IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


රිළවුන් චීනයට යැවීමේ අර්බුදය

රිළවුන් ලක්ෂයක් චීනයට යැවීම සම්බන්ධයෙන් සමාජයේ පුළුල් කථිකාවක් ආරම්භ වී තිබේ. රිළවුන්ගෙන් පීඩා විඳින පොල් ඇතුළු වගාවල නියුතු වැවිලිකරුවන් රිළවුන් විදේශගත කිරීමට පක්ෂව මත දක්වන අතර ඇතැම් පරිසරවේදීන් මෙම තීරණයට දැඩි විරෝධයක් පළ කරන්නට පටන්ගෙන ඇත. මෙම කටයුත්තට මූලිකත්වය ගත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර ඇත්තේ රිළවුන් චීනයට යැවීම ගැන සොයා බලා අමාත්‍ය මණ්ඩලයට වාර්තා කිරීමට විශේෂඥ කමිටුවක් පත් කරන බවය. එම කමිටුවේ තීන්දුව අනුව රජය ක්‍රියා කරන බව ද හෙතෙම සඳහන් කර තිබුණි.

කෘෂි විද්‍යාඥයන් කරන ලද දළ ගණන් බැලීම අනුව මෙරට රිළා ගහණය ලක්ෂ 30 පමණකැයි සැලකේ. එයින් රිළවුන් ලක්ෂයක් මුලින් ද තවත් ලක්ෂ 2 ක් පසුවද චීනයට යැවීමේ හැකියාව ඇතැයි මාධ්‍ය වාර්තා පළ වී ඇත. එසේම මේ සඳහා චීනයේ සත්වෝද්‍යාන පවත්වාගෙන යන සමාගමෙන් ප්‍රමාණවත් ගෙවීමක් ලබාගත හැකි බව ද රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි. එහෙත් කොළඹ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කරන්නේ මෙය චීන රජයේ ඉල්ලීමක් නොවන බවය. කෙසේ හෝ රිළවුන් විදේශගත කිරීමට එරෙහිව අදහස් පළ කරන පාර්ශ්ව සඳහන් කර ඇත්තේ රිළවුන් චීනයෙන් ඉල්ලා සිටින්නේ සත්වෝද්‍යානවලටම නොව ජීව විද්‍යාත්මක පර් යේෂණ සඳහා බවය. එහෙත් ඒ බවක් වගකිවයුතු අංශ විසින් නිල වශයෙන් තහවුරු කර නොමැත.

රිළවා යනු මිනිස් සමාජය සමඟ සමීපව ගැවසෙන සතෙකි. එහෙත් ඔවුන් අප රටේ වගාවලට කරන හානිය කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ගණන් බලා ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව 2022 වසරේ පළමු මාස 6 තුළ පොල් ගෙඩි ලක්ෂ 930 ක් රිළවුන් සහ දඬුලේනන් විසින් විනාශ කර දමා තිබුණි. 2022 වසර අවසන් වන විට පොල් ගෙඩි ප්‍රමාණය පොල් ගෙඩි ලක්ෂ 2000 ක් හෙවත් මිලියන 200 ක් වූ බව කෘෂිකර්ම අමාත්‍යවරයාම ප්‍රකාශ කර ඇත. මෙම ගැටලු‍ව වතුවගා අංශයට බලපාන බරපතළ අර්බුදයක් බැවින් ඒ ගැන සියලු‍ දෙනා විවෘත මනසකින් සලකා බැලිය යුතු යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ. ඒ අතර ආණ්ඩුවේ ප්‍රබලයකු වන එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මාධ්‍යයට කියා තිබුණේ රිළවුන් පමණක් නොව වගාවට හානි කරන මොණරුන් ද විදේශගත කළ හැකි නම් යහපත් බවය.

රිළවුන් චීනයට අපනයනය කිරීම කාට නැතත් පරිසරවේදීන්ට නම් කදිම මාතෘකාවකි. මෙහිදී අපට නොතේරෙන කරුණ වන්නේ රිළවුන් කෘෂි බෝග වගාවලට කරන හානිය ගැන පරිසරවේදීන් සලකා නොබලන්නේ ඇයිද කියායි. වසරකට පොල් ගෙඩි මිලියන 200 ක් රිළවුන් විසින් විනාශ කරනු ලබන්නේ නම් එය ලංකාවේ පොල් වගාකරුවන්ට මහත් හිසරදයක් බව අමුතුවෙන් කිවයුතු නැත. ඒ නිසා පරිසර හිතකාමීන් රිළවුන් ගැන සංවේ දී වන තරමටම අහිංසක වගාකරුවන් ගැන ද සංවේදීව කල්පනා කළ යුතුය.

මෙරට වගාවලට හානි කරන ප්‍රධානම සත්ව කොට්ඨාසයක් ලෙස සැලකෙන රිළවුන්ගෙන් සිදුවන හානි අවම කර ගැනීම සඳහා දැනට ගොවි මහත්වරු උගුල් ඇටවීම, වෙඩි තබා ඝාතනය කිරීම හෝ වායු රයිෆල් මගින් වෙඩි තබා රිළවුන් පලවා හැරීම සිදු කරති. ඇතැම් ප්‍රදේශවල පොල් වගාකරුවන් හා ගොවීන් ප්‍රකාශ කරන්නේ රිළවුන්ගෙන් වන හානිය වල් අලින් ගම්වැදී කරන හානියටත් වඩා බරපතළ වගය. රිළා රංචුවක රිළවුන් සිය ගණනක් සිටින නිසා ඔවුන් පලවා හැරීම හෝ වෙනත් ආකාරයකට මර්දනය කිරීම ද පහසු කරුණක් නොවන බව ගොවීන්ගේ මතයයි. ඒ නිසා රිළවුන් ලක්ෂ 30 ක් සිටින රටින් රිළවුන් ලක්ෂයක් හෝ ලක්ෂ තුනක් අපනයනය කිරීම මහා බරපතළ පරිසර ව්‍යසනයක් ලෙස අරුත් ගැන්වීම යුක්ති සහගත ද යන්න ප්‍රශ්න කරනු වටී. එහෙත් පරිසරය ගැන උනන්දු වන රාජ්‍ය නොවන සංවිධාන මේ ගැන දක්වන දැඩි අවධානය සම්බන්ධව අපි දොසක් නොකියමු. ඒ අතරම මෙම පරිසරවේදීන් මෙරට පොල් වගාකරුවන් ඇතුළු කෘෂි අංශයෙන් ජීවිකාව කර ගන්නා ජනතාවට සිදුවන හානිය තුරන් කිරීමට ද තම අදහස් හෝ යෝජනා ඉදිරිපත් කරන්නේ නම් එය ඉතා අගනේය. විවේචනය සමඟ විකල්ප ද ඉදිරිපත් කිරීම වැදගත් බව අපි ඔවුන්ට අවධාරණය කරමු.

(***)



අදහස් (5)

රිළවුන් චීනයට යැවීමේ අර්බුදය

Henderson Sunday, 23 April 2023 08:01 PM

රිළවුන් වැඩි වුණේ දිවියන් මරාදැමීම නිසා. අනිත් හේතුව වනාන්තර කපා දැමීම...

:       1       1

පු.ම. Monday, 24 April 2023 08:18 AM

පරිසරයේ සමබරතාවය රැකගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් සිටින නිසාත් සහ රිළවුන් ඉතා වේගයෙන් බෝවීම නිසාත්, යම් ප්‍රමාණයක් රිළවුන් චීනයට යැවීම අසරණ ගොවීන්ගේ වගා රැකගැනීම සඳහා අත්‍යාවශ්‍යයි...

:       1       3

කපිල Monday, 24 April 2023 09:52 PM

කැලෑවල සත්තුන්ට කන්න පුළුවන් පලතුරු ගස් වැවෙන්න දෙන්න ඕනෑ.., ඒකට වැහි කාලෙට පලතුරුවල ඇට කැලෑවලට දාන එක කළානම් හරි... තව බල්ලන්ට වගේ, රිලවුන්ටත් වඳ සැත්කම් කළානම් හරි. රිලවියන්ට වඩා රිලවුන්ට කළා නම් ඉක්මනටම රිලා ගහනය අඩු කරගන්න පුළුවන් වෙයි.

:       1       1

weajepaThursday, 27 April 2023 02:08 PM

රිලව් පෝළිමට එයිද සැත්කම් කරගන්න..

:       0       0

chandima Tuesday, 25 April 2023 09:18 PM

ජේ.ආර්.ගෙ කාලේ බඩුමිල ඉහළ දැම්මා. මෙයා රිළව් පෙන්නලා බඩු ගණන් දාන්න වගේ යන්නේ...!

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 196 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1590 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site