(චමිල් රුපසිංහ)
මුහුණු පොතේ මෙන්ම සමාඡ ඡාලා වලත් නොයෙක් අවස්ථාවලදි මහනුවර නගරය අධික වාහන තදබදයක් සහිත නගරයක් මෙන්ම අධික වායු දූෂණය සහිත නගරයක් බවට නම්කරණ ප්‍රවණතාවක් තිබේ.
මෙම අධික වායු දූෂණය නිසා මහනුවර නගරයට හිමි ලෝක උරුම තත්ත්වය අහිමි වීමටත් ඉඩ ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාපීඨයේ රසායනික විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ඕ.ඒ.ඉලේපෙරුම මහතා පවසයි
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වු ඕ. ඒ. ඉලේපෙරුම මහතා මෙසේ පැවසීය.
මහනුවර නගරය පිහිටල තියෙන්නෙ මිටියාවතක. නගරය වටේම තියෙන්නෙ කඳු වලල්ලක්.මහනුවර නගරයට දිනපතා වාහන ලක්ෂයක් පමණ පැමිණෙනව. ඒ නිසා අධික වාහන තදබදයක් ඇති වෙලා තියෙනව. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායනික විද්‍යා දෙපාර්තුමේන්තුව කළ පරික්ෂණ වලදි අපට වාර්තා උනා මහනුවර නගරය ඉතාමත්
ඉහළ වායු දුෂණ තත්වයක් තියෙන නගරයක් කියලා.
කොළඹ නගරයේත් වායු දූෂණය තියෙනවා. ඒත් කොළඹ නගරය තැනිතලා භුමියක්. මුහුදට ආසන්නයෙන් තිබෙන නිසා වායුව විසිරිලා යනව නමුත් මහනුවර නගරය කඳු වලල්ලකින් වට වෙලා තිබෙන නිසා එහෙම විසිරිලා යාමක් වෙන්නෙ නැ.
මේ නිසා මහනුවර නගරයේ වායු දූෂණය කොළඹ නගරයට වඩා හතර පස් ගුණයකින් වැඩි බව පරික්ෂණ වලදි අනාවරණය කර ගැනිමට හැකි උනා.
වායු දුෂකයන් අතරින් නයිට්‍රඡන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, ඕසෝන් හා සියුම් අංශු ගැන අපි මැනුම් කළා. එහිදි තමා අනාවරණය වුනේ මහනුවර අධික වායු දුෂණ තත්වයක තියෙනව කියල. මෙයින් වඩාත් අවදානමට ලක්වෙන්නෙ කුඩා ළමුන් හා වැඩි මහල්ලන්. කුඩා ළමුන්ගේ පෙනහලුවල වර්ධනය වයස 15 දක්වා වෙන බැවින් මෙම කුඩා අංශු ශරීර ගත විම නිසා පෙනහලු වලට දැඩි හානියක් වෙනවා.
මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය කර ඇති පරික්ෂණ වලදි වායු දූෂණය පෙනහලු වලට පමණක් නොව හෘද රෝග, දියවැඩියාව, ආදි රෝග සදහාද බලපාන බවද හොයාගෙන තියෙනව.
මහනුවර නගරයේ වැව රවුම අවට පාසල් කිහිපයක් තියෙනව. පාසල් ඇරඹෙන හා අවසන් වන වෙලාවට
තමා මහනුවර නගරයේ වාහන තද බදය වැඩි. වෛද්‍ය විශේෂඥයන් පවසන පරිදි අධික ලෙස සිඟරට් පානය කරන අයට වැලඳෙන රෝගයක් තමා කල්ගත පුප්පුශිය පෙනහලු රෝගය. COPD කියා හඳුන්වන්නේ එම රෝගයයි. එම රෝගය වැලඳුනු පාසල් ළමුන් ප්‍රතිකාර සදහා මහනුවර රෝහලට පැමිණෙන බව මහනුවර රෝහලෙන් දැනගන්නට ලැබුණා.
ඒ වාහන වලින් පිට වන දුම නිසා. දැනට වාර්තාවෙලා තියෙනව වාහන වලින් පිටවන ඩීසල් දුම අංක එකේ පිළිකා රෝග කාරකයක් කියල.මෙයින් වැඩිහිටියන් හා ළමුන් මේ රෝගයන් වලට ගොදුරු විම නිසා ප්‍රතිකාර සදහා වැය වන්නේද රඡය සතු මුදල්.
මේ සදහා ඇති පිළියම් වන්නේ මහනුවර නගරය තුළ ඇති වාහන තද බදය අඩු කරලීම සදහා නගරය තුළ වසා දමා ඇති මාර්ග විවෘත කිරීමයි. දුර ගමන් බස් රථ සේවා ඇර
ඹුම හා අවසානය නගරයෙන් පිටතට ගෙන යාමත් තවත් විසඳුමක්. “
නගරයේ සිට එම ස්ථාන කරා ගමනා ගමන පහසුකම් ඇති කිරිමත්, පාසල් ළමුන් හා වැඩිහිටියන් සෞඛ්‍ය තත්වයන් යටතේ සකසා ඇති මුහුණු ආවරණ පැළඳීමත් මෙයින් මද වශයෙන් මිදිමට ඇති එකම මග බව ද මහාචාර්ය ඕ.ඒ.ඉලේපෙරුම මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දළදා මාලිගාව ඉදරිපිට මාර්ගය නැවත ගමනාගමනයට විවෘත කිරීමට මහනායකවරුන් එකවුන අවස්ථාවේදී එයට කොළඹ සිටි දේශපාලුවන් විරුද්ධ වුණා. දැන් තත්වය මෙසේ නම් තවත් බලා සිටියොත් මෙම නගරයට සංචාරකයින් පැමිණීම නතරවීමත් නගර වාසින් වෙනත් නගරවලට යාමත් සිදුවීම නොවැළැක්විය හැකියි.
යුනෙස්කෝ වෙබ් අඩවියේ තියන නිර්යාතක කියවා බලන්න . වායු දුෂණය නිසා එහි ලෝක උරුම තත්වය නැතිවෙනවා කියා කීම මහාචාර්ය වරයෙකුට තබා පාසල සිසුවෙකුටවත් තරම් නැහැ .
මේ රට හරීයට සෝමාලියාව වගේ .හැම නගරයක් ම ඔයවගේ. දේශපාලකයෝ, මහා මාන්නයෙන් ඉන්න නිළධාරීන් ,තමා ගොඩ ගැනම හිතන මිනිස්සු එතකම් ඔය රට කවදාවත් ම වෙනසක් වන්නේ නැහැ ෙ
මහනුවර වැව අසල පාර වසා තිබිමෙන් මෙම රථ වාහන හිරවිමේ අර්බුදය තවත් වැඩි වන බව සෑම දෙනාම කීවත් මහ නායක හිමිවරු මෙයට විරුද්ධ ඇයි?
මේකට අපිට එකඟ වෙන්න බැහැ. ඔය වායු දුෂණය බරපතල ලෙස දැනෙන්නේ අන්‍ය ආගමිකයන්ට... මාලිගාව අසල මහා මාර්ගයක් තිබුනේ නැහැ. තිබුනේ වැව් තාවුල්ලය. වායු දුෂණය වලක්වා ගත හැක්කේ නගරයට පිටින් මාර්ගය ඉදි කිරීමෙන් මිස මේ ප්‍රශ්නයට විසඳුම් නැහැ. බෞද්ධයන් දස ලක්ෂයක් පමණ මීට එරෙහි වන නිසාය.
ඉලේපෙරුම ඉතිහාසය කියවලා නැහැ. මෙයා වෙනත් ආගමිකයෙක් හින්දා වැව් තුල්ලේ මාර්ග ඉදිකිරීම නොකරන බව නොදන්නා නිසාම එහි අලී ගැලී සිටිනවා.
පුවත් පත හරි පාවාදුන්න නිසා මෙහි අයිතියක් අපිට අද නැහැ.. ඉලේපෙරුම කියන විදියට මේක දැන් සුද්දන්ට අයිති ලෝක උරුමයක් ... ඉලෙපෙරුමට ගෝවට ගිහින් පදිංචි වෙන්න පුළුවන්. එහෙ හොඳින් වාතාශ්‍රය සහ පල්ලි ඇති තරම් තිබෙනවා.
දළදා මාලිගාව අසල පාර ඇරීම දැන්වත් කරයිද?
ලොකු අයට ප්‍රශ්නය ත්රෙන්න්නේ නැත්තේ ඇයි?
ලෝක උරුමය නැති වුනත් ලගින් වාහන යන්නේ නැති එකේ ලොකු ගරුත්වය අපිට ඇති.
බළල්ලු පනිනවා ඒකා දෙන්නා මල්ලෙන් එලියට
හරි තොරතුරු නොදැන උගතුන්ට ගරහන්න එපා. ලෝක උරුමයක් කියනකොට ගොඩක් සංචාරකයින් එනවා, නගරය ලෝකයේ ප්‍රසිද්ධ වෙනවා. එමගින් කොතරම් අදායමක් නුවර නගරයට ලැබෙනවද. මන් හිතන්නේ උදාහරණයක් විදිහට ත්‍රී විල් නුවර තහනම් කරොත් තදබදය සැහෙන දුරට අඩු වයි. තවත් ගොඩක් දේවල් කරන්න පුළුවන්. අනික පරිසරය රැකුනොත් විතරයි ජන ජීවිතය රැකෙන්නේ
පරංගි සොලී ඕලන්ද මේ සියලු දෙනාම ආපසු ගියේ නැහැ අපේ නම් වලින් අපේ බාසාව කතාකරමින් ටික දෙනෙක් අප අතර ඉන්නවා උන්ගේ ද්‍රෝහී කම් අත හරින්න බැහැ මාලිගාව අසල පාරක් තිබුනේ නැහැ ඉතිහාසයේ නැවත අරින්න
නිමල් තදින්ම වායු දුෂණයට ලක් වෙලා වගේ මීහරක් මස් කෑවම ඔහොම වෙනවා දළදා මාලිගාව අසලින් හරක් මස් අදින්න දෙන්න බැහැ එපමණය අපේ නිගමනය තරහ වෙන්න එපා
ලිපියේ කියන විදිහට නම් පාර ඇරිය කියල දුෂණය අඩු වෙන්න බැහැ කළ යුතුවන්නේ නගරයට පිටින් මාර්ගයක් ඉදි කිරීමය. නැති නම් අවට ඇති සියලුම කඳු කප්ප තැනි තලාවක් කිරීම පමණි එම නිසා දළදා මාලිගාව අවහිර වනසේ මාර්ග ඇති කිරීමට නොහැක මේක බෞද්ධ විරෝදීන් ගේ වැඩක්
ලොකු ය කියන පිරිස ප්‍රශ්නය තේරුම් ගෙන නගරයට පිටින් මාර්ග ඉදිකිරීම නිර්මාණය කරගෙන යනවා දළදා මාලිගාවට අත නොතබා එය සිදු වේවි එතෙක් නිහඬ වෙමු
ඉලේපෙරුම මහත්තය මහනුවර අවදානම ගැන කතා කරනවා, අද අපේ රටම තියන අවදානම් තත්වය ගැන කතා කරන්න කිසිම කෙනෙක් නැහැ.
මීට වසරකට පමණ පෙර සමහරෙක් කියන ලද අදහසක් නම්, ගැටබේ සිට තන්නේකුබුර දක්වා උමන් මගක් සාදා නගරයට පැමිණෙන වාහන ගණන අඩු කරගත හැකි බවයි. මේ අදහස හොඳ උනත් මා සිතන්නේ මෙය ඉතා වියදම් අධික, ප්‍රයෝගික නොවන අදහසක් බවයි. දැනට ඇති එකම ප්‍රයෝගික පිළියම වන්නේ, මාලිගාව ඉදිරිපස ඇති මාර්ගය අඩුම වශයෙන් සැහැල්ලු වාහන සඳහාවත් විවුර්ත කිරීමයි. අවශ්‍ය නම් මාලිගාව ඉදිරියෙන් ඇති "උල් පැන් ගෙය" ඊට තරමක් ඈතට ගෙන යාමෙන් මාර්ගය මාලිගාවෙන් ඈතට ගත හැකිය. බොහෝ "ලොකු" අයට මේ "පොඩි" අයට ඇති ප්‍රශ්නය නොතේරෙන්නේ, ඒ අය තමන්ගේ ගමන් බිමන් යන්නේ ආරක්ෂකයින් යොදා ගත්, කෝටි ගණන් වටිනා වාහන වලින් බැවිනි.
පාර ඇරියට වායු දුෂණය නැති කරන්න බෑ. ඕනනං තව වාහන ටිකක් වැඩිවෙයි. ලෝකේ ගොඩක් නගර වලට ඩිසල් වාහන ඇතුල් කරන්න දෙන්නේ නෑ. ඒ වගේම විදුලි වාහන භාවිතා කරන්න උනන්දු කරනවා. නෙදර්ලන්තයේ අගමැති යන්නෙත් බයිසිකලෙන්. Shanghai වල සියලුම ටැක්සි විදුලි වාහන විය යුතුයි කියල නීතියක් මේ ලගදි ගෙනවා. මේවා තමයි කල යුතු දේ. පාර අරින්න කියන්නේ වායු දුෂණය අඩු කරන්න නෙමෙයි. වෙන හේතුවකට.
ඩීසල් වාහන වලින් වැඩිම පරිසර දුෂණයක් වෙන එක ලෝකෙම පිළිගත් කරුණක්. එහෙම තියෙද්දී ඩීසල් වාහන එකලස් කිරීමට හා ලංකාවේ විකිනීමට සැලසුම් කිරීම කොච්චර නිවැරදි ද?
මාලිගාව ළඟ පාර ඇරීම ව්විසදුමක් නෙවෙඉ . පෞද්ගලීක වාහන සීමා කිරීම කරන්න ඕන. මහාචාර්යතුමා සල්ලි ගිලල කාගේද.
1980 ගණන් වලට පෙර මාලිගාව ඉදිරියෙන් දෙපෙත්තටම වාහන ගියා අපට මතකයි. කොටි බෝම්බයෙන් පස්සේ තමයි මේ පාරවල් වහන්න වුනේ. මෙහි ලෝක උරුමය කොහොම වුනත් අපි වගේ නුවර ජීවත් වන අහිංසක මිනිස්සුන්ගේ හා කුඩා පාසල් දරුවන්ගේ සෞඛ්‍ය දවසින් දවස පිරිහීමත් පිට පලාත්වල අයට ප්‍රශ්නයක් නොවේ. මෙහි දීර්ග කාලින විපාක ගැන සිතා ඉක්මන් ක්‍රියා මාර්ගයක් ගත යුතුයි.
නුවර වාහන තද බදය වැඩි මාලිගාව ළඟ පාර ඇරපු නැති නිසා කියන්නේ නුවර ඇවිත් නැති මිනිස්සු හෝ වගේ වගක් නැති වෙනත් ආගමිකයින්. මාලිගාව ළඟ පාර ඇරියත් කුවීන්ස් හෝටලය ළඟ උපරියෙන් වාහන තද බදයක් ඇතිවෙනවා .ඒ එක පැත්තක් ඊට අමහරව ඉතිරි පාරවල් වල ඇතිවෙන වාහන තදබදය නැති කරන්නේ කවුරුන්ද ?විලියම් ගොපල්ලව මාවත,පේරාදෙණිය පරණ පාර ,කටුගස්තොට ,තැන්නේකුඹුර සිට නුවරට එන පාර. හැම එකකම තෙබදය .මේකට විසඳුම් හොයාන්න පළාත් සභාවට වුවමනාවක් නැහැ.මෙම ප්‍රශ්නය දැන් ඇති වූ එකක් නොවෙයි හරි ආකාරව ඉදිරි සැලසුම් කරන පළාත් සභාවක් නම් මීට වසර කිහිපය කට පෙර විසඳුම් සොයාගෙන තිබිය යුතුයි.
නගරයේ උෂ්ණත්වය අඩු කිරීමට දළදා මාලිගාව ඉවත් කරන්න පාරවල් අරින්න කියන පිරිස මෝඩයන් වැනිය එම වාහන තොගය ම මාලිගාව අසලින් කෙලින්ම නගරයට යොමු වීමය එමගින් වාහන පෝලිමක් දිගන දක්වා විහිදෙනු ඇත කලයුත්තේ නගරයට පිටින් මාර්ගයක් ඉදි කිරීමය දිගන ප්‍රදේශයට යන එන අය ගැන ප්‍රමාණ සමීක්ෂණය කිරීම සුදුසුය මෙතන වෙනත් ආගමික ස්ථානයක් තිබුන නම් දිගන ජනතාව නිහඬව සිටිනු ඇත මෙතන අතීතයේ පාරක් තිබුනේ නැත තිබුනේ රජ මාලිගයක් . විකල්ප මාර්ගය නිර්මාණය කිරීම ඉංජිනේරුවන් කරගෙන යනවා එය සිදුවේවි
රටින් පිටුවහල් කරන්න තිබුනේ මා නොව ඉලේපෙරුම ය
සෑම් ගේ අදහස හරි
මේකට අපි විරුද්දය ඔබල දිගන ජනතාව රජය සමග කටයුතු කර විකල්ප මාර්ගයක් ඉදිකරගන්න
ලෙස්ලි හර්බට් තුමාට දළදා මාලිගාව ප්‍රශ්නයක් වෙන්න බැහැ අදාළත් නැහැ බැඳීමක් නැහැ එය අත හැර ගොස් ඇති බවක් පෙනේ මට වුනෙත් ඔය ටිකම තමා
මෙතන තියෙන්නේ පෙට්‍රල් ඉන්ධන පිච්චෙන ආහාර ප්‍රවාහනයේ පොකට්ටුවේ ප්‍රශ්නයක් වායු දුෂ්‍ය කරන්නේ කට්ටිය එකතුවෙලා මෙතන පාර හදන කොට විරුද්ධ වෙන්න කොන්ද තියෙන සිංහලයෙක් අතීතයේ ඉඳල නැහැ වගේ
මෙහි දක්වා ඇති ප්‍රතිචාර වලින්ම පේනවා මේ රටේ ප්‍රශ්නයක් ඇති උනාම ඒකට විසදුමක් දෙන්න කෙනෙක් නැති උනත් කව්රුහරි දීපු විසදුමක් හෑල්ලු කරන, විකෘති කරන පිරිසක් පමණක් මෙහි ඉන්නා බව. හුගක් කනගාටුයි මේ රටේ ඇති බහුතරයක් අගතිගාමී පුරවැසියෝ ගැන.
හැල්ලුවක් නැහැ අපි විරුද්ධමය
වාහන තදබදය නිසා ඇතිවන තත්වයට ප්‍රධාන වරද හරි ප්‍රවාහන සැලැස්මක් නැතිකම විය යුතුයි.නගරයේ පිහිටීම අනුව මහාමාර්ග පුළුල් කිරිමක් ගැන නම් හිතන්න බෑ වගේ මට දැනෙන්නේ.නගරය තුල ත්‍රි රෝධ රථ සීමා කලයුතුයි. ඒ සදහා විකල්ප ක්‍රියාමාර්ගයක් ගත යුතුයි.ඔරලෝසු කණුව බස් නැවතුම වෙනත් සුදුසු ස්ථානයකට ගෙනයාහැකි.කුරුනෑගල දෙසට යන සීග්‍රගාමී බස්රථ ගන්නොරුව හරහා කටුගස්තොටට යැවිය හැකි.A9 මාර්ගයට යන (මාතලෙන් එහාට)බස්රථ අස්ගිරිය හරහා වට්ටරන් තැන්න හන්දියට යන්වන්න බැරිද. ( මාර්ගය පුළුල් කල යුතුයි). පිට රටවල වගේ පාසල් වෙලාන් වලදී බරවාහන නගරයට ඇතුල් වීම තහනම් කලයුතුයි.
පළල් ආරුක්කු පාලම් මාර්ගයක් ඇතිකිරීම, නගරයට පිටින් මාර්ගයක් ඉදිකිරීම, උමං මාර්ගය දීර්ඝ කිරීම, මාර්ග පළල් කිරීම, ගස් වැඩිපුර වැවීම, උද්‍යාන මීට වඩා හොඳින් ගස් සහිතව හොඳින් නඩත්තු කිරීම වැනි ඉතා හොඳ විකල්ප විශාල ප්‍රමාණයක් ඇත. දක්ෂ නගර නිර්මාණ කරුවන්ගේ අදහස් ඇතිව මෙය ඉතා හොඳින් විසඳිය හැකි ප්‍රශ්නයකි. නගර සභාව මීට වඩා වගකීමෙන් ඒ ගැන තීරණ ගත යුතුයි. ඉතාලිය වැනි රටවල් උදාහරණයට ගන්න. රටේ අගනා කෞතුක වටිනාකමක් ඇති දළඳා මාලිගාව අසලින් වාහන යාම ඉතා අහිතකර දෙයකි. Vibrations නිසා, ශබ්දය නිසා සහ දුම නිසා සිදුවන්නේ කෙටි සහ දිගු කාලීනව අහිතකර දෙයක්මයි. මෙහි මහමෙව්න මලුව ශබ්ද දූෂණයෙන් තොර පෙදෙසක් විය යුතුමයි.
දිගන ඇති සිංහලයෙක් නැහැ බොලන් ඔක්කොම කවලම් වෙල වායු දුෂණය නිසා වෙන්ටැති
සුමේධ ජාතික සම්පතකි හෙළ දරුවෙකි ජාතිය ආගම සුරකින පෙළපතකින් පැවත එන කෙනෙකි අපි ඔබ අගය කරමු
කොට කොට යන බස් වායු දුෂණයට හේතුවක් වෙනවා. ඒ වගේම දුම්රිය මාර්ග ඔස්සේ පාසල් වෙලාවට සහ කාර්යාල වෙලාවට කෙටි දුර දවන දුම්රියක් වාර කිහිපයක් පේරාදෙණියේ සහ කටුගස්තොටින් නුවරට එවන්න පුළුවන් නම් තදබදය අඩු කරන්න පුළුවන්.
මාලිගාව ඉදිරිපිට පාර විවෘත කිරීමෙන් නගරයට ඇතුළුවන වාහන ප්‍රමාණය අඩු වෙනවද? එක කොහොමත්ම විසඳුමක් නෙමෙයි. අවශ්‍ය වන්නේ ඇතිවන තදබදය අඩුකිරීම සදහා විකල්ප මාර්ග හදුන්වා දීම සහ පාරවල් පුළුල් කිරීමයි. එමෙන්ම වැව අවට තියන පාසල් ලමුටත් විසදුමක් ලබාදිය යුතුයි.
නියම විසඳුම නගරයට ඇතුල්වන වාහන හැකි ඉක්මනින් නගරයෙන් පිටවීමට ඉඩ සැලැස්වීමයි මාලිගාව ලග වසා ඇති පාර යම්තරමක් වාහන තදබදයට හේතුවක් බව පිළිගන්න පුළුවන්.
ඉතින් මොකටද මේ පාර අරින්න තර්ක කරන්නේ. ළමයි එකා දෙන්න මැරෙනකොට කට්ටිය උද්ගෝෂණය කරයි ඇරපියව් පාර කියල. එතකන් ඔන්න ඔහේ ඉන්න වැඩක් බලා ගෙන.
ලෝක උරුමයක් වීමට හේතුව වායු දූෂණය අවම වීම හා වාහන තදබදය අවම වීම නම් ලෝක උරුමයක් ලෙස නම් කිරීමට වඩාත් උචිතවන්නේ මන්දාරම් නුවර හා මැද මහනුවර යන නගරයි.දළදා මැදුර නිසා වටිනාකමක් එක්වූ මහනුවර අපේ උරුමයක් ලෙස රැකගනිමු. ලෝක උරුම තත්වය මන්දාරම් නුවරට ලබා දෙමු.මාලිගාව ඉදිරිපිට පාර විවෘත කලත් මාර්ග තදබදය අවම නොවේ.එවිට පාර පලල් කිරීමට මාලිගාවේ කොටස් ඉවත් කිරීමට පවා යෝජනා කිරීමට බකපණ්ඩිතයන් ඉදිරිපත් වනු ඇත.නමුත් හොඳම විසඳුම වන්නේ නව මාර්ගයක් තැනීම පමනි.උඩවත්ත කැලය හරහා මාර්ගයක් කපා මාලිගාව රැකගත යුතුය:
සොලී පෙරුම ට ධර්මය කියා දී පන්සිල් සමාදම් කොට ධර්ම විරෝදය දුරු කරවමු පරිසර දුෂණයට සාදාරන විසදුමක් අපි සොයමු
කෞද මේ ඉලෙ පෙරුම ? පොට්ට නෞෆර් මීට වඩා හොඳය ඔහු මේ කතාවලට, මාර්ගය විවුර්ත කර බොදු ජනතාවගේ ද්වේශයට ලක් වීමට අකමැතිය
ඉලේපෙරුම අපිට වැදගත් නොවේ අදාල නොවේ, මාලිගාව අපි රැක ගන්නවා දස ලක්ෂ ගණනින් රුහුණේ ජනතාව නුවරට ගේනවා
කතාව සහතික ඇත්ත .ලෝක උරුමය රැක ගනිමු . ඒ නිසා දළදා මාලිගාව අසල තිබෙන සියලුම ජනාකීර්ණ දේවල් ඉවත් කර දළදා මාලිගාව නිදහස්ව තබන්න . දළදා මාලිගාව අවට අඩුම තරමේ 750m පමණ දුරින් ගමන් කරන සියලුම වාහන නතර කල යුතුය . නුවරට ඇතුළුවන වාහන නවතා හොද පොදු ප්‍රවාහන සේවයක් හදුනා දෙමු . දළදා මාලිගාව දිවි හිමියෙන් රකිමු
අරවින්දගේ බක්කි කරත්තය යන්න නම් පාර ඇරලා දෙන්න පුළුවන් නමුත් දළදාව මාලිගාව ලඟින් යන කොට බිමට බැහැල හිස් වැසුම ගලවල යනවා හොඳය
අනේ මේ ප්‍රතිචාර දැක්කම දුකයි. ඉන්දියාවේ ටජ් මහල් වලට වුනු දේ නොදන්නවාද? මාලිගාව ළඟ පාර කොටි ප්‍රහාරය වෙනකම්ම ඇරලා තිබුන. මස් ගෙන එක ප්‍රශ්නයක් නෙවෙයි. අදටත් උඩරටට දඩ මස් ගෙන්න නීතියෙන් තහනමක් නැත්තේ ඇයි කියල දන්නවද?
බුවෙලිකඩ අපගේ නෑදෑයන් සිටිනවා කවදාවත් ආගම ජාතිය පාවා දෙන්නේ නැහැ ආර්ය සිංහල උඩරැටියන්, දළදාවට ගරහන්නේ සිහලුන් නොවේ මස් කඩකාරයන්ය අපි බිය නැහැ ජාතිය ආගම රකිනවා අපි උපේක්ෂාවෙන් බලා සිටිනවා වෙන්ට පුළුවනි
මාලිගාව ඉදිරිපිට පාර වසා තැබීම නිසා නුවර අවට දිවි ගෙවීම අසීරු වී ඇති අසරණයන් සිටී නම් මාලිගාව දිනපතා නොපෙනෙන , වාහන තදබදය ඇති නොවන, නගරය වටා කඳුවල ලු පිහිටා නැති ප්‍රදේශයකින් ඉඩම් ලබා දීම සුදුසුය. මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ ඉදිවීමට නියමිත මැදිරිගිරියේ"බිසෝපුර "නවනගරයේ මොවුන් පදිංචිකරවා, දළදා මාලිගාව වටා ගොඩනැගුනු මහනුවර නගරය දළදා උරුමය පිලිගත් අයගේ වාසභූමියක් බවට පත් කිරීමට ජනපතිඳුන්ට සිත් පහල වේවා !
මහානුවර නගරය මස් කඩකාරයන් සහ ඒ අයට ගොට්ට අල්ලන අයගෙන් නිදහස් කර ගනිව් ! දේශප්‍රේමී සිහලුනි
කන්නසාමි රජතුමා විසින් සාදන ලද මාලිගාව ධාතුන් වහන්සේ තැන්පත් කිරීම හේතුවෙන් බෞද්ධ සිද්ධස්ථානයක් වීම හැර වෙනත් ආකාරයක විශේෂතාවක් නොවුනද සංචාරක කර්මාන්තයට මහත් පිටුවහලක් වන මෙවන් පෞරාණික ගොඩනැගිලි රැකගැනීම ජාතික වගකීමක්. කෙසේවුවත් මහාචාර්යතුමා පෙන්වාදී තිබෙන විෂ සහිත දුම් ආස්වාසය නිසා ප්‍රදේශවාසී ජනයාගේ සෞඛ්‍ය පිරිහීම ගැනත් අවදානය යොමුවිය යුතුයි.
උතුරේ, දකුණේ, අරාබිකරයේ හෝ නගරයෙන් හත් ගව්වක් දුර ජීවත්වෙමින්, ඉතිහාසය වදාරමින් සිටින අයවලුන්ට, මහනුවර ජීවත්වෙන මිනිසුන්ට ඇති මේ ප්‍රශ්නයට නියම පිළිතුරක් නැත.
නුවරට වඩා කොළඹ වාතය දුෂණය වුන බව ඕනෙම මොන්ටෙසොරි ළමයෙකුට වුනත් තේරෙනවා මේ මහාචාර්යවරු කියා ගන්න ගොන් පණ්ඩිතයෝ තැරව්කාරයන්ගේ අරන් දළදා මාලිගාවට එරෙහිව කරන අපරාදයට දෙවියෝ බලාගන්න කියල තමි කියන්න තියෙන්නේ මේ මිනිහට නුවර විතරද පරීක්ෂා කරන්න තිබුනේ
මේ මහාචාර්යතුමාට ඕන මාලිගාව ඉස්සරහ පාර ඇරගන්න වගේ... නුවර වායු දූෂණය සහ පරිසර දූෂණය අඩු කරන්න ඔයිට වඩා කරන්න ඕන දේවල් ගොඩක් තියනවා මහාචාර්යතුමෝ.... පාර ඇරිය කියල වායු දුෂණය අඩු වෙන්නේ නැහැ. නුවර බස් ස්ටෑන්ඩ් එකත් නගරයෙන් පිටට අරගෙන යන්න ඕන. බස් ස්ටාර්ට් එකේ තියාගෙන පැය ගණන් ඉන්නවා .... ඒවා අඩු කරන්න ඕන. නගරයට හොද වාතාශ්‍රයක් එන්න නගරේ තියන අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න ඕන... දළදා මාලිගාව ලඟ පාර ඇරියම වායු දුෂණය අඩු වෙනව නම් බැරිය මහාචාර්යතුමෝ...