IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


වැලිකඩ බන්ධනාගාරයේ සංස්කෘතිය මෙහෙමයි

 SLTK_01

 

”සිරකරුවෝද මනුෂ්‍යයෝය.” 
ඒ වැලිකඩ බන්ධනාගාරය අසලින් යන එන  ඕනෑම අයෙකුගේ නෙත ගැටෙන සේ එහි තාප්පයේම සිරකරුවකු විසින් නිර්මාණය කරන ලද වැකියකි. ඒ සිරකරුවෝ එම බන්ධනාගාරය තුළ අපූරු සංස්කෘතියකට උරුමකම් කියති. ඇතැම් බන්ධනාගාර නිලධාරීහුද එම සංස්කෘතියේ කොටස්කරුවෝය. මේ සිරකරුවෝ සිරගතව ඇත්තේ සමාජ විරෝධී අමානුෂීය දේ සිදුකිරීම වෙනුවෙන් වුවද බන්ධනාගාරය තුළදීද ඔවුන් ඒ ක‍්‍රියාකාරකම්වල නිරත වීම සාමාන්‍ය තත්ත්වයකි. ඒ සඳහා ඇතැම් නිලධාරීන්ගෙන් ලැබෙන පිටුබලයද සුළුපටුනොවේ.


රටේ නමගිය අපරාධකරුවන්ට සම්බන්ධ ගෝලබාලයන් කලින් යහමින් බන්ධනාගාරගතව සිටින නිසා එම නමගිය අපරාධකරුවා අවසන් මොහොතේ බන්ධනාගාරයට පැමිණෙද්දී ඔහු ඒ තුළ හැසිරෙන්නේ රජෙකු ලෙසය. ඔහු වෙනුවෙන් කිහිප වරක්ම ගෝල බාලයන් බන්ධනාගාරතවීමට ඉදිරිපත් වෙන අතර අවසන් මොහොතේ බැරිම තැන නායකයා ඇතුළට පැමිණෙයි. එවිට ගෝල බාලයන්ගෙන් නායකයාට නිබඳ ආරක්ෂාව සැලසේ. එසේ පැමිණෙන නායකයන්ගෙන් නිලධාරීන්ට කරදර අඩු නිසා නිලධාරීහු ද බොහෝ විට ඔවුනට සමීප වෙති. නිතර නිතර වැරැුදි සඳහා බන්ධනාගාරගතවන අපරාධ කරුවන්ගෙන් නිලධාරීන්ට කරදර වැඩි නිසා සාමාන්‍යයෙන් නිලධාරීහු හැම විටම ගන්නේ ඉහත කී දරුණු ගණයේ අපරාධකරුවන්ගේ පැත්තය. 


බන්ධනාගාරයෙන් පිටත සමාජයේ තිබෙන කුඩු, අබිං, ගංජා, ටැබ්ලට් වැනි බොහෝ මත්ද්‍රව්‍ය බන්ධනාගාරය තුළ ද බහුලය. ඒවා බොහෝ විට එන්නේ රැුඳවියන් බැලීමට එන ඔවුන්ගේ හිතවතුන් මාර්ගයෙනි. කෙසෙල් ගෙඩි තුළ, බත් පාර්සලයේ, මස් කැබලි තුළ එසේත් නැතිනම් රැඳවියන්ට රැගෙන එන රබර් සෙරෙප්පු තුළ සඟවාගෙන මෙම මත්ද්‍රව්‍ය ඇතුළට පැමිණේ. තවත් සමහර අවස්ථාවල බන්ධානාගාරයේ තාප්පයට ඉහළින් වනාතමුල්ල වැනි ප‍්‍රදේශවලින් ටෙනිස්බෝලවල හෝ ඇපල් ගෙඩි තුළ සඟවා විසි කිරීමෙන් බන්ධනාගාරය තුළ සිටින රැුඳවියෝ ලබාගනිති. එලෙස තාප්පයට ඉහළින් ඒවා එවන වේලාව පිටස්තරයන් විසින් ජංගම දුරකථන මාර්ගයෙන් රැුඳවියන්ට කලින් දැනුම් දෙනු ලබති. ජංගම දුරකථනද රැුඳවියන් අත ඉතාම බහුලයි.

නිලධාරීහු කෙතරම් පරීක්ෂා කළ ද ඒවා සූක්ෂමව බන්ධනාගරය තුළට ගෙන්වා ගැනීමට හා පරිහරණයට රැුඳවියෝ ඉතාම දක්ෂයෝය. මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය සඳහා ඇතැම් නිලධාරීහු සම්බන්ධ වන බවද බන්ධනාගාරය තුළ ප‍්‍රසිද්ධ රහසකි. හිමිදිරි පාන්දර 4.00ට වැනි නිලධාරීන්ගේ අවධානය අඩු වේලාවල්වල මේවා තාප්පයට ඉහළින් බන්ධනාගාරය වෙත පතිත කරගැනීම රැුඳවියන්ගේ සාමාන්‍ය සිරිතය.


මහා පරිමාණයේ කුඩු ජාවාරමකට සම්බන්ධ නායකයකු බන්ධනාගාරගතවූ විට එම ජාවාරමට සම්බන්ධ වී බන්ධනාගාරගතවී සිටින වෙනත් අපරාධකරුවන් ඔහුට සමීප වීම සාමාන්‍ය තත්ත්වයකි. එසේ සමීප වී යම් රැුඳවියකුට මත්කුඩු පානය කිරීමට අවශ්‍ය වූ විට ”ඊසි කෑෂ්” මගින් එළියේ අදාළ පුද්ගලයාගේ ගිණුමට මුදල් බැරකළ පසු මත්කුඩු ලබාදීම සිදුවෙයි. මේ කටයුතු සිදුවන්නේ ද ජංගම දුරකථන මාර්ගයෙනි. එම දුරකථන භාවිතයට වැටකඩොලූ බැඳීම නිලධාරීන්ට අපහසුවී ඇත්තේ එක් රැුඳවියකු සතු ජංගම දුරකථනය නිලධාරීන් පරීක්ෂාවට පැමිණෙද්දී ඊට පෙර බන්ධනාගාරය තුළම සිටින ඔහුගේ ගෝල බාලයින්ගේ අතින් අතට මාරු කිරීම නිසාය. නිලධාරීන්ට සියලූම රැුඳවියන් එකවර පරීක්ෂා කිරීම ප‍්‍රායෝගිකව අපහසුය.


සාමාන්‍යයෙන් ධනවත් පුද්ගලයකු යම්කිසි වරදකට බන්ධනාගාරගත වූ විට ඔහුට සාමාන්‍ය සිරමැදිරියක කල් ගෙවීම අපහසු නිසා බන්ධනාගාරයේ ඉහළ නිලධාරියකුගේ සහයෝගය ලබාගෙන ව්‍යාජ අසනීපයක් පෙන්වා වෛද්‍යවරයාගේ නිර්දේශය මත බන්ධනාගාර රෝහලට ඇතුළත් වීමද යහමින් සිදුවෙයි. ඒ වෙනුවෙන් අදාළ ධනවතා අල්ලස් ලබා දීමට ද පෙළඹීම සාමාන්‍ය සිරිතය. ඒ පුද්ගලයාගේ රෙදි සෝදා දීමේ සිට සියලූ සත්කාර සිදුවන්නේ නිලධාරීන්ගේ බලපෑම මත වෙනත් සිරකරුවන් අතිනි. ඔහු වෙනුවෙන් පිටතින් ගෙනෙන රසමසවුළු උදේට එක් සිරකරුවකුගේ නමටත් දවාලට තවත් සිරකරුවෙකුගේ නමටත් රාත‍්‍රියට වෙනත් කෙනෙකුගේ නමටත් බන්ධනාගාරයට ගෙන්වා ගැනීමට නිලධාරීහු සහය වෙති. ඒ සිරකරුවන්ට අමුත්තන් හමුවීමට ලබාදී ඇති දවසේ අවස්ථා තුනේදීය. ඉරිදා දිනයේ අමුත්තන්ට එසේ රැුඳවියන් හමුවීමට ඉඩ කඩ සලසා නොමැති බැවින් සෙනසුරාදා දිනයේ එම ධනවතා වෙනුවෙන් කල්තබාගෙන ආහාරයට ගත හැකි කෑම බීම ගෙන්වා දීමට ද නිලධාරීහු උනන්දු වෙති.


මීට අමතරව දීර්ඝ කාලීනව අපරාධ සඳහා අච්චු ලබා සිටින අපරාධකරුවන් ඇහැට කනට පෙනෙන තරුණ වයසේ කඩවසම් සිරකරුවන් සමලිංගික කටයුතු සඳහා තබා ගැනීමද බන්ධනාගාරය තුළ කැපී පෙනේ. එම තරුණ සිරකරුවන් වෙනත් සිරකරුවන් හා කතාබහ කිරීම ද ඉහත සඳහන් කළ අපරාධකරුවන්ට නුරුස්සයි. මේවා පාලනය කිරීම නිලධාරීන්ට අපහසු වී ඇත්තේ එම කටයුතු සිදුවන්නේ රාත‍්‍රී කාලයේ සිරමැදිරි තුළට ඔවුන් කොටු වූ අවස්ථාවලදී වීම නිසාය. සාමාන්‍යයෙන් එසේ රාත‍්‍රියේ සිරමැදිරි පරීක්ෂාවට නිලධාරීන් සහභාගි නොවන නිසා එම කටයුතුවලට අපරාධකරුවන්ට පහසුය. අනෙක් අතට මෙම අපරාධකරුවෝ බන්ධනාගාර භුමියේ දකිනා යකඩ කෑල්ලක්, කම්බි කූරක් ”කුස්සි පාටියේ” සිටින තවත් අපරාධකරුවෙකුට බීඩියක්, සිගරට්ටුවක් වැනි අල්ලසක්දී ආත්මාරක්ෂාව සඳහා ආයුධයක් සේ සකසා ගැනීමට ද පුරුදුව සිටිති.


රැුඳවියන් උසාවි රැුගෙන යාමේදී හා නැවත ගෙන ඒමේදී 200 - 300ත් පමණ එකවර බස් රථවලින් ප‍්‍රවාහනය කරන අවස්ථාවල ඔවුනොවුන් අතර ගැටුම් නිර්මාණය විය හැකි නිසා ඒ ගැන වැඩි අවධානයකින් යුතුව කටයුතු කිරීමටද නිලධාරීහු වගබලා ගනිති. සාමාන්‍යයෙන් පාතාලයට සම්බන්ධ අපරාධකරුවන් ඇප ලබා එළියට යෑම ඔවුනට අනාරක්ෂිත නිසා කුමන හෝ වරදක් පටලවාගෙන නැවත බන්ධනාගාරයට පැමිණිම සාමාන්‍ය සිරිතය. සමහරෙකු ඇප ලබා දුන්න ද ඇප ගෙවීමට නොහැකි බව පවසා දිගටම සිරගතව සිටීමට පෙලඹෙන්නේද එළියට වඩා ඇතුළ ඔවුනට ආරක්ෂා සහිත නිසාය.


බන්ධනාගාර නිලධාරීන් අතර අනංගයෝද සිටිති. දරුණු අපරාධ සිදුකර වසර 10, 15, 20 වැනි දිගු කාලයකට අච්චු ලබා බන්ධනාගාරගතවන අපරාධකරුවන් බැලීමට එන ඔවුන්ගේ ඇහැට කනට පෙනෙන බිරින්දෑවරුන්ට චාටුබස් පවසා අනියම් සම්බන්ධකම් පවත්වාගෙන යාමට ඔවුහු දක්ෂයෝය. දීර්ඝ කාලයක් තම සැමියා බැලීමට එන මෙම කාන්තාවන්ට ඔවුන්ගේ සැමියන්ට විශේෂ සැලකිල්ලක් දක්වා බන්ධනාගාරය තුළදී උදව් කිරීමට පොරොන්දු වන මෙම ”අනංගයෝ” සූක්ෂමව එම කාන්තාවන් හා අනියම් සබඳකම් ගොඩනගා ගනිති.


අනෙක් අතට යම් අවස්ථාවක මෙම නිලධාරීන් දන්නා හඳුනන මිතුරෙකුගේ හෝ ඥාතියෙකුගේ මුදල් පසුම්බියක් මරදාන, බොරැුල්ල, වනාතමුල්ල, පිටකොටුව ආදී කොළඹ නගරාසන්නයේදී ”පික්පොකට්කරුවකු” සොරාගතහොත් බන්ධනාගාරය තුළ සිටින ඇතැම් සිරකරුවෙක් ඒ ප‍්‍රදේශවල සිටින ”පික්පොකට්කරුවන්ට” ජංගම දුරකථනයෙන් කතාකර එම මුදල් පසුම්බිය සොයා දීමට කටයුතු කරන අවස්ථාද නැත්තේම නොවේ. ඒ වාගේම යම් නිලධාරියෙකුගේ සාදයකදී ඒ සඳහා බන්ධනාගාරගත රැුඳවියන්ගේ එළියේ සිටින මිතුරන් ලවා ඊට ගැළපෙන හෝටලයක් සොයාදීම, මත්පැන් බෝතල් සපයාදීම වැනි කටයුතු වෙනුවෙන්ද සමහර රැුඳවියෝ උදව් කරති.


එසේම සමහර දිනවල මුළු බන්ධනාගාරයම බලා කියා ගැනීමට නිලධාරීන් දෙදෙනෙකුට හෝ තුන්දෙනෙකුට සිදුවන නිසා එවන් අවස්ථාවල මෙම රැුඳවියන්ට ඉතා මානුෂික මුහුණුවරකින් කතා බහ නොකරන්නේ නම් උද්ගතවන තත්ත්වය තරමක් භයානකය. 


දිගු කාලයකට අච්චු ලැබූ රැුඳවියන් පසුවනුයේ දැඩි මානසික පීඩනයකින්ය. එනිසා ඔවුන් සමග ගනුදෙනු කළ යුත්තේ ඉතා මානුෂීය ශෛලියකින්ය. සාමාන්‍යයෙන් රාත‍්‍රී කාලයේ රැුඳවියන්ගේ සිරමැදිරි පරීක්ෂාවට නිලධාරීන් නොයන්නේ සමහර අවස්ථාවල ඔවුන් සිටින්නේ මධුවිතෙන් පදම්වී ගී ගයමින් ඔවුනටම වෙන්වූ ලෝකයක නිසාවෙනි. එවන් අවස්ථාවල කෙරෙන බාධාවීම් ඔවුනට රුස්සන්නේ නැත.


බන්ධනාගාරය තුළ ”සිරකරුවෝද මනුෂ්‍යයෝය” යන්න සනාථ වන්නේ ඒ තුළ සිටින අපූරු කලාකරුවන්ගේ කලා හැකියාවන් නිරීක්ෂණය කිරීමේදීය. සබන් කැටවලින් නිර්මාණශීලි කැටයම් කැපීමට, පොල්කටුවලින් දර්ශනීය අත්කම් නිර්මාණයටද මෙම රැුඳවියන්ගෙන් ඇතැමෙක් දක්ෂයෝය. බන්ධනාගාරයට පිවිසෙන ප‍්‍රධාන දොරටුව අභියස ඇති එම නිර්මාණ අලෙවි කෙරෙන කුටිය ඊට කදිම නිදසුනක්ය. 


කෙසේ වුවද අවසන් වශයෙන් සටහන් කළ යුත්තේ මෙම රැුඳවියන් හැසිරවීමට එහි සිටින නිලධාරීන් සංඛ්‍යාව ප‍්‍රමාණවත් මදි බව සහ එම නිලධාරීන්ගේ ක‍්‍රියාකලාපයන් පිළිබඳව ඊට ඉහළින් සිටින බලධාරීන් සොයා බැලිය යුතු බවය.

rtujtf



අදහස් (0)

වැලිකඩ බන්ධනාගාරයේ සංස්කෘතිය මෙහෙමයි

රෝහණ Saturday, 26 September 2015 02:53 AM

සිරකරුවන් පුනරුත්ථාපනය සදහා යොදන අවදානය ප්‍රමාණවත් නොවේ. (අ)

:       0       1

නුවරඑළියේ වසන්ත Wednesday, 30 September 2015 07:14 AM

'සිරකරුවෝද මනුෂ්යෝය' එබැවින් ඔවුන්ටද රටේ අනෙක් මනුෂ්‍යන් මෙන් හැසිරීමට අයිතියක් ඇත...එහෙමද කියන්නේ..? (ම)

:       0       0

සුධාරි Thursday, 01 October 2015 12:40 PM

ඒ වුණාට සමහරුන්ට නම් හිරේ යන එකත් දැන් සැපක් වෙලා වගේ (නි)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 26 September 2015 04:59 AM

බන්ධනාගාරවල සිටින්නේද මිනිසුන්ය (අ)

:       0       0

දිමුත් Monday, 28 September 2015 10:14 AM

මේ සමස්ථ පද්ධතියම ප්‍රතිසංස්කරණය කරන්න වෙනවා.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

සතුරාත් මිතුරාත් අගය කළ බ්‍රිගේඩියර් බාල්රාජ්
2025 මැයි මස 14 179 0

දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්.ටී.ටී.ඊ) සංවිධානයේ හිටපු නියෝජ්‍ය හමුදා ප්‍රධානී කන්දයියා බාලසේගරන් හෙවත් “බ්‍රිගේඩියර්” බාල්රාජ් සැලකෙන්නේ කොටින්ට සි


බුදු දහමේ කියැවෙන රාජ්‍ය පාලනය
2025 මැයි මස 14 14 0

ලෝකයේ විවිධ රටවල් විවිධ රාජ්‍ය පාලන ආකෘති අනුව පාලනය වේ. රාජාණ්ඩු, සමූහාණ්ඩු, ඒකාධිපති ආණ්ඩු, ප්‍රජාතාන්ත්‍රවාදී ආණ්ඩු යනාදී කුමන ස්වරූපයේ ආණ්ඩුවක් ව


ජ.වි.පෙ. දශක හයක ගමන
2025 මැයි මස 14 66 0

ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සරය අද 14 වැනිදාට යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. ජනතා විමුක්ති පෙරමුණ බිහිවීම රෝහණ විජේවීර සහෝදරයා පැවසූ ආකාරයටම නි


පළාත් පාලන මැතිවරණයේ ජය කාටද?
2025 මැයි මස 14 122 0

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව මේ වනවිට දේශපාලන පක්ෂවල නායකයන්, බුද්ධිමතුන් සහ ඡන්ද නිරීක්ෂකයන් මෙන්ම විවිධ පක්ෂවලට අයත් විද්වතුන් විසින් වි


බුදු හාමුදුරුවො අපිත් දකින්නැති
2025 මැයි මස 13 264 0

හැත්තෑව අසූව දශකවල සහ ඉන් ඔබ්බෙහි මෙරට ගීත සාහිත්‍යයෙහි සුපෝෂණය සඳහා අතිමහත් මෙහෙයක් ඉටු කළ ප්‍රවීණ ගීත පද රචක රඹුකන සිද්ධාර්ථ හිමි‍යෝ වචනයේ පරිසමාප


​අසාද් මවුලානා ඉන්දියාව හරහා පලාගියේ ඇයි?
2025 මැයි මස 13 733 0

මෙම ලිපිය 2019 අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා දිනයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරන ලද ප්‍රහාර මාලාව පිළිබඳ ත්‍රිත්වයේ තුන්වැනි සහ අ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1356 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1579 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 412 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site