IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ලංකාවට වින කටින්න සෝල්හයිම් යළි මතුවෙයි



 

එරික් සෝල්හයිම් ශී‍්‍ර ලංකාවට ආගන්තුකයෙක් නොවේ.  ශී‍්‍ර ලංකා රජය සහ එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ තිස් වසරක් මුළුල්ලේ පැවති යුද සමයේ සෝල්හයිම් පෙනී සිටියේ නෝර්වේ රාජ්‍යයේ විශේෂ නියෝජිතයකු හා සාම දුතයකු ලෙසිනි.  එහෙත් ඔහුගේ වෙස් මුහුණින් වැසුණු සැබෑ මුහුණ කෙබඳුදැයි හෙළිදරව් වූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනුවෙන් ඔහු ඉටුකළ මෙහෙවර ශී‍්‍ර ලාංකිකයන්ට  එ්ත්තු ගියාට පසුවය. පසුගියදා සෝල්හයිම් නැවත කරළියට පැමිණියේ  ඔහු හා දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් සමඟ පැවති සාකච්ඡුාව පිළිබඳ වාර්තා පළවීමත් සමඟිනි. මෙම සාකච්ඡාවේදී ශී‍්‍ර ලංකාවට එරෙහිව ඇමරිකාව ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව සෝල්හයිම් තම ප‍්‍රසාදය පළ කොට තිබේ.

විසි වසරකට අධික කාලයක් ප‍්‍රසිද්ධ දේශපාලනයේ නිරත වූ නොර්වේජියානු සමාජවාදි වම පක්ෂයේ සාමාජිකයකු වූ සෝල්හයිම් ජාත්‍යන්තර සංවර්ධන කටයුතු භාර ඇමතිවරයා හා පාරිසරික ඇමතිවරයා ලෙස ද කටයුතු කළ අතර රාජ්‍ය තාන්ති‍්‍රකයකු ලෙස ශී‍්‍ර ලංකාවේ සිවිල් යුද්ධය සමථයකට පත් කරන්නට මැදිහත්කරුවකු ලෙසද පෙනී සිටියේය. වර්තමානයේ ඔහු කමිටු 250කින්යුත් ආර්ථික සහයෝගිතා සහ සංවර්ධනය සඳහා වන සංවිධානයේ (OECD) එක් කමිටුවක් වන ජාත්‍යන්තර ආධාර ව්‍යාපෘති සම්බන්ධීකරණ කමිටුවේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරයි. 2013 ජනවාරි 1දා සිට ඔහු එම තනතුර හොබවනු ලබන අතර එම සංවිධානයේ සාමාජිකත්වය දරන රටවල් සංඛ්‍යාව 34කි.    

2000 වසරේ නෝර්විජියානු විදේශ කටයුතු අමාත්‍යංශයේ විශේෂ උපදේශකයකු ලෙස ඔහු ශී‍්‍ර ලංකාවට පැමිණියේ එල්.ටී.ටී.ඊ. සංවිධානය හා ශී‍්‍ර ලංකා රජය අතර සංහිඳියාව ඇති කිරීමේ අරමුණිනි. එහෙත් ඔහුගේ ප‍්‍රයත්නය අසාර්ථක වූයේය. 2010 දී නෝර්වේජියානු විදේශ කටයුතු ඇමති යොහාන් ස්ටෝර් ශී‍්‍ර ලංකාව හා නෝර්වේ රාජ්‍ය අතර සබඳතා තමන් වෙත පවරා ගත්තේය. 2011 සිට සෝල්හයිම්  පිටුවහලේ සිටින දෙමළ ජාතිකයන් හා සංවිධාන ඇතුළු දෙමළ ඩයස්පෝරාව සහ ශී‍්‍ර ලංකා රජය සමඟ සම්බන්ධීකාරකයකු ලෙස කටයුතු කළේය. ශී‍්‍ර ලංකාවේ ඇතැම් දේශපාලනඥයන් සහ සංවිධාන සෝල්හයිම් යනු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ බළල් අතක් ලෙස හැඳින්වූයේ ඔහුගේ කි‍්‍රයා කලාපය අවබෝධ කරගත් බැවිනි. කලක් එල්.ටී.ටී.ඊ. නායකයකු ලෙස කටයුතු කළ වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුද වන කරුණා අම්මාන් විසින් නෝර්වේ රජය විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට විවිධ භාණ්ඩ හා මුදල් විශාල වශයෙන් ලබාදුන් බවත් එහි අතරමැදියා වූයේ එරික් සෝල්හයිම් බවත් අනාවරණය කොට තිබිණි.

සෝල්හයිම් පසුගියදා තම ස්වයං චරිතාපදානය එළිදැක්වූයේය. එය නම් කර තිබුණේ ”දේශපාලනය යනු අවශ්‍යතාවයකි” යනුවෙනි. එහි ශී‍්‍ර ලංකාව පිළිබඳව එක් පරිච්ෙඡ්දයක් ලියැවී තිබිණි. ‘යුද්ධය හා සාමය’ යනුවෙන් නම් කොට තිබූ එම පරිච්ෙඡ්දයේ එක් අනුමාතෘකාවක් වූයේ ”ජාතික දිනයේ සුදු කොඩිය” යනුවෙනි. එම පරිච්ෙඡ්දයෙන් විස්තර කෙරුණේ 2009 මැයි 17 වැනි දින යුද පෙරමුණේ වූ සිදුවීම්ය. 1970 සිට ශී‍්‍ර ලංකා රජය හා එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර පැවති යුද්ධය සමථයකට පත්කොට සාමය ස්ථාපිත කරන්නට ඔහු දැරූ තැත පිළිබඳවත්, එල්.ටී.ටී.ඊ.ය සහමුලින් විනාශ කිරීම හේතුවෙන් තම ප‍්‍රයත්නය අසාර්ථක වූ බවත් ඔහු එහි සඳහන් කොට තිබේ. සිවිල් ජනතාව වෙත නොනවත්වා ෂෙල් ප‍්‍රහාර එල්ල කොට දස දහස් ගණනින් ඝාතනය කිරීම හා යටත් වූ එල්.ටී.ටී.ඊ. නායකයන් සමූල ඝාතනය කිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා රජය වගකිව යුතු බවද නුදුරු අනාගතයේදී මෙම යුද අපරාධ වෙනුවෙන් ශී‍්‍ර ලංකා රජය  අධිකරණයක් ඉදිරියට කැඳවෙනු ඇති බවද ඔහු සඳහන් කොට තිබේ. මේ අනුව තිරය පිටුපස සිට සෝල්හයිම් යළිත් වතාවක් ශී‍්‍ර ලංකාවට වින කැටීමට සූදානම් වන බවට මෙම කෘතියෙන් ඉඟි කෙරේ. නීශා බිස්වාල් හා සෝල්හයිම් හමුව මෙම යටි වැඩපිළිවෙළේ එක් කි‍්‍රයාමාර්ගයක් විය හැකිය.

නොර්වේ හා ස්වීඩනයේ විකාශය වන ස්කව්ලන් නම් රූපවාහිනි වැඩසටහනක එම කෘතිය අළලා කළ සාකච්ඡුාවකට  සහභාගී වෙමින් සොල්හයිම් ශී‍්‍ර ලංකාවේ යුද සමය පිළිබඳ ඇතැම් තොරතුරු අනාවරණය කොට තිබිණි. සාම දුතයකුගේ භූමිකාව වන්නේ සාමය ප‍්‍රතිශ්ඨාපනය කිරීම හෝ මැදිහත්කරුවකු වශයෙන් කි‍්‍රයා කිරීම විනා පහසුකම් සපයන්නකු වීම නොවේ යයි සෝල්හයිම් පවසයි.

ස්වීඩනයේ දිනපතා පුවත්පත් කිහිපයකටම ශී‍්‍ර ලංකාවේ දේශපාලන වාතාවරණය පිළිබඳ ලිපි සපයන මාධ්‍යවේදියකු වූ යොහාන් මිකායෙල්සන් කීප අවස්ථාවකදීම සෝල්හයිම් හා සම්මුඛ සාකච්ඡුා පවත්වා ඇත. සෝල්හයිම් කළ ඇතැම් ප‍්‍රකාශ ඇසුරින් ඔහු ලියා ඇති ලිපියක, ගෙවුණු දසක කීපය මුළුල්ලේ ගෝලීය සාමය උදෙසා නෝර්වේ රාජ්‍යය විශාල මෙහෙවරක් ඉටු කර ඇති බවත්, ශ‍්‍රී ලංකාව 1948 නිදහස ලැබීමෙන් පසු බිහිවූ රජයන්ගේ ප‍්‍රධාන අරමුණ වූයේ එක් භාෂාවක් සහ එක් ආගමක් සහිත රටක් බිහි කිරීම වූ බව සඳහන් වී තිබිණි. පශ්චාත්් යුද සමයේ ශී‍්‍ර ලංකාවේ පවතින්නේ ආඥදායක පාලනයක් බවත්, ශ‍්‍රී ලංකා රජයට අවශ්‍යව තිබුණේ මේ දරුණුතම සටන්කාමීන් සහමුලින්ම විනාශ කර දැමීම බවත් එහෙයින් බෙදුම්වාදීන්ට දේශපාලනමය හෝ හමුදාමය වශයෙන් තම අරමුණු සාක්ෂාත් කර ගත නොහැකි වූ බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

2008 වසර අගභාගයේ එල්.ටී.ටී.ඊ.යට තම භූමිය තව දුරටත් රැුක ගත නොහැකි බව හා  ඔවුන්ගේ සියලූ සටන් සහ සමස්ත යුද්ධය පරාජය වෙමින් පවතින බව පැහැදිලි වී තිබිණි යැයි යොහාන් මිකායෙල්සන්  ප‍්‍රකාශ කරයි. මේ අවස්ථාවේ නොර්වේ රජය එල්.ටී.ටී.ඊ. යට යටත්වීම සඳහා සැලැස්මක් නිර්මාණය කළද ප‍්‍රභාකරන් එයට සවන් යොමු නොකළ බව සඳහන් කරන ඔහු, එල්.ටී.ටී.ඊ.ය යටත් වීමට නම් ඊට පෙර රජයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නැවැත්විය යුතු බැව් ප‍්‍රභාකරන් ප‍්‍රකාශ කළ බවද සඳහන් කරයි.

එතෙක් පැවති සිවිල් යුද්ධයේ අවසන් අදියරේ දී එල්.ටී.ටී.ඊ සංවිධානයේ ඊළාම් සිහිනය සාක්ෂාත් කර ගැනීම සඳහා  තිබූ අවසන් අපේක්ෂාව වූයේ සිවිල් ජනතාවය. 2009 ජනවාරි 2 දින  එල්.ටී.ටී.ඊ පාලනයේ තිබූ කිලිනොච්චිය ශී‍්‍ර ලංකා හමුදා යටතට පත් වෙමින් තිබූ අවස්ථාවේ එම ප‍්‍රදේශයේ සිටි සිවිල් ජනයා එක් ප‍්‍රදේශයක් තුළට කොටු විය. එල්.ටී.ටී.ඊ පාලන ප‍්‍රදේශයෙන් පලා එන ජනතාව වෙනුවෙන් ශ‍්‍රී ලංකා හමුදාව යුද මුක්ත කලාපයේ තාවකාලික ඉදිකිරීම් ඇති කොට තිබිණි. රජයේ හමුදා සිටි දෙසට පලා ආ සිවිල් ජනතාව එසේ කළේ තම ජීවිත විශාල අවදානමකට යටත් කරමිනි. ත‍්‍රස්තවාදීන් එසේ පලා යන්නට උත්සාහ කළ පිරිසට බාධා කළ අතර පලා යන්නන්ට වෙඩි තැබූ බවද අවසන් භාගයේ එල්.ටී.ටී.ඊය ජාත්‍යන්තර සහාය අපේක්ෂා කළද ඔවුන් විසින් සිවිල් ජනයා මිනිස් පලිහක් ලෙස යොදා ගෙන ඇති බව  ශී‍්‍ර ලංකා රජය ලොවට එ්ත්තු ගැන්වීම නිසා එල්.ටී.ටී.ඊයට ජාත්‍යන්තර සහාය නොලැබී ගිය බවද යොහාන් මිකායෙල්සන්ගේ ලිපියේ සඳහන්ය. 

සෝල්හයිම්ගේ කෘතියට අනුව එල්.ටී.ටී.ඊය සද්භාවයෙන්ම දේශපාලන විසඳුමක් ලබා ගැනීම අරමුණු කළ බව සෝල්හයිම් විශ්වාස කර ඇතැයි මිකායෙල්සන්  සඳහන්  කරයි.  

ගැටුම් නිරාකරණය හා සාමය පිළිබඳ සොයා බලන පර්යේෂකයන් ශී‍්‍ර ලංකා ප‍්‍රශ්නයේදී සාම දුතයන් අතින් කිසියම් වැරදීමක්් සිදුවූවාද  එසේ නොමැති නම් යුද සමයේ එ් වෙනුවෙන් ඔවුන් දැඩි බලපෑමක් එල්ල කිරීමට අපොහොසත් වූ හෙයින් සාමය ළඟා කර ගත නොහැකි වූවාද යන්න සොයා බැලිය යුතු බවද  ඔහු පෙන්වා දෙයි. සිදුවූ වැරදි තුළින් පාඩමක් ඉගෙන ගැනීමටත්, ඉතිහාසය ලියා තැබීමටත් ගැඹුරින් විමර්ශණයක් අවශ්‍ය බවද ඔහු පවසයි. එකිනෙකා දරන මතවාද වැරදි වුවද නිවැරදි වුවද යුද්ධය නැවත ආරම්භ වීම සම්බන්ධයෙන් නෝර්වේ රජයට ඇඟිල්ල දිගු නොකළ යුතු බව සෝල්හයිම් ප‍්‍රකාශ කොට තිබූ අතර රජය හා එල්.ටී.ටී.ඊය අතර පැවති අවසන් සාම වැඩපිළිවෙළ පිළිබඳව සෝල්හයිම්ටම ආවේණික වූ මතවාදයක් තිබූ බවද මිකායෙල්සන්  සඳහන් කරයි.     

මෙරට සිටින දේශපාලන කි‍්‍රයාකාරීන් පෙන්වා දෙන්නේ එරික් සෝල්හයිම් කුමන වේශයකින් හෝ පෙනී සිටිමින් ශී‍්‍ර ලංකාවට එරෙහි කුමන්ත‍්‍රණවලට සහාය දක්වන බවයි. මේ දිනවල අපට එරෙහිව කි‍්‍රයාත්මක වන ජිනීවා මෙහෙයුමේදී ඔහුගේ කි‍්‍රයා කලාපය පිළිබඳව විමසිලිමත්ව සිටිය යුතු බවත්, එදා සෝල්හයිම් කටයුතු කළ ආකාරයට වර්තමානයේ වෙනත් බලවේග කි‍්‍රයාත්මක වෙමින් පවතින බවත්, එම බලවේගයනට සෝල්හයිම්ගෙන් කිසියම් උත්තේජනයක් ලැබෙන බව නොරහසක් බවත් ඔවුහු වැඩිදුරටත් පැවසූහ.


 



අදහස් (0)

ලංකාවට වින කටින්න සෝල්හයිම් යළි මතුවෙයි

ලීලාරත්න Tuesday, 13 May 2014 09:20 AM

බටහිර ජාතීන්ට හැමදාම ඕන කරන්නේ අපිව පාගාගෙන ඔවුන්ට ඕන විදියට අපිව පාලනය කරන්න. ඒත් ඒක කවදාවත්ම වෙන්නේ නැති බව සොල්හිම්ලා දන්නේ නැතුව ඇති. මොකද උන්ට වඩා හොඳ ඉතිහාසයක් වගේම හොඳ ආගමක් අපිට තියෙන නිසා. (ස)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 07 May 2014 06:29 AM

සෝල්හයිම්ට ඕනෑ දෙයක් කරගන්න කියලා අපි අපේ වැඩක් බලාගනිමු. අපේ සමහර ඇමතිතුමාලා මෙන්ම සෝල්හයිම්ලාද උත්සහ කරන්නේ මොකක් හරි ප්‍රවෘත්තියක් මවා ඡන්ද ගොඩ වැඩිකර ගැනීමටය (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Sunday, 11 May 2014 12:52 AM

, සොල්හෛම් නොර්වේ ඉඳන් කොටින්ට කඩේ ගොස් නොර්වේ ඉන්න දෙමල ජනතාවගේ සහ ශ්‍රී ලංකාව් විරෝධින්ගේ උද්දවුවෙන් තම ඡන්ද පදනම් ශක්තිමට් කරගැනී , (ස)

:       0       0

අමිත Tuesday, 06 May 2014 05:52 PM

ශ්‍රී ලංකාවේ ජන්ම වෛරක්කාරයා (නි)

:       0       0

තිලක් Wednesday, 07 May 2014 08:16 AM

ලංකාවට වින කටින්න හදන මේ අය බල්ලෝ වගේ ජාතියක් මල්ලියේ.(නදී)

:       0       0

කාලිංග Thursday, 08 May 2014 12:56 AM

නැවතත් ඇවිල්ලා අපිට අපේ පාඩුවේ ඉන්න දෙනවා මනුස්සයෝ (දී)

:       0       0

දයා අළහකෝන් Tuesday, 06 May 2014 08:33 PM

මෙවැනි මිනිසුන්ට යළිත් මිනිස් ආත්මයක් ලැබේදැයි සැකසහිතයි (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 06 May 2014 09:32 PM

මේ අයට ඔවුන්ගේ දේවල් බලාඉන්න බැරි හැටි? (නි)

:       0       0

චන්ද්‍රා Saturday, 10 May 2014 10:16 AM

අයෙත් කාලෙකට පස්සේ සල්ලි කුට්ටියක් ලැබිල වගේ. (ස)

:       0       0

සරත් බංඩාර Friday, 09 May 2014 12:20 PM

මේ විෂ කුරු ශර්පයාව විශ්වාස කරනවද? (නදී)

:       0       0

ගයාන් Saturday, 10 May 2014 08:36 PM

මේ වගේ අයට යන්න වෙනම අපායක් හදන්න වෙනවා. (ස)

:       0       0

ධම්ම Tuesday, 06 May 2014 04:16 PM

මෙයාලට තමයි කියන්නේ ජම්මාන්තර වෛරක්කාරයෝ කියලා. (දී)

:       0       0

රොෂාන් Wednesday, 07 May 2014 03:19 AM

මොහු හරිම හිසරදයක්. මොහුට විරුද්ධව ලංකා රජය නඩුවක් ගොනු කළ යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 236 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 191 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 139 1

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 251 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 421 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 1047 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 999 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1437 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 371 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site