IMG-LOGO

වීරවංශ බිරියගේ පාස්පොට් අවුල

මහින්ද රාජපක්ෂ රජයේ ප‍්‍රබල ඇමැතිවරයකු හා ජාතික නිදහස් පෙරමුණේ නායකයා වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශගේ බිරිය රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබ ඇප මත නිදහස්ව සිටින්නීය. ඇය අත්අඩංගුවට ගැනීමට හේතුව ලෙස සඳහන් වූයේ ව්‍යාජ තොරතුරු යොදා ගමන් බලපත‍්‍ර දෙකක් සකස් කළැයි කියන සිද්ධියක්ය. මේ ලිපිය ලියැවෙන්නේ එම සිද්ධිය ගැන සිදුවූ පොලිස් පරීක්ෂණ ඇසුරෙනි.

 

28-page-8-M-1
හිටපු ඇමැතිවරයාගේ බිරිය එකිනෙකට වෙනස් තොරතුරු යොදා ගමන් බලපත් දෙකක් භාවිත කරන බව මුලින්ම වාර්තා කළේ සති අන්ත විකල්ප පුවත්පතකි. ඉන් පසු පසුගිය ආණ්ඩු සමයේ ලංකාවේ තහනම් කළ වෙබ් අඩවියක් ද එය වාර්තා කළේය.


ඒ සමඟ ජනවාරි 23 වැනිදා බත්තරමුල්ලේ චමින්ද පෙරේරා නම් පුද්ගලයකු රහස් පොලිසියට ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර තිබිණි. ඒ අනුව විමර්ශන ඇරැුඹීය.


1284124 අංකයෙන් හා 3642817 අංකයෙන් ඇයට ගමන් බලපත‍්‍ර දෙකක් ඇති බවත්, දෙවැනියට සඳහන් කළ අංකය සහිත ගමන් බලපත‍්‍රය රාජ්‍ය තාන්ත‍්‍රික ගමන් බලපත‍්‍රයක් බවත් අනාවරණය කරගත් රහස් පොලිසිය ඒ අනුව විමර්ශන ඉදිරියට කරගෙන ගියේය.


ඇගේ රාජ තාන්ත‍්‍රික විදේශ ගමන් බලපත‍්‍රය සැකසීමට 715344696 වී යන ජාතික හැඳුනුම්පත් අංකයත්, අනෙක් ගමන් බලපත‍්‍රය සෑදීමට 67530233 වී යන ජාතික හැඳුනුම්පත් අංකයත් උපයෝගී කරගෙන තිබිණි. ඒ අනුව ඇයට ජාතික හැඳුනුම්පත් දෙකක් ඇති බවට රහස් පොලිසිය කරුණු අනාවරණය කර ගත්තේය.


ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයකු විසින් ඉදිරිපත් කරනු ලැබූ ලේඛණ පරීක්ෂා කර 2004 මැයි මස 24 වැනිදා ඇගේ සාමාන්‍ය ගමන් බලපත‍්‍රය නිකුත් කර ඇතැයි දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයකු රහස් පොලිසියට කියා ඇත.


2010 සැප්තැම්බර 13 වැනිදා හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ ඉල්ලීම සහිත ලිපියක් සැලකිල්ලට ගෙන හිටපු ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා මහතා වීරවංශ මහත්මියගේ රාජ්‍ය තාන්ත‍්‍රික ගමන් බලපත‍්‍රය නිකුත් කර ඇතැයි රහස් පොලිසියට අනාවරණය කර ගත්තේය.


හිටපු ආගමන විගමන පාලක විසින් රාජ්‍ය තාන්ත‍්‍රික ගමන් බලපත‍්‍රය නිකුත් කරද්දී අදාළ ලේඛනවල ඇය ඊට පෙර ගමන් බලපත‍්‍රයක් භාවිත කළ බවක් සඳහන් කර නැත.

SLD_20150301_A008
තවදුරටත් විමර්ශන කළ රහස් පොලිසිය පවසන්නේ ඇය එක් ජාතික හැඳුනුම්පතක උපන් දිනය ලෙස 1967 පෙබරවාරි පළමුවැනි දා ලෙසත්, එහි නම ලෙස රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ සිර්ෂා උදයන්ති ලෙසත් සඳහන් කර ඇති බවයි. අනෙක් ජාතික හැදුනුම්පතේ උපන්දිනය ලෙස 1971 පෙබරවාරි මස තුන්වැනි දා ලෙසත්, එහි නම රන්දුනු මුදියන්සේලාගේ ෂෙහාෂා උදයන්ති ලෙසත් සදහන් කර ඇති බවත් කියති. දෙවැනි හැදුනුම්පත නිකුත් කර ඇත්තේ වසර හතරකට පමණ පෙර බව ද රහස් පොලිස් ආරංචි සඳහන් කළේය.


මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කළ රහස් පොලිසිය වීරවංශ මහත්මිය ඉගෙනුම ලැබූ මිරිස්වත්ත කැප්පෙටිපොළ මහා විද්‍යාලයයේ හිටපු විදුහල්පතිx වරයකුගෙන්, ග‍්‍රාමනිලධාරීන්ගෙන්, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන්, විවාහ රෙජිස්ට‍්‍රාර් දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුළු විශාල පිරිසකගෙන් ප‍්‍රකාශ සටහන් කර ගත්තේය.


ඊට අමතරව ඇගේ දරු දෙදෙනාගේ ද උප්පැන්න සහතික පරීක්ෂා කළේය. ඇගේ දරු දෙදෙනාගේ උප්පැන්න සහතිකවල හිටපු ඇමැති වීරවංශ මහතාගේ උපන් දිනය ලෙස 1970 මාර්තු හත්වැනිදා සඳහන් විය. වීරවංශ මහතාගේ සත්‍ය උපන්දිනය 1965 මාර්තු හත් වැනිදා බව පොලිසිය කියයි. එමෙන්ම ඒවායේ වීරවංශ බිරියගේ උපන් දිනය ලෙස 1971 පෙබරවාරි තුන්වැනිදා ලෙස සඳහන් වන බවත් කියති.


මේ අතර ශෂී වීරවංශ මහත්මියගේ හැදුනුම්පත් දෙකට අදාළ ලියැවිලි  ගොනුදෙක පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් අතුරුදන් වී ඇතැයි පොලිසිය පවසයි. එම ලියැවිලි අතුරුදන්වීම සම්බන්ධයෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනකු ගැන ද විමර්ශන ආරම්භ වී ඇත.


මෙවැනි කරුණු රැසක් ගැන විමර්ශනය කළ රහස් පොලිසිය ඒ ගැන නීතිපතිට දන්වා උපදෙස් ලබා ගත්තේය. ඒ අනුව ඇය මාලබේ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටිය දී ආගමන විගමන පනතේ 47 වැනි වගන්තිය ප‍්‍රකාරව අවිධිමත් ක‍්‍රියාපිළිවෙතක් යටතේ රාජ්‍ය තාන්ත‍්‍රික ගුවන් ගමන් බලපත‍්‍රයක් සහ තවත් ගුවන් ගමන් බලපත‍්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත්තේය.


ඉන්පසු ඇගෙන් පැය හතරක් පමණ රහස් පොලිසිය ප‍්‍රශ්න කළේය. ඇය කියා ඇත්තේ ජාතික හැදුනුම්පත්වල හා විදෙස් ගමන් බලපත‍්‍රවල දෝෂ ඇත්තේ තමන්ගේ වරදින් නොව අදාළ දෙපාර්තමේන්තුවල වරදින් බවයි. ඒවා නිවැරදි කර ගැනීමට කිහිප වතාවක් අදාළ ආයතනවලට ලිපි යොමු කළත් පළක් නොවූ බව ද ඇය කියා ඇත.  


විමර්ශන අවසානයේ ඇය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ අතර ඉන් පසු ඇය රෝහලේ සිටියදීම කඩුවෙල මහේස්ත‍්‍රාත් විසින් පසුගිය බ‍්‍රහස්පතින්දා (25) තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. පසු දින ඇය බන්ධනාගාර රෝහලට මාරුකර යැවිණි.


ඉන් පසු බ‍්‍රහස්පතින්දා ඇය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට ඉදිරිපත් කරනු ලැබුවාය. ඇය හැඳුනුම්පත් දෙක හා ගමන්බලපත් උපයෝගී කරගෙන බැංකු සමඟ ගනුදෙනු කළාදැයි සොයා බැලීමට බැංකු 19කට නියෝග කරන ලෙස රහස් පොලිසිය ඉල්ලා සිටියේය.


වීරවංශ මහත්මිය වෙනුවෙන් ජයන්ත වීරසිංහ මහතා ඇතුළු නීතීඥ කණ්ඩායමක් පෙනී සිටියේය. වීරසිංහ මහතා කරුණු දක්වමින් කියා සිටියේ ඇගේ මුල් හැඳුනුම්පත 1980 දී විනාශ වූ බවයි. ඉන් පසු අලූත් හැදුනුම්පතක් ඉල්ලා අලූතෙන් ලියැවිලි ඉදිරිපත් කළ බවත්,  71534464 වී දරණ හැදුනුම්පත 2010 සැප්තැම්බරයේ දී ලැබීමෙන් පසු ඇගේ නම හා උපන්දින වැරදි ලෙස සටහන් කර තිබෙන බව දැනගෙන එය නිවැරදි කරන ලෙස දෙපාර්තමේන්තුවට කීවත් නිවැරදි නොකළ බවත් ඇගේ නීතීඥයෝ කීහ.


ඉකුත් සිකුරාදා කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත්වූ මෝසමක් සලකා බැලූ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා රුපියල් පහළොස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇය මුදා හැරීමට නියෝග කළේය.


සෑම සිකුරුදා දිනකම කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසද ඇයට නියම කර ඇත.


ඇයට රාජ්‍ය තාන්ත‍්‍රික බලපත‍්‍රයක් ඇතුළු ගමන් බලපත‍්‍ර දෙකක් ද, ව්‍යාජ ජාතික හැඳුනම්පත් දෙකක්ද ලබා ගැනීමට ආධාර උපකාර කළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ හා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සියලූදෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත‍්‍රාත් නියෝග කළේය.


හිටපු ඇමැති විමල් වීරවංශ මහතා මාධ්‍යයට පැවසුවේ කුමන චෝදනා එල්ල කළත්, කවරකු සිපිරිගෙට දැමුවත් තමන් ගෙන යන දේශපාලන ගමන නැවැත්විය නොහැකි බවයි. මේ සියලූ චෝදනා බොරු බව ද ඔහු කීවේය.

m



අදහස් (0)

වීරවංශ බිරියගේ පාස්පොට් අවුල

ගයාන් Monday, 02 March 2015 10:20 AM

විමල් මහත්තයා පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද ඔයා ඔය කියන දේශපාලන ගමන මොකක්ද කියලා. (හේ)

:       0       0

රිස්වාන් Monday, 09 March 2015 09:33 AM

ටිකක් හිතල බලන්න ඔය දේ සාමාන්‍ය පුරවැසියෙකුගෙන් උනානම් අද ඒ මනුස්සයට වෙන දේ. මෙයා ගිරිය පුප්පගෙන කැ ගහන්නේ එයා කරපු වැරදි වහගන්න සුදනාවෙන්න (නදී)

:       0       0

චන්න බුවනක Wednesday, 04 March 2015 04:53 PM

1989/1990 වර්ෂ වල අපි විඳි වද තාම මතකයේ තිබෙනවා. (නි)

:       0       0

සමන් Tuesday, 03 March 2015 02:55 AM

ඕවට තමා කියන්නේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියලා. මේ හාදය ලෝකෙම හදන්න ගිරිය පලාගෙන බෙරිහන් දෙනවා. ඒ උනාට ගෙදර පිරිලා තියෙන්නේ හොර වැඩ වලින්. දුකත් හිතෙනවා ගලේ පහරපු බළලා වගේ වහන්න හදන එකගැන. ඕක නම් වහන්න බැරි වේවි ගොයියෝ. දෙන්නටම මහා උළු ගෙදර කම්බි කුරු ගනින්න වේවි වගේ. (නදී)

:       0       0

කල්පි Monday, 09 March 2015 04:20 AM

කල කම් පලදේවි (නදී)

:       0       0

දිනුෂ සම්පත් Tuesday, 03 March 2015 03:55 AM

ලංකාවේ ලොකුම මෙගා ඩිල් එක, ලංකාවේ ලොකුම හොරකම මේකද? (නදී)

:       0       0

ඉනෝකා Saturday, 07 March 2015 12:07 AM

අනේ මොකට කියනවද එයාලගේ වැඩ. අනුන්ට දුන්න ගින්දර තමයි (නදී)

:       0       0

ශාන් සෞදි Monday, 02 March 2015 08:33 AM

රජකම් කලත් කළකම් පලදේ (නදී)

:       0       0

දුමින්ද Monday, 02 March 2015 08:55 AM

අපරාදේ උන මහන්සියෙන් පට්ට ගහපු මෙගා-ඩීල් ගැන හෙව්වා නම් (නදී)

:       0       0

නිමල් Wednesday, 04 March 2015 01:41 AM

අපිත් බලාගෙන ඉන්නේ වෙන්නේ මොකක්ද කියලා තමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 10972 0
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 275 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 200 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site