හර්ෂණ තුෂාර සිල්වා
ආයුද සන්නද්ධ කණ්ඩායමක අත්අඩංගුවේ පසු වූ ලිබියාවේ හිටපු නායක සයිෆ් අල් ඉස්ලාම් ගඩාෆි නිදහස ලබා ඇතැයි ඔහුගේ නීතිඥයෝ සහ ඊට සම්බන්ධ වූ පිරිසක් පවසති.
මුවම්මර් ගඩාෆිට එරෙහිව 2011 වසරේදී දියත් වූ කැරැල්ලෙන් පසු සයිෆ් අල් ඉස්ලාම් ගඩාෆි අත්අඩංගුවට පත්විය. ගඩාෆිගේ පුත්‍රයා මෙලෙස නිදහස ලබා ඇත්තේ සින්තාන් නැමැති නගරයේදීය. නැගෙනහිර ලිබියාවේ පාර්ලිමේන්තුවක් විසින් සම්මත කරගන්නා ලද ක්ෂමා නීතියක් යටතේ ගඩාෆිගේ පුත් සයිෆ් අල් ඉස්ලාම් මෙලෙස නිදහස ලබා ඇතැයි නීතිඥ කලීඩ් අල් සයිදි උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. නිදහස ලැබීමෙන් අනතුරුව වෙනත් නගරයකට ගොස් තිබෙන ආරක්ෂක හේතුවෙන් එම නගරය කුමක්දැයි අනාවරණය කර නැත. මුවම්මර් ගඩාෆි මරා දැමීමෙන් අනතුරුව 2012 වසරේදී ලිබියාවේ ජාතික සංක්‍රාන්ති කවුන්සිලය අසම්පූර්ණ පොදු සමා නීතියක් සම්මත කරගත්තේය. අදාළ නීතිය යටතේ ගඩාෆිගේ පුත් සයිෆ් අල් ඉස්ලාම් ගඩාෆි නිදහස් ලබා තිබේ.
කෙසේ නමුත් නැගෙනහිර කොටසේ නගරයක් වන තොබ්රුක් හි පිටි පාර්ලිමේන්තුවෙි නියෝජිත මන්ත්‍රී මණ්ඩලෙයේ ඉල්ලීමක් මත සයිෆ් අල් ඉස්ලාම් ගඩාෆි නිදහස් කළ බව අබු බකර් අල් සිද්දික් බලකාය සන්නද්ධ කණ්ඩායම තම ෆේස්බුක් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. අධිකරණ අමාත්‍යාංශයේ ඉල්ලීමක් මත සයිෆ් නිදහස් කළ බව රොයිටර් පුවත් වාර්තාවේ දැක්විණි.
හතළිස් හැවිරිදි වියේ පසුවන සයිෆ් ලිබියාවේ හිටපු නායකයාගේ දරුවන් අතර මුල්තැනක් ගන්නා අතර කලක් මුවම්මර් ගඩාෆිගේ අනුප්‍රාප්තිකයා ලෙසින්ද හැඳින්විණි. දැඩි අස්ථාවරත්වයක තිබෙන ලිබියාව තුළ මේ වනවිට පාලනය සඳහා දැඩි සටනක් පවතින අතර ආයුද සන්නද්ධ කණ්ඩායම් රැසක් ලිබියාවේ කොටසක් පාලනය කරයි. මේ තත්ත්වය යටතේ නිදහස ලැබීමෙන් අනතුරුව හිටපු නායකයා පුත්‍රයා කුමක් කරනු ඇත්දැයි යන්න තවමත් අපැහැදිලිය.
කෙසේ නමුත් සන්නද්ධ අණදෙන නිලධාරී කලීෆා හෆ්තාර් බලය ගොඩනංවමින් සිටින නැගෙනහිර ලිබියාවේ කොටස් අතරින් සයිෆ් නිදහස් කරන්නැයි ඉල්ලා තිබෙන අතර පසුගිය ආණ්ඩුවේ කොටස්වලින් ද එවැනි ඉල්ලීමක් කර ඇතැයි වාර්තා විය. සයිෆ් නිදහස් කළ බව අසත්‍ය යැයි මීට පෙර වාර්තා වූ අතර ඔහුගේ තත්ත්වය ද නිශ්චිත නැතැයි වාර්තා විය.
.
''සයිෆ් අල් ඉස්ලාම් මුවම්මර් ගඩාෆි නිදහස් කිරීමට අපි තීරණය කළා. ඔහු නිදහස්. ඔහු නිදහස ලබපු රාමදාන් මාසයේ 14 වැනිදා (සිකුරාදා) සින්තාන්වලින් ගිය බව අපි තහවුරු කරනවා" යැයි අබු බකර් අල් සිද්දික් බලකාය සඳහන් කර තිබිණි.
යුද අපරාධ කළ බවට චෝදනා කරමින් ට්‍රිපෝලිහි අධිකරණයක් 2015 වසරේදී සයිෆ්ට මරණ දඬුවම පැන වූ අතර විප්ලවය සමයේදී විරෝධතාකරුවන් ඝාතනය කළ බවට ද ඔහුට චෝදනා එල්ල විය.
මුවම්මර් ගඩාෆිගේ ඝාතනයක් සමඟ මේ වනවිට ලිබියාව දරුණු අර්බුදයකට මුහුණ පා සිටින අතර බලය උදෙසා විවිධ සන්නද්ධ කණ්ඩායම් ප්‍රතිවාදී ආණ්ඩු හා කණ්ඩායම් අතරේ දැඩි සටනක් පවතියි. එක්සත් ජාතීන්ගේ සහාය ලබන ආණ්ඩුවක් ට්‍රිපෝලි නුවර පැවැතිය ද ඔවුන්ගේ බලය ස්ථාපිත කරගැනීමට නොහැකි වී තිබේ. එපමණක් නොව නැගෙනහිර ලිබියාවේ ඇතැම් බලවත් කොටස් මෙම පාලනය ප්‍රතික්ෂේප කරයි.
වසර 2011 පැවැති අරගලයෙන් පසු සින්තාන් කේන්ද්‍ර කරගනිමින් දැවැන්ත බලයක් ගොඩනැගුණු අතර එහි කොටස් ට්‍රිපෝලි කේන්ද්‍ර කරගනිමින් තිබෙන ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන අතර සයිෆ් බාරදීම ද ප්‍රතික්ෂේප කළේය. එපමණක් නොව යුද අපරාධ සහ මානව හිමිකම් කඩකිරීමේ චෝදනා මත සයිෆ් අන්තර්ජාතික අපරාධ අධිකරණයට ද අවශ්‍යව සිටින්නෙකි. ලිබියාවේ දී ඔහුට එරෙහිව පැවැති නඩු විභාගය ජාත්‍යන්තර තත්ත්වලට අනුව නොපැවැත්වුණු බව ජාත්‍යන්තර අපරාධි අධිකරණය පවසයි.
සයිෆ් අල් ඉස්ලාම් ලන්ඩනයේ ආර්ථික විද්‍යා විශ්වවිද්‍යාලයෙන් (ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස්) ආචාර්ය උපාධියක් ද හිමි කරගත්තෙකි.
රොයිටර් සහ අල් ජසීරා ඇසුරිනි
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලිබියා හිටපු නායකයාගේ පුතා නිදහස් කරයි