2012 සැප්තැම්බර් 09 | ප.ව. 01:32
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
-
Share
බහුවෙ සරණං යන්ති-ආරාම රක්ඛ චෙතියානි
පබ්බතානිච වනානිච-මනුස්සා බය තජ්ඣිතා
බියෙන් තැතිගත් බොහෝ මනුෂ්‍යයෝ, ආරාම ද, වෘක්ෂ ද, චෛත්‍යය ද, පර්වත ද, වනයන් ද සරණ යති.
මේ චීන අවතාරයක රූපයක්
ගලබොඩඅත්තේ ඥානසාර හිමි
|
ඒ බුදුන් වහන්සේ වදාළ දහමයි. 365 දවස පුරාම බුදු බණ ඇසිය හැකි රටක ජීවත්වන අප බුදුන් වදාළ පරිදිම බියෙන් තැතිගෙන දැන් විවිධ දෑ සරණ යමින් සිටිති.
වරින් වර මේ ආකාරයේ විවිධ දේ කරළියට පැමිණේ. වාසනාව උදාකරන බවටත්, මුදල් යහමින් ලැබිය හැකි බවත් රෝග වලින් ඈත්ව සිටීමට මහෝපකාරී වන බවත් පවසමින් දැන් අලූතෙන්ම ශී‍්‍ර ලාංකීය සමාජය ආක්‍රමණය කරමින් තිබෙන්නේ ”ලාෆින් බුද්ධ” හෙවත් ”සිනාසෙන බුදුන්” යන නමින් හඳුන්වන විකාර රූපී පිළිමයකි.
දුරාතීතයේ පටන් ශී‍්‍ර ලාංකිකයෝ පිටරටින් එන ඕනෑම දෙයක් වැළඳගෙන ඒ අනුව දිවි ගෙවීමට පුරුදු වූ අය වෙති. මෙහි අලූත්ම ප්‍රවණතාව වී ඇත්තේ චීන ෆෙන්ෂුයි කලාවට අයත්යැයි පැවසෙන ‘‘ ලාෆින් බුද්ධ ’’ හෙවත් ‘‘ සිනාසෙන බුදුන්ගේ ’’ පිළිරුවයි.
විශ්ව ශක්තිය පිළිබඳ චීනයේ ඇති විශ්වාසයන් කැටිකැරගත් ෆෙන්ෂුයි කලාව අපේ රටේ පැවති විශ්වාසයන් හා ගුප්ත ශාස්ත්‍ර වැනි තවත් එක් ඥාන සමූහයක එකතුවකි. එක්තරා කණ්ඩායමක් විසින් මේ කලාව ශී‍්‍ර ලංකාවේ ප්‍රචලිත කරද්දී එය වටා ගොඩනැගුනු විවිධ සංකේත රාශියක් දැන් මෙරට සමාජයේ ප්‍රචලිත වෙමින් තිබේ. දැන් සිදුවන්නේ ෆෙන්ෂුයි කලාවේ භාවිත සංකේතයන් දහස් ගණනන් වූ අධි මිලට විකිණීම බව ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමේදී පෙනී යයි.
රතු නූලකින් ගැටගසන ලද කාසි ති‍්‍රත්වයක්, කකුල් තුනේ ගෙඹි රූපයක්, රුවල් නැවක්, කුඩා සීනුවක් සහිත නිර්මාණ ද ඒ අතරව වේ. වර්තමානයේ සෑම ව්‍යාපාර ස්ථානයකම, කාර්යාලයක සහ නිවෙස් වල පවා මුල්බැස ගනිමින් තිබෙන්නේ විශාල උදරයක් සහිත හිස මුඩු කළ කට ඇරගෙන සිනා සෙන විකාර රූපී මිනිසකුගේ පිළිරුවකි. අතීතයේ අපේ සෙල් කැටයම් අතර හමුවූ බහිරව රූපයක් මෙන් දක්නට ලැබෙන මෙම රූපයට බුදුන්ගේ රූපය යැයි පවසන්නේ සමස්ත බුදු දහමට පවා නිගා දෙමිනි.
දහවැනි සියවසේදී පමණ චීනයේ ෂෙන්ජියන් ප්‍රදේශයේ ජීවත්වූ චිත්සු නමැති භික්ෂුවකගේ රූපය මෙය යැයි මතයක් පවතී. කුඩා ළමයින්ට මහත් සේ ඇල්මක් දැක්වූ චිත්සු හිමියන් මහත් ත්‍යාගශීලී අයකු බව චීන වැසියන්ගේ පිළිගැනීම විය. එමෙන්ම ඔහු කාලගුණය පිළිබඳ අනාවැකි කියූ බව ද චීනයේ මුල්බැසගත් මතයකි.
චීන ජනශ්රැතියේ පැවසෙන්නේ චිත්සු හිමියන් මතු බුදුවන මෛතී‍්‍ර බුදුන්ගේ අවතාරය බවට පත්වූ බවයි. වර්තමානයේ ශී‍්‍ර ලංකාවේ ස්ථාන කිහිපයකින්ම මෛතී‍්‍ර බුදුන්යැයි කියා ගන්නා පුද්ගලයන් පහළ වී ඇති ආකාරයෙන් එදා චීනයේ විසූ චිත්සු භික්ෂුව ද තමන් මෛතී‍්‍ර බුදුන්යැයි කියා ගත්තාද යන්න අප දන්නේ නැත. චිත්සුයි සතුව හණ මල්ලකි. මේ මල්ල යහපත් දේ වලින් පිරී ඇතැයි ද ඔහු පොඩි දරුවන්ට රසකැවිළි වැනි දේ බෙදා දෙන බවට ද චිත්සු පී‍්‍රතිය, නිර්ලෝභී බව සහ ධවනවත් බව වෙනුවෙන් පෙනී සිටින බව ද චීන ජන සාහිත්‍යයේ දැක්වේ.
මෛතී‍්‍ර බුදුන්ගේ අවතාරය ලෙස හැඳින්වූ චිත්සුගේ පිළිම තැනූ චීනය ඒ පිළිම තමන්ට වාසනාව ගෙන එන බව ට දැඩි සේ විශ්වාස කළහ. චිත්සුගේ අවතරාය තමන්ට උදව් කරන බවටත් චිත්සු හිමියන් ජීවත්ව සිටියදී මෙන් ඔහුගෙන් දරුවන්ට සහ දුප්පතුන්ට ආරක්ෂාව ලැබෙන බවත් චීන ජාතිකයෝ විශ්වාස කළහ. ඇතැමුන් පවසන්නේ මෙය චිත්සු හිමියන්ගේ පිළිමයක් නොව කුවේරයාගේ රුව සහිත පිළිමයක් බවයි.
සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය හව් ඉමින් මහතා පවසන්නේ ශී‍්‍ර ලංකාවේදී ෆෙන්ෂුයි යනුවෙන් හඳුන්වන්නේ නියම ශාස්ත්‍රය වරද්දාගෙන බවයි. වචන උච්ඡාරණය පවා වැරදි බව ඒ මහතා කියා සිටියේය. ෆෙන්ෂුයි නොව එහි නියම නම ”ෆොං ෂේ” විය යුතු බවත් එහි අර්ථය සුළ`ග සහ ජලය බවත් හෙතෙම පෙන්වාදෙයි.
ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය.
‘‘ මෙය කි‍්‍රස්තු පූර්ව යුගයේ සිට පැමිණෙන ශාස්ත්‍රයක්. ලංකාවේ ද මෙවැනි ශාස්තී‍්‍රය ක්‍රම රැසක් දක්නට ලැබෙනවා. වාස්තු විද්‍යාවේදී එවැනි දේ විශාල වශයෙන් භාවිත කරනවා අප දැක තිබෙනවා. විශ්වයේ ඇති අනන්ත ජීව ශක්තිය රඳා පවතින යම් ප්‍රදේශයක් තිබෙනවානම් එම ප්‍රදේශයේදී සාර්ථකත්වය අත්කැර ගන්න පුඑවන්. මේ ශාස්ත්‍රය ශී‍්‍ර ලංකාවේ භාවිත ආකාරය පිළිබඳ සතුටු විය නොහැකියි ’’ ඔහු කියයි.
මියගිය චිත්සු හිමියන්ගේ අවතාරයට අනුව සකස් කළ පිලිමයේ සරණ යන මෙරට සියඑ දෙනාගේ අපේක්ෂාව වන්නේ හැකි ඉක්මණින් පොහොසත් වීමයි. ඔවුන් විශ්වාස කරන්නේ මේ විකාර රූපී පිළිමය නිවසේ ඇතුළට පෙනෙන ආකාරයෙන් තැබීමෙන් හෝ තම කාර්යාලයේ නැතිනම් ව්‍යාපාරික ස්ථානයේ තැබීමෙන් සෞභාග්‍යය උදාවන බවයි. තව ද මෙම පිළිමය කාසි ගොඩක් මත තැබීමෙන් දිනෙන් දින අධික ලෙස මුදල් ලැබෙන බව ද ඔවුන්ගේ විශ්වාසය වී තිබේ. දිනපතාම මේ පිළිමයේ විසල් උදරය පිරිමැදීමෙන් ද තමන්ට ඉක්මනින් ධනවතකු බවට පත්විය හැකි බව ද අපේ ඇත්තන්ගේ විශ්වාසය වී තිබේ.
මේ පිළිමය නිදන කාමරයේ තැබුවහොත් පවුල් ජීවිතය විනාශ වන බව පිළිම විකුණන්නන් විසින් මුද්‍රණය කොට බෙදා හරින ග්රන්ථයන්හි දක්වා තිබේ.
සිනහසෙන බුදුන් යැයි කියන මෙවැනි පිළිමයක පිහිටෙන් පොහොසතුන් වීමට යාම බුදු දහමට කිසිසේත්ම ගැළපෙන්නක් නොවේ. එය හින්දු ආගමේ දේවවාදයට යම් පමණකින් එකගතාවක් දැක්වුව ද මෙයින් බුදු දහමට සිදුවන්නේ අනර්ථයකි. හදිසි බලවේගයක පිහිටෙන් පොහොසතුන් වීමට යාම බුදු දහමට අනුව කළ හැක්කක් නොවේ.
මෙහි වඩාත්ම විනාශකාරී දෙය නම් චීනයේ දී මියගිය භික්ෂුවකගේ අවතාරය ලෙස සැළකෙන පිළිමයට මෙරටදී බුදුන් යැයි හඳුන්වා දීමයි. අප දන්නා පරිදි බුදු පිළිමය යනු කි‍්‍රස්තු පූර්ව පළමුවැනි සියවසේ පමණ සිට ක්‍රමිකව විකාශය වූවකි. එයින් මහා කරුණාවත්, උපේක්ෂා ගුණයත් මනාව පිළිබිඹු කිරීමට හෙළ කලා කරුවෝ සමත්වූහ. පසුගිය දා චීනයේ කැණීමකින් හමුවූ බුදු පිළිම ද මෙරට දී අපට දක්නට ලැබෙන බුදු පිළිම වලට සමානතාවක් දැක්වීමෙන් පෙනී යන්නේ චීනයේ බුදු පිළිමය ද ඉන්දියාවේ සහ ශී‍්‍ර ලංකාවේ බුදු පිළිම වලට සමාන නිර්මාණයක් වූ බවයි. නමුත් මේ සිනාසෙන බුද්ධ යනුවෙන් හඳුන්වන පිළිමය එයට හාත්පසින්ම වෙනස් වූවකි.
චීන බුදු දහමේ ඉගැන්වෙන්නේ මිනිසාගේ විශිෂ්ටතම චර්යාව සිය මනස පිවිතුරු කිරීම බවයි. ඒ සඳහා හුදෙක් තමා කෙරහි පමණක් විශ්වාසය තබා ගැනීම මිස බුදුන්ගේ බලය ද ඇතුඑ අන් කිසිදු බලයක පිහිටක් අවශ්‍ය නොවන බව පැහැදිලිව දක්වා තිබේ. මේ සම්බන්ධයෙන් චීනයේ කි‍්‍රස්තු වර්ෂ 550-606 කාලයේ විසූ හු-හයි මෙසේ පවසා තිබේ.
‘‘ මිනිසා තමා ම විමුක්තිය ලබන බව ඔබ පසක් කළ යුතු අතර, මිනිසා ගලවාගැනීම බුදුන්ට වුව ද නොහැකිය. ඔබම (උතුම්) චර්යාවෙහි යෙදෙනු මිස බුදුන් ගේ අනුග්‍රහය අපේක්ෂා නොකරන්න. එසේම සත්‍ය ධර්මය ගවේෂණය කරන්නාහු බුදුන් ගේ අනුග්‍රහය නොපැතිය යුත්තාහ. ’’
චීනයේ බුදු දහමට අනුව ඔවුන් මේ ආකාරයේ විකාර රූපී පිළිම සරණ යන්නේ නැත. මේ සිනාසෙන බුද්ධ යනුවෙන් හඳුන්වන පිළිමය චීනයේ දී සිහිවටනයක් පමණි. අදෘෂ්‍යමාන ශක්තියක් ඇතැයි ඕනෑම මිත්යාදෘෂ්ටිකයකු පවස යම් දෙයක් වේනම් එය හිස් මුදුනේ තබා පිළිගන්නා අපේ සමාජයට සිනාසෙන බුද්ධ අපූරු මෙවලමක් බවට පත්ව තිබේ ගාල්ලේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මේ සිනාසෙන බුද්ධ රූපය තම කාර්යාලයේ තබාගෙන සිටිනු දැකිය හැකි විය. අපි ඔහුගෙන් මේ පිළිරුවේ සත්‍ය අසත්‍යතාව විමසුවීට ඔහු ඒ ගැන කිසිවක් දැන සිටියේ නැත. ඔහු කියා සිටියේ ගාල්ල නගරයේ ෆෙන්ෂුයි සාප්පුවකින් මෙය රුපියල් දහස් ගණනකට මිලදී ගත් බවයි.
ෆෙන්ෂුයි පිළිබඳ ප්‍රචාරය කරන පුද්ගලයකු විසින් පැවසීම හේතුවෙන් ඔහු එය මිලදී ගෙන තිබේ. ලොව පුරා ධනවත් පුද්ගලයන් රැසක් මේ පිළිමය පිළිබඳ විශ්වාස කරන බැවින් තමන් ද පිළිමයක් මිලදී ගත් බව ද හෙතෙම අප සමග කියා සිටියේය. සිනාසෙන බුද්ධ යනු චීනයේ විසූ භික්ෂුවකගේ අවතාරයක් විනා එය බුදු පිළිමයක් නොවේයැයි කීව ද ඔහු එය පිළිගැනීමට සූදානම් නැත.
අතීතයේ ඉන්දියාවේ දේව වාදයෙහි ඇතුළත් ලෝකයේ සශී‍්‍රකත්වයට අධිපතියැයි පවසන ඊශ්වර දේව සංකල්පයට අනුව ජගන්මාතා පිදීම බුදු රජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කැර තිබේ. බුදුන් පෙන්වාදුන්නේ සෑම දෙයටම වඩා මිනිස් ශ්‍රමය වටිනා බවයි. මේ ගැන අවබෝධයක් නැතිව අපේම බෞද්ධයන් ‘‘ ලාෆින් බුද්ධ ’’ වන්දනාවේ යාම තව දුරටත් මිථ්‍යාවේ ගිලී යාමක්ම පමණි.
මේ පිළිබඳ අදහස් දැක්වූ බොදු බල සේනාවේ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙසේ කීහ.
‘‘ මේ සිනා මුසු මුහුණින් සිටින, මුඩු හිසක් සහිත රූපය අපගේ ගෞතම බුදුන්ගේ රූපයක් නොවේ. මෙය බුදුන්ගේ යැයි කියා අඹන ලද රූපයකුත් නොවේ. චීනයේ ජීවත්වූ භික්ෂුවක් මිනිසුන්ට උදව් කළ බවත් මරණින් පසු නැවත අවතාරයක් ලෙස ඉපද උදව් කරන බවටත් තිබූ සංකල්පයකට අනුව අඹා ඇති පිළිරුවක්. ඇයි අපි මේ අවතාර වලට වන්දනා නමස්කාර කරන්නේ. අවතාරයක පිළිරුවක් මේසය මත තබාගෙන බඩ අතගෑවම මුදල් ලැබෙනවානම් මිනිස්සු මහන්සි වෙන්න අවශ්‍ය නැහැනේ. මුදල් හොයන්න තියෙන පහසුම ක්‍රමය එයයි. මේ රූපය ථේරවාදී දහමට හෝ මහායාන ආගමට හෝ කිසිදු සම්බන්ධයක් නැති දෙයක්. ඇතැම් අය මෙය ධාන්‍යයට හා ධනයට අධිපති දෙවියකුයැයි විශ්වාස කරනවා. කෙසේ වෙතත් බුද්ධ ශාසනයට කිසිදු සම්බන්ධයක් නැහැ. ’’ බොදු බල සේනාවේ ලේකම් ඥානසාර හිමියන් පවසන්නේ මේ සිනාසෙන බුද්ධ නමැති පිළිමය බුදු දහම විනාශ කරන බලවේගයක් බවට පත්ව ඇති බවයි. ඒ සම්බන්ධයෙන් මේ වන විටත් බුද්ධ ශාසන අමාත්‍යාංශය ඇතුඑ වගකිවයුතු අංශ දැනුම්වත්කැර ඇති බව ද ඥානසාර හිමියෝ කියති.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ හිමියෝ මෙසේ ද කීහ.
‘‘ මෙය බුදු දහම විනාශ කරන විකෘති කරන දෙයක්. බුදු පිළිම වලට නිගා දෙන පුද්ගලයන් නීතියේ රැුහැනට හසුකරනවා වගේ අවතාරයක රූපයක් බුදු පිළිමයක් නමින් විකිණීමට එරෙහිව වහාම පියවර ගතයුතුයි කියා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ඔවුන් මේ අමු අමුවේම විනාශ කරන්නේ අපේ නිර්මල බුදු දහම. බෞද්ධයාගෙන් සැබෑ බුදු පිළිමය ඉවත් කරලා අවතරායක රූපයක් එතැනට ආදේශ කරන්න තමයි මොවුන් මේ කටයුතු කරන්නේ. ’’
ලාෆින් බුද්ධ යනුවෙන් හඳුන්වන පිළිමයක් නොමැති ව්‍යාපාරික ස්ථානයක් සොයා ගැනීමට නොහැකි තරමටම දැන් එය සමාජයේ මුල් බැසගෙන තිබේ. බොහෝ ව්‍යාපාරික ස්ථානයන්හි මේ බුද්ධ ප්‍රතිමාවට කාසි තබා ඇත. මේ ව්‍යාපාරිකයන් පවසන්නේ කාසි සමග තමන් පිළිමය මිලදී ගත්තේ ෆෙන්ෂුයි මධ්‍යස්ථාන වලින් බවයි.
ෆෙන්ෂුයි මෙරට ප්‍රචලිත කිරීමේ කාර්යයේ නිරතව සිටින ආසිරි වනිගරත්න මහතාගෙන් මේ පිළිමය ගැන විමසූ විට ඒ මහතා මෙසේ කීවේය. ‘‘ අපිට පිළිමයේ ඉතිහාසය, පිළිමය මොකක් ද කියන එකවත් මහායාන සංකල්පයවත් වැඩක් නැහැ. 1980 දී පමණ මෙරට ව්‍යාපාරිකයන් සිංගප්පූරුවට ගිය අවස්ථාවේදී එරට සාර්ථක ව්‍යාපාරිකයන් රැුසක් මේ පිළිමය තමන්ගේ ව්‍යාපාරික ස්ථානයේ තබාගෙන සිටින ආකාරය දුටුවා. ඒ නිසා තමයි මේ පිළිමය ලංකාවටත් ගෙන ඇවිත් තිබෙන්නේ. මෙය නිවසේ වාසනාව වැඩි කරන දෙයක්. මේකට වදින්න එපා, පූජා පවත්වන්න එපා කියා අපි පැහැදිලිව කියනවා. වනදනාමාන කළොත් මේ පිළිමයෙන් ධන වාසනා ලැබෙන්නේ නැහැ. සුබ සංකේතයක් විදියට පමණයි මෙය වැදගත් වන්නේ. ඇතැම් භික්ෂූන් වහන්සේලා මෙය පටලවාගෙන තිබෙනවා. ඔවුන් සිටින්නේ වැරදි අවබෝධයක ’’ ඔහු කියයි.
මේ පිළිම තමන් සන්තකයේ තබාගෙන සිටිනන් බොහෝ දෙනකු සහ අන්තර්ජාලයේ මේ පිළිමය හඳුන්වා ඇත්තේ ලාෆින් බුද්ධ හෙවත් සිනාසෙන බුදුන් යනුවෙනි. එහෙත් ආසිරි වනිගරත්න මහතා පවසන්නේ ඔහු එය හඳුන්වන්නේ ලාෆින් ගෝඞ් හෙවත් සිනාසෙන දෙවියන් යනුවෙන් බවයි.
ඒ පිළිබඳ ඥානසාර හිමියන් කියා සිටියේ ලාෆින් බුද්ධ යනුවෙන් මේ විකාරරූපී පිළිමය හැඳින්වීමෙන් බුද්ධිමත් බෞද්ධයන් එයට එරෙහිවීම වැළැක්වීම සඳහා දැන් දැන් උපක්රමිකව ලාෆින් දෙවියන් ලෙස හැඳින්වීමට නැඹුරු වී ඇති බවකි.
චීනයේ ඇති ශාස්ත්‍රයක නම පවා නිසි පරිදි නොදැන එය මෙරටට ප්‍රචලිත කරන්නට උත්සාහ ගන්නන් රටට හා මෙරට බෞද්ධ සංස්කෘතියට කරන්නේ අනර්ථයකි.
සිනාසෙන බුද්ධ සිනාසෙන්නේ සෞභාග්‍යය උදාකරන්නට ද නිර්මල ථෙරවාදී බුදුදහම ආරක්ෂා වී ඇති මේ දහම් දිවයිනේ මිථ්‍යාව පසු පස යන බෞද්ධයන්ට උසුඑ කරන්නට දැයි අප දන්නේ නැත.
සටහන සහ ඡායාරූප සැපයීම - සජීව විජේවීර
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙ අය බුදුන්වහන්සෙෙගන් ඈත් වන විට ඕස්ට්‍රේලියාවේ අය බුද්ධ රෑප ගෙදර ගෙනවිත් ඒදෙස බලාසිටිනවා මනස සැහැල්ලු කරගැනීම සදහා එය මහන්සිවී වැඩකරන්න පහසුවක් නිසා තවද ඔවුන් දැන් එහි හරය ද ඉෙගන ගන්නවා අපේ අය ගැන දුකයි...(නු)
අපිත් පාවිච්චි කරලා, ප්‍රතිඵල කියන්නන්කෝ. (නි)
මේ වගේ දේවල් මාධ්‍ය විසින් මීට පෙර දුන්නා නම් තවත් සතුටුයි. (නි)
මෙ පිළිමය ළග තියා ගත්තහම සල්ලි ලැබෙනවලු. ඇත්තද දන්නේ නැහැ.එහෙනම් අපි ළග තියාගෙන බලමුද? (නි)
මෙවැනි සංඛේත ඉතා ඉහල මිලකට අලෙවි වෙනවා කඩ වල. ගොඩක් මිනිසු මේවට රැවටිලා අතේ තියෙන සල්ලි නාස්ති කර ගන්නවා..වීව්ධ මාධ්‍ය මගින් මේවට දෙන්නේ පුදුම ප්‍රචාරයක්..කරුණ කරලා මේ පිලිබදව සමාජය දැනුවත් කරන්න (ස)
ලොව වැඩිම ජනගහනයක් සිටින චීනයේ බහුතර ජනතාව අනාගමිකයෝ වෙති. කොමියුනිස්ට් විප්ලවයට පෙරාතුව පැවැති ඉපැරණි බෞද්ධ ශිෂ්ඨාචාරයකින් පැවතෙන බෞද්ධ විහාරස්ථාන රැසක් වර්තමානයේද දැකිය හැකි නමුදු එම බොහෝ විහාරස්ථාන ආගමික කටයුතුවලට වඩා සංචාරක ආකර්ශණීය ස්ථාන ලෙස පවත්වාගෙන යනු ලැබේ. එහෙත් එම පන්සල්වල දක්නට ලැබෙන බුදු පිළිම වහන්සේගේ විරූපී ස්වභාවයක් නැත. චීන ප්‍රථිමා ශිල්පීන් බුදු පිළිම නෙළීමේදී සිය ජනතාවගේ ස්වරූපය ගුරුකොට ගත් හෙයින් චීන බුදු පිළිම වහන්සේ සිහින් නෙත් යුගලක් සහිතව දර්ශීය චීන මුහුණකින් යුතුව නෙළා ඇත. එහෙත් ලාපින් බුද්ධා යනුවෙන් හැඳින්වෙන මෙවැනි ප්‍රථිමා චීනයේ වෙළඳපොල තුළ සුලභ වුවද චීන විහාරස්ථානයන්හි දැකිය නොහැක. මෙම සංකල්පය ථෙරවාද හෝ මහායාන බුදු දහමට අයත් නොවේ. (දී)
මේ කතාව ඇත්තනම් චීන්නු ලංකාවට ඇවිත් දියමන්ති ගිලින්න අවශ්‍ය නැහැ.. නිකම් ඉදගෙන පොහොසත් වෙන්න පුළුවං නේ..!!(නු)
කිසිදු මැවීමක් වැදීමෙන් ප්‍රයෝජනයක් අත් නොවේ. මිනිසුන් බුද්ධිමත් විය යුතුයි. (නි)
මේ තරමටම බුදු දහමට නිගා වුණු කාලයක් තවත් නැහැ. (නි)
මේක "සිනාසෙන බුද්ධ" වුණාට ඒ ප්‍රතිමාව චීනයේ හිටපු හාමුදුරු කෙනෙක්ගේ කියලයි මම නම් අහලා තියෙන්නේ. (නි)
මම නම් මේවා විශ්වාස කරන්නේ නැහැ. මේවා බොරු පුහු වැඩ. පිටරට ඕනෑම දෙයක් අපේ කට්ටියට රත්තරන්නේ. (නි)
පෙන්ශුයි කරල බලන අයට නම් ලාෆින් ගෝඩ් වැඩ කරනවා.පින නැති අය විවිධ දේ කියනවා. අදහන්න එපා.(ස)
අපිනම් පිළිගන්නේ නැහැ ඔහු බුදු කෙනෙක් කියලා (දී)
මම දන්න හැටියට මේ සිනාසෙන බුද්ධා නෙමෙයි, සිනාසෙන දෙවියෝ. බුද්ධා නම යොදාගෙන බුදුහාමුදුරුවන්ට අපහස කරන්න එපා. (ස)
ෆෙන්ශුයි බොරු උනාට ලාෆින් බුද්ධ ඈත්ත කෙනෙක්.මෙයා ඈත්ත බෝධි සත්වයෙක්..(ස)
ලංකාදීප තුළින් මෙය පිළිබද ජනතාවට සත්‍ය පහදා දී ලිපියක් කරන්න. ජනතාව දැනටමත් මුලා වී ඇති බව එවන ප්‍රතිචාර වලින්ම පෙනෙනවා. (නි)
මේ ඉන්නේ තාවෝ කියන චීන ආගමේ හාමුදුරු නමක් මිස බදු හාමුදුරු කෙනෙක් නෙමෙයි.. (නු)
ලංකාවේ ඉන්නේ මෝඩයින් බව දන්නේ නැද්ද? (නි)
මෙවැනි දේවල් ලංකාවට එන්න කලින් රජය විසින් අනුමත කරන්න ඕනෑ. මේවායින් වෙන්නේ අපේ රටේ සල්ලි වෙනත් රටවලට ඇදිලා යන එකයි. මෙයින් රටටත් මිනිසුන්ටත් ලොකු විනාශයක් වෙන්නේ. (නි)
මේ මහායාන බුදු දහම
මේවා මිථ්‍යා දෘෂ්ටික, බුදුදහමට එරෙහි වූ ක්රියාවන්ය. (නි)
බොහෝ රටවල උදවිය මේ රූපය ලඟ තබා ගන්නවා .මේකත් හරියට මෝස්තරයක් වගේ...(ස)