කැනඩාවේ සංචාරයක නිරතවන ඕනෑම සංචාරකයකු නැරඹීමට යන තවත් ස්ථානයක් ලෙස කැනේඩියානු ජාතික කුළුණ සඳහන් කළ හැකිය. එය කැනඩාවේ ජාතික සංකේතයයි. කැනේඩියානු ජාතික කුළුණ නමින් අප හැඳින්වූවද මෙය ලෝ පුරා ප‍්‍රකටව ඇත්තේ සී.එන්. ටවර් (CN Tower) නමිනි. මිනිස් දෑතින් ඉදිකළ ලොව විශිෂ්ට නිර්මාණයක් වන මෙය කිසිදු ආධාරක පද්ධතියක අත්වැල නොමැතිව නිදහසේ අහස් කුසට විහිදී ඇති අයුරු සැබැවින්ම අප මවිතයට පත් කරවන්නාවූ දෙයකි
"දහවලට වඩා කුළුණෙහි ලස්සන මැවෙන්නේ රාත‍්‍රිය එළැඹීමත් සමගය. රාත‍්‍රියට කුළුණ විවිධ වර්ණයන්ගෙන් අලංකාර වේ. විශේෂ ආලෝක කරණ රටාවන්ගෙන් හැඩකරන සමයක්ද තිබේ."
1975 සිට 2007 දක්වා ලොව උසම කුළුණ ලෙස ලෝක වාර්තාවට හිමිකම් කීවේ මෙම කුළුණය. නමුත් නිදහසේ අහස්තලයට විහිදී ගිය උසම නිර්මාණය ලෙස අදටද හිමිකම් කියන්නේ මෙයයි.
අද ලොව ඇති උස් කුළුණු අතරින් පළමු තැන ලබා සිටින්නේ ජපානයේ ඇති ටෝකියෝ කුළුණය. එය උසින් අඩි 2080 කි. දෙවැනියට ඇති උසම කුළුණ වන්නේ චීනයේ ග්වැන්ෂුහි ඇති කැන්ටන් කුළුණය. එය උසින් අඩි 2000 කි.
මෙම සී.එන් කුළුනෙහි ඉදිකිරීම් ආරම්භ වූයේ 1973 දී වන අතර, විවෘත කෙරුණේ 1976 දීය. 1968 දී කැනඩා ජාතික දුම්රිය සේවයේ අදහසකට අනුව ටොරොන්ටෝ නගරය සහ ඒ අවට ජනතාවගේ පහසුව සඳහා රූපවාහිනී සහ ගුවන් විදුලි විකාශන සේවා පුළුල් කිරීමේ අටියෙන් මෙය නිර්මාණය කරන ලදී. මූලික ශක්‍යතා කටයුතු 1972 දී ආරම්භ වූ අතර ඉදිකිරීම් ඇරඹුණේ 1973 දීය. ඒ අනුව පාදම සඳහා පමණක් යකඩ ටොන් 56000 ක් යොදා ගැනුණි. (ගැඹුර) අඩි 49 ක් පොළවට හාරනු ලැබීය. වැඩ කිරීම සඳහා යොදා ගැනුණු දෛනික සේවක සංඛ්‍යාව 1532 කි. කොටස් 36 කින් යුත් මුදුන් ඇන්ටෙනාව ඔසවනු ලැබුවේ ඇමරිකානු ෂිකෝර්ස්කි නමැති හමුදා හෙලිකොප්ටරයක් මගිනි. කුළුණ සාදා නිමකළ අයුරු ගැන වූ සියලූ විස්තර මෙම කුළුණෙහි ඉහත මාලයෙහි ඇති නැරඹුම් මැදිරිය අවට ස්ථානයෙහි සඳහන් කොට තිබේ. මෙය ඉදිකිරීමට වැය කළ මුදල ලෙස සඳහන් වන්නේ කැනේඩියානු ඩොලර් කෝටි 63 ලක්‍ෂයකි. කැනඩාවේ ඔන්ටාරියෝ ප‍්‍රාන්තයේ ටොරොන්ටෝ නගරයට අයත් ඩවුන් ටවුන් පෙදෙසේ පැරණි දුම්රිය ඉඩමක ඉදිකළ මෙම කුළුණ නැරඹීම සඳහා පැමිණෙන විදේශීය සංචාරකයින් මිලියන දෙකද ඉක්මවයි. 1995 වසරේදී ඇමෙරිකානු සිවිල් ඉංජිනේරු ආයතනය විසින් මෙය ලොව පුදුම හතෙන් එකක් ලෙසද නම් කරන ලදී.
සී.එන්. කුළුණ පිහිටි ස්ථානය අවට බිම් පෙදෙස උද්‍යානයක ස්වරූපයෙන් නිර්මාණය කොට ඇත. එම බිම් පෙදෙස අවට රෝජර්ස් සෙන්ටර් හෙවත් මධ්‍යස්ථානය තනා ඇත. අර්ධ ගෝලාකාර හැඩයට තනා ඇති ඊට කැනඩාවේ වඩා ප‍්‍රචලිත ක‍්‍රීඩා වන බේස්බෝල් සහ පාපන්දු ක‍්‍රීඩා මෙන්ම වෙනත් ජවන හා පිටිය ක‍්‍රීඩා සඳහා වෙන් වූ සුප‍්‍රකට ක‍්‍රීඩාංගණයද අයත්ය. වැසි සහිත කාලගුණික තත්ත්වයක් යටතේ වුවද මෙහි ක‍්‍රීඩා පැවැත්විය හැකිවන්නේ ගෝලාකාර වූ වහලය වසා තැබීමට හැකි නිසාය. මෙනිසා මෙයද විශිෂ්ට නිර්මාණයක් ලෙස සඳහන් කළ හැකිය. මේ අවට නම් කර ඇත්තේ ‘‘බොබී රොසන්ෆ්ලෙඞ්’’ උද්‍යානය නමිනි. ඒ කැනඩාවේ සුප‍්‍රකට මලල ක‍්‍රීඩකයකු සිහිවීම සඳහාය.
කුළුණ නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයින් හට අවකාශය ලැබෙන්නේ ඉහළට ගොස් නගරයේ හැඩ බැලීමට පමණක් නොවේ. ඊට පෙර කැමති නම් මෙහි ඇති සිනමාශාලාව වෙත ගොස් ත‍්‍රිමාණ චිත‍්‍රපටයක් නැරඹිය හැකිය. එම සිනමා ශාලාවට අමතරව, රංග ශාලාවක්ද, සාප්පු සංකීර්ණයක්ද, හමුවීමේ ශාලාවක්ද, අවන්හල් කීපයක්ද ඇත. අංශක 360 අවන්හල ඒ අතරින් සුවිශේෂ වන්නේ සතර දිශාවෙහිම දර්ශන නරඹන අතරේ ආහාර පාන රසවිඳගත හැකි අයුරින් නිර්මාණය කර තිබීම නිසාය. එහිදී පිළිගැන්වෙන ආහාර පාන එතැනටම විශේෂිත වූ වට්ටෝරුවලට අනුව පිළියෙළ කෙරේ. නමගිය සූපවේදීන්ගේ සහාය ඒ සඳහා ලබා ගැනේ. අහස් තලයේ ඉදි වූ අවන්හල් නිසාමදෝ මෙහි ආහාර නම් තරමක් මිල අධිකය. මෙහි ඇති ඡායාරූප ගන්නා ස්ථානයද සඳහන් කළ යුතුමය. මෙතැනට පැමිණෙන ඕනෑම සංචාරකයකු හට කැමති නම් ඡායාරූපයකට පෙනී සිටිය හැකි අතර කුළුනේ විවිධ ඉරියව් පසුබිමට යොදා ගන්නා එම ඡායාරූපය සිහිවටනයක් ලෙස මිලදී ගත හැකිය.
ප‍්‍රධාන නැරඹුම් මැදිරිය පිහිටා ඇත්තේ අඩි 1122 කට වඩා ඉහළිනි. ඊට මඳක් පහළින් වීදුරු යොදා තැනු බිමවෙත ගොස් පහත බැලිය හැකිය. එය ත‍්‍රාසය භීතිය මුසු අත්දැකීමකි. ප‍්‍රධාන නැරඹුම් ස්ථානයට ඉහළින් අහසේ තැනු මාළිගය පිහිටා ඇත. එතැනට ප‍්‍රවේශ වීම සඳහා වැඩිපුර මුදලක්ද අයකර ගනී. එතැනට ඈතින් පෙනෙන ඇමරිකානු දේශය, ඔන්ටාරියෝ විල මෙන්ම තවත් බොහෝ තැන් දර්ශනය වේ. ටොරොන්ටෝවේ ඇති පුංචි ගුවන් තොටුපල මෙන්ම තවත් ස්ථාන දිස්වන්නෙ ්සුන්දර සිත්තම් ලෙසිනි.
ඩවුන්ටවුන්හි ඇති දුම්රිය අංගනයේ නවතා ඇති දුම්රිය පෙනෙන්නේ පුංචි සෙල්ලම් කෝච්චි තරමටය. රථ වාහන පෙනෙන්නේ ගිණිපෙට්ටි තරමටය. ඒ මගින් මෙහි උස අපූරුවට මැනගත හැකිය. ස්කයිපොඞ් හෙවත් ඉහළින්ම ඇති නැරඹුම් ස්ථානයේ බොහෝ වේලාවන් රැඳී සිටීමට සිත් ඇති වන්නේ භූමියෙහි දක්නට ලැබෙන සොඳුරු සිත්තම් නිසාමය.
දහවලට වඩා කුළුණෙහි ලස්සන මැවෙන්නේ රාත‍්‍රිය එළැඹීමත් සමගය. රාත‍්‍රියට කුළුණ විවිධ වර්ණයන්ගෙන් අලංකාර වේ. විශේෂ ආලෝක කරණ රටාවන්ගෙන් හැඩකරන සමයක්ද තිබේ. එමෙන්ම විශේෂිත දින සහ කාලසමයන්හිදී විවිධ ආලෝක වර්ණ සඳහා වෙන්කර තිබේ. සරත් සමයේදී කුළුණ හැඩගන්වන ආලෝක රටා දීප්තිය අඩු කරන්නේ සියොතුන්ගේ සංක‍්‍රමණික කාලය වන නිසාය. දෙසැම්බරයේදී රතු සහ කොළ පැහැයෙන් කුළුණ ආලෝක කරන අතර දෙසැම්බර් 31 වැනිදා විශේෂ ආලෝක රටා සැණෙකෙළිය පවත්වන්නේ අලූත් අවුරුදු උදව නිමිත්තෙනි. දෙසැම්බරයේදී, ලෝක ඒඞ්ස් දිනය, රිබන් දිනය, මානව හිමිකම් දිනය සහ ශීත සෘතුය පටන් ගන්නා දින වෙනුවෙන් විවිධ ආලෝක රටාවන්ගෙන් කුළුණ හැඩ ගන්වනු ලැබේ. මෙම ආලෝක කරන රටා වෙනුවෙන් වූ පද්ධති සඳහා මසකට විශාල මුදලක් වැය කෙරේ. කැනඩාවේ ජාතික වශයෙන් වැදගත්වන සහ සංකේතවත් කෙරෙන අවස්ථා වලදීද මෙම ආලෝක රටා මගින් ඒ බව ප‍්‍රකාශ කෙරෙන අවස්ථා තිබේ.
ප‍්‍රධාන නැරඹුම් ස්ථානයට එපිටින් එළිමහනට වන්නට තනා ඇති ත‍්‍රාසය ගෙන දෙන ඉසව්ව ගැනද සඳහන් කළ යුතුමය. එම ඉසව්ව නම්කර ඇත්තේ එජ්වෝක් නමිනි. බඳ වටා ආරක්‍ෂිත පටිවලින් බැඳ කුළුණෙහි මුදුනක සිට සියලූ තැන් නැරඹීමට ඒ මගින් ඉඩ සළස්වා ඇත. ත‍්‍රාසජනක අත්දැකීමක ආස්වාදය විඳින්නට කැමති සංචාරකයෝ ඒ ආස්වාදය ලබාගැනීමට මැලි නොවෙති. ඔවුන් නැවත පහතට එන්නේ ‘‘අපි මහා කැනඩාව අහසේ සිට නැරඹුවා’’ යන අභිමානවත් හැඟීම ඇත්තේ ඔවුනට පමණක් නොවේ. මෙම කුළුණ වෙතට ප‍්‍රවේශ වී අහස් තලය සිප එහි සිට පොළෝ තලයේ ඇති සුන්දරත්වය රිසිසේ විඳ එන හැමෝටම බව කිව හැකිය.
කැනඩාවේ සංචාරයකට පසුව....
![]() |
බේස් බෝලයක තරම් වූ යෝධ කී‍්‍රඩාංගනය... |
![]() |
මේ සෙල්ලම් මාලිගාවක් නොවේ.. |
![]() |
පිවිසුම් මග.. |
![]() |
ඇමෙරිකාව දක්වා පෙනන ඉම |
![]() |
ඔන්ටාරියෝ විලෙහි හැඩ... |
![]() |
සමරු සැල.... |
![]() |
රොරොන්ටෝවේ වීරත්වය... |
රන් හිරු එළියෙන් නැහැවෙන නයගරා තුරු උයන
නයගරාවේ සුවඳ පිරුණු මලින් පිපුණු මල් ඔරලෝසුව
ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.
ඉන්දු-පාකිස්තාන අර්බුදය දේශසීමා ගැටුමක් මෙන්ම රාජ්‍ය දෙක අතර පවත්නා ගැටුමකි. දේශසීමා අර්බුද දිගුකාලීන ගැටුම් ලෙස ජාත්‍යන්තර සබඳතා විෂයයේදී හඳුනා ගැ
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සී.එන්. කුළුණට පේන කැනඩාවේ ලස්සන...
නයන Wednesday, 07 August 2013 12:58 AM
මෝඩ කතා කියන්න එපා.රටක විස්තරය ඒ මහතා ලියන්නේ.ඊර්ෂ්‍යා හිතුනම ඔහොම තමා.තව කැනඩා සහ වෙන රටවල තොරතුරු ලියන්න. (නි)
දයා අලහාකොන් Tuesday, 06 August 2013 05:23 PM
ඇත්තටම ලස්සනයි මෙසේ කැනඩාව වැනි රට රටවලට අපිට යාමට නොහැකිය ලංකාදීපයට හද පිරි සතුට පිරි නමමු
රණතුංග Tuesday, 06 August 2013 06:27 PM
මේක පුදුම හතෙන් එකක්ද? (නි)
තිලක් Friday, 09 August 2013 01:48 AM
ලංකාව ඊට වැඩිය ලස්සනයි. මේ රටවල් ලස්සන නැහැ. මිනිස්සුන්ට හැමදාම ප්‍රශ්න.(නදී)
මොහාන් Tuesday, 06 August 2013 07:01 PM
අනේ දැන් ඇති ඔය කැනඩාවේ වර්ණනාව (අ)
චන්ද්‍ර Monday, 19 August 2013 12:05 PM
අනේ ඕස්ට්‍රේලියාවේ ඉන්න සිංහල කට්ටිය නම් පලු පැලෙන්න සිංහල භාෂාවෙන් තමා කතාව.පුළුවන් නම් සුද්දෝන්ටත් සිංහල කියලා දෙනවා.මෙහෙ ඉපදෙන ලාංකික ළමයින්ට සිංහල පුළුවන් කියන්නේ ලොකු ආඩම්බරයක්.සිංහල භාෂාව කනට මිහිරි උච්චාරණයක් තියෙන භාෂාවක් කියලා තමා මෙහේ සුද්දෝ කියන්නේ. අපිට කතා කරන්න කියලා ආශාවෙන් අහගෙන ඉන්නවා.එහෙම භාෂාවක් තමා මේ සමහර රටවල ඉන්න ලාංකිකයෝ කන්නේ. නුගත් කළු සුද්දෝ.අමතක කරන්න එපා මෙල්බන් විශ්වවිද්‍යාලයක සිංහල විෂය පී එච් ඩී දක්වාම උගන්වනවා.වැඩියෙන් ඉගෙන ගන්නේ සුද්දෝ.උගන්නන්නේත් සුද්දෙක්. හොඳ සිංහලෙන්. (ස)
සුදත් ශ්‍රී Friday, 09 August 2013 11:27 PM
තිලක්, ප්‍රශ්ණ නැති මිනිසෙකුගෙන් මට අබ ඇට ටිකක් ගෙනත් දෙනවාද? (නි)
තිලක් Saturday, 10 August 2013 12:30 AM
ගොඩක් අය මෙහාට ආවට පස්සේ කතාකරෙන්නේ ඉංග්‍රීසි.අපේකම අමතක වෙනවා. මිනිසුන්ගේ ඇතුලාන්තය දැවෙනවා සල්ලි නැත්නම් තරගයෙන් පරදින මැෂින් වගේ තමා(නි)
ජයී තිසර Wednesday, 07 August 2013 02:10 PM
පාවෙන වළාකුළු අත් ලඟටම ආවේ .. පහළින් ගෙවතු අතරින් මහ මඟ දිස්වේ.. එහි වාහනත් ගිණි පෙට්ටී ලෙසට මැවේ.. කුහුඹුවො රැලකි අපි සුවිසල් පුදුම ලොවේ (නි)
සඳුන් Wednesday, 07 August 2013 07:45 PM
මේක පුදුම හතෙන් එකකුත් නෙවෙයි වර්ණනාවකුත් නෙවෙයි.දුපත් මානසිකත්වයෙන් එහා ගිය සොඳුරු චාරිකාවක්. ලංකාවේ ලස්සන දේවල් අපි කොච්චර නම් ලියනවද,කෝ ඒවාට වර්ණනා? . සුන්දර ලෝකයට ආදරය කරන මිනිසුන්ගේ වින්දනය සඳහා පමණි. (අ)
ලක්මාල් Friday, 09 August 2013 07:44 PM
නියමයි!(නදී)