IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ලොව සරාගීම අගමැති බිරිඳ

28-Rasa-p5-1   

 

ලෝකයේ අගමැති බිරින්දෑවරුන් අතරින් සරාගීම අගමැති බිරිඳ ලෙස බොහෝ වෙබ් අඩවි වාර්තා කරන්නේ අභිනව කැනේඩියානු අගමැතිවරයාගේ බිරිඳය. සොපී ග්‍රෙගෝ නමැති මේ සුරූපිනිය සැබැවින්ම හොලිවුඩයේ සරාගී පෙනුමැති නිළියකමෙනි. ඇයටම කදිමට ගැළපෙන හොලිවුඩයේ නළුවෙකු මෙන් වූ අභිනව කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝගේ මේ සුරූපී බිරිඳ කවුරුන්ද?

 

Justin Trudeau's Wedding
සොපී ග්‍රෙගෝ නමැති මේ සුරූපිනිය උපන්නේ 1975 අපේ‍්‍රල් 24 වැනිදා කියුබෙක් ප‍්‍රාන්තයේ මොන්ටි‍්‍රයල්හිදීය. ජේන් ග්‍රෙගෝ සහ එස්ටෙල් බ්ලේස් යුවළගේ එකම දරුවා ලෙසිනි. ප‍්‍රීතිමත් ළමා කාලයක් ගෙවීමේ අවකාශය ඇයට තිබිණි. ළදරු පාසල් අධ්‍යාපනයේ සිට ප‍්‍රාථමික අධ්‍යාපනය දක්වා අධ්‍යාපනය ලබමින් සිටි ඇය ඇතුළු පවුලේ උදවියට මවුන්ට් රෝයල් පළාත වෙත ඒමට සිදුවිණි. ප‍්‍රාථමික පාසල් අධ්‍යාපනය ලබමින් සිිටියදී ඇයට අපූරු මිතුරෙක් හමුවිය. ඔහු මිචල් ටෲඩෝ නම් විය. හේ අන් කවරකුවත් නොවීය. එවකට කැනඩා අගමැතිවරයාව සිටි පියර් ටෲඩෝගේ් බාල පුතුය. වත්මන් අගමැති වන ජස්ටින් ටෲඩෝගේ සොහොයුරාය. හිමගිරි කුණාටුවකට අසුවී මේ මිචල් ජීවිතාක්‍ෂයට පත්විය. නමුත් ඒ වන විට මිචල්ගේ සොයුරු වූ ජස්ටින් ගැන ඇය දැන සිටියාය. ඔවුන් අධ්‍යාපනය ලබමින් හැදී වැඩුණේ මොන්ටි‍්‍රයල්හිදීය. කෙසේ වෙතත් උසස් පාසලෙහි අධ්‍යාපනය ලබමින් සිටියදී සොපි හට ගලනාලයේ රෝගී තත්ත්වයකට මුහුණදීමට සිදුවිණි. එය කෙතරම් දරුණුවීද යත් ජීවිතය ගැන බලාපොරොත්තු අත්හැර දැමීමට තරම් විය. නමුත් ඇය ඒ සියල්ලට මුහුණ දුන්නේ යෝගී ව්‍යායාම්වල යෙදෙමිනි. වයස අවුරුදු 20 පමණ වන විට ඇය ඒ රෝගී තත්ත්වයෙන් සම්පූර්ණයෙන්ම අත්මිදුණාය. ලෝ ප‍්‍රකට මැගිල් සරසවිය සහ මොන්ටි‍්‍රයල් සරසවිය ඇයගේ සරසවි අධ්‍යාපනයේ ඓතිහාසික ස්ථාන වීය.


සරසවි අධ්‍යාපනය නිමවා ඇය රැුකියාවට පිවිසියේ රූපවාහිනී චැනලයක කීර්තිමත් පුද්ගලයන් සමග සම්මුඛ සාකච්ඡුා වැඩ සටහන් ගෙන එන්නියක ලෙසය. ඒ වන විටත් සොපී සමාජ සත්කාරක වැඩ සටහන් සමග සක‍්‍රීය වූ තැනැත්තියකව කටයුතු කළාය. එහිදී විශේෂයෙන්ම ඇය දායක වූයේ නිසි ආහාර පාලන ක‍්‍රමවේදයන් ගැන ජනතාව දැනුම්වත් කිරීමේ වැඩ සටහන් වෙනුවෙනි. ‘‘මම මගේ බර මනින්නේ නැහැ. ගෙදර ඒ වෙනුවෙන් බර මැනුම් යන්ත‍්‍රයක්වත් නැහැ’’ විටෙක ජනතාව හමුවේ ඇය කියා සිටියේ එලෙසිනි. කෙසේ වෙතත් රූපවාහිනි වැඩ සටහන් ඉදිරිපත් කරන්නියක ලෙස කටයුතු කිරීමට පෙර ඇය පිළිගැනීමේ නිලධාරිනියක සහ සහායිකාවක ලෙස දැන්වීම් ආයතනයක හා බැඳී කටයුතු කර තිබේ. පසුව ගිණුම් අංශයේ කළමනාකාරවරියක ලෙස උසස් වීම් ලබා ඉන්පසුව මහජන සබඳතා අංශයේ කටයුතු කරමින් සිටියදී ගුවන් විදුලි හා රූපවාහිනී කලාව වෙත සිත බැඳී ගිය බැව් ප‍්‍රකාශ කරන්නීය. එහිදී එක් වැඩ සටහනකට පමණක් සීමා නොවී විවිධ විෂයයන්ට සීමා වූ වැඩ සටහන් මෙහෙයවීමට ඇය දක්‍ෂ වූවාය.

28-Rasa-p5-4
එක්තරා දිනෙක සොපි හට ජස්ටින් නමැති කඩවසම් තරුණයාගේ ඡුායාරූපය දැක ගත හැකිවිය. එවිට ඔහු දේශපාලනයට පැමිණ නොසිටියද හිටපු අගමැතිගේ පුතු බැව් රටම දැන සිටි කරුණක් විය. ‘‘මම හිතන්නෙ අපි දෙන්නා එකට ජීවත්වීමට වඩා සුදුසුයි’’ සිය මව හමුවේ සොපී කියා සිටියාය. මව කළේ කොක් හඬලා සිනා සී ඔයාගේ වයසේ  ඕනෑම කෙල්ලක් හිතන්නේ එසේ යැයි කියා කීම පමණෙකි. නමුත් 2003 වසරේදී සමාජ සත්කාරක වැඩ සටහනකට දායක වෙමින් සිටියදී දෙදෙනාට සමීපව කටයුතු කිරීමේ අවකාශය ලැබිණි. පසු දින ඇය ඊමේල් පණිවුඩයක් ඔහු වෙත ලැබීමට සැලැස්වුවද ඔහු එය මායිම් කළේ නැත. ඉන් මාස තුනකට පමණ පසු නගරයේ ඇවිද යමින් සිටියදී ඔහු ඇයගේ දුරකථන අංකය ඉල්ලා සිටියේය. ඇයගේ මුළු සර්වාංගයම වේවලන්නට ඇත. නමුත් ඇය දුරකතන අංකය ලබා දුන්නේ නැත. ඊට හේතුව ලෙස ඇය බ්ලොග් පිටුවකට පවසා තිබුණේ ‘‘මට  ඕනෑ කළේ ඔහු සමග එකට වැඩ කරන්නයි’’ යනුවෙනි. නමුත් ජස්ටින් සොපීගේ මවගෙන් ඇයගේ අංකය ඉල්ලාගෙන තිබුණි.


‘‘මම අවුරුදු 31 ක් බලා සිටියේ ඔයා මගේ බිරිඳ කර ගන්නයි. ජස්ටින් සොපීට කොඳුරා කීවේය. ඒ ආදරණීය මිමුණුම කෙළවර වූයේ 2005 දී ඔවුන් දෙදෙන අතිනත ගැනීම සිදුවීමෙනි. දැන් මේ දෙපළට දරු තිදෙනෙක් වෙති. හැඩරයින්, එෂා ගේ‍්‍රස් සහ ක්ෂේවියර් ඔවුන්ගේ නාමයන්ය.


කෙසේ වෙතත් සොපී ගැන කටකතා පැතිරුණාද නොවේ. නමුත් ජස්ටින් ඒ සියල්ල ඉවත දැමුවේ ඇය ගැන හොඳ චරිත සහතිකයක් ලබා දෙමිනි.

 

28-Rasa-p5-3

 


‘‘ඔව්, අපේ විවාහය සර්ව සම්පූර්ණ එකක්ම වුණේ නැහැ. විවිධ දුෂ්කරතා, වැටීම් නැගිටීම් දුක - සතුට සියල්ල තිබුණා. ඒ සියල්ලෙහිදී ඇය මට විටෙක හොඳ මිතුරියක වුණා. මගේම කොටසක් වුණා. මගේ ආදරයම වුණා. අපිට හදවත් රිදුම් දෙන අවස්ථා තිබුණත් අපි දෙන්නා දෙදෙනාට අවංක වුණා.’’
ජස්ටින් සාකච්ඡුාවකදී කියා සිටියේ එලෙසිනි. සොපී දේශනයක් හමුවේ කියා සිටියේ,  ඕනෑම විවාහයක් සරල නොවන බවයි. නමුත් දුෂ්කරතා, බැඳීම් ගැන වූ සියල්ල ගැන මම කාරුණිකව සහ අභිමානයෙන් බලන්න කැමතියි. සියල්ලෙහි දී අව්‍යාජත්වය අවශ්‍යයි. අපට සත්‍යය අවශ්‍යයි. අපි දෙන්නාම සිහින දකින්නෝ වෙමු. ඉතින් අපට  ඕනෑ හැකිතාක් කාලයක් අප දෙදෙනා එක්ව - එකට ජීවත්වීමයි. ඒ ගමන යාම ගැන මට හරි සතුටුයි.’’ යනුවෙන් ඇය තව දුරටත් කියා සිටියාය.


දැන් මේ දෙපළ ප‍්‍රීතිමත් සහ ආදරණීයව පවුල් ජීවිත ගත කරති. සුරූපී සොපී කඩවසම් ජස්ටින් අගමැති සැමියාට ගෞරව කරන අතර ඇය ගෞරවනීයව ආදරය කරන්නීය. ඒ අතරේ ආදරණීය මවක වන සොපී නැන්දම්මා සමගද බෙහෙවින් එකතුය. ඒ ඇයගේ ජීවන රිද්මයේ ස්වභාවයයි. කිසිම දෙයකට එකවර සැලෙන නැතැත්තියක නොවන්නීය. එසේම දැනටත් ඇය යෝගී ව්‍යායාම්වල යෙදෙන්නීය. දැන් වසරකට පෙර ඇරඹි ඒ යෝගී ගමන නිසා පීඩනයකින් තොරව සහ ජීවිතයේ සියලූ යථාර්ථයන් යථාර්ථකයක්ම බවට පත්කර ගැනීමටත් දකින සිහින සැබෑ කර ගැනීමටත් ඒ නිසා ඇයට හැකියාව ලැබී තිබේ. මම මගේ ඉලක්ක කරා නියමිත දිනට ළඟා වීම කරන බැව් ඇය සපථ කරන්නීය. හතළිස් හැවිරිදි මේ සුරූපි අගමැති බිරිඳ පෙනුමෙන් ඊට වඩා ලාබාල පෙනුමැත්තියකි. හතළිස් තුන් හැවිරිදි දීප්තිමත් අගමැතිවරයාගේ අර්ථාන්විත සුන්දර බිරිඳ ඇයම වන්නීය.

 

m

 



අදහස් (0)

ලොව සරාගීම අගමැති බිරිඳ

සොපි Saturday, 05 December 2015 05:27 PM

මම හිතාගෙන හිටියේ ලෝකයේ ලස්සනම සහ කඩවසම්ම අගමැති සහ බිරිඳ ඉන්නේ වෙන රටක කියලයි. ස්තුතියි සඳුන්, මට වැරදිලා (නි)

:       0       0

සුමුදු Wednesday, 09 December 2015 05:18 AM

ඔබලාට තෙරුවන් සරණයි (ම)

:       0       0

එස්. ගමගේ Tuesday, 08 December 2015 03:36 AM

බොහොම ස්තූතියි සියලු දෙනාටම අදහස් යොමුකළාට. (නි)

:       0       0

සම්පත් Thursday, 04 February 2016 03:35 AM

නියමයිනේ.(හේ)

:       0       0

සෑම් Friday, 04 December 2015 04:08 AM

මේ දෙදෙනාම ආගම, ජාතිය, පාට නොබලා මිනිසුන්ට ආදරේ කරන මහත්ම ගති ඇති දෙදෙනෙක්. දෙවියන්ගේ සියලු ආශිර්වාදය ලැබේවා! (නි)

:       0       0

අමල් Friday, 04 December 2015 11:47 AM

ඔබ දෙදෙනාට මාගේ සුබපැතුම්.! (ර)

:       0       0

ඉන්දික Sunday, 06 December 2015 06:49 AM

ලස්සන කාන්තාවක්.(හේ)

:       0       0

අමිල Thursday, 03 December 2015 02:58 PM

හන්සිගේ කීම හරි. මගේ සුබ පැතුම්! (නි)

:       0       0

දිලුම් Friday, 04 December 2015 06:37 AM

ලංකාවේ අප්‍රිය පුවත් හමුවේ කියව්වට ලැබුන සොදුරු පුවතක්. ලංකාදීපයට ස්තුතිය. මේ රටවල සංවර්ධනය මේ මිනිසුන් බව මගේ හැඟීමයි. ඔවුන් සිතුවිලි වලිනුත් ක්‍රියාවෙනුත් මහජනයා ඉදිරියේත් ඉන් පිටතදීත් අව්‍යාජයි. අපේ අයවගේ මවාගෙන දගලන්නේ නෑ. (රේ)

:       0       0

ලියොන් ගුණවර්ධන Thursday, 03 December 2015 08:45 PM

කැනඩාවේ සිටින මා මෙතෙක් දැනසිටියේ නැහැ අප අගමැති ජස්ටින් මැතිඳුන්ගේත්, තම සුරූපී බිරිඳ වන සොපි මැතිනියගේ සොඳුරු අතීතය. ඡන්ද සමයේදීවත් මෙවන් විස්තරයක් මෙහි පුවත්පත් වල මා දුටුවේ නැත. එබැවින් සඳුන්, ඔබට මම තුති පුදමි (නි)

:       0       0

සේන Monday, 07 December 2015 04:55 AM

මෙයාගේ තාත්ත කැනඩාවේ හිටපු 15 වැනි අගමැති පියරේ එලියට් ට්රු ඩෝ. මෙයා කැනඩාවේ 23 වැනි අගමැති. කටුනායක ගුවන් තොටුපල ගොඩනගන්න මොහුගේ (තාත්තාගේ ) පාලන සමයේදී ආධාර දී තිබෙනවා. මොහු කඩිසර ක්‍රියාශීලී මෙන්ම ප්‍රගතිශීලී අදහස් දරන දේශපාලන නායකයෙක්. (බ)

:       0       0

කුමාර් Thursday, 10 December 2015 03:50 PM

සුබ යුග දිවියක් වේවා !(බ)

:       0       0

හංසි Thursday, 03 December 2015 10:22 AM

සාර්ථක පවුල් දිවියකට ඔබ දෙපළට සුබ පැතුම් .... සාර්ථක මිනිසෙක් පිටුපස ගැහැණියක් සිටි එය මනාව පෙනේ (ම)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Thursday, 10 December 2015 04:41 PM

ලියොන් ගුණවර්ධන, ලස්සන පවුල් ජීවිතයක් ගතකරන වැදගත් පවුලක අතීතය අපට මොකටද? අපේ කිල්ලෝට වලත් හුණු ඇතිනේ. ලංකාවේ වගේ ඡන්ද කාලවලදී අනුන්ගේ මඩ සෝදන වේදිකා පිටරටවල දැකගන්නට අසීරුයි. ඒකනිසා තමා සාමකාමීව හැමදේම වෙන්නේ. (නි)

:       0       0

අධිකාරම් Wednesday, 09 December 2015 04:49 AM

ඉතා යහපත් ප්‍රතිචාර ඉදිරිපත් කළ සියල්ලන්ටද, ඒවා සොයා බලා පළ කළ කතු මඩුල්ලටද, කැනඩා අගමැති පවුලේ සියල්ලන්ටද සුබපැතුම් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 745 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2400 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site