IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ලොව ප‍්‍රථම මිනිස් හිස් බද්ධයට සූදානම්

26-page1-S2-1     

විවිධ රෝගාබාධ හේතුවෙන් මරණය අබිමුව සිටින මිනිසුනට වෙනත් පුද්ගලයකුගේ අවයව බද්ධ කොට තවත් කාලයක් ජීවත්වීමට අවස්ථාව උදාකර දීමට වෛද්‍ය විද්‍යාව සමත්වූයේ මින් දසක කිහිපයකට ඉහතදීය. හෘදය, වකුගඩු, අක්මාව, පෙනහලූ, අග්න්‍යාශය, අන්ත‍්‍රය, තෛමස වැනි ශරීර කොටස් බද්ධ කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. වෛද්‍ය ඉතිහාසයේ පළමුවරට මියගිය පුද්ගලයකුගේ සිරුරට ජිවත්වන මිනිසකුගේ හිසක් බද්ධ කිරීමට ඉතාලි ජාතික ශල්‍ය වෛද්‍යවරයක් වන සර්ජියෝ කැනවෙරෝ සහ චීන ජාතික ශල්‍ය වෛද්‍යවරයක් වන රෙන් ෂියා ඕපිං සූදානම් වෙති.

 


මෙම ශීර්ෂ බද්ධ සැත්කම සාර්ථක වුවහොත් මස්පිඩු දියවීමේ රෝගයෙන්, සුවකළ නොහැකි ස්නායු ආබාධවලින් හා දරුණු පිළිකාවලින් පෙළෙන පුද්ගලයනට වැඩි කලක් ජීවත්වීමේ වාසනාව උදාවනු ඇතැයි වෛද්‍ය කැනවෙරෝ ස`දහන් කරයි. ඇනාපොලිස්හි ඇමෙරිකානු ස්නායුවේදී සහ විකලාංග ශල්‍ය වෛද්‍ය සමුළුවේදී ඔහු මෙම සැත්කම සිදු කෙරෙන ආකාරය පිළිබ`දව පැහැදිලි කළේය.

26-page1-S2-2


මේ ස`දහා උපයෝගී කරගනු ලබන්නේ ජීවත්වන පුද්ගලයකුගේ හිස සහ මියගිය පුද්ගලයකුගේ සිරුරය. පුද්ගලයන් දෙදෙනාගේ හිස් එක්වර ඉවත් කරනු ලබන අතර හිස සහ සුෂුම්නාව පැයක කාලයක් ඇතුළත බද්ධ කෙරෙනු ඇත. හිස සහ සිරුර ඔක්සිජන් නොමැතිව බොහෝ වේලාවක් තබා ගැනීමට අව්‍යශ්‍ය වන හෙයින් ඒවා සීත කිරීමට ලක් කෙරෙනු ඇත. ගෙල අවට ප‍්‍රදේශයේ පටක ඉතා සීරුවෙන් විච්ෙඡ්දනය කොට එහි ඇති රුධිර නාළ සියුම් කුඩා නාළිකාවලට බද්ධ කරනු ලබයි. ජීවත්වන පුද්ගලයාගේ හිස මියගිය පුද්ගලයාගේ සිරුරට බද්ධ කෙරෙනුයේ ඉන් අනතුරුවය. සුෂුම්නාව නිවැරැුදිව සවි කිරීමෙන් පසු එහි කෙළවර පොලිඑතලින් ග්ලයිකෝල් නම් රසායනිකය ආධාරයෙන් සිරුරට සම්බන්ධ කෙරේ. ඉන්පසු මස්පිඩු සහ රුධිර නාළිකා  සියුම්ව මසනු ලැබේ. සිරුර සති හතරක කාලයකට අධිමූර්ජාවට ලක්කරනු ලබන්නේ සිරුර සෙලවීමෙන් සිදුවිය හැකි අනතුරු වළක්වාලීම ස`දහාය. මේ කාලය තුළ ඉලෙක්ට්‍රෝඩ මගින් සුෂුම්නාව උත්තේජනයට ලක් කෙරේ. සති හතරකට පසු මූර්ජාවෙන් මිදුණු පසු එම පුද්ගලයාට තම හිස සෙලවීමට සහ ස්පර්ශ කිරීමට හැකිවනු ඇත. ඔහු තම හ`ඩින්ම කථා කරනු ඇත. වසරකට පමණ පසු ඔහුට ඇවිදීමට හැකිවනු ඇත.

26-page1-S2-3
වෛද්‍ය කැනවෙරෝ ප‍්‍රථම වරට මෙම අදහස ඉදිරිපත් කරනු ලැබුවේ 2013 වසරේය. එහෙත් වෛද්‍ය විශේෂඥයන් විසින් එය ප‍්‍රතික්ෂේප කරනු ලැබිණි.
නිව් සයන්ටිස්ට් සඟරාවට ප‍්‍රකාශයක් කළ වෛද්‍ය කැනවෙරෝ ‘‘සමාජය මෙම වැඩපිළිවෙළ ප‍්‍රතික්ෂේප කරන්නේ නම් මම එම සැත්කම සිදුකරන්නේ නැහැ. එහෙත් යුරෝපය හෝ ඇමෙරිකාව හෝ එය ප‍්‍රතික්ෂේප කළත් ලොව කොහේ හෝ රටක් මෙය අනුමත කරාවි. බොහෝවිට චීනයේදී මෙය කළ හැකියැයි මා විශ්වාස කරනවා. ඇතැම්විට මට සිරද`ඩුවම් වි`දින්නට සිදුවේවි. එයට මා සූදානම්. මා උත්සාහ කරන්නේ නිවැරැුදි මගක ගමන් කිරීමටයි. ඒත් ඊට පෙර ජනතාව මා අනුගමනය කරනවාද යන්න මා දැනගතයුතුයි.’’ යනුවෙන් කියා සිටියේය.


සතුන් උපයෝගී කර ගනිමින් ප‍්‍රථම වරට ශීර්ෂ බද්ධයක් කැරුණේ 1970 ඇමෙරිකාවේ ක්ලෙවලන්ඞ්හි කේස් වෙස්ටන් රිසර්ච් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය රොබට් වයිට් විසිනි. රේසස් නම් කුඩා ව`දුරකුගේ සිරසක් එම වර්ගයේම වෙනත් ව`දුරකුගේ සිරුරට බද්ධ කළේය. බද්ධ ව`දුරා ජීවත් වූයේ දින නවයක් පමණි. ශරීර ප‍්‍රතිශක්තිය හිස මගින් ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඌ මියගියේය. සතුන් ඇසුරින් මෙතෙක් සිදුකළ පර්යේෂණ බද්ධ කිරීම් තවමත් සාර්ථක වී නොමැත. විශේෂයෙන් සුෂුම්නාව බද්ධ කිරීම සාර්ථකව සිදුකළ නොහැකි විය. විද්‍යා ප‍්‍රබන්ධ කථාවක ස`දහන් වන ෆ‍්‍රන්කන්ස්ටයින් ගණයේ සැත්කමක් සිදු කිරීම ස`දහා අවශ්‍ය තාක්ෂණවේදය තමන් සතු බවත්, එහෙයින් මෙම අත්හදාබැලීම සිදු කිරීමට සුදුසු කාලය එළැඹ ඇති බවත් වෛද්‍ය සර්ජියෝ කැනවෙරෝ ස`දහන් කරයි.


ශීර්ෂ බද්ධ සැත්කම ස`දහා අවම වශයෙන් 100කට ආසන්න වෛද්‍ය සහ හෙද කණ්ඩායමකගේ සහය ලබාගැනීමට වෛද්‍ය කැනවෙරෝ අපේක්ෂා කරයි. මේ ස`දහා අවම වශයෙන් පැය 36ක පමණ කාලයක් ගතවනු ඇති බවද, පවුම් මිලියන 8.5 මුදලක් වැය වෙනු ඇති බවද ඔහු ස`දහන් කළේය.


සැත්කමට අවශ්‍ය හිස ලබාදීමට දායකයකු මේ වනවිට ඉදිරිපත්ව සිටියි. ඔහු 30 හැවිරිදි රුසියානු පරිගණක විද්‍යාඥයකු වන වැලරි ස්පිරිඩොනොව්ය. ඔහු බොහෝ කාලයක්  වර්ඞ්නිග් හොෆ්මන් නමැති මස්පිඩු දියවීමේ දුර්ලභ ජානමය රෝගයකින් පෙළෙන පුද්ගලයෙකි. තමා මිය යමින් සිටින පුද්ගලයකු බවත්, මියයාමට පෙර අලූත් ශරීරයක් ලබා ගැනීම තම අරමුණ බවත් ඔහු ප‍්‍රකාශ කර තිබිණි. මෙම සැත්කම අසාර්ථක වුවහොත් සිදුවන දෙය පිළිබ`දව ඔහු දරන්නේ කුමන අදහසක්දැයි මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කළ අවස්ථාවේ ඔහු කීවේ කිසියම් බියක් තමා තුළ පැවතියද තමාට වෙනත් විකල්පයක් නොමැති බවය.

26-page1-S2-4


වෛද්‍ය කැනවෙරෝගේ ප‍්‍රයත්නය පිළිබ`ද ඇතැම් වෛද්‍ය විශේෂඥයන් දක්වන්නේ සෘණ ආකල්පයකි. සුෂුම්වේදී ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ වෛද්‍ය හන්ට් බාටියර් පවසන්නේ මෙවැනි සැත්කම් ස`දහා තමා කිසිවකුට අනුබල නොදෙන බවය. ඇතැම්විට මෙය මරණයටත් වඩා බියකරු වනු ඇතැයිද හිස සහ ශරීරය එකිනෙක ප‍්‍රතික්ෂේප කළහොත් එයට බ`දුන් වූ පුද්ගලයාට භයානක ඉරණමකට මුහුණපෑමට සිදුවනු ඇති බවත් ඔහු පැවසීය.


ෂින්හුවා ප‍්‍රවෘත්ති සේවය ස`දහන් කරන ආකාරයට මෙම සැත්කමට සහභාගී වන චීන ශල්‍ය වෛද්‍ය රෙන් ෂියා ඕපිං මීයන් 1000කට අධික ප‍්‍රමාණයක් ශීර්ෂ බද්ධ සැත්කමට බ`දුන් කොට ඇති අතර ඔවුන් දිනකට වඩා ජීවත් නොවූ බැව් පෙන්වා දෙයි. මෙම සැත්කම සිදු කිරීමේදී ස්නායු පද්ධතිය බද්ධ කිරීමේ තාක්ෂණික ගැටලූ තමාට පැනනැගුණු බවත් ප‍්‍රධාන ස්නායු පද්ධතිය ප‍්‍රතෘතිභාවට පත්කිරීමේ සුවිශේෂි හැකියාව වෛද්‍ය කැනවෙරෝ සතු බවත් වෛද්‍ය රෙන් ෂියා ඕපිං පැවසීය.


2017 දෙසැම්බරයේ මෙම සැත්කම චීනයේ හාර්බින් වෛද්‍ය විශ්වවිද්‍යාලයේදී සිදුකෙරෙනු ඇතැයි විශ්වාස කෙරේ. ඒ ස`දහා චීන වෛද්‍ය කණ්ඩායමට අමතරව ලොව විවිධ රටවල ශල්‍ය වෛද්‍යවරුන් සහභාගී වීමට කැමැත්ත පළකොට තිබේ. මෙම සැත්කම සාර්ථක වුවහොත් එය සමස්ත මිනිස් ප‍්‍රජාවට වැඩි කලක් ජීවත්වීමට අවකාශ සලසනු ඇත. මෙවැනි ශීර්ෂ සැත්කමක් පිළිබ`දව අප අසා ඇත්තේ අපේ පුරාකථාවලිනි. ඒ ගෝඨයිම්බර යෝධයා පා පහරක් දී ජයසේනගේ හිස ගලවා දැමූ අවස්ථාවේ එම හිස වෙනුවට වලසකුගේ හිසක් බද්ධ කිරීම පිළිබ`ද පුවතය. එම ශීර්ෂ බද්ධයෙන් මහසෝනා ඉපැදිණි. මෙම සැත්කමින් කවරකු උපදිනු ඇතිදැයි කිව නොහැකිය. ඇතැම්විට නිරෝගී මිනිසකු විය හැකිය. නැතිනම් මහසෝනකු හෝ ෆ‍්‍රැන්කන්ස්ටයින් කෙනකු හෝ විය හැකිය. 

 

26-page1-S2-5

 

m



අදහස් (0)

ලොව ප‍්‍රථම මිනිස් හිස් බද්ධයට සූදානම්

රූපවතී Friday, 02 October 2015 09:15 AM

මේ ලිපියේ පෙර ලිපියද ම කලින් කියවුවෙමි ! වඩාත් වැදගත් ලිපියක් වගේම අවසන් ටික කියවා මහසොහොනවෙලා කවුරු උපදීද යන්න මටත් හිනාවරුසාවකි , කෙසේ හෝ මේ විද්වතාගේ බලා පොරොත්තු සපල වේවා ..? (ස)

:       0       0

ගෞරියෙල් Saturday, 03 October 2015 06:36 AM

ගොඩක් හොඳයි. සාර්ථක ප්‍රතිඵල ලැබේවා! (නි)

:       0       0

විපුල Tuesday, 06 October 2015 01:00 PM

සෑම් , උදිත සංජීව, මොළයයි හදවතයි එකට ක්‍රියාකළොත් තමයි ජීවය පවතින්නේ. නමුත් මොළය වඩා වැදගත්. මොකද හදවත නැවතුනොත් එය එකපාරටම විනාශ වෙන්නේ නැහැ. නමුත් මොළයට ලේ සැපයුම නැතුව විනාඩි 2 කට පස්සේ මොළය මැරෙන්න ගන්නවා. මොළය මැරුනොත් ආපහු යථා තත්වයට එන්නේ නැහැ. ඒක තමයි හදිසි අවස්ථා වලදී කෘතීම ශ්වසනය දෙන්න කියන්නේ. මොකද එතකොට මොළයට ලේ ගලායන නිසා (නි)

:       0       0

සෑම් Tuesday, 06 October 2015 07:24 AM

මට නම් මේ පුවත දැනගන්නකොට ටිකක් පුදුමයකුත් දැනුනා.නමුත් නොහැක්කක් නොවේ කියලයි මට නම් හිතෙන්නේ.සත්වයාගේ ජීවිතය පවතින්නේ හදවතේ පිරිසිදු රුධිරය ඇසුරුකොට කියලයි බුදුන් වහන්සේ දේශනා කරලා තිබෙන්නේ.හදවත් බද්ධයෙදීත් කෙරෙන්නේ ජීවය ශරීරයෙන් පිටවන්නට නොදී යන්ත්‍රානුසාරයෙන් කෘතීම හදවතක් තුළ රඳවාගෙන නව හදවතකට සම්බන්ධ කිරීමයි.මොකද මොළය මියගිය අයත් කාලයක් ජීවත්වෙලා තිබෙනවානේ. භාරධුර වැඩක්. නමුත් සාර්ථක වේවායි සුබ පතනවා (නි)

:       0       0

ධම්ම Wednesday, 07 October 2015 08:15 AM

මුළු ඔළුවම ගලවලා හයි කරන්න යන්නේ නැතිව අවශ්‍ය කොටස් ටික පමණක් හයි කරන්න ක්‍රමයක් ගැන නොහිතන්නේ ඇයි? (ස)

:       0       0

සැනි Monday, 05 October 2015 08:58 AM

ඔය කතාව මෝඩයෙකුට කිව්වා නම් හොඳයි හේතුව කන්ද ගෙලවිල ගිය කතාව මන් කියන්නේ මේ සටහන කරන කෙනා උන්මත්තකයෙක්ද (අ)

:       0       0

නුවන් සංජීව Friday, 02 October 2015 08:26 AM

උතුම් පැතුම් ඉටු වේවා .නිරෝගී සැප හැර සුවයක් ලොවේ නොමැත.(හේ)

:       0       0

උදිත සංජීව Saturday, 03 October 2015 04:56 AM

කරුණාකර මෙම සැත්කම කරන්න එපා. මේ අයගේ ලොකුම වැරැද්ද නම් සත්වයන්ගේ පණ රැදී තියෙන්නේ මොලය තුළ කියන බව.නමුත් එසේනම් කෙසේද මොළය මියගිය අයෙක් පැය කිහිපයක් ජීවත්වන්නේ. සත්වයන්ගේ පණ රැඳී තිබෙන්නේ හදවත පවතින ප්‍රදේශය ආශ්‍රිතව රුධිරය ගැලීම උපයෝගී කරගෙනයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 750 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2404 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site