IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


සාධාරණය ඉටුකිරිමේදී ජාතිය ආගම නොසලකමු

අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටි කුරුණෑගල රෝහලේ නාරිවේද විශේෂඥ වෛද්‍ය එස්.එස්.එම්. ෂාෆි මහතා නැවත සේවයේ පිහිටුවා නිවාඩු කාලසීමාවට අදාළව ඔහුට වැටුප් ගෙවන්නැයි රාජ්‍ය සේවා කොමිෂන් සභාව සෞඛ්‍ය ලේකම්වරයාට නියෝග කර තිබෙන ප්‍රවෘත්තියට පසුගියදා මාධ්‍යයේ විශේෂ තැනක් හිමි විය.

ඔහු අනිවාර්ය නිවාඩු යැවීමට හේතුව වී තිබූ මවුවරුන්ට වඳ සැත්කම් සිදු කළ බවට වූ චෝදනාවට අදාළ ප්‍රවෘත්තිවලට ද ඒ දිනවල විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලැබී තිබිණි. එසේ වුව ද වෛද්‍ය ෂාෆි මහතාට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් කටයුතු කර නැති බව ද රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිරීක්ෂණවල සඳහන් බව ද වාර්තා විය.

වෛද්‍ය ෂාෆි මහතාට අදාළ චෝදනාව දැඩිව එල්ල වූයේ, 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් පසුවය. ඔහු, තමන්ට සිදු කළ සැත්කම් හේතුවෙන් තමන්ගේ දරුවන් ගබ්සා වූ බවට චෝදනා කළ කාන්තාවන් පිරිසක් ඒ පිළිබඳ රෝහල මගින් පැවැත්වූ විමර්ශනවලදී සාක්ෂි පවා ලබාදුන්හ. තවත් සමහරු මාධ්‍යවලට විවිධ අන්දමේ ‘වොයිස් කට්’ ලබාදුන්හ. ඒ අතරේ දේශපාලනඥයෝ ද සිටියහ. මෙසේ චෝදනා පිට චෝදනා එල්ල වීමෙන් වෛද්‍ය ෂාෆිට එරෙහිව පියවර ගත යුතු බවට එවකට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ද දැඩි පීඩනයක් එල්ල විය. අවසානයේ 2019 මැයි මස 24 වැනිදා සිට ඔහු අනිවාර්ය නිවාඩු යවනු ලැබීය. ඒ සමග ඔහු සැකපිට අත්අඩංගුවට පත් විය.

වෛද්‍ය සේගු ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි, සිංහල බෞද්ධ කාන්තාවන් හාරදහසකට අධික සංඛ්‍යාවකට වඳ සැත්කම් සිදු කළ බවට නැගුණු චෝදනා හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබීම දේශීය වශයෙන් පමණක් නොව විදේශීය මාධ්‍යවල ද අවධානය දිනාගත් ප්‍රවෘත්තියක් බවට පත්විය. ජාතික සහ ආගමික අන්තවාදී ක්‍රියාවලින් ලේ ගැලීම් ඇති වූ ශ්‍රී ලංකාව තුළ මේ අත්අඩංගුවට ගැනීම අතිශය සංවේදී සිද්ධියක් වශයෙන් එතෙර මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි. ජුලි 24 වැනිදා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති පැය පහ හමාරක නඩු විභාගයකින් පසුව ඔහු ඇප මත නිදහස් කරනු ලැබීය. වෛද්‍ය ෂාෆි වෙනුවෙන් පෙනී සිටි මුස්ලිම් සහ සිංහල නීතිවේදීන් ඔහුට ඇප ලැබීමෙන් පසුව ප්‍රකාශ කර තිබුණේ, එල්ල කර තිබූ චෝදනා පදනම් විරහිත සහ ගොතනු ලැබූ කරුණු මත ගොඩනගා තිබූ ඒවා බවය.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් සෞඛ්‍ය ලේකම්වරයාට කර ඇති දැනුම්දීමෙන් පසුව මින් ඉදිරියට හෝ වෛද්‍ය ෂාෆිට තම රාජකාරි කටයුතු කිසිදු බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ ලැබිය යුතුය. ඒ සමග සෞඛ්‍ය ලේකම්, විශේෂඥ වෛද්‍ය එස්.එම්. මුණසිංහ මහතා කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට දැනුම් දී ඇත්තේ, වෛද්‍ය ෂාෆි අනිවාර්ය නිවාඩු යවා තිබියදී ඔහුට හිමි වැටුප නොගෙවීම සම්බන්ධයෙන් හේතු කවරේ ද යන්න නොපමාව තමා වෙත වාර්තා කළ යුතු බවය. එය වෛද්‍ය ෂාෆි වෙනුවෙන් ප්‍රමාද වී හෝ යුක්තිය ඉටුකිරීමට තැබූ ඉදිරි පියවරක් බව කිව යුතුය.

රජයේ නිලධාරියකු අනිවාර්ය නිවාඩු යැවීම ඔහුට හිමි වැටුප නොගෙවීමට හේතුවක් නොවේ. රජයේ නීතිය වෙනත් නිලධාරීන්ට එක් ආකාරයකටත්, වෛද්‍ය ෂාෆිට තවත් ආකාරයකටත් වශයෙන් ක්‍රියාත්මක විය නොහැක. සිතා මතා බලපෑම් සිදු කර වෛද්‍ය ෂාෆිට හිමි විය යුතුව තිබූ වැටුප් ගෙවීම නැවැත්වූ කිසියම් නිලධාරියකු හෝ නිලධාරීන් සිටී නම් ඔවුන්ට එරෙහිව ද ආයතන සංග්‍රහයට අනුව නීතිය ක්‍රියාත්මක විය යුතුය. එසේ නොවුණොත් එය ඉදිරියට ද මෙවැනි අකටයුතුකම්වලට දොර හැර දීමක් වනු ඇත.

වෛද්‍ය ෂාෆි මහතාට එල්ල වූ බරපතළ චෝදනා හේතුවෙන් සහ එම චෝදනා සමග බැඳුණු දේශපාලන මතගැටීම් හේතුවෙන් ඒ දිනවල කුරුණෑගල නගරයම කැළඹී තිබිණි. වෛද්‍ය ෂාෆි අත්අඩංගුවට පත්වීමෙන් පසුව ඔහුගේ දරු පවුලට ද එම ප්‍රදේශය අතහැර යාමට සිදු වූ බව ද වාර්තා විය. එහෙත්, එම චෝදනා එල්ල කිරීම පසුපස දේශපාලන චේතනා තිබූ බව ද පාස්කු ප්‍රහාරයත් සමග මුස්ලිම් අන්තවාදයට එරෙහිව රට තුළින් නැගුණු හඬින් දේශපාලන වාසියක් ලබාගැනීමට කණ්ඩායමක් ගත් උත්සාහයේ ගොදුරක් බවට මේ වෛද්‍යවරයා පත්වූ බව ද තවත් පිරිසක් චෝදනා කළහ. එය එසේ වුවත් සිද්ධියෙන් වසර දෙකක් ඉක්ම ගොස් තිබියදීත් අඩුම තරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හෝ නිසි පරීක්ෂණයක් නොකර තිබීම මගින් පෙන්වා දෙන්නේ, වෛද්‍ය ෂාෆිට වඳ සැත්කම් චෝදනා හේතුවෙන් දැඩි අසාධාරණයක් සිදු වී ඇති බවය.

වෛද්‍ය ෂාෆි අත්අඩංගුවට ගන්නා තුරු ඇතැමකු ඔහු පාස්කු ප්‍රහාරයේ ඝාතකයා වූ සහරාන්ගේ තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයකු බවට ද පතුරු ගසා තිබිණි. එහෙත් වසර දෙකක් ඉක්ම යනතුරු එම චෝදනා කිසිවක් ඔප්පු කිරීමට ඔහුට එරෙහි චෝදනා ගොනු කළ පුද්ගලයන්ට නොහැකි වීම ඔවුන්ගේ චෝදනා පදනම් විරහිත බව පෙන්නුම් කර තිබේ. දේශපාලන හෝ ජාතික, ආගමික වශයෙන් හෝ භේදභින්න වී එකිනෙකාට පදනම් විරහිත චෝදනා නැගීමෙන් රටකට අයත් වන සුගතියක් නැති බව වෛද්‍ය ෂාෆිගේ කතා වස්තුවෙන් හෙළිවන යථාර්ථයයි.



අදහස් (0)

සාධාරණය ඉටුකිරිමේදී ජාතිය ආගම නොසලකමු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 455 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2209 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site