බුදුවීමට නම් මහායාන ක‍්‍රමයේ "සද්ධර්ම පුණ්ඩරික සූත‍්‍රය" අනුව ක‍්‍රියා කළ යුතුයැයි වසර 17ක් තිස්සේ කොළඹ කොල්ලූපිටියේ ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය ජපාන පන්සලක් සෙනසුරාදා උදේ සිට තාවකාලිකව වසා දමා ඇත."සද්ධර්ම පුණ්ඩරික සූත‍්‍රයට නමස්කාර වේවා" යන තේරුම දෙන ගාථා පාඨය ඒ පන්සලෙන් නිතරම ඇසේ.පසුගිය සෙනසුරදා එම ස්ථානයේ ලොකු අකරතැබ්බක් සිදු විය. ශ්‍රී ලංකාවේ ථෙරවාදී භික්ෂූන් වහන්සේලා කිහිප නමක් සහ ගිහියන් රාශියකගේ මෙහෙයවීමෙන් විරෝධතාවක් පැවැත් වූ අතර එහිදී ඔවුන් පැවසුවේ.
ශ්‍රී ලංකාවේ බුද්ධ ධර්මයට පටහැනිව හා එයට විරුද්ධව මෙම ව්‍යාජ බෞද්ධ පන්සල මිසදිටු ආයතනයක් බවත් ශ්‍රී ලාංකිකයන් ද ඊට බඳවා ගන්නා බවත් ප‍්‍රචාරය විය.වසර 17ක් පමණ තිස්සේ පවත්වාගෙන යන මෙම බෞද්ධ විහාරය වෙත පැමිණි පිරිස දහස් ගණනකි. මහායාන වර්තමානයේද සාමාජික සමාජිකාවෝ 1000කට අධික පිරිසක් මෙම ධර්මය අදහති.තමන්ගේ සිතට සැනසීම ලැබෙන පිහිටක් සහ ආරක්‍ෂාවක් පතා මෙම ස්ථානයට පැමිණෙන සියලූම දෙනා බෞද්ධයන් වන අතර ගෞතම බුදුන් වෙත දක්වන අසීමිත ගෞරවය සමග වර්තමාන බෞද්ධයාගේ අවශ්‍යතාව වෙනස් ස්වරූපයෙන් ලබාගැනීමට උත්සාහ කිරීම මෙහිදී සිදුකරන බව මොවුහු පවසති.මෙරට බෞද්ධයන් පිරිසකගේ ආදරයට ගෞරවයට පාත‍්‍ර වූ මෙම පන්සලට පැමිණ මහායාන ධර්මයේ වත්පිළිවෙත් අනුව වතාවත් සිදු කරමින් ගෞතම බුදුන් ඇතුළු මේ ලෝකයේ පහළ වූ සියලූම බුදුවරුන්ට ගෞරව කිරීම මෙහිදී සිදු වන අතර බුදුන් වහන්සේගේ අවසාන කාලයේ දේශනා කළ සූත‍්‍රයක් මෙම ධර්මය තුළ ගැබ්ව ඇති බව ද ඔවුහු විශ්වාස කරති.ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවිතය අවසාන කාලය ගෙවමින් ගිජ්ජකූට පර්වතයේ වැඩ වෙසෙන සමයේ දේශනා කළ සද්ධර්ම පුණ්ඩරික සූත‍්‍රය මූලික කොට ගනිමින් මෙම පන්සල තුළ වත් පිළිවෙත් සිදු වේ. බුදුන් වහන්සේ වයස 72 සිට 80 වන තෙක් ගත කළ කාලයේ උන්වහන්සේ විසින් මෙම සූත‍්‍රය දේශනා කර තිබුණ බව ද මොවුන්ගේ විශ්වාසයයි.අනාගතයේ බුදුවීමට සිටින බුදු බව ලබන බව පවසන මෛත‍්‍රි සහ විචිත‍්‍ර චාරිත‍්‍ර බෝසත්වරුන් දෙදෙනා බුදුන් වහන්සේගේ අවසාන කාලයේ උන්වහන්සේ ළඟ සිටි අතර බුදුවීමට නියත විවරණ ලබාගැනීමට හැකි වූයේ විචිත‍්‍ර චාරිත‍්‍ර බෝසතාණන්ට බව මහායාන ආගමේ විශ්වාසයයි.
බුදුන් වහන්සේ විසින් මෛත‍්‍රි බෝසතාණන්ට නියත විවරණ නොදී මුලින්ම ලබාදුන්නේ විචිත‍්‍ර චාරිත‍්‍ර බෝසතාණන්ට නිසා මීට වසර 800කට පෙර ජපානයේ අධිරාජ්‍ය පාලන කාලයේ මහායාන ධර්මයේ සඳහන් පරිදි 1200 සියවසේ පමණ ජපානයේ ද බුදුවරයකු ඉපදී ඇත. නිචිරෙන් ෂෝ ෂු නමින් හැදින්වෙන මහායාන බුද්ධ ධර්මයේ සඳහන් මෙම බුදුහාමුදුරුවන් පැවසූ ශ්‍රේෂ්ඨ වචනයක් ලෙස සඳහන් නමියේ හෝ රෙන්ගේ කියෝ පාඨය මෙම ධර්මයේ ගථා පාඨය ලෙස හඳුන්වයි.සද්ධර්ම පුණ්ඩරික සූත‍්‍රය ගෞතම බුදුන් දෙසූ ධර්මය ලෙස මහායාන බෞදධයෝ විශ්වාස කරති. අභයගිරියේ පුදබිමෙන් හමු වූ පැරණි පුස්කොල පොත් රාශියක මෙම සූත‍්‍රය පිළිබඳව සඳහන් වූ බවත් එවකට ශ්‍රී ලංකාවේ පැවිදිව සිටි කුමාරජීව නමැති උගත් භික්ෂුවක විසින් ජපාන අධිරාජ්‍යයාගේ සමයේ ජපානයට ගොස් පාලි භාෂාවෙන් සඳහන් සියලූම අක්ෂර චීන භාෂාවට පරිවර්තනය කොට මහායාන බෞද්ධ ආගමට ගැලපෙන පරිදි සකස් කළේ යැයි ද ඔවුන්ගේ විශ්වාසයයි.කුමාරජීව භික්ෂූන් වහන්සේ විසින් චීන භාෂාවේ අක්ෂරවලින් නිර්මාණය කළ එම සූත‍්‍ර ධර්මය සඳහාත් පොත අදට ද ජපානයේ මහායාන බෞද්ධයන් පිළිගන්නා බව මෙම පන්සලට පැමිණෙන අනුගාමිකයන්ට පවසති.නිචිරෙන් ෂෝ ෂු පන්සලට පැමිණෙන අනුගාමිකයින් විසින් අනුගමනය කළ යුතු වැඳුම් පිදුම් සහ වෙනත් වත්පිළිවෙත් රාශියකි. මහායාන බෞද්ධයකු ලෙස සිය ආගමික ජීවිතය නිර්මාණය කරගැනීම සඳහා සපුරාලිය යුතු කරුණු කාරණා කිහිපයකි. සීල, සමාධි, ප‍්‍රඥා යන අනුසාරයෙන් මෙම ධර්මය ද නිර්මාණය වී තිබේ.මහායාන බෞද්ධයා අදහන පරිදි ඔවුන්ගේ බුදුවරයා වන හිචිරෙන් ෂෝ ෂු බුදු හිමියන් ගැන එරට බෞද්ධයා නොදැන සිටි සමයේ බුදුන් කෙනකු ලෙස ලොවට පහළ වී (විචිත‍්‍ර චාරිත‍්‍ර බෝසතාණන් වහන්සේ නිචිරෙන් ෂෝ ෂු ලෙස මෙලෝකයට පහළ වූ බුදුවරයා ලෙස මෙම පන්සලේ උගන්වනු ලබයි.) සිටින කාලයේ අපුරු සිදුවීමක් වේ.එවකට සිටි අධිරාජ්‍යයාගේ පාලන සමයේ හාමුදුරු කෙනකු ලෙස දිවි ගෙවූ නිචිරෙන් ෂෝ ෂු හිමියන් අත්අඩංගුවට ගෙන හිස ගසා දැමීමට සැරසේ පෙරහරකින් රැගෙන යන ඒ හිමියන්ගේ හිස ගසා දැමීමට නියමිත ස්ථානයට ගෙන ඒමෙන් පසු වදකයා විසින් කඩුව ඔසවා මරණයට පත් කිරීමට සූදානම් වෙත්ම පැසිපික් සාගරයේ සිට පැමිණි ගිනි බෝලයකින් අර වදකයාගේ දෑස් පිළිස්සී යයි. මෙම ආශ්චර්ය සිදුවීම දැකීමෙන් පසු විශ්මයට පත් වූ ජපාන ජනතාව ඒ හිමියන්ට බුද්ධත්වයෙන් සැලකීම ආරම්භ කර ඇති අතර එරට පහළ වූ බුදුවරයා ලෙස වර්තමානයේ ද හඳුන්වයි.
වසර 1000 කට ආසන්න කාලයකට පෙර ඉපදුණු නිචිරෙන් බුදුහාමුදුරුවන්ගේ දර්ශනය වර්තමානයේ ලාංකීක බෞද්ධයා අදහන අතර එම ධර්මයෙන් මිනිසකුගේ ජීවිතයට විශාල පරිවර්තනයක් සිදු වන බවත් මහායාන ආගමික දර්ශනය මත බෞද්ධයාගේ ජීවිතය වෙනස් කරගැනීම මිස බෞද්ධ ජීවිතය වෙනස් කර ගැනීමට ගන්නා උත්සාහයක් නොවන බව නිචිරෙන් ෂෝ ෂු පන්සලේ අනුගාමිකයෝ පවසති.ජපානයේ තිබෙන නිචිරෙන් ෂෝ ෂු ඉපැරැණි පන්සලේ ඇති සියලූම ලියකියවිලි අනුව මෙම සියලූම සිදුවීම් පිළිබඳව දක්වා ඇති අතර ශ්‍රී ලංකාවේ කොල්ලූපිටියේ පිහිටුවා ඇති පන්සලේදී එහි සියලූම ඉතිහාසය කියා දෙයි.මේ වන විට සමහර බෞද්ධයන්ගේ සහ භික්ෂූන් වහන්සේලාගේ තදබල විවේචනයට ලක්ව ඇති මෙම ස්ථානයේ බෞද්ධ වත්පිළිවෙත් කරන ආකාරය පිළිබඳව අපි සොයා බැලූවෙමු. බෞද්ධ දර්ශනය අනුව සමහර වත්පිළිවෙත් ගැළපෙන්නේ නැති බව කෙනකුට නැඟී යයි. ලෝකයේ මිනිසුන් කවර ආගම කවර ආකාරයෙන් ඇදහීම කළත් තමන් අදහන ආගමට ගෞරව කළ යුතු ආකාරයෙන් වෙනත් ආගම්වලට ද ගෞරව කළ යුතු බව සියලූ ආගම්වල ඉගැන්වේ.කොල්ලූපිටියේ ස්ථාපිත මේ රටේ බෞද්ධයාගේ නොයෙක් විවේචනයන්වලට ලක් වී සිටින මෙම විහාරයේ සිදුවන වත් පිළිවෙත් අපට දැනගැනීමට ලැබුණ පරිදි මෙසේ සිදුවේ.මෙහි අනුගාමිකත්වය ලබා තිබෙන අයකුගේ කාරුණික මග පෙන්වීම මත සෑම සෙනසුරාදා දිනයකදීම නවකයින් බඳවා ගැනීම සිදුකෙරේ. පන්සලේ සහ මහායාන ධර්මයේ අනන්‍යතාව රැකෙන පරිදි ප‍්‍රතිපත්තිමය වශයෙන් ලබාදෙන පොරොන්දුවකින් පසු පන්සලේ මුල්ම උධෘත පාඨය ගැන අවබෝධයක් ලබා දී පුංචි කොළ කැබැල්ලක සඳහන් එම පාඨය වන ”නම්යෝ හෝ රෙන්ගේ කියෝ” යන නිචිරෙන් ෂෝ ෂු බුදුන්ගේ ශ්‍රේෂ්ඨ වචනය ශබ්ද නගා ලතාවකට සිය දහස් වාරයක් ගායනා කෙරේ. අලූයම සිට පැය 3කට ආසන්න කාලයක් කියවන කරන මෙම ගාථා පාඨයෙන් පන්සලේ ශාලා ගිගුම් දෙයි.මේ ආකාරයෙන් දින දෙක තුනකට පසු තමන්ම පන්සලට හඳුන්වා දුන් අය විසින් ධර්මදානය ලබාදෙන අතර ඔවුන්ගේ නිරීක්‍ෂණය අනුව එම ආගම කෙරෙහි පවත්වන භක්තිය පිළිබඳව අනුගාමිකයා, සැලකිලිමත් ද යන්න සොයා බලා සාමාජික මුදල ලෙස එක් අයෙකුගෙන් රුපියල් 2500ක මුදලක් අය කර ගනී.ධර්මදානය ලබා දීමෙන් පසු ධර්මකාය තැන්පත් කළ කුඩා කුටියක් සහ නව ගුණ වැල නමැති ඇටමාලයක් පන්සලෙන් අනුගාමිකයාට ලබා දී එම ධර්ම කුටිය තැන්පත් කළ යුතු අයුරු සහ පුද පූජා කළ යුතු ආකාරය ද පෙන්වා දෙන අතර පන්සලේ සිට අනුගාමිකයා පදිංචි නිවසට වැඩම කරවා නිවසේ තැන්පත් කෙරේ.
මෙම සියලූ කටයුතුවලදී මග පෙන්වන ගුරුවරයකු ලෙස සාමාජියෙකු ලෙස තමාට මෙම ස්ථානයට පැමිණීමට ආධාර උපකාර කළ ජ්‍යෙෂ්ඨ සාමාජිකයාගේ මග පෙන්වීම මත ඔහු විසින් සාමාජිකත්වය ලබාදුන් සියලූ දෙනාම සමග ධර්ම සාකච්ඡුා පවත්වන අතර ඒ අනුව සියලූ දෙනාම සමග මෙම ධර්මය ඇදහීම සිදුකෙරේ.සෑම ඉරිදාවකම ජපන් භාෂාවෙන් කෙරෙන ධර්ම දේශනයකි. එහිදී සද්ධර්ම පුණ්ඩරික සූත‍්‍රයට අදාළව සහ ශීල, සමාධි, ප‍්‍රඥා ලැබෙන ආකාරය ගැන අවබෝධයක් ලබා දේ. ඊට අමතරව සතරවරම් දෙව්වරු මෙහිදී මෙනෙහි කරමින් ධ‍්‍රැථරාෂ්ඨ, වීරූප, වීරූපාක්ෂ සහ වෛත‍්‍රවන ගැන ජපන් භාෂාවෙන් හඳුන්වනු ලැබේ. එම භාෂාවෙන් හැඳින්වෙන්නේ මේ ආකාරයෙනි.ඩයි බොන් තෙන්නොර් ඩයිසකු තෙන්නොර් ඩයිනික තෙන්නො ඩයිගට් තෙන්නො ඩයි මියෝජො තෙන්නො යනුවෙනි. මෙම සතර වරම් දෙවිවරුන් නම්යෝ හෝ රෙන්ගේ කියො වචනයේ බලයෙන් තව තව ශක්තිමත් වෙත්වා සත්‍ය බුදු දහම වැළඳගන්නා වූ අය නිරතුරුවම ආරක්‍ෂා කිරීමට හැකියාව ලැබෙත්වා යන පළමු වන්දනාව සිදුකරන ප‍්‍රාර්ථනාව සමගින් නිතරම සෑම දිනකම නිවසේ හෝ පන්සලේදී ධර්මය ඇදහීම ආරම්භ කිරීමෙන් පසු දිනයේ වැඩපටන් ගත්තේය.මේ වන විට මෙම පන්සල ආරම්භ කර පවත්වාගෙන යන්නේ ජපන් ජාතික කාන්තාවකි. කඩුගන්නාව ප‍්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකු සමග විවාහ වූ මෙම කාන්තාව මෙම ස්ථානයේ පන්සලක් පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ මහා බාරකාරයා යටතේ ලියාපදිංචි කර ඇති බව පැවසේ.වසර ගණනාවක් තිස්සේ පවත්වාගෙන යන කොළඹ නිචිරෙන් ෂේ ෂු විහාරය වන්දනාමාන කරන අනුගාමික බැතිමතුන් පවසන ආකාරයට ලංකාවේ ථෙරවාදී බුදු දහමට නිගා නොකරන ස්ථානයක් බවත් වර්තමානයේ ගමේ පන්සලෙන් ඉටු නොවූ කරදර බාධක ලෙඩරෝගවලට සහනයක් මෙම ස්ථානයෙන් ලබාගත හැකි බවයි.සද්ධර්ම පුණ්ඩරික සූත‍්‍රය නමින් මහායාන නිකාය මගින් වෙනම සූත‍්‍රයක් නිර්මාණය කරගෙන ථෙරවාදය අදහන්නන් නොදියුණු මෝඩයන් ලෙස ථෙරවාදී බෞද්ධයන්ට පහර ගැසීම මෙයින් සිදු කළා.ථෙරවාදී ධර්මයේ සඳහන් පරිදි රහත්, පසේ බුදු හා බුද්ධත්වය ප‍්‍රතික්ෂේප කරමින් සෑම අයකුටම බෝධිසත්ව තත්ත්වයට හා බුද්ධත්වයට පත්වීමට හැකි බව පැවසීම මෙම සූත‍්‍රය මගින් උගන්වනු ලබන බවත් එය ත‍්‍රිපිටකයට අනුව පටහැනි ආකාරයෙන් සිදුකරන බව බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිකාරි බෙල්ලන්විල විමලරතන නායක හිමියෝ පැවසූහ.8 වැනි ශත වර්ෂයේ අනුරාධපුර යුගයේ අභයගිරි විහාරයට මෙම සූත‍්‍රය ගෙනාවා. වෛපුල්ලවාදය නමින් ප‍්‍රචලිත වෛපුල්ල සූත‍්‍ර කිහිපයක් එම නිකායෙන් නිර්මාණය කරගෙන තිබුණත් ලංකාවේ එය භාවිතා කළේ වෛතුල්ලවාදය නමින් ථෙරවාදී භික්ෂූන් වහන්සේලා ඒ කාලයේම එය ප‍්‍රතික්ෂේප කළා. අභයගිරි පාර්ශ්වයේ අය ඒ කාලයේ එය වැළඳගත්තත් අනෙක් භික්ෂූන් එය චීනයෙන් ගෙන මෙම සූත‍්‍රය මෙවැනි ආකාරයෙන් අටවාගත් ව්‍යාජ පන්සල් හරහා නැවත ව්‍යාප්ත කිරීමක් සිදුවීම සම්බන්ධයෙන් රජය පුළුල් පරීක්‍ෂණයක් සිදුකළ යුතු බවද උන්වහන්සේ පැවසූහ.වෛපුල්ලවාදී සූත‍්‍ර 7ක් තිබෙනවා. හතෙන් එක් සූත‍්‍රයක් තමයි සද්ධර්ම පුණ්ඩරික සූත‍්‍රය නමින් හැඳින්වේ.අපගේ දෙවිවරුන් වගේ නොවෙයි. ඔවුන්ගේ දෙවිවරුන් වෙනස්. පිළිමවලට, හාමුදුරුවන් වඳින්න එපා. පුද පූජා පිරිත් නූල් බැඳීම බොරු දේවල් බවත් මෙම සූත‍්‍රය මගින් ඔවුන් කියන්නේ ලෞකික ප‍්‍රතිලාභ ලැබෙන බවයි. එවා ලබන්න නොවෙයි අපි බුද්ධාගම අදහන්නේ.ඔවුන්ගේ ගාථා පාඨයක් වන නමියෝ හෝ රෙන්ගේ කියෝ වචනය කියන වාරයක් වාරයක් පාසා ඔවුන් බුද්ධත්වයට ළංවන බව ඔවුන් පවසනවා.අපගේ ධර්මයට අනුව ආවට ගියාට බුදු කෙනෙකු පහල වෙන්න බැහැ. මහායාන ධර්මය අනුව ඔවුන් අලූත් බුදුවරු හදාගෙන තිබෙනවා. එහේම වෙන්න බැහැ මේවා බොරු සූත‍්‍ර. ලංකාවට හඳුන්වා දෙන බොරු මිත්‍යවක් මේක.අපගේ රටේ වසර 2300 ක තිස්සේ පවතින ආගමකට තමයි අභියෝග කරන්නේ. ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව පිළිගන්නේ ථෙරවාදී බුද්ධාගමයි. මහායාන බුද්ධාගම පිළිගන්නේ නැහැ.අණ්ඩුවේ ව්‍යවස්ථාව මගින් කියනවා බුද්ධාගම පෝෂණය කර ආරක්‍ෂා කළ යුතු බව. එහෙම නම් දැන්වත් ඒ සඳහා පියවර ගත යුතු බව ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන
හෙළ සිනමාමේ වත්මන් නිළි රැජින ලෙසින් සැලකෙන මාලිනී ෆොන්සේකා අද 30 වැනිදා ජීවන ගමන් මගේ 78 වැනි විය සපුරයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වසර 17ක් තිස්සේ කොල්ලූපිටියේ පවත්වාගෙන ගිය ජපාන පන්සල තාවකාලිකව වැසුවේ ඇයි?
අසංක Monday, 03 October 2011 05:51 PM
සිංහල බෞද්ධයෝ ඇයි තවමත් මර නින්දේ...