IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ලොව පැරණිම සයිකල් සවාරියේ පුරාණය

101 වැනි ලෝක ප්‍රසිද්ධ ප්‍රංශ බයිසිකල් සවාරිය ජුලි මස 06 වෙනිÞා ආරම්භ කර අදියර 21 කින් පසු කිලෝමීටර 3656ක් මග ගෙවා පසුගිය ජුලි   27 වැනි ඉරුදින ලෝකයේ ලස්සනම මාවත ලෙස සැලකෙන ප්‍රංශයේ අගනුවර පැරීසියේ පිහිටි ඇවනිව් ෂොම් සෙලිසේ මාවතේ අවසන් වට 10කින් පසු අවසන් වුයේය.

මේ සවාරියට ගතවූ කාලය පැය 90කි.

අතීතයේදි (මුලින්ම 1913 දී)  ප්‍රංශයේ පමණක් ධාවනයවූ මෙම  සවාරිය පසුකළ  අසල්වැසි යුරෝපයේ අනෙකුත් රටවල්ද එකතු කර ගනිමින් පැවැත්විණි.   මෙවර ප්‍රංශ සවාරියේ ප්‍රථම අදියර උතුරු එංගලන්තයෙන් ආරම්භ වුයේය. එය මෙම සවාරියේ ප්‍රථම වතාවටය. ඒ අනුව උතුරු එංගලන්තයේ ලීඩ්ස් නගරයෙන් ආරම්භවී යෝර්ක්, ෂෙපීල්ඩ්, ක්‍රේම්බී්‍රජ් හරහා කි:මී: 546ක් දුර පසු කර අගනුවර ලන්ඩන් නුවර දක්වා දින තුනක් ධාවනය වූ ප්‍රංශ සවාරිය සිව්වන දින සිට ප්‍රංශයේ උතුරු දිශාවට මායිම්වූ ඛෙල්ඡියම් දේශසීමා තීරුව හරහා ඊසාන දිශාවෙන් නැගෙනහිර, ගි‚කොන දිශාව දක්වා ධාවනය කොට දකුනු දිශාවට මායිම්වූ ස්පාඤඤයේ උතුරු සීමාව හරහා ප්‍රංශයේ නිරිත දිග දිශාව පසුකර මධ්‍යම ප්‍රංශයට පැමින අවසාන දිනයේ පැරීසියට නුදුරින් පිහිටි එව්රි නම් නගරයෙන් ආරම්භ කොට කිලෝමීටර 137කින් පසු පැරීසියෙන් අවසන් වුයේය. ඉතාලි ජාතික වින්චෙන්ශෝ නිබලී 2014 ප්‍රංශ සවාරියේ ජයග්‍රහාකයා වුයේය.

 ලෝකයේ ඇති පැර‚ම සයිකල් තරගාවලිය මෙයයි. ලොව සිටින හොඳම සයිකල් ශූරයෝ සියල්ලෝම ප්‍රංශ සවාරියට තරග වදිති. ලොව ඇති හොදම හා ප්‍රසිද්ධ සයිකල් ක්‍රීඩා සමාජ මෙයට එක්වෙති. වැඩිම දුර ප්‍රමාණයක් ධාවනය කරනුයේ මෙම සවාරියයි. ජයග්‍රහාකයන්ට වැඩිම මුදලක් ගෙවන්නේ ද මේ සවාරියේය.

 ලෝකයේ වැඩිම පිරිසක් මෙය නරඹති. රූපවාහිනි චැනලයන් 118 කින් විකාශනය කැරේ. ගුවන් විදුලි තරංඟ මාලා 75කි. ලෝක ප්‍රසිද්ධ කි්‍රඩා පුවත් හා සඟරා 398ක ප්‍රධාන මාතෘකාව ප්‍රංශ සවාරියයි. වෙබ් අඩවි 61ක්ද ජාතීන් 41කට අයත් ජන මාධ්‍යවේදීහු  2500ක් පමණද මේ සදහා සහාභාගි වෙති. ‍

මහා බ්‍රිතාන්‍යය, ස්පාඤඤය, රුසියාව, කසකස්ථානය, ඉතාලිය, නෙදර්ලන්තය, බෙල්ඡියම, ප්‍රංශය, ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය,  ජර්මනිය, ආදි රටවල බයිසිකල් ක්‍රීඩා සමාජ 22ක ජාතික ධජ 34 කට අයත් තරඟ කරුවෝ  198 දෙනෙක් මෙවර සවාරියට සහභාගි වූහ.

මෙවර තරගයට අප්‍රිකා  තරග කරුවන් නොමැතිවූ අතර ලෝකයේ වැඩිම බයිසිකල් භාවිතා කරන ජනතාවක් වෙසෙන චීනයෙන් ප්‍රංශ සවාරි ඉතිහාසයේ ප්‍රථම වතාවට චීන ජාතික තරග කරුවෙක් සහභාගිවීය.

නෙදර්ලන්තයේ ඡයන්ට් සිමානෝ ක්‍රීඩා සමාජ කන්ඩායම නියෝජනය කල ඔහු නමින් චෙන්ග් ජී නමින් හැදින්වේ. මෙවර සම්පූර්ණ සවාරියේ දුර ප්‍රමාණයට පෙරට වඩා කි:මී: 250ක් එක්කර තිබුනේය. ප්‍රංශ ජනාධිපති හා අගමැති දින දෙකකදී ප්‍රංශ සවාරියේ ප්‍රධාන නිල රථයේ අසුන් ගෙන දෙපස ජනයාට අත වනමින්, සිනහාසෙමින් කිලෝමීටර  20ක් පමන ගමනට එක් වුයේය.  

 මෙවර සමස්ත තරගයේ ප්‍රථම තිදෙනා අතරට තිබෝ පිනෝ හා ඡෝන් ක්‍රිස්ටෝර්ප් ෆෙරෝ යන ප්‍රංශ ජාතිකයෝ දෙදෙනො එක් වෙමින් ජයග්‍රාහි ත්‍රීමාන පියගැට පෙළ නැග්ගේය. එය වර්ෂ 1984න් වසර තිහකට පසු සිදුවු විශේෂ අවස්ථාවකි. 1984දි ප්‍රංශ සවාරියේ ප්‍රථම තිදෙනා අතරට එකල ලෝක ප්‍රසිද්ධ බයිසිකල් ශූරයන්වූ ප්‍රංශ ජාතික ලෝරන්ට් පිනියොන්ග් හා බර්නාර්ඩ් හිනෝල්ට් අයත් වුයේය. මේවන විට ලෝරන්ට් පිනියෝන්ග් ලෝක ශූරයා මෙලොවෙන් සමුගෙන ඇත්තේය. ප්‍රංශ සවාරියේ ප්‍රථම වතාවට අදියර 21න් අදියර 19ක්ම ජයග්‍රාහි කහා පැහැති ටීෂර්ටය හිමිකර ගැනීමට 2014 ස්පාඤඤයේ හා ඉතාලි බයිසිකල් සවාරි ජය ගත් ඉතාලි ජාතික වින්චෙන්ෂෝ නිබලී සමත් වුයේය. හොඳම කදු නගින්නාට හිමි රතු පාට ටීෂර්ටය පෝලන්ත ජාතික රෆයාල් මජ්කාට හිමි වුයේය. ප්‍රහාරක පොකුර සමග පැමින වේගයෙන් අවසන් කරන්නාට හිමි කොළ පැහැති ටීෂර්ටය ස්ලෝවේකියා ජාතික පීටර් සගන් විසින් හිමි කර ගත්තේය. සවාරියේ දක්ෂම ලාබාල ක්‍රීඩකයාට හිමි සුදු පැහැති ටීෂර්ටය ප්‍රංශ ජාතික වයස අවුරුදු 24ක් වයසැති තිබෝ පිනෝ හිමි කර ගත්තේය.තරඟයේ අවසානයා ලෙස ප්‍රථම වරට සහභාගිවූ චීන ජාතික චෙන්ග් ජී සටහන්වී ඇත්තේය.

ප්‍රංශ සවාරියේ අතුරු පල  ලෙස සෑම දිනකම සවාරියේ ආරම්භක හා අවසන් නගරයන්¦ ඊට වර්ෂයකට පමන පෙර සිට අළුත් වැඩියා කරති .එම නගර  අලංකාර කරති. සියලූම පහසුකම් සම්පූර්ණ කරති. ඒ අනුව එම සෑම නගරයක්ම දියුණු වෙති .ඊට අමතරව සවාරිය ගමන් ගන්නා මුලූ දුර ප්‍රමානයම අළුත් වැඩියා කරති.

හොඳ තත්ත්වයේ ඇති විශාල මං මාවත් තව තවත් නවීන තාක්ෂනය ඇසුරෙන් උසස් ප්‍රමිතීන්ට ගෙන එති. ඒ අනුව මේ දක්වා ප්‍රංශයේ විශාල මාර්ග පද්ධතියක් ප්‍රංශ සවාරියට සමගාමිව දියුණු කර ඇත. නගර හා ගම් දියුණු කර ඇත. ඒ නයින් ප්‍රංශ සවාරිය යනු ප්‍රංශය වැඩි   දියුණු කරවන එක්තරා ව්‍යාපෘතියකි.  

1st-2nd-3rd le-tour-de-france-pourrait-passer-dans-differents_1431987_800x400 london tour-de-france-01 Tour-de-france-2014-london Tour-de-france-2014-london-harrogate



අදහස් (0)

ලොව පැරණිම සයිකල් සවාරියේ පුරාණය

ෂෙරිෆ් Friday, 01 August 2014 02:18 PM

ඇත්තෙන්ම වටිනා ලිපියක්, අපි ප්‍රංශ බයිකල් සවාරිය ගැන අසා ඇත්තෙමු නමුත් නිවැරදි තොරතුරු මම ලිපියෙන් උපුටා ගත්තෙමු, (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 774 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site