IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


විදුලි රේඛා ඡායාරූපයට නගද්දී අකුණුවැදී මියගිය කොරියානු යුවළ

ලොව පුරා සංචාරකයන්ගේ නෙත් සිත් පැහැරගන්නා අපූරු නිර්මාණයන් ඌව පළාතට සොබාදහමින්ම දායාද කර තිබේ. හපුතලේ ලිප්ටන් සීට් හෙවත් ලිප්ටන් අසුනද සොබාදහමේ එවැනි නිර්මාණයකි. කෙසේ නමුත් මෙම කඳුමුදුන දුටු ප‍්‍රථම විදේශිකයා වූයේ සුදු ජාතික වැවිලි කරුවෙකු වූ තෝමස් ලිප්ටන්ය.1890 දී අක්කර 925 ක් වූ දඹේතැන්න තේ වත්ත වෙනුවෙන් ඌව පළාතේ විශාලතම තේ කම්හල ඉදිකළ ඔහු මේ කඳුමුදුන වෙත පැමිණ විවේකී සුවයෙන් ගත කිරීමට පුරුදුව සිටි නිසා ඔහු අසුන්ගෙන සිටි ස්ථානයට ලිප්ටන් අසුන හෙවත් ලිප්ටන් සීට් නම ලැබී තිබේ. හපුතලේ සිට දඹේතැන්න මාර්ගයේ ගමන් කර දඹේතැන්න තේ වත්ත මැදින් ලිප්ටන් සීට් වෙත යා හැකිය. එක කඳුමුදුනක සිට ත‍්‍රිකුණාමලය, මඩකලපුව, බදුල්ල, රත්නපුරය, මොනරාගල, හම්බන්තොට හා මාතර දිස්ත‍්‍රික්කයන්හි දසුන් සැතපුම් සියගණනක් දුරට දකින කල එය අපූරු සිත්තමක් වැනිය. දෙවිනුවර ප‍්‍රදීපාගාරයේ එළිය මෙන්ම ත‍්‍රිකුණාමලයේ හා කිරින්දේ ප‍්‍රදීපාගාර යන්හි එළියද දැකිය හැකි බව කියති. වරෙක මීදුමින් වැසීයන වටපිටාව වරෙක හිරුරැසින් දිදුලමින් ආලෝකමත් වන්නේය. මේ චමත්කාරය විඳින්නට එන විදේශිකයන්ගේ සංඛ්‍යාව අති විශාලය. මෙහි පැමිණ හෝරා කීපයක් ගත කිරීමටද ඔවුහු ප‍්‍රිය කරති. වරක් මෙම කඳුමුදුනේදී විදේශික යුවලක් තම විවාහය සිදුකළහ. ඒ සඳහා එළිමහනේ නිර්මාණය කළ පෝරු මස්තකයට ඔවුන් ආඩම්බරයෙන් ගොඩවූ අයුරු දක්නට මාගේ නෙත්ද පින්කර තිබිණ. බි‍්‍රතාන්‍ය ජාතික මනාලිය වූ ෂූ දේශීය උඩරට සම්ප‍්‍රදායේ මනාලියක් සේ හැඩ වී සිටියාය. මනාලයා වූයේ බි‍්‍රතාන්‍ය ජාතික ඇලෙක්ස්ය. ඔහු ජාතික ඇඳුමින් සැරසී සිටියේය. ඒ ශ්‍රී ලංකාවේ පළමුවැනි වරට කඳුමුදුනක එලිමහනේ පෝරු මස්තක වූ ප‍්‍රථම මනාල යුවල ලෙසින් ඔවුන් පසුගිය වසරේ ජනවාරි 12 වැනිදා ඉතිහාසයට එක්වූහ. මේ මනස්කාන්ත පරිසරයට ලෙන්ගතවූ කොරියන් ජාතික තරුණයෙකි 22 හැවිරිදි කිංයොන් වූ. ස්වේච්ඡා සේවයට ශ්‍රී ලංකාවට පැමිණ ඇති කණ්ඩායමේ එක් අයෙකු වන ඔහු බණ්ඩාරවෙල කාර්මික විද්‍යාලයේ උපදේශකවරයෙක් වශයෙන් ස්වේච්ඡා සේවයේ නිරත විය. තරුණියන් වූ අනෙක් සිව්දෙනා මාතර රාහුල විද්‍යාලයේ හපුතලේ, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, බදුල්ල කාර්මික විද්‍යාලයේ හා අම්පාර හාඩි කාර්මික විද්‍යාලයේ ස්වේච්ඡා සේවය කළහ. කිංයොන්ට ”ලිප්ටන් සීට්” පෙන්වා දී ඇත්තේ කාර්මික විද්‍යාලයේ සිසුන්ය. ඉන්පසු ඉඩ ලද හැම විවේකයකදීම වාගේ මෙම පියකරු පරිසරයේ ගත කරන්නට ඔහු පුරුදුවිය. සිංහල කතා කිරීමට ද හුරුවක් කාර්මික විද්‍යාලයේ සිසුන්ගෙන් ලබාසිටීම නිසා මග තොට හමුවූ අය සමග සිංහල බසෙන් කතාකිරීමට ද ඔහු ප‍්‍රිය කළේය. නිතර ලිප්ටන් සීට් පැමිණි නිසා එම ස්ථානයේ නැරඹුම් කුටියට නුදුරින් තාවකාලිකව පවත්වාගෙන යන කුඩා තේ කඬේ නඩරාජා ශංකර් ද මිතුරු විය. ඉකුත් 7 වැනිදා ඉරිදාවකි. ලද නිවාඩු දිනයේ මේ අපූරු පරිසරයේ හෝරා කීපයක් ගතකරමුයි කිංයොන් තම කොරියන් ස්වේච්ඡා කණ්ඩායමේ මිතුරියන් සිව්දෙනෙකුට ද ආරාධනා කළේය.ඒ අනුව බදුල්ල, හපුතලේ, මාතර, අම්පාර යන ප‍්‍රදේශවල ස්වේච්ඡා සේවයේ යෙදී සිටි එම තරුණියන් සිව්දෙනා ද හපුතලේට පැමිණියහ. හපුතලේ නගරයේ සිට ත‍්‍රිරෝද රථයකින් දඹේතැන්න වත්ත මැදින් ලිප්ටන් සීට් වෙත ඔවුන් පැමිණෙන විටත් අහස අඳුරුපැහැ ගැන්වී තිබිණ. කිංයොන් ප‍්‍රථමයෙන් කළේ තම මිතුරු ආපනශාලාකරුගෙන් රෝල්ස් මිලදීගෙන මිතුරියන්ට සංග‍්‍රහ කිරීමය. ”හරි ලස්සන තැන” තරුණියන් ද සිංහල බසින් කියනු ඇසින. මේ සුන්දරත්වය දකින්නට නොඉවසිලිමත්වූ ඔවුන් පොද වැස්ස පවා නොතකා සිරි නරඹන්නටත් ඡායාරූප ගන්නටත් උත්සුක වූහ. අඳුරු අහස මැදින් විදුලි කොටන්නට පටන් ගත්තේ මේ අවස්ථාවේය. වැස්ස ක‍්‍රමයෙන් නපුරුවිය. ගිමන් කුටිය දෙසින් විදුලි රේඛා එන බව දැනගත් ශංකර් කෑගසා සර් මගේ ළඟට එන්නැයි කීවත් මේ පිරිස එය ගණනකට ගත්තේ නැත. කිංයොන් විදුලි රේඛා තම කැමරාවේ සටහන් කර ගැනීමට කැමරාව අහස දෙසට එල්ල කළේය. ඔහු අසලම සිටි මාතර රාහුල විද්‍යාලයේ ස්වේච්ඡා සේවයේ නියුතු ජන්ග් මුන් (21) ජංගම දුරකථනයෙන් මේ රිදී රේඛා පිළිබඳව තවත් මිතුරියකට සජීවී ලෙස විස්තර කියන්නට පටන්ගත්තාය. අනෙක් මිතුරියෝ ද මේ පාරිසරික විපර්යාසයෙන් අන්ද මන්ද වී සිටියහ. එකවරම ගිනිගුලියක් අහසින් පහත්වූයේ එවිටය. එම ස්ථානයේ තිබූ ගසකට වැදුණු අකුණක් මොවුන් රැඳී සිටි ගිමන් කුටිය දෙසට ව්‍යාප්ත විය. මේ පරිසරකාමීන් පස්දෙනාම එක පොකුරට බිම වැටෙනු ශංකර් දුටුවේය. ශංකර්ද  මේ හෙන හඬින් කම්පනයට පත්වූයේය. ශංකර් ආයාසයෙන් දෑස හැර ඊට නුදුරින් සිටි තම පියා ද සමග ගොස් බිම වැටී සිටි පස්දෙනාට ලංවිය. ඡායාරූප ගනිමින් සිටි කිංයෝන් හා ජන්ග්මුන් ඒ වනවිටත් මෙලොව හැර ගොස් තිබිණ. සිහිය තිබූ අනෙක් තිදෙනා ඔවුන් පැමිණ තිබූ තිරෝද රථයේම පටවා දියතලාව මූලික රෝහලට යැවීමට ද මොවුන් දෙදෙනා පියවර ගත්හ. ඒ නිසා ඔවුන් තිදෙනාගේ ජීවිත බේරාගැනීමට වෛද්‍යවරු සමත් වූහ. අතිශය ඛේදජනක මේ සිදුවීම සැලවූ සැනින් බණ්ඩාරවෙල පොලිස් අධිකාරි ජගත් චන්ද්‍රකුමාර හා සහකාර පොලිස් අධිකාරි බණ්ඩාරවෙල දිස්ත‍්‍රික් 1 ඒ.ජී.ඞී. වීරසේකර යන මහත්වරු හපුතලේ පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සමග එහි පැමිණ මූලික විමර්ශන සිදුකර මියගිය දෙදෙනාගේ සිරුරු දියතලාව මූලික රෝහලට යවනු ලැබීය. හපුතලේ දී අකුණු සැර වැදී විදේශිකයෙකු මියයාමේ මුල්ම සිද්ධිය වාර්තා වන්නේ යටත් විජිත සමයේය. ඒ 1945 ජූනි මස 7 වැනිදාය. එවකට බදුල්ලේ උප ඒජන්තවරයා වූ බි‍්‍රතාන්‍ය ජාතික තෝමස් විලියම් රොජර්ස් රාජකාරි කටයුත්කට ගොස් එද්දී හපුතලේ තානායමට ගොස් මිතුරකු හමුවිය. ඒ වන විට වැස්ස පැවතිණ. වැස්ස තුරල් වන තුරු එහි සිටි විලියම් රොජර්ස් එළියට පැමිණ වැස්ස නතරවූවාදැයි බැලූවා පමණි. මහ අකුණක් පතිතවී ඔහු ඊට බිලිවිය. රොජර්ස් දඩයම විනෝදාංශයක් කරගෙන සිටි අයෙකු බවත් වල් අලි ඝාතනය කිරීමට ඔහු රුසියෙකු බවත් කියති. ඔහු විසින් ඝාතනය කරන ලද වල් අලි සංඛ්‍යාව 1400 ක් බවද සඳහන් වේ. ඔහුට මේ හෙණ වැදුණේ අලි ඝාතනයේ පාපකර්මය නිසා යැයි තවමත් විශ්වාස කෙරේ. කෙසේ නමුත් හපුතලේ අකුණු ඉතිහාසයේ නවතම බිලි වූ කිංයෝන් සහ ජන්ග්මුන් ශෝකජනක ඉතිහාසයට එක්වන්නේ චමත්කාරයට ඇලූම්කර අවධානම පවා නොතකා නපුරු විදුලි රේඛාවක් සොඳුරු මතකයක් බවට පත්කරන්න උත්සාහ කිරීමේදී අකුණු සැර විසින් උදුරා ගත් දඟකාර තරුණයෙක් හා තරුණියක් ලෙසිනි. එය අතිශය ශෝ බර මතකයකි.

සටහන සහ ඡායාරූප - බදුල්ලේ පාලිත ආරියවංශ
දකුණු කොරියන් නියෝජ්‍ය තානාපති වීයොං ඇතුළු කොරියන් තානාපති කාර්යාලයේ නිලධාරීන් සිද්ධිය වූ ස්ථානයට පැමිණ. අකුණ වැදුන ගස.



අදහස් (0)

විදුලි රේඛා ඡායාරූපයට නගද්දී අකුණුවැදී මියගිය කොරියානු යුවළ

මහේෂ් Saturday, 20 October 2012 02:51 PM

අනේ පව් නේද ? ජීවිතේ කියන්නේ ඔහොම තමයි (ස)

:       0       0

සංජය Tuesday, 16 October 2012 03:09 PM

ලස්සන තැනක් (ස)

:       0       0

සන්ජීව Tuesday, 16 October 2012 03:11 PM

හරිම ලස්සන තැනක් (ස)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 20 October 2012 05:25 PM

තරුණ වයසට මේ වගේ මොඩකම් කරනවා..!(නු)

:       0       0

සුපුන් Tuesday, 16 April 2013 11:35 AM

ඉතාම කණගාටුදායක සිද්ධියක් (නි)

:       0       0

ඉලුක්පිටියේ පඤාසේකර Sunday, 21 October 2012 01:37 PM

මෙතන විදුලි සැර පොලොවට යවන සන්නායකයක් නැති බවයි පේන්නේ.(නදී)

:       0       0

මධුශංඛ Wednesday, 17 October 2012 01:32 AM

සියලු දේම නැසෙන සුලුයි. (නි)

:       0       0

අනු Tuesday, 16 October 2012 01:11 PM

ජිවිතය හරිම පුදුමයි . (ස)

:       0       0

අමිල Wednesday, 17 October 2012 10:45 PM

කණගාටුයි! (නි)

:       0       0

ලකී Thursday, 18 October 2012 02:10 AM

ජීවිතය අපි හිතන තරම් සුන්දර නැහැ. ඒක හරියට තේරුම් ගත්ත කෙනෙකුත් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 660 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 450 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 350 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1574 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 95 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 711 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 653 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 169 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1198 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site