IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


සෙනසුරු,රාහු හමුවීමෙන් ලෝකයේ පෙරැළියක්

මේ දිනවල බෙහෙවින් අසන්නට ලැබෙන්නේ ලෝක විනාශයක් පිළිබඳව හටගෙන ඇති මතවාදය. සමහර මතවාද ”නියුස්ට‍්‍රඩන්” වැනි අනාවැකි කරුවන්ගේ ප‍්‍රකාශයන්ද, නූතන විශ්වාසනීයම නිරීක්ෂකයන් සිටින නාසා ආයතනයේ ප‍්‍රකාශ ද යොදා ගනිමින් සමාජය ආන්දෝලනයකට ලක්වී ඇත. එම සියලූ මතවාද ප‍්‍රසිද්ධියේ සිදුවන විට ඉතාමත් රහසිගතව හා අප‍්‍රසිද්ධියේ සංවිධානාත්මක මට්ටමෙන් ක‍්‍රියාත්මක වන, මිථ්‍යාව පතුරවා හරින මිථ්‍යා දෘෂ්ඨික ක‍්‍රියාකාරකම් අප ප‍්‍රසිද්ධියේ හෙළා දැකිය යුතුය.

ලෝක විනාශය මිථ්‍යාවක්

විශ්වයේ සිදුවන වෙනස් වීම් සියලූම ජීවීන්ට මෙන්ම අජීවී වස්තූන්ට ද බලවේග කෙරෙහි ද එකසේ බලපෑමක් ඇති කරයි. විශ්ව ක‍්‍රියාකාරකම් හා මිනිසා අතර සම්බන්ධතාව හඳුනා ගැනීම ජෝතිෂ්‍ය යැයි කියනු ලැබේ. අහසේ පෑයූ දීප්තිමත් තරුවක් නිසා දෙවියන් වහන්සේගේ පුත් යේසුස් වහන්සේගේ පැමිණීම සනාතවූවා සේම සිදුහත් කුමරුගේ ජන්ම පත‍්‍රය පරික්ෂාකර ලොවටම ශ්‍රේෂ්ඨ ලොවේහි අග‍්‍රවන බවට ප‍්‍රකාශ කළේද ජෝතිෂ්‍ය යයි. එසේ නම් ජෝතිෂ්‍ය විද්‍යාවට අනුව ලෝක විනාශය ගැන කතා කිරීම සරල මාතෘකාවක් නොවන නිසා එය තේරුම් ගැනීමට හැක්කේ ජෝතිෂ්‍ය වේදීන්ට පමණක් නිසා එම විෂය හදාරා නොමැති ඔබගේ දැන ගැනීම පිණිස 2012.12.23 දින සිදුවන දෑ පිළිබඳව ඉතා සරලව සඳහන් කිරීමට අදහස් කලෙමි. ලෝක විනාශයකට පෙර සිදුවන වෙනසකට ලක්වීමක් ලෙස මෙම සිදුවීම සඳහන් කළ හැක. එනම් 2012 දෙසැම්බර් මස 23 වැනි දින සෙනසුරු සහ රාහු යන දෙදෙනාගේ හමුවීම ලෝකයෙහි ආර්ථික, සමාජීය, දේශපාලනික සහ ආගමික වශයෙන් පරිවර්තනයකට මුල පිරීමක් ලෙස දැකිය හැක. මෙම සියලූ වෙනස්වීම් පෞද්ගලික වශයෙන් බලපාන අතර මගේ රටට බලපාන අයුරු සඳහන් කිරීම පළමුව වැදගත් වනු ඇත. වැඩ කරන ජනතාව, කම්කරුවන්, දිලින්දන් මෙන්ම වහල්කම් කරන්නන් නියෝජනය කරන්නේ ද සෙනසුරුය. මොහු ඉතාමත් කපටි, කාර්යශූර, වැඩකාරයා වන අතර නපුංසක ග‍්‍රහයකු ලෙස ප‍්‍රසිද්ධය. සෙනසුරුට සතුරු ග‍්‍රහයන් වනුයේ රවි සහ චන්ද්‍රය. නිතරම ඔවුන් වෙනුවෙන් දරදිය ඇදීම සෙනසුරුම සිදුකරයි. කුජ සහ ගුරු සම ග‍්‍රහයන් වන අතර ඔවුන් ඉදිරියේ තම බුද්ධිමත් භාවය පෙන්නුම් කිරීමට උත්සාහ කරයි. බුධ, සිකුරු, රාහු සහ කේතු සෙනසුරුට මිත‍්‍ර ග‍්‍රහයින් වන අතර හොඳම යහළුවා වන්නේ ඒ අතරින් රාහුය. රාශි දොළහෙන්ම සෙනසුරුගේ බලය වැඩි උච්චතම ස්ථානය වනුයේ තුලා රාශිය වන නිසා වෙනත් රාශිවලදී අන් අයට අවශ්‍ය පරිදි වැඩ කළත් මෙම රාශියේදී පමණක් අන් සියලූම ග‍්‍රහයින් තම අණසකට යටත් කර ගැනීමේ හැකියාව ඇත. සියලූ බල පුළුවන්කාර කමින් සන්නද්ධව සිටින සෙනසුරුට වසර 204 කට පසු මෙම උච්ච රාශියේදී හොඳම මිත‍්‍රයා වන, රාහුගේ හමුවීම 2012.12.23 වැනි දින සිදුවේ. කම්කරු ශ‍්‍රමිකයින්ට ඉතාමත් හොඳ කාලයක් බිහිවන අතර විදේශිකයන්ට අප ශ‍්‍රමිකයන්ගේ අවශ්‍යතාව බොහෝ වශයෙන් වුවමනාවෙයි. ආයතන ප‍්‍රධානීන් සහ ප‍්‍රභූන්ට වැඩ කරන ජනතාව සමග ඉවසීමෙන් කටයුතු කිරීමට සිදුවනවා මෙන්ම ජනතාවගේ ඉවසීම ඉක්මවා යන අවස්ථා දැකගැනීම හැකි වෙයි. ගොවි ජනතාවගේ ශක්තිය ඉස්මතුවේ. ඔවුන්ගේ වගාවන්ට අවශ්‍ය පහසුකම් මෙන්ම බෝගවලට සාධාරණ මිලක් ලබාදීමට ද වගකිය යුත්තන්ට සිදුවේ. ආනයන භාණ්ඩ කෙරෙහි ඇති වන ප‍්‍රතිපත්තිමය වෙනස් වීම නිසා ගොවි ජනතාවගේ උද්යෝගය වැඩි වුවත් ප‍්‍රවාහන ගැටලූ බාධකයක් ලෙස පවතී. ජාත්‍යන්තර වශයෙන් අප ආර්ථිකය කෙරෙහි බලපාන කරුණු රැුසක් ප‍්‍රබල ලෙස ඉස්මතු විය හැකිය. කෙසේ වෙතත් පුහුණු ශ‍්‍රමිකයන්ගේ අවශ්‍යතාව සපුරාලීමට හැකිවීම වෙනසකට හේතුවනවා ඇත. සාමාජිය වශයෙන් ගත් කල ජනතාව රැවටීමෙන් මුලාවෙන් සහ කොන් වීමෙන් වැලකේ. ජනතාව බුද්ධිමත් වේ. අසාධාරණයට ලක් වූ අය මෙන්ම කම්කරු දිලිඳු     ජනතාවගේ අවශ්‍යතා සොයා බලා කටයුතු නොකළහොත් ගැටලූ රැසකට මුහුණදිය හැක. ප‍්‍රභූන් අතහැර කම්කරු නායකයන් හා ඔවුන් වෙනුවෙන් අවංකව පෙනී සිටින්නන් වෙනුවෙන් ක‍්‍රියාකිරීම පෙන්නුම් කෙරේ. ඉවසීමෙන් කටයුතු කිරීම සියල්ලන්ටම සතුට ගෙන දෙන්නක් වේ. වැඩකරන දිළිඳු ජනතාව වෙනුවෙන් පෙනී සිටින දේශපාලන නායකයන්ගේ බලය තවතවත් වැඩි වන අතර එහෙයියන් සහ රජු රවටන්නන්ගේ දේශපාලනය විනාශ වනු ඇත. සෙනසුරු තම උපරිම බලය යොදා ඔළුව නැති රාහු තම පැත්තට නම්මාගනී. එහි ප‍්‍රතිඵලයක් ලෙස අසාධාරණය වෙනුවෙන් නැගීසිටීම, අරගලයක යෙදීම්, රහස් කුමන්ත‍්‍රණ මෙන්ම, ජාත්‍යන්තර වශයෙන් අප දේශපාලනයට සිදුවන ඇඟිලි ගැසීම්වල වැඩි වීමක් සිදුවීමට ඉඩ ඇත. ඔළුව නැති රාහු මෙහෙයවා කරන ඝාතන රැුසක් සිදුවීමට ද ඉඩ ඇත. එහෙයින් මෙම කාලය තුළ කල්පනාවෙන් සහ ඉවසීමෙන් ක‍්‍රියා කළ යුතු අතර, රහස් කුමන්ත‍්‍රණ කෙරෙහි දැඩි අවධානය යොමු කළයුතු කාලයක් බව ඉතා විශ්වාසයෙන් සඳහන් කළ යුතුය. ආගමික වශයෙන් ගත් කළ මිථ්‍යා දෘෂ්ඨික ආගම් දැඩි අපහසුතාවට පත්වේ. බොරු කියමින් ජනතාව මුලා කරමින් සිටි ආගමික සංවිධානයන්ට එරෙහිව ජනතාව නැගී සිටිනු ඇත. බෞද්ධ ජනතා මිථ්‍යා දෘෂ්ඨියෙන් මිදෙයි. මිථ්‍යාව පතුරවා හරිමින් තම බඩ ගෝස්තරය ගැන පමණක් සිතපු ජෝතිෂ්‍ය වේදීන්ට ද අපල කාලයක් බව සිහිතබා ගැනීම මැනවි. දුස්ශීල පූජකයන්ට ද නරක කාලයක් බව මෙහිලා තවදුරටත් සඳහන් කළ යුතුය. ජනතාවත් පූජනීය ස්ථානත් අතර ඇති සම්බන්ධය වැඩි වන නිසා පූජ්‍ය පක්ෂයේ සහයෝගය දේශපාලකයන්ගෙන් ගිලිහී ජනතාව සමග ඉදිරියට ඒමක් පෙන්නුම් කෙරේ. ආගමික වශයෙන් ඇති වන බලපෑම මිනිසාගේ අධ්‍යාත්මය සුවපත් කරන්නක්ම වේවායි පතමි. රාහු යනු සෞරග‍්‍රහ මණ්ඩලයේ සිටින අකීකරුම ග‍්‍රහයා ලෙස නම් දරා සිටියි. මිනිසුන් උමතු කරවන මානසික පීඩනය වැඩිකරවීමට හැකි, නිතර ඇවිද්දවන, ඉක්මන් තීරණ ගැනීමට පොළඹවන, අවිනිශ්චිත ක‍්‍රියාකාරකම්වල යොමු කරවන, ලැජ්ජා නැති, බොරු උඩගු කමින් පිරුණු සිතක් ඇති, නොඉවසිලිමත් ගති ඇති අයකු ලෙස ඉතා ප‍්‍රසිද්ධයි. එම නිසා සෙනසුරුගේ සහ රාහුගේ මෙම හමුවීම සෙනසුරුගේ බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ වීමක් ලෙස ද සැලකිය හැකිය. උපතින්ම රාහු සහ සෙනසුරු සතුරු ස්ථානවල සිටියදී උපත ලැබූ අයද, රාහු නීච ස්ථානවලදී උපත ලැබූ අයද විශේෂයෙන් රාහු හෝ සෙනසුරු මහ දසා අතුරු දසා පසු කරයි නම් කල්පනාකාරී වන්න. ඔබ ගන්නා ක‍්‍රියාමාර්ග සහ නොයිවසිලිමත්කම තම පවුලේ අයටත් සමාජයටත් හිසරදයක් වීමට ඉඩ ඇත. රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය විදෙස් ගතව සිටින අප සහෝදර ජනතාවගෙන් අපේක්ෂා කළ හැක. මෙම සියලූ ක‍්‍රියාදාම රටේ දුප්පත්කම දුරලීමට අවශ්‍ය අවියක් කරගැනීමට බුද්ධිමතුන්ගේ අවධානය යොමු කළ යුතු කාලයකි. විදෙස් ගතව සිටින බුද්ධිමත් ජනතාව තම රට ගොඩනැගීමේ අවස්ථාවට සම්බන්ධ වී පරාර්ථකාමී අදහස් පෙරටුකොටගත් අභිමානවත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් නැගී සිටීම අපි අපේක්ෂා කරමු. අප රට පිළිබඳව අවධානයෙන් සිටීමට ඉහත කරුණු මා සඳහන් කළ අතර පුද්ගලයාගෙන් පුද්ගලයාට සිදුවන බලපෑමට ඔබ තනිවම මුහුණ දිය යුතුවේ. එම නිසා ඔබගේ පවුලේ දෛවඥ වෙත ගොස් සෙනසුරුගේ සහ රාහුගේ එකතුව ඔබට බලපාන්නේ කෙසේද යන වග පරික්ෂා කරගන්න. කෙසේ වෙතත් සමස්ත ලෝකවාසී ජනතාව වෙනුවෙන් බෞද්ධ ජනතාව ඉදිරියට විත් මේ සඳහා පිළියම් යෙදිය හැකි බව මගේ විශ්වාසයයි. ත‍්‍රිපිඨකයෙහි ”සංයුක්ත නිකාය” අඩංගු ”චන්ද්‍ර සූත‍්‍රය” ට අනුව බුදුන්ගේ හඬ කණ වැකුණු රාහු අසුරිඳු බියෙන් වෙව්ලා තැතිගැනීමෙන් තම අසුර ලෝකයට ගොස් ”විපචිත්ති” නම් අසුර නායකයා ඉදිරියෙහි පසු තැවුනු අයුරු සඳහන් කර ඇත. එම නිසා තුණුරුවන් සරණ ගිය බෞද්ධයාට මෙම අවස්ථාවේදී නියමිත යුතුකමක් හා වගකීමක්වේ. ඉදිරියට එන්න, මහා සංඝයා ආරක්ෂා කරගන්න, සෑම පූජනීය ස්ථානයකම, නිවසකම, ව්‍යාපාරික ස්ථානයකම, අධ්‍යාපනික ස්ථානයකම      ”රතන සූත‍්‍රය” සජ්ජායනය කරන්න මිථ්‍යාවෙන් මිදී ඇස් අරින්න සියළුදෙනා හට මෛත‍්‍රී කරන්න. සත්‍යට ගරු කරන්න. බොරුව සහ රැවටීම ප‍්‍රතික්ෂේප කරන්න. මෙම ප‍්‍රතිපත්ති අනුගමනය කරමින් ජීවත් වන ඔබට ඒකාන්තයෙන්ම ජයග‍්‍රහණය හිමිවනු ඇත. සියළු විනාශයන් හමුවේ ඔබ නොසැලී සිටින අයුරු ඔබම දැක සතුටු වන්න.
රනේෂ් වර්නන් කුමාරසේන - ජෝතිෂ්‍ය විද්‍යා විශේෂඥ



අදහස් (0)

සෙනසුරු,රාහු හමුවීමෙන් ලෝකයේ පෙරැළියක්

අසන්ක Friday, 21 December 2012 09:02 AM

ධාර්මිකව සිටින්නන් හට ගැළවීමක් ඇත. (නි)

:       0       0

රංජි Friday, 21 December 2012 03:47 PM

අද 21 . ඒත් තාම මුකුත් වුණේ නෑනේ (ස)

:       0       0

වික්‍රම Monday, 17 December 2012 04:35 PM

කොහෙද ඕවා තියෙන්නේ? ත්‍රිපිටකයේ හෝ මහා වංශයේ හෝ අටුවා වල හෝ ද? සිංහලයන්ගේ ආගම බුද්ධාගම නොවේ. අනික රාහු, කේතු කියලා ග්‍රහ ලෝකයක්වත් නැහැ. හොයලා බලන්න රාහූ කේතු කියලා රැවටෙන්නේ මොන දෙයකටද කියලා. ආලෝකය නාභිගත වන තැනකට. මේක රාහූ ඒකේ විරුද්ධ තැන කේතු. සියල්ලටම සියලු බෙහෙත් විසඳුම් බුදුන් වහන්සේ දෙසූ දහම් වල තිබෙනවා. ටිකක් බැහැලා හොයන්නේ නැත්තෙ ඇයි? (නි)

:       0       0

දිමු Monday, 17 December 2012 12:10 PM

කරපු කියපු දේ අනුව... කාට කාටත්... හම්බෙයි... …ටිකදවසක් ඉවසල ඉමුකෝ.... (ස)

:       0       0

ජයතුංග Sunday, 16 December 2012 10:54 PM

21 වැනිදාටම බලමුකෝ. (නි)

:       0       0

වජිර Monday, 17 December 2012 05:21 PM

ඔය බොරු. (නි)

:       0       0

අනූෂා Thursday, 20 December 2012 08:23 PM

කලබල වෙන්න එපා. හෙට බලමුකෝ වෙන්නේ මොනවද කියලා. (නි)

:       0       0

‍හේමලතා මුණසිංහ Wednesday, 19 December 2012 03:11 PM

ශ්‍රී මහා භද්‍රකාලී දේවඅම්මා සියලු ස්වාභාවික විපත් පාලනය කරමින් සද්ධර්මයට අනුකූලව ජීවත් වන ධාර්මිෂ්ඨ, අහිංසක ජනතාව දෙස දිවැස් හෙලන සේක්වා!!! (ස)

:       0       0

අනුෂ්ක Monday, 17 December 2012 01:17 PM

ලෝක විනාසය බොරුවක් (දී)

:       0       0

චමිලා Friday, 21 December 2012 05:42 PM

ලෝක විනාශය වගේ ජ්‍යෙතිෂය කියූ සමහර දේත් බොරු වුණා එහෙනම්... (නි)

:       0       0

අජිත් Wednesday, 19 December 2012 04:31 PM

මේ ලෝකයේ දැන් අපරාධ,දුෂණ කොච්චර වැඩිද කිවුවොත් ඒවා දැන් නීතියෙන් වළක්වන්න අමාරු තත්ත්වයකට පත්වෙලා. (නි)

:       0       0

චාමික Thursday, 20 December 2012 04:10 PM

මේ වගේ එක දවසින් මිනිස්සු තෙරුවන් සරණ ගිහින් ධාර්මික වෙනවද? බුදුදහමේ එවැනි දේවල් නැත..අවුරුදු 2500 තිබුණු දහමත් දැන් පිරිහෙනවා පන්සල් , හිමි වරු වැහි වහල.නමුත් පිළිවෙත් ,අඩුම ගනේ පස් පවින් වැලකී සිටින මිනිසුන් හොයන්න මේ බහු භාණ්ඩික ලෝකයේ කළුනික හොයනවා වගේ ...!! (ස)

:       0       0

සම්පත් Thursday, 20 December 2012 10:41 PM

මම නම් කියන්නේ බොරු කතා වලට නොරැවටෙන්න කියලයි. (නි)

:       0       0

නලින් Tuesday, 18 December 2012 09:24 PM

මේවා විශ්වාස කරන මිනිස්සුත් ඉන්නවා. මුලු ලෝකෙන්ම හොදම වෙලාව අල්ලන මිනිස්සු ඉන්න ලංකාවට ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? ඉපදුණු දින පටන් මියයන දවස දක්වා හැම එකකටම වෙලාව බලනවා. (නි)

:       0       0

සචිත් Thursday, 20 December 2012 12:21 PM

මම නම් ග්‍රහචාරය ගැන දන්නෙ නැහැ. ඒත් මේකේ ලොකු ඇත්තක් තියෙනවා. (නි)

:       0       0

නිමේෂා Friday, 21 December 2012 08:12 PM

බුදු දහමට අනුව මෙවන් දෙයක් සිදුනොවේ. (නි)

:       0       0

නිමේෂි Friday, 21 December 2012 08:14 PM

මේ සේරම ලංකාවේ අයගේ දුර්මත. (නි)

:       0       0

මිහිඳු Wednesday, 19 December 2012 11:19 AM

බුදුන් වහන්සේ වඳාල විදියට හැම දේම සිදුවේවි (ස)

:       0       0

දේවප්‍රිය Tuesday, 18 December 2012 04:23 PM

ජ්‍යොතිශය ජීවත්වෙන්නේ සෙනසුරු,රාහුගේ පිහිටෙන්. (නි)

:       0       0

සුදේෂ් Sunday, 16 December 2012 05:15 PM

අනේ මන්දා? මේක පුදුම විනාශයක්. (නි)

:       0       0

පද්මා Monday, 17 December 2012 08:41 PM

මට නම් තේරෙන්නේ නැහැ මොනවා වෙන්න යනවද කියල (දී)

:       0       0

ජැක් Monday, 17 December 2012 08:39 PM

කොහොම නමුත් 21 වෙනිස්දාට මොකක් හරි වෙනවා (දී)

:       0       0

අස්රන් Wednesday, 19 December 2012 06:33 PM

දැන් ‍ලෝක විනාශය සිදුනොවුණොත් කට්ටිය ‍‍මොනවා කියයිද? (නි)

:       0       0

වර්නි Tuesday, 18 December 2012 12:02 PM

අනේ වාසනාවන්! (නි)

:       0       0

සදුනි Monday, 17 December 2012 09:42 PM

අනේ මන්දා ..කිං කරිස්සන්ති තාරකා.... කියලා විතරයි මම දන්නේ (ස)

:       0       0

සුගත් Monday, 17 December 2012 03:58 PM

මමනම් විශ්වාස කරන්නේ නැහැ (දී)

:       0       0

ශාන් Wednesday, 19 December 2012 02:47 AM

රජකම් කළත් කළකම් පළදේ... (නි)

:       0       0

අයේෂා Friday, 21 December 2012 07:51 AM

අපි කරන පින්පවු දෙක මත තමයි අපේ ජීවිත තීරණය වන්නේ. (නි)

:       0       0

ශාන් Wednesday, 19 December 2012 02:52 AM

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් යුතුව ඇසිය යුතුයි. (නි)

:       0       0

තුෂාර Friday, 21 December 2012 08:02 AM

මට නම් ඕවා විශ්වාස නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 683 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 460 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 352 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1591 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 100 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 714 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 660 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 172 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1201 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site