|
ඇමෙරිකා හමුදාවේ පළමු පරිගණකය (1943 දී) |
අද පරිගණකය (කම්පියුටරය) ගැන නොදන්නා කෙනෙක්වත් භාවිත නොකරන කෙනෙක්වත් සොයා ගත නොහැකි තරමට එය ප‍්‍රචලිත වී තිබේ. එහෙත් එහි අතීතය දන්නා අය අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුය.
සැබැවින්ම පරිගණකයට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. කම්පියුටරය යන වචනය මුලින්ම යොදා ගනු ලැබ ඇත්තේ 1613 දී ඉංගී‍්‍රසි ලේඛකයකු වූ රිචර්ඞ් බ්‍රෙනෙඞ් විසින් රචිත ද යන්ග් මහන්ස් ග්ලීනින්ස් නම් වූ පොතේය.”මම ඇත්තම කම්පියුටරයක් දුටිමි. ඒ හුස්ම ගන්නා එකම කම්පියුටරය ඔබේ දහසක් දේ කෙටි අංකයක් දක්වා අඩුකරයි.
ඔහු සිය පොතේ එසේ සඳහන් කොට තිබුණේ ගණනය කිරීමට දක්‍ෂ යම් පුද්ගලයෙකු පිළිබඳවය. ”කම්පියුට්” යන ඉංගී‍්‍රසි වචනයේ අර්ථය ගණනය කිරීමය.
|
කොලොසස් කම්පියුටරය |
|
ඒටනාසොෆ් බෙරී කම්පියුටරය |
කම්පියුටර් යනු ගණනය කරන්නාය. විසි වැනි සිය වසේ මැද භාගය දක්වාම කම්පියුටර් වචනය යෙදුණේ ගණිතයෙහි දක්‍ෂයාටය. ඉනික්බිතිව එය ගණනය කිරීමේ යන්ත‍්‍රය සඳහා යොදා ගනු ලැබිණි.
කම්පියුටර් සංකල්පය මිනිස් සිත් තුළ ජනිත වූයේ 19 වැනි සියවසෙහිය. 1940 ගණන් වන විට එම සංකල්ප නවීකරණය වෙමින් යථාර්ථයක් බවට පත් වූයේය.
1930 දී ඩොලිස් නිල් හි තැපැල් කාර්යාල පර්යේෂණ මධ්‍යස්ථානයේ සේවය කළ ඉංජිනේරුවකු වූ ටොමී ෆ්ලවර්ස් දුරකථන හුවමාරුව සඳහා විද්‍යුත් තාක්‍ෂණය යොදා ගැනීමේ හැකියාව පිළිබඳව සොයා බැලීය. 1934 දී පර්යේෂණ මට්ටමේ උපකරණයක් නිපදවීමට ඔහු සමත් වූයේය. දුරකථන හුවමාරු ජාලය සඳහා මෙය යොදාගනු ලැබුවේ තවත් අවුරුදු පහකට පසුවය. එය විද්‍යුත් දත්ත පද්ධතියක් බවට පත් කිරීමට රික්තක නාල දහස් ගණනක් යොදා ගැනීමට සිදුවූයේය.
ඇමෙරිකාවේ ජෝන් වින්සන්ට් ඒටනාසොෆ් සහ ක්ලිෆර්ඞ් ඊ.බෙරී විසින් ඉයෝවා ප‍්‍රාන්ත විශ්වවිද්‍යාලයේදී කරන ලද පර්යේෂණවල ප‍්‍රතිඵලයක් ලෙස 1942 දී ඒටනාසොෆ් බෙරී කම්පියුටරය (ABC) බිහි වූයේය. ප‍්‍රථම විද්‍යුත් අංක ගණන උපකරණය වශයෙන් එය වාර්තා වී තිබේ. මේ සඳහා රික්තක නාල 300ක් යොදාගෙන තිබූ අතර එහි යම් මට්ටමක මතක ගබඩාවක්ද තිබිණි.
දෙවැනි ලෝක යුද සමයේ දී ජර්මන් හමුදාවේ සන්නිවේදන කි‍්‍රයාවලියට බාධා කරන්නට බි‍්‍රතාන්‍ය විසින් කම්පියුටර් තාක්‍ෂණය යොදා ගනු ලැබිණි. යුද්ධය සඳහා එය වඩාත් කි‍්‍රයාශීලීව යොදා ගැනීම සඳහා පර්යේෂණ කිරීමට ෆ්ලවර්ස්ට බාර දෙනු ලැබුවේ ඉනික්බිතිවය. 1943 පෙබරවාරි මාසයේ මුල් කාලයේ සිට මාස එකොළහක් තිස්සේ වෙහෙසුණු ඔහු පළමු කොලොසස් කම්පියුටරය නිපදවූයේය. නිශ්චිත වැඩසටහන් සැලැස්මක් සහිත ප‍්‍රථම විද්‍යුත් අංක කම්පියුටරය වන්නේ කොලොසස්ය. එහෙත් එය සම්පූර්ණ කම්පියුටරයක් නොවිණි.
වඩාත් වේගවත් හා නම්‍යශීලි කම්පියුටරය ලෙස වාර්තාවී ඇත්තේ ඇමෙරිකාවේ නිෂ්පාදනය කරනු ලැබූ ENIAC ය. මෙයද මුල්කාලීනව යොදා ගනු ලැබුවේ ඇමෙරිකාවේ යුද හමුදාවේ ගණනය කිරීම්වලටය. නොයෙකුත් උපාංග යොදා ගනිමින් මෙය සංවර්ධනය කළේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ ජෝන් මෝච්ලි සහ ප්‍රෙස්පර් එකර්ට්ය.
මේ යන්ත‍්‍ර එකතු කිරීම, වැඩි කිරීම, බෙදීම වර්ග මූලය සෙවීම ආදී ගණනය කිරීම් වේගයෙන් කළ හැකි වූයේය. එහි මතකය වචන 20ක් (බයිට් 80ක්) විණි. මෙය කි‍්‍රයාකාරී තත්ත්වයට ගෙන ඒමට ඔවුන්ට වසර දෙකක් ගතවී තිබිණි.
අද කම්පියුටරය අතේ හෝ සාක්කුවේ ගෙන යා හැකි තරමටම කුඩා වුවද එදා ඔවුන් විසින් නිපදවන ලද යන්ත‍්‍රය අතිවිශාල විය. එහි බර ටොන් 30කි. ඒ සඳහා යොදා ගනු ලැබූ විදුලිය ප‍්‍රමාණය කිලෝ වොට් 200කි.
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොරොච්චෝල විදුලිබලාගාරය, අන්න ඒක චීන්නුන්න්ගේ. (ස)
චීනය කලේ කොපි සහ පේස්ට් විතරයි. (ස)
එතකොට චීන්නු මොකුත්ම හොයාගෙන නැත්ද (දිල්)
එතකොට චීන්නු හදපු ඇබකස් එක ගැන සදහන් වෙන්නේ නැතිද? (නදී)
අපේ උන්දලා... ඇමරිකන් විරෝදෙන් බෙරිහන් දෙන තරම කොච්චරද කියනවා නම්... ලංකාවේ තියන කොම්පියුටර් තොගේ දැක්කම මට හෝන්දු මාන්දු උනා....(අ)
කිරි අප්පට බල්ලෝ පැනපි..... පරිගණක හොයා ගත්තේ ඇමරිකන් කාරය කියල මන් දනන් උන්නේ නැහැනේ..... ඔය ලංකාවේ තියන පරිගණක ටික ඔක්කොම දමන්න මුහුදට... (අ)
බණ්ඩා..... චීන්නු හොයා ගත්ත කඩදාසි, මාලිමාව, ඩයිනමයිට්.... නමුත් ආසියාවේ තියන උතුම් සංස්කෘතියට සහ ගුරුමුෂ්ටියට පින් සිද්ද වෙන්ට ඒවා චිනෙම වැල ලුන. ඒ කාලේ සේද මාවතේ වෙළඳාමේ අපු සුද්දෝ ඕව හොරකන් කරලා වැඩි දියුනුකරලා ලෝකෙටම නොබෙදුවා නම් අදටත් රහසක්. (අ)