතුවී වැඩිහිටියෝ රතුඅප්පුහාමිගේ නොපැමිණිම ගැන මුලින් කතා වුවත් ටික වෙලාවක් යනවිට ඒ කතාවන් සිරිපා හිමේ අද්භූත කතා මණ්ඩපයක් වන්නට පටන් ගත්තේය. අත්දැකීම් ඇති තලතුනා වැඩිහිටියන්ගේ මේ අද්භූත කතා ඇසූ ළමෝ ලපටිහූ වැඩිහිටියන්ට වඩවඩාත් ලංවූයේ ඒවායේ බිය ජනක කරුනු වලින් යම් තැතිගැම්මකට පත්වු නිසාවෙනි. ‘‘ඔය හිමේ වෙනිවැල්, වල්දෙහි, පුස්ඇට, නගාමැරු අල, මලසුදු මහ හැඩයා, කුඩා හැඩයා, වනරාජ, ඉරරාජ, උඩවැඩියා, වෙල්ලංගිරිය, කොකුන් වගේ සිංහල වෙදකමට ගන්න ඖෂධ එහෙම බොහෝ සුලබයි’’ වැඩිහිටියෙක් අලූත් කතාවකට මුල පිරීය. කටුමැටි බිත්තියේ එල්ලූ කුප්පි ලාම්පුවේ දැල්ල ගෙනෙන්නේ සිහින් එළියකි. කෙනෙකු යන්තම් අදුනාගත හැකි එළියක් මිස  ඉන් වැඩි දෙයක් ඒ එළියෙන් පැහැදිලිව නොපෙනේ. සිරිපා හිමේ සැගවුණ කතාවක් අහන්නට සැවෝම මේ වැඩිහිටියා වටකොට හිදගත්තේ පැදුරු කඩමාලූ එලාගෙනය. මේ කතාවට සවන්දි සිටි ගැටවරයෙකු කතාවට බාධාකරමින් ‘‘මොනවද ඔය නගාමැරූ අල ’’ කියන්නේ යැයි පැනයක් යොමු කළේය. එය ඔහුට පමණක් ගැටලූවක්ව තිබූවක් නොවු බව තේරුණේ අනික් අයද ඊට ලැබෙන පිළිතුර සම්බන්‍ධව දැක්වූ උනන්‍දුව නිසාය. ‘‘මේක වුණ ඉසව්ව කොහේද කියලා හරියටම මම කියන්න දන්නෙ නෑ. නමුත් අහලා තියන විදියට මේ හිමේට මායිම්වූ ගමක වෙච්ච දෙයක්. එක ගෙදරක හිටපු අයියා කෙනෙකුයි නංගි කෙනෙකුයි හිමේ ගිහිං තියනවා. බේත් අඩුමකුඩුම ටිකක් හොයාගෙන එන්න. ඉතින් පැයගාණක් ඇවිදපු මේ අයට කුසගිනි දැනිලා වාඩිවෙන්න පහසු තැනක වාඩිවෙලා ගෙනිච්ච සැහැල්ලූවෙන් (ගමන් මල්ලට කියන නමකි) තිබුණ දෙයක් කාලා තියනවා. ඊට පස්සේ මේ දෙන්නා බුලත් විටක් කාලා. බුලත් විටට  ඕනෑ හුනුටික කාලා තියෙන්නේ ඒ අය ගෙනිච්ච පිහියෙ තලේ හුණු ටිකේ ගාලා. ඒ පිහිතලේ අග  දිවේ ගාගෙන. ඉස්සරවෙලා න`ගා තමා එහෙම හුනු කාලා තියෙන්නේ. ඒ එක්කම මේ නගාගෙ රාගය ඇවිස්සිලා අමුතු විදියට හැසිරෙන්න පටන් අරං. අයියා කියන දේ අහන්නෙම නෑලූ. පස්සේ නංගි ගැන කලකිරුණ අයියා අර පිහියෙන්ම ඇනලා න`ගාව මැරුවලූ. ඉතිං මේ විදියට නඟා රාගාධිකව හැසිරුණේ ඇයි කියන එක ඒ අයියටත් ප‍්‍රශ්නයක් වෙලා තිබුණේ. පස්සේ බලද්දි මොකද දන්නවාද වෙලා තියෙන්නේ. මේ දෙන්නා නතරවුණ තැන පොළොවෙ තමයි අර පිහිය ඇනලා තිබුණේ. බුලත්විට කාලා හුනුටික ගන්න පිහිය එතනින් අරගෙන හුණුඑකේ ගාලා ඒක දිවේගාගෙන තිබුණනේ. පිහිය පොළොවේ වැදිලා තිබුණේ පොළොව යට තිබුණ අලයක. ඒ අලේ තිබුණ මොනවා හරි අර නංගිගෙ ශරීර ගත වුණා. ඒක රාගය මතුකරන ඖෂධයක්. එදා ඉ`දලා ඒ අල ජාතියට කියන්නේ ‘‘ඟාගාමැරූ අල කියලා.’’ වැඩිහිටියා කතාව අවසන් කරන විට අසා සිටියවූවෝ දිග සුසුමක් හෙළා සිත සැහැල්ලූ කරගත්හ. රැස්ව සිටියෝ මේ ආකාරයට විවිධ කතාවලට සවන් දෙමින් රැය පහන් කරමින් සිටියහ. නිදිවරන පිරිසට කහට පොල්කට්ටකින් සංග‍්‍රහ කළයුතු නිසා වතුර මුට්ටිය ළිප තබන්නැයි වැඩිහිටි කාන්තාවක් තරුණියකට සන් කළාය. එහෙත් ඇය ‘‘සිරිපා හිමේ’’ අත්භූත කතා අසා යම් බියකට පත්ව සිටි නිසා තනිවම කුස්සියට යන්නට මැලිවූවාය. මෙසේ ආගිය කතා කියමින් සිටින අතරතුර මැදියම් රැය ඉක්මගොස් ඇති බව අහසේ දිස්වෙමින් තිබූ හද දෙස බලා වැඩිහිටියෙක් කීවේය. ‘‘ඉරපායන්න තව හෝරා හතරක් විතර ඇති. හෙට පාන්දරින්ම අපි කිහිප දෙනෙක් රතු අප්පු ගිය ඉසව්වට ගියොත් හොදා. සමන්දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් රතුඅප්පු කරදරයක් නැතුව ඉ`දී’’ ඔහු විශ්වාසයෙන් යුතුව කා තුළත් බලාපොරොත්තු ඇති කෙළේය. මේ අතර කන්ද පහළ පාර දෙසින් හුළු අත්තක එළියක් පැතිර තිබු ඝනදුර මැදින් දිස්වනු පෙනිණි. නිදි වර්ජිතව සිටි සැවොගේම උකුසු ඇස් එදෙසටය. ‘‘මෙකක්ද මේ එළිය.’’ මේ මැදියමේ අමුත්තෙක් නම් විය නොහැක. ගමේ කෙනෙක්ද විය නොහැක. මෙවන් මහ?ක මේ ආකාරයට යන්නෙ එන්නේ කිහිප දෙනෙක් පමණක් නිසාත් වරෙක මතුවෙමින් තවත් වරෙක නොපෙනියමින් ගම මැද්දෙන් එන එළිය කාගේත් අවධානයට හේතුවක් විය. වැඩිහිටියන් ඉදිරියට අවුත් විපරමෙන් බලද්දි තරුණයෝ ද එය අනුගමනය කළහ. නිදිවර්ජිතව සිටි කොල්ලො කුරුට්ටෝ බියෙන් වැඩිහිටි කාන්තාවන්ගේ ඇ`ග දැවටෙද්දී තරුණියෝද ඔවුන් අනුගමනය කළහ. වැඩිහිටි කතුන් තුරුණුවන් සිහිපත් කරමින් සමන් දෙවි`දුන්ගේ පිහිට ආරක්‍ෂාව හිතින් පැතීය. ඈතීන් පෙනී නොපෙනී මතු වූ එළිය දැන් තමන් ආසන්නයට පැමිණ ඇත. එය හුලූ අත්තක් අතින්ගෙන එන පුද්ගලයෙකු බව කාටත් දැන් පැහැදිලිය. ‘‘කවුද මේ මහ ? එන්නේ’’ කාටත් ප‍්‍රහෙළිකාවකි. දෙනෙත් නොපියවා සැවෝම ඒදෙස බලා සිටිති. පැවති දිගු නියැඩිතාව බි`දලමින් ‘‘මේ රතු අප්පුහාමි නේද?’’ වැඩිහිටියෙක් හිමින් කීවේය. කවුරුත් ඉතා  ඕනැකමින් ඒ දෙස බලන්නට විය. කුරු`දු ටිකකුත් කරතියාගෙන හුලූ අත්තකුත් අතැතිව එන්නේ හිමේට ගිය රතුඅප්පුහාමිය. ඔහුට කිසිදු මහන්සියක් නැතුව සේය. ගමේ වැඩිදෙනෙක් තමන්ගේ ගැන සෙවිල්ලෙන් සිටි බව රතු අප්පුහාමිට අවබෝධ විය. ඔහුට සියුම් සතුටක් ද දැනිණ. ‘‘ඈ රතු අප්පුහාමි මොකදෑ වුණේ?’’ වැඩිහිටියෙක් විමසීය. ‘‘මම කුරුඳු ටිකක් තලාගන්න කියලා මුවාපැන්්නගලට ගියා. යන පාරේ වල් එනසාල් පිරිලා. ඒවා ටිකක් කඩාගෙන මල්ලෙ දාගෙන මම කුරුදු තැළුවා. වෙලාව යනවා දැනුණේ නෑ. එන්න පිටත්වෙලා ටික වෙලාවකින් අදුර වැටුණා. මතක තියන විදියට මම පාරවල් වලින් බැස්සා. තරු එළිය තමයි එළියකට තිබුණේ. මට පාර වැරදිලා. මම බැස්සේ එරත්නේ පොල්කොටුවෙ කඬේ ළගට. කඬේ දැක්කා විතරයි මගේ සාගින්දර ඉහවහා ගියා. කඬේ තිබුණ විස්කිරිඤ්ඤ බෝතලෙන් බාගයක් විතර කාලා සුදහගින්න නිවාගෙනයි මම මේ ආවේ.’’‘‘බොලන්ලා එකක් මතක තියාගත්තොත් හොදා. මේ සමන් දෙයියන්ගේ අඩවියේ වැඩි තණ්හාවට යන එක එච්චර හොද නෑ. රතුඅප්පුහාමි ගමේ එකා හින්දා ආපහු ගමට එව්වා. නැත්නම් ඉතින් මහවනේ තමයි ඉන්න වෙන්නේ.’’ ‘‘හිමේ අත්භූත’’ බව ගැන වැඩිහිටියෙක් අවවාද දුන්නේය.



අදහස් (0)

සිරිපා හිමේදී මිනිසුන් අතරමන් කරන බලවේගය

ඒ.ඒස්.අනුර දිසානායක Monday, 27 January 2014 09:33 AM

අපට ඉතාමත් වැදගත්‍ තොරතුරු සමූහයක් මින් ගැනීමට හැකිය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

රංජිත් කුමාර පුංචි අවධියේ ‘‘පෝරිසාදයෙකි’’
2024 මැයි මස 13 395 0

එක දවසක් සෙල්ලමක් දුර දිග ගොස් රංජිත් ඥාති සහෝදරයකුට පොලු පහරක් දුන්නේය. ඔළුව පැළී ඉවරයක් නැතුව ලේ ගලන්නට විය. මොකක්දෝ වෙලාවකට එකල කොළඹ නගර සභාවේ සන්ත බ


සංස්කෘතික මිනිසෙකුගේ නික්මීම
2024 මැයි මස 13 448 0

ඒ.ඩී. රංජිත් කුමාරගේ ගම කොඩි ගහ යට ග්‍රෑන්ඩ් පාස් කොළඹ 14 ලොයාර්ඩ්ස් බ්‍රෝඩ්වේ හි කොස් ගස් හන්දියයි. එය අමු නගරයකි. වෙල් යායක්, කමතක් තබා හෙවණක් දෙන ගහක් කො


වාදයකට පෙර දැනගත යුතු යථාර්ථය
2024 මැයි මස 13 373 4

ජාතික ජන බලවේගය නැතහොත් ජා.ජ.බ. සහ සමගි ජන බලවේගය නැතහොත් ස.ජ.බ යන ප්‍රධාන විපක්ෂ දෙක, එකිනෙකා අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති අතුරෙන් කුමන ප්‍රතිපත්තිය


ඩයනා ගමගේ පුරවැසි සිද්ධිය දේශපාලනයට කැළලක්
2024 මැයි මස 13 1790 5

මෙරට හිටපු සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පසුව මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස


මිහිලියට හුස්මදෙන බළන්ගොඩ ව්‍යවසායකයා
2024 මැයි මස 11 1268 2

බළන්ගොඩ යන නම කියූ සැනින් අපට සිහි වනුයේ දෙස් විදෙස් සුපතල ලොව පරසිදුවූ බොහෝ ගෞරවාදරයට පත් පැවිදි උතුමෙක්ගේ නාමය හා තවත් ච‍රිත කීපයකි. දෙස් විදෙස් සුප


ආර්ථික අර්බුදයට උත්තරය
2024 මැයි මස 11 97 0

මැයි මස 3 වැනිදාට යෙදෙන ලෝක ජනමාධ්‍ය නිදහස සඳහා වූ දිනය නිමිත්තෙන් දේශ සීමා රහිත වාර්තාකරුවෝ (Reporters Without Borders- Reporters Sans Frontiers-RSF) සංවිධානය වාර්ෂිකව නිකුත් කරන ජනමාධ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 667 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2188 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1882 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site