IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


ලෝකයේ සුන්දරම මන්ත‍්‍රීවරියන් දසදෙනා

 

 

මැතිසබය යනු සමස්ත රටටම ඇතැම් විට ලෝකයටම බලපාන ආකාරයේ බැරෑරුම් තීරණ ගන්නා තීරණාත්මක සාකච්ඡා පවත්වන ස්ථානයයි. එතැන සිටින සාමාජිකයන් වැඩි දෙනකු බැරෑරුම් මුහුණුවලින් සහ පීඩාවෙන් පිරුණු සිත්වලින් යුතුවය.

එහෙත් සුන්දර කාන්තාවන් කිහිප දෙනකු දර්ශන තලයේ සිටින්නේ නම් එය වියළි බිමකට ඇද හැළෙන වර්ෂාවක් ලෙස අර පීඩාකාරී සිත්වලට දැනෙනවා නොඅනුමානය. අපේ මැතිසබේ ඇමැතිවරයකු මේ මෑතකදී අපේ ඇමැතිවරියක දිය ඇල්ලකට සමාන කොට තිබුණේ එම නිසා විය යුතුය.

සුන්දර කාන්තාවන් විසින් දේශපාලන කරළියේ පෙරළි ඇති කරනු ලබන බව ජාත්‍යන්තර දේශපාලනය දෙස නෙත් හෙළන විට පසක් වෙයි.

මේ කාන්තා දේශපාලනඥයන් රටේ ජනතාව තුළ ප‍්‍රබෝධයක් සහ උද්යෝගයක් ඇති කිරීම ඊට හේතුවය. ඔවුහු දේශපාලන ලෝකයේ වැජඹෙන සුන්දරම සහ සරාගීම කාන්තාවන් ලැයිස්තුගත කිරීමට ද පෙළෙඹෙයි.


දැනට ලෝකයේ සිටින සුන්දරතම සහ සරාගීම මන්ත‍්‍රීවරියන් සොයා කරන ලද සමීක්‍ෂණයක ප‍්‍රතිඵල මෙහි දැක්වේ.

 


හීනා රබානි

පකිස්ථාන ජාතික හීනා රබානි දැනට ලෝකයේ අංක එකේ වැජඹෙන සුන්දරතම දේශපාලනඥවරියයි. ඇය කලක් පකිස්ථානයේ විදේශ ලේකම් වශයෙන් ද කටයුතු කළාය. එම තනතුර ලැබූ ලාබාලම කාන්තාව ලෙස හැඳින්වෙන්නේත් හීනාය. ඇය දේශපාලන පසුබිමක් ඇති පවුලකින් පැවතඑන කාන්තාවකි.

 

 

 


ඔර්ලි ලිවයි

ඊශ‍්‍රායලයේ ජනතාව කියන්නේ දෙවියන්වහන්සේ විසින් දේශපාලන ලෝකයට මවන ලද දේව දුතිය ඔර්ලි බවය. ඇගේ සුන්දර බව පමණක් නොව ඍජු බැල්මත් සදා නොමැකෙන සිනාවත්  ඕනෑම කෙනකු තිගස්වනවා නොඅනුමානය. ඊශ‍්‍රායල මාධ්‍යවලට ඇය ඉතා හොඳ පුවත් මවන්නියකි. දරුවන් තිදෙනකුගේ මව වුවද බාහිර පෙනුමින් කිසිවකුට ඒ බවක් කියන්නට නොහැකිය. ඇය දේශපාලනයට පිවිසියේ කලක් ඊශ‍්‍රායල ගුවන් හමුදාවේ ද සේවය කිරීමෙන් අනතුරුවය. ඇය කිසිම දිනෙක වයසට යන්නේ නැතැයි ඊශ‍්‍රායල මාධ්‍ය පවසයි.

 

 


මාරියා රොසේරියා කාර්ෆැග්නා

ඉතාලි මැති සබයේ පමණක් නොව ලෝකයේම සිටින සුන්දරම ඇමැතිවරිය වශයෙන් හැදින්වෙන්නේ මරියාය. උඩුකය නිරාවරණය කරගෙන පෙනී සිටි නිරූපිකාවක ලෙස ඇගේ ප‍්‍රතිරූපය මුලින්ම ජනතා සිත්සතන්හි රැඳිණි. එම නිසාම ඇගේ චරිතය නිරන්තයෙන්ම විවේචනයට බඳුන් වෙයි. එහෙත් මේ ගිිනි සිළුව තමන්ට එල්ලවන චෝදනා සියල්ල තදින්ම ප‍්‍රතික්‍ෂේප කරන්නීය. එහෙත් හිටපු ඉතාලි අගමැති සිල්වියෝ බෙර්ලූස්කෝනි ගේ පුංචි සමනලිය යන්න නම් ප‍්‍රතික්‍ෂේප කරන්නට ඇයට නොහැකි වී තිබේ.

 

 


 

 


ඇලීනා කැබේවා

එක්සත් රුසියන්  පක්‍ෂයෙන් මැතිවරණයට තරග කොට, 2007 දී මන්ත‍්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුවට පිවිසි මේ සුරූපිණිය ජිම්නාස්ටික් ක‍්‍රීඩිකාවකි. ඇය මොන තරම් සුන්දර ළඳක්ද යත්, හිම මිදෙන තරමේ සීතලකදී පවා ඇය දකින පිරිමියකු දහදියෙන් නැහැවෙන්නේ යයි කියැවෙයි. ඇගේ සමකාලීන ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද ඒ පිරිමි අතරින් එක් කෙනෙක් වූයේය. ඔවුන් දෙදෙනාගේ රහස් සබඳකම දෙස එකල මාධ්‍යවල අවධානය දැඩිව යොමුවී තිබිණි.

 

 

 

ජොඅන්නා කැබේවේ

පෝලන්ත මැති සබය කාන්තා සුවඳින් පිරී ඉතිරෙන්නට පටන් ගත්තේ ලූබින් නගරය නියෝජනය කරමින් ජොඅන්නා කැබේවේ එහි
පිවිසියාට පසුවය. ඇය ආර්ථික විද්‍යාව පිළිබඳ පී.එච්.ඞී. උපාධි ධාරිනියකි. ඇගේ සරාගී රුව නෙත ගැටුණ විට පිරිමි සිත් සසල වන්නේ නිමේෂයකිනි.
අනේ.... මේ සුන්දර කාන්තාව එක්ක කතාබහකරමින් ඉන්න තියෙනවානම් මට වෙන කිසිම දෙයක්  ඕන නෑ... ඔවුහු සුසුම්ලමින් ප‍්‍රාර්ථනා කරති.

 

 


ඊවා කයිලි

ග‍්‍රීසියේ කාන්තාවන් කොහොමත් සුන්දරය. එහෙත් ඊවා කයිලි සුන්දර බවින් පමණක් නොව සරාගී බවින් ද අගතැන්පත්ය. ඇය දක්‍ෂ සිත්තරකු විසින් අඳින ලද චිත‍්‍රයක් මෙන් පරිපූර්ණයැයි කියැවෙයි. ඇය දේශපාලනඥවරියක පමණක් නොව රූපවාහිනී නිවේදිකාවක ද වන්නීය.

මේ කාන්තාව සිය දේශපාලන වෘත්තියෙන් බැහැරව, ජාත්‍යන්තර නිරූපිකාවක ලෙස කටයුතු කරන්නට පටන් ගතහොත් එය ඉහළ තලයේ වැජඹෙන මෝස්තර නිරූපිකාවන්ට සෑහෙන ගැටලූවක් වෙනවා නොඅනුමානය.

 

 


ඇනා මාරියා ගැලෝජාන්

දිව්‍යාංගනාවක බඳුව රුවින් බැබළෙන ඇනා මරියා තරම් රූමත් දේශපාලනඥවරියක ලෝකයේ තවත් සිටීදැයි ඇස්ටෝනියාවේ ජනතාව ප‍්‍රශ්න කරයි. ඇය ෂේක්ස්පියර්ගේ කවියකින් වර්ණනා කෙරෙන ස්ත‍්‍රී රුවක් තරමටම සුන්දර බවින් අගතැන්පත්ය.

මේ සුරූපී සරාගිනිය ඇස්ටෝනියාව සංවර්ධනය කරා ගෙන යන්නට සිය දේශපාලන බලතල යොදා ගත්තාය. එය ජනතාව වෙත බලවත් ප‍්‍රසාදයක් ඇති කරන්නට සමත්වී තිබේ.

 

 


රූබි දිහාලා

ඉන්දියාවේ ඉපදී 1995 දී කැනඩාවට සංක‍්‍රමණය වූ ඇය මෝස්තර රැජින ලෙසින් විරුදාවලි ලබා තිබේ. 1993 දී ඇය රූප රාජිනී තරගයකින් දෙවැනි තැනද ලැබුවාය. ඇය කැනඩාවට ගියේ සිය අධ්‍යාපනය හමාර කළාට පසුවය. ඇය ජීවරසායන විද්‍යා උපාධියක් ලබා තිබේ.

දේශපාලනයට සම්බන්ධ වීමට පෙර ඇය ”කියෝන්? කිස්ලියේ” චිත‍්‍රපටයේ කතාබහට ලක්වන ආකාරයේ චරිතයක් ද රඟ පෑවාය.

ලෝකයේ සරාගීම දේශපාලන කාන්තාව ලෙස ඇය හැඳින්වීම වරදක් නැතැයි ඇය හඳුනන්නෝ පවසති.

 

 


කාශ්මලා තාරික්

පකිස්තාන දේශපාලනඥවරියක වන කාශ්මලා ප‍්‍රසිද්ධව සිටින්නේ ආසියාවේ සරාගීම මන්ත‍්‍රීවරිය වශයෙනි. හූස්ටන් හි මුහුදු වෙරලේදී පකිස්තාන කාන්තාවකට නොගැළපෙන තරමට අඩුවෙන් ඇඳුම් ඇඳ සිටිනු මාධ්‍යවලින් හෙලිදරව් වූවාට පසුව ඇය මෝස්තර ලෝකය තුළින් ජනප‍්‍රිය වූවාය. පිරිමින් ගේ සිහින ලෝක වල ඇයට හිමි වී ඇත්තේ සුවිශාල ඉඩකි.

මේ සරාගිනිය ලන්ඩනයේ ආර්ථික විද්‍යා පාසලෙන් ලත් ඛඛඵ උපාධිය ඇත්තියකි. එමෙන්ම ඉහළ නැඟීමේ ආශාවෙන් ද පෙළෙන්නියකි. එම ආශාව ඉටුකර ගැනීමේ පරමාර්ථය ඇතිව දේශපාලන ලෝකයේ ඉහළ තලයේ වැජඹෙන ඇත්තන්ගේ යහන් බෙදා හදා ගැනීම පිළිබඳව ඇය දැඩි විවේචනයට ලක්වී ඇත.

 

 


සෙන්රිඩා ගීගී

මේ ලෙබනන් සුන්දරිය නුදුටු දෙනෙත් කුමකටදැයි සිතෙන තරමටම ඇය සුන්දරය. විලාසිතා තෝරා ගැනීමට මනා හැකියාවක් ඇයට තිබේ. ඒ නිසා පමණක් නොව අවංක බව පිළිබඳවද ඇය ප‍්‍රසිද්ධය. මැද පෙරදිග පුරා ඇයගැන ඇත්තේ ඉතා විශිෂ්ට ප‍්‍රතිරූපයකි.

1994 දේශපාලන විද්‍යා උපාධිය හිමි කර ගත් සෙන්රිඩා ඉනික්බිතිව ලෙබනන් හමුදා නායක සමිර් ෆරීඞ් සමග විවාහ වූවාය. ඇය දේශපාලනයට සම්බන්ධ වූයේ ඉන් පසුවය.

 

 


යුලියා ටයිමොෂෙන්කෝ

යුක්රේනයේ ප‍්‍රථම අගමැතිවරිය වීමට පෙර යුලියා සාර්ථක ව්‍යාපාරික කාන්තාවකි. ඇය යුක්රේන දේශපාලන ක්‍ෂේත‍්‍රයට පය තැබුවේ ආර්ථික විද්‍යාව සඳහා පී.එච්.ඞී. උපාධිය ලබා ගැනීමෙන් පසුවය. ඇය අලූත් අලූත් විලාසිතාවලට දක්වන්නේ බලවත් ප‍්‍රියතාවකි. ලෝකයේ සරාගීම දේශපාලනඥවරියන් අතරින් අයෙකු ලෙස හැඳින්වෙන ඇය නිතරම පිරිමින් ගේ අවධානයට ලක් වන්නීය. ඇය ප්ලේ බෝයි සඟරාවක කවරයේ දකින්නට පෙරුම් පුරන පිරිමි ද ඔවුනතර වෙති.


 

 



අදහස් (0)

ලෝකයේ සුන්දරම මන්ත‍්‍රීවරියන් දසදෙනා

ඉෂාර Monday, 23 December 2013 08:29 AM

ඇයි බොලං වයසට ගියත් රෝසි නෝනා, ගීතා නෝනා, තව මේ පැත්තෙන් ගත්තම උපේක්ෂා, අනර්කලී, නදීශා. (නදී)

:       0       0

ලසන්ත වීරසිංහ Friday, 27 December 2013 06:50 AM

ඔක්කොම තෝරන්නේ සුද්දන්ට ඕනේ විදිහටනේ.(නදී)

:       0       0

රස්නායක Wednesday, 25 December 2013 12:08 PM

මෙයාලා ඔක්කොම මන්ත්‍රීලද එහෙම නැතිනම් වෙන කව්රු හරිද? (නදී)

:       0       0

දයා අලහකෝන් Sunday, 22 December 2013 05:46 PM

මේ ඔක්කොගෙම පින්තූර පළ කළොත් දැකලා හරි සතුටු වෙන්න පුළුවන්. (ත)

:       0       0

ග්‍රේෂන් Sunday, 22 December 2013 06:23 PM

අනේ, එතකොට අපේ දියවන්නා බංගලාවේ කවුරුත් නැද්ද?(දිල්)

:       0       0

බණ්ඩාර Sunday, 22 December 2013 09:24 PM

අපේ කට්ටිය ලස්සන නැද්ද? (ත)

:       0       0

රුවන් Monday, 23 December 2013 12:07 AM

පබා ලස්සනයි මීට වැඩිය.(නදී0

:       0       0

උපුල් Saturday, 28 December 2013 02:08 AM

අපි මෙච්චර උත්සාහ කරලත් මේ ලිස්ට් එකටවත් අපේ එකෙක් දාගන්න බැරි උනානේ! (අ)

:       0       0

දස්ත කීර් Monday, 23 December 2013 03:44 AM

මොන විදියේ මන්ත‍්‍රීවරියක් වුනත් කමක් නෑ...ගමට, නගරයට , රටට හොඳක් කරන්න පුළුවන් මානසිකත්වයක් තියෙනවා නම්.(නදී)

:       0       0

නසාර් Monday, 23 December 2013 07:19 PM

අපේ රෝසි නෝනා, ගීතා නෝනා, තව මේ පැත්තෙන් ගත්තම උපේක්ෂා, අනර්කලී, නදීශා එයාලා නැද්ද? (නදී)

:       0       0

සේපාල Wednesday, 25 December 2013 08:38 AM

අපේ මන්ත්‍රී නෝනලා මෙයාලට වැඩිය කොච්චර ලස්සනයිද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ඇමරිකාවෙන් පත්වුණු නව පාප්තුමෝ
2025 මැයි මස 10 424 0

දෙදිනක් තිස්සේ ලෝවැසියන් දෑස් දල්වා සිටියේ නව පාප්තුමා තෝරා ගැනීමේ ඡන්ද විමසුම එසේත් නැතිනම් ‘කොන්ක්ලේව්’ ​කෙසේ සිදුවේවිදැයි යනුවෙනි. කාදිනල්වරුන්


මැතිවරණ ප්‍රතිඵල පුරසාරම්
2025 මැයි මස 10 338 0

ඉකුත් 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල පිළිබඳව මෙරට දේශපාලන පක්ෂ කරන විග්‍රහ අනුව බලන කල මෙම මැතිවරණයෙන් සෑම පක්ෂයක්ම ජයග්‍රහණය කර ඇත.


පළාත් පාලන ආයතන අනාගතය
2025 මැයි මස 09 165 1

පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදා


අරගලය ඉතිරි කළ වෙනස
2025 මැයි මස 09 347 0

අදට අවුරුදු 03 ට ඉහතින් 2022 මැයි 09 වනදා පාන්දර, අගමැති මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් කිහිප දෙනා සමග දැඩි හමුදා රැකවරණ යටතේ අරලියගහ මන්දිරයෙන් පිටත්ව


ඡන්දයෙන් විවර වූ ජනමනස
2025 මැයි මස 09 522 0

මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගො


පුංචි ඡන්දයේ සංඥාව
2025 මැයි මස 08 1143 2

දෙදහස් විසිපහේ මැයි මස 06 වැනිදා (පෙරේදා) මෙරට පැවැති පළාත් පාලන මැතිවරණය පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකැයි සැලකිය හැකිය. 2018න් පසුව වසර 07


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1210 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1505 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 386 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site