අප උඩරට ගිවිසුම අත්සන් කිරීමත් සමග අපේ සේනා සම්මත රාජාවලිය අහෝසි වී අප සුද්දන්ගේ වහලූන් තත්ත්වයට පත් උනෙමු. ඉංග‍්‍රීසි පාලනයට නතුවූ මහා භාරතය ඉන්දියාව බවට පත්වූ පරිද්දෙන්ම අපේ ලංකාවද සිලෝන් විය. සුද්දන් රට හැරදමා ගියේ ඔවුන් බෝ කළ කළු සුද්දන් පිරිසකට රට භාර කරය. ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ අපේ රට දිසාවන් දොළහකට හා රටවල් නවයකට බෙදා තිබුණි.
මාර්තු 02 වන දිනට ඉංග‍්‍රීසි ආණ්ඩුව සමඟ උඩරැුටියන් අත්සන් කළ අවබෝධතා ගිවිසුම නොහොත් ඉතිහාසයේ සඳහන්වන උඩරට ගිවිසුමට අවුරුදු දෙසීයක් ගතවේ. ඊට පෙර 1796 පෙබරවාරි 16 දින වන විට ලංකාවේ මුහුදුබඩ පළාත් ඉංග‍්‍රීසින් විසින් අයත්කර ගෙන තිබුණි. මාර්තු 02 දින පස්වරු හතරට ශ්‍රීමත් රොබට් බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරයා මහනුවර මඟුල් මඩුවේදී හමුවන ලෙස උඩරට අධිකාරම් හා දිසාවේවරුන් සහ අනිකුත් ප‍්‍රධානීන්ට දන්වා තිබුණි. එදා මල්වත්තේ මහනායක ධුරය දැරූ කොබ්බෑකඩුවේ නායක හිමි ප‍්‍රමුඛ මල්වතු අස්ගිරි උභය පාර්ශ්වයේ මහා සංඝයා වහන්සේලාද මඟුල් මඩුවෙහි වැඩඋන්හ. එහිදී ගිිවිසුම මෙම ප‍්‍රධානීන්ට හා මොහොට්ටාලවරු ඇතුළු සුළු මුලාදෑනීන්ටද කියවා දෙනු ලැබීය.
එදායින් පසුව අප රටේ අවුරුදු දෙදහස් පන්සීයකට අධික කාලයක් තුළ තිබූ සිංහල රජෙකුගේ පාලනය යටතේ පැවති ලෝකයේ පැරණිම රජ පරම්පරාව මෙන්ම වඩුග රාජ පරම්පරාවේ රජවරු හතර දෙනෙකුගේ පාලනය යටතේ පැවති අප රටේ ස්වෛරීත්වය එංගලන්තයේ III වන ජෝර්ජ් රජුගේ (1780-1820) හැනෝවර් පරම්පරාවට අයත්විය. හැනෝවර් පරම්පරාව රාජ්‍ය බලයට පත්වූයේ 1714දී I වන ජෝර්ජ් රජුගෙන් පසුවය. අප රටේ විශිෂ්ට උගත් රාජ පරපුර වෙනුවට අප භාර වූයේ හිරු නොබසින අධිරාජ්‍යය යැයි කියූ බි‍්‍රතාන්‍යයේ අඩක් නෙත් අන්ධ වූ හා බිහිරි වූ III වන ජෝර්ජ්ටය. ගිවිසුම ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංග‍්‍රහයේ (Ceylon Legislative Enactment) xi ඛණ්ඩයේ 390 ෙඡ්දය අනුව රටේ නීතිය බවට පත්විය. එයින් පසුව අපේ ව්‍යවස්ථාවන් පැනවීමේ බලය හිමි වූයේ මේ තුන්වන ජෝර්ජ් රජුට මිස රටේ ජනතාවට නොවේ. එංගලන්ත පාර්ලිමේන්තුව මෙම රටේ පාලනයට නීති සම්පාදනය කළේ රටේ ජනතාවගෙන් ලත් බලයෙන් නොව එංගලන්තයේ මව් පාර්ලිමේන්තුවේ බලයෙනි. ඉන් පසුව ජනතාවගේ නියෝජිතයින්ගෙන් සමන්විත වූ ව්‍යවස්ථාදායක මණ්ඩලයක් මගින් සම්මත වූ ජනරජයක් නැවතත් අපට ලැබුණේ 1970 ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුවය. අප උඩරට ගිවිසුම අත්සන් කිරීමත් සමග අපේ සේනා සම්මත රාජාවලිය අහෝසි වී අප සුද්දන්ගේ වහලූන් තත්ත්වයට පත් උනෙමු. ඉංග‍්‍රීසි පාලනයට නතුවූ මහා භාරතය ඉන්දියාව බවට පත්වූ පරිද්දෙන්ම අපේ ලංකාවද සිලෝන් විය. සුද්දන් රට හැරදමා ගියේ ඔවුන් බෝ කළ කලූ සුද්දන් පිරිසකට රට භාර කරය. ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ අපේ රට දිසාවන් දොළහකට හා රටවල් නවයකට බෙදා තිබුණි. හතර කෝරළේ, හත්කෝරළේ, ඌව සහ මාතලේ මහා දිසාවරු යටතේ පාලනය විය. වර්ග සැතපුම් 25332ක් වූ මුලූ රටෙහි වර්ග සැතපුම් 15,000 පමණ අයත් වූයේ කන්ද උඩ පස්රට නොහොත් උඩරට රාජ්‍යයටය. මෙම භූමි ප‍්‍රමාණය නූතනයෙහි සියලූම පළාත් සභා ප‍්‍රදේශ හා බස්නාහිර සහ දකුණ පළාත් සභා ප‍්‍රදේශයන් තුළ සමහර කොටස් ද අයිති වූ භූමි ප‍්‍රමාණයකි. අද උඩරට රාජධානිය නැති වූවත් උඩරට නැටුම්, කලා ශිල්ප, ඇඳුම්, පැළඳුම්, සමාජ චාරිත‍්‍ර හා සාරධර්ම එම රාජ්‍යයෙන් උරුම වූ නෂ්ඨාවශේෂ ලෙස ජීවමානව පවතී. අප විදේශ සංචාරකයින්ට පෙන්වන ලෝක උරුම නගර, මූර්ති කැටයම් ශිල්ප, වෙහෙර විහාර සීගිරිය වැනි චිත‍්‍ර ශිල්ප ආදිය වැඩි වශයෙන්ම ශේෂ වී ඇත්තේ උඩරට රජ්‍යයේය.

1833 ඔක්තෝබර් 11 දින ශ්‍රීමත් රොබට් හෝර්ටන් ආණ්ඩුකාරයා විසින් නිකුත් කළ ආඥාවක් අනුව මුහුදුබඩ ප‍්‍රදේශද ඇතුළත්ව රට පළාත් පහකට බෙදන ලදී. ශ්‍රීමත් කොලීන් කැම්බල් ආණ්ඩුකාරයා 1845 ඔක්තෝබර් 01 දින සිට හයවන පළාත වශයෙන් වයඹ ඇති කළේය. 1813 සැප්තැම්බර් 06 දින සිට ශ්‍රීමත් ආතර් විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරයා උතුරුමැද පළාත වෙන් කළේය. ඊට පෙර උතුරු මැද නුවර කලාවිය තමන්කඩුව පාලනය වූයේ යාපනයේ ඒජන්තවරයා යටතෙහිය. 1886 දී ශ්‍රීමත් ආතර් ගෝඩන් ආණ්ඩුකාරයා විසින් ඌව පළාත ඇති කළේය. 1888 දෙසැම්බර් 29 දින ඔහු පෙරදී දකුණු හා බස්නාහිර පළාතට අයත්ව තිබූ කොටස් සම්බන්ධ කර සබරගමු පළාත ඇති කළේය. බි‍්‍රතාන්‍ය ක‍්‍රීටයට ලංකාව සම්බන්ධයෙන් නීති පැනවීමට බලය හිමි වුණේ ඔවුන් අත්සන් කළ ගිවිසුම නිසයි. ඉංග‍්‍රීසි ආණ්ඩුකාරවරුන්ට මහරජුගේ අපේක්ෂාවන් ඉටු කරන අතරම රජුගේ විධායක බලයද කි‍්‍රයාත්මක කිරීමට සිදු විය. එබැවින් ආණ්ඩුකාරයාගේ කාර්යභාරය විධායක ව්‍යවස්ථාදායකය මෙන්ම නීතියේද ආධිපත්‍යය දැරීය. ඔහුට නීති කි‍්‍රයාත්මක කිරීමේ මෙන්ම නීති උල්ලංඝණය කිරීමේදී දඬුවම් නියම කිරීමේ විනිශ්චය බලයද අයත් විය. එංගලන්තයේ මව් පාර්ලිමේන්තුවේ දී ලංකාවටද බලපාන නීති සම්පාදනය කිරීමට බලය ලබා ගත්තේ උඩරට ගිවිසුම නිසාය. ඔවුන් සම්පාදනය කළ නීති ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීමට අවශ්‍ය වූ නීති හා අනපනත් මිස අපේ රටේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි සකස් වූ අන පනත් හා නීති රීති නොවේ. අපේ පැවති පැරණි නීති පද්ධතිය වූ මහනඩුව (රජු ඉදිරියේ විසඳන) දෙවැනි ක‍්‍රමය වූ ප‍්‍රධානීන් ඉදිරියේ විසª නඩු හා ගම් සභා නඩු විසඳීමේ ක‍්‍රමය වෙනුවට ලන්දේසි පාලනය යටතේ තිබූ මුහුදුබඩ ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක වූ රෝම ලන්දේසි නීතිය මුලූ දිවයින පුරාම ක‍්‍රියාත්මක කිරීම ආරම්භ විය. කිසිම උඩරැුටියෙකුට ඉංග‍්‍රීසින්ගේ අධිකරණ පද්ධතියේ විනිශ්චයකාරධුරයක් ලබා නොදුන්නේය.
බි‍්‍රතාන්‍ය ගිවිසුමෙන් ඔවුන් මත පැවරුන වගකීම් හා විශ්වාසනීයත්වය ආරක්ෂා කළේ කෙසේද? 1817-18 ඌව කැරැල්ල, 1848 මාතලේ කැරැුල්ල ආදී ඔවුන්ගේ පාලනයට විරුද්ධව පැනනැගි මහජන විරෝධතාවන් කෲර ලෙස මැඩ පැවත්වීමට ආණ්ඩුකාරයා ඔහු සතුව තිබූ නෛතික බලය මෙන්ම විධායක හා පරිපාලන බලතල ද උපරිම ලෙස ක‍්‍රියාත්මක කළේය. ඔවුන්ගේ ආඥා පනතකින් සියලූම ඉඩම්වල අයිතිය රජය සතු කරගෙන ඒවා කිරීටය සතු ඉඩම් (Crown Land) යැයි නිවේදනය කළේය. පාරම්පරිකව හිමි වූ ඉඩම්වල අයිතිය තහවුරු කර ගැනීමට අසරණ ගම්වාසීන්ට නීතියේ සරණ පැතීමට නොහැකි විය. එම ඉඩම් කෝපි, තේ, රබර්, පොල් ආදී වැවිලි සඳහා රන් පවුම් සමාගම්වලට මෙන්ම වැවිලි කර්මාන්තය ගැන උනන්දුවක් දැක්වූ ආණ්ඩුවේ ඒජන්තවරුන් වැනි උසස් නිලතල දැරුවන්ට ලබාදුන්නේය. ඒ. පර්ග්‍යුසන්ගේ 1857 වාර්තාවක් අනුව යුරෝපීය වැවිලිකරුවන්ට එවකට අක්කර 6337092 අයත් වූ අතර එම ප‍්‍රමාණය වගා කිරීමේ කටයුතු සඳහා ගෙන්වා ගත් ඉන්දීය කම්කරු පිරිස 129200 ක් විය. බදුල්ලේ උඩුකිඳ ප‍්‍රදේශයෙන් පමණක් එක් රාත‍්‍රියකදී ස්වකීය නිවාසවලින් පාරට ඇද දැමූ පිරිස, මධ්‍යම පළාතේ පිරිසත් සමග පවුලේ 37000 ක් විය. (ඌව ජර්නල්) උඩරට ගැමි කොමිසමේ වාර්තාවක් අනුව මෙම පිරිසට ඉඩම් අඟලකුදු තම උපන් බිමින් හිමි නොවීය. උඩරට තරුණ පෙරමුණද මේ සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට වාර්තාවක් සැපයූ නමුත් ඉංග‍්‍රීසි ආණ්ඩුව ඒ පිළිබඳව මුණිවත රැුක්කේය. ඉංග‍්‍රීසීන් අප රටෙන් ගිය පසුත් මෙම ඉඩම් රජයේ ඉඩම් (State Land) යැයි නම්කර කිසිදු සාධාරණයක් පරවේනි ඉඩම් හිමි ගැමියන්ට ඉටුවී නැත. ඒ වෙනුවට පසුගිය රජය පහළ වෙල්ලස්සෙන් පමණක් අක්කර පනස්දාහක් සමාගම්වලට බදුදීමට සැලසුම් කර තිබුණි.
මෙම තත්ත්වය තේරුම් ගැනීමට විටින් විට බලයට එන පාලකයින්ට හැකි වන්නේ අද ගමේ සොහොන් බිමකට ඉඩම් කෑල්ලක් අත්පත් කර ගැනීමට යාමේදී පවා ඉන්දියන් වතු කම්කරු සංගමයට, වෘත්තීය සමිති නායකයින්ට, වතුකරේ දේශපාලකයන්ට පිංසෙන්ඩු වීමට සෑම නායකයෙකුටම සිදුව ඇති නිසාය. මෙම තත්ත්වය වඩාත් උග‍්‍ර වී ඇත්තේ 1977 ව්‍යවස්ථාවෙන් පසු ක‍්‍රියාත්මක වන ජන අනුපාත මැතිවරණ ක‍්‍රමය නිසාය. මෙම තත්ත්වය වෙනස් කිරීමට අද දැයට අවශ්‍ය වන්නේ ජාති හිතෛෂි ජන නායකයන් මිස මිල මුදල්, බලය, නිලය පසුපස යන දේශපාලන නායකයන් නොවේ. පෘතුගීසීන්ගෙන්, ලන්දේසින්ගෙන් උඩරට ගැමියා රැකගත්තේ මෙම ඉඩම්ය. ඉංග‍්‍රීසීන් මිත‍්‍රයින් ලෙස මෙම ජනතාවගේ පරවේනි අයිතිය රැකීමට ගිවිස ගත්තත් අවුරුදු තුන්සියයක් පමණ පෘතුගීසි, ලන්දේසි ආක‍්‍රමණයන්ගෙන් ගැමියා රැක ගත් ඉඩම් දේපල ඔවුන්ට අහිමි විය. එපමණක් නොව මුහුදුබඩ ප‍්‍රදේශවලට අධ්‍යාපන පහසුකම් ලබාදුන් අතර ඔවුන් උඩරට පළමු ස්වභාෂා පාසල ආරම්භ කළේ 1856 දීය.
එනම් ගිවිසුම අත්සන් කර අවුරුදු හතළිස් එකකට පසුවය. මෙම ප‍්‍රදේශවල සිට කොළඹට ප‍්‍රවාහන පහසුකම් සපයා දුන්නේ 1827 දී හමුදාවන්ගේ ගමන් පහසුව සඳහා ප‍්‍රවාහන පහසුකම් සපයා දුන් පසුවය. උඩරට ඉඩම් බුක්ති විඳීමේ චාරිත‍්‍රය පැවතියේ ප‍්‍රදේශයේ ජනතාවගේ සමගිය හා එකමුතුව රැුකගැනීම අරමුණු කොටගෙනය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ලිපියක් (නි)
ලංකාව පාවාදුන් උඩරට ගිිවිසුමට වසර 200 යි. මෙම පාවාදීම නොකලානම් අපිතාම අරජාතිකයා යටතේ නේද?(හේ)
අවුරුදු 200 කට පසු 2015 දී නැවත වරක් ඊටත් වඩා ලොකු පාවාදීමක් අපිත් කළා .(නදී)
ලංකාවේ අයියලගේ අක්කලාගේ වැඩේ සුද්දොන්ට ගොට්ට අල්ලන එක නේ. මහින්දල ගෝඨල වගේ සිංහලයෝ කවදාවත් සුද්දොන්ට නැමිලා නෑ රනිල් වගේ (බ)
මට නම් මේ දේවල් විශ්වාස කරන්න බැහැ. ඒත් රට ගොඩගන්න අවංක නායකයෙක් ඕනෑ (නි)
ඇත්තටම හොඳ මතක්කිරීමක් (නි)
මමත් අනුර නමුත් අනුරගේ පනාව ඔලුවේ ගහගන්නේ නැහැ එදා තිබුන සමාජය ඉතිහාසය උරුමය ගැන නොදැන කියනවා. අන්තප්පුරයක් නුවර රාජධානියේ තිබුනද ? ඔප්පු කල යුතු වෙනවා රට පාවාදී ම වන චාරී නොවේද ? යටත් විජිත වල නව නිර්මාණ කරුවන් බිහිඋනේ නැහැ ඉන්දියානුවන් ජාතිකත්වයෙන් උතුම් නිසා අද යටත් විජිට මනසින් මිදී වේගයෙන් දියුණු වෙනවා ඔබ කියන විදියට චීනයේත් ඉන්නේ වනචාරීන්ද ? කිසි දිනක යටත් නොවුන චීනුන් ලෝක බලවතුන් වීමට ආසන්නයේ ලාංකිකයෙක් හැටියට ඔබ ගැන ඉතා කණගාටු වෙනවා වහලුන් ලෙස ජීවත් වෙන්න්න අකමැති අභීත සිහලුන් දස දහස් ගණන් වෙල්ලස්සේ මැරුම් කෑව ළදරුවන් පවා දිවි දුන්න (බ)
අනුර සමීර සිංහල ලේ නැහැ පෘතුග්‍රීසි සම්භවයෙන් වගේ (බ)
අවරුදු දෙසීයකට පස්සෙත් එ්කම උණු හැටි ((නදී)
හොඳ මතක්කිරීමක් (නි)
සිරිමල්ලා වගේ මිනිස්සු ඉන්නතුරු මේ රටේ හොර දේශපාලකයන්ට රජ මඟුල්. දැන්වත් මොළේ හොඳවෙන්න ඉසකුඩිච්චියක් දාගමු. ඊට පස්සේ තණකොළ මැල්ලුමක් එක්ක පිදුරු කමු. ලෙඩේ හොඳටම හොඳ වේවි. (නි)
පවා දුන්නා නොවේ හරි හෝ වැරදි වෙනසට රජුගේ වියරුව රට තල්ලු කලා (නදී)
1597 පෘතුගීසීන්ට රට පාවලා දීපු මල්වාන ගිවිසුම (නදී)
පෘතුගීසින්ට1597රට පාවලදීපු මල්වාන ගිවිසුම ගැන කතා කරනවා හරිම අඩුයි නේද ?(නදී)
නුවර අය පාවා දීමට දක්ෂයෝ (නදී)
එදා රට පාවාදුන් මිනිස්සු වගේ අය අදත් ඉන්නවා. (නි)
මෙහි වැදගත්ම දෙය තමා සුද්දගේ ගිවිසුමේ කොපිය ලාංකිකයන්ට දීපු කොපියට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. ලංකාවේ මිනිස්සු සුද්දගේ කොපිය නොකියව අත්සන් කල. දැනුත් ලංකාවේ ඉන්නවා සුද්දන්ව ඒකාලේ වගේම විස්වාස කරන කට්ටිය. (අ)
හොඳ වෙලාවට අපේ රටට සුද්දෝ ආවේ. (නි)
නිපුන පරගැති බවේ සීමාවක් නැහැ නේ ?අධ්‍යාපනය ලැබුෙණ් ඕල්කට්තුමා නිසා පානදුරා වාදයේ වූ බුදුදහමේ තර්කානුකුල බව එතුමාට අවබෝධ වෙලා බෞද්ධ පාසල් 478 හැදුවා සිගිරිගල මුදුනට වතුර පොම්ප කරනකොට සුද්දෝ ඇන්දේ කොළ අතු .අලි ගිය පාර ට ඩෝසන් තාර දැම්මා . (දිල්)
අගමැතිට කියන්න ජය සමරන්න කියා (නදී)
මිගාර හරි. උඩරට ප්‍රදේශ පෘතුගීසි යටත් විජිත යුගයේ පටන් පාලනය කළේ ආඞින්ගෙන් පැවත එන මේ වලව් වල අය. මහනුවර යුගයේ සිංහල භාෂාව තව හොද උදාහරණයක්. කෝට්ටේ යුගයට සාපේක්ෂව කොතරම් කටෝරද ?. (නදී)
සිරිමල්, ඔයා හරියටම හරි. රටට සාමය උදාකළ, රටේ ආර්ථික වර්ධනයත් දේශපාලන ස්ථාවරභාවයත් ස්වාධීනතවයත් තහවුරු කළ නායකයාව පාවාදුන්නා. රැවටුණු රැවටිල්ල තේරෙනකොට පෙරහැර ගිහින්. සමන්, ඔයාගේ ඉසකුඩිච්චි ඔයාම දමාගෙන ඔයාගේ තණකොළ මල්ලුමයි පිදුරුයි ඔයාම කන්න. (නි)
මේ ගිවිසුමට පින් සිද්ධවෙන්න වෙන්න තමා රටට ප්‍රජාතන්ත්‍රවාදය ලැබුණේෙ . නීති පද්දතියක් ලැබුණේ . විධිමත් අධ්‍යාපන හා පරිපාලන ක්‍රමවේදයක් ලැබුණේ.. නතිනම් අපි තාමත් ඒකාධිපති පාලනයේ යටත් වැසියෝ (දිල්)
සුද්දන් රට ගත්ත නිසා වනචාරීන් නොවී බේරුනා....... නැතිනම් අදත් අන්තපුර්යට ගැහුණු සපයමින් ...... රජුට බයෙන් ඉන්නේ... ! (ම)
සුද්දෝ ලංකාවට අවේ නැත්නම් අපි තාම ගල් යුගයේ රජ්ජුරුවන්ටයි රදලයන්ටයි වැඳගෙන තමයි ඉන්න වෙන්නේ (ස)
සමහර අය ඉතිහාසය කියවන්නෙත් මහින්ද මේනියාවෙනි.මේ වගේ මිනිසුන් අතරින් රටක් ගොඩ නැඟෙන්නේ කවදාද යන්න සිතාගත නොහැකිය. (නි)
ඒ කාලේ සිද්ධවුණ දේවල් ගැන බලන්න ඕනෑ ඒ කාලේ පසුබිමත් එක්කමයි. උදාහරණයක් විදියට කෝට්ටේ රාජධානි සමයෙදි පරංගි මේ රටට ආවේ නැත්නම් මේ වෙද්දි අපේරට ඉස්ලාම් රටක් වෙන්න බොහෝ ඉඩකඩ තිබුණ බවයි පැවසෙන්නෙ. මොකද ඒ වෙද්දි ලංකාවේ සමුද්‍ර බලය හා විදේශ සම්බන්ධතා සියල්ලම තිබුණෙ බලවත් අරාබි වෙළෙඳුන් අත. අනෙක් අතට උඩරට රාජධානියේ තිබුණෙ මහජන පීඩක වැඩවසම් පාලනයක් බව පැහැදිලිවම දැකගන්න පුළුවන්. අතීත ලංකාවේ රටේ සියළු ඉඩම් අයිති රජතුමාට, බුක්ති විඳීම පමණයි මහජනතාවට හිමිවුණේ. (නි)
ගිවිසුම දෙස අවධානයෙන් බලන්න.එහි ඇති අත්සන් සමහරක් දෙමළ අත්සන්,ඒ කියන්නේ උඩරට රදළයෝ කියන්නේ දෙමළ.ශ්‍රී වික්‍රම රාජසිංහ කියන්නෙත් දෙමළ (වඩුග) මේ රට පාවා දුන්නේ නියම සිංහලුද? හිතන්න.එසේ නම් සෑබෑ සිංහලුන් කවුරැන්ද? (අ)