පා සටහන් දවන තරමින් වියරු වූ සූර්යා ක‍්‍රමයෙන් සන්සුන් වන සෙයකි. වරෙක අනෝරා වැස්සටත් පුපුරු ගහන අව්වටත් හසුව මතුව ආ අතෝරක් දුර්වර්ණ පැල්ලම් මොහොතින් මොහොත සුදෝ සුදට හැරෙන්නේ දුටු දෙනුවන පිනවමිනි. උණ බම්බු පලංචිය මත පියෙන් පිය නැග දාගැබ මත හුණු පිරියම් කරන්නවුන්ගේ දසුන මොහොතකට මා සිත සසල කරවයි. ගල් පුවරු වලින් සුසැඳි සළපතල මළුවත් දාගැබ් ගර්භය මත රැඳි මිනිස් රූ වෙතත් එක එල්ලේ මා දෙනෙත ඇදී යයි. මම තැතිගතිමි. යළි සන්සුන් වුනෙමි. හමා එන අකීකරු සුළඟත්, දැඩි අව් රශ්මියත් මැද මතුව එන ජීවිත අවදානම පිළිබඳව යළි සිතමි. එහෙත් මේ මිනිසුන්ට එහි අරුමයක් නැති සෙයකි.
රුවන් වැලි සෑය......සියවස් ගණනාවක ඓතිහාසික, සාසනික වටිනාකම් ගොන්නක ප‍්‍රතිමූර්තිය. හෙළ සංස්කෘතික පුනරුදයේ නිහඬ සාක්ෂිකරු.......මේ අරුමය මා නෙත ගැටෙන්නේ ඒ සාක්ෂිකරු අභිමුවය. වර්ෂයක් පාසා සිදුවන රුවන්වැලි සෑ හුණු පිරියම් කිරීමේ කාර්ය වෘත්තිය නිපුනත්වයකින් යුතු මිනිස් ශ‍්‍රමය භාවිත වන අවස්ථාවක් ලෙසත්, විසල් ධන සම්භාරයක් වැය වන කාර්යයක් ලෙසත් හැඳින්විය හැකිය.
කි‍්‍ර.පූ. 161-137 තරම් දුරාතීතයේ දුටුගැමුණු රජ දවස ඉදිකිරීම් ආරම්භ කොට ඇති රුවන්වැලි සෑය ස්වර්ණමාලි, හේමමාලි, රත්නමාලි, රුවන්මැලි, මහාථූප ආදී නම් වලින් ද හඳුන්වා ඇති බවට පුරාවෘත්ත සාක්ෂි දරයි. ස්වර්ණමාලි නම් දෙවඟන විසූ තෙලඹු වෘක්ෂය ඉවත් කොට එබිම මත චෛත්‍යය ඉදිකළ හෙයින් ස්වර්ණමාලි ලෙස නම් තැබූ බව ප‍්‍රකටව පවතින ජනප‍්‍රවාදයකි.
මම සෙමෙන් පියනගමි. කඩියන් සේ සීරුවෙන් දාගැබ මත සුදු හුණු තවරන එකෙකු දෙන්නකු සමඟ හෝ වචන කීපයක් කථා කිරීම මගේ අරමුණය.
‘‘මම අවුරුදු 19ක් තිස්සේ මේ හුණු පිරියම් කරන පින්කමට සම්බන්ධ වෙනවා’’
මතුගම, වළල්ලාවිට සිට පැමිණි 63 හැවිරිදි ‘‘පී.කේ.ජයතිස්ස මහතා’’ පැවසු ඔහුගේ කරුණා සපිරි දෙනෙත තවමත් මට මතකය.
‘‘උදේ කීයටද වැඩ පටන් ගන්නේ’’ මතුවූ කුතුහලයෙන් යුතුව මම යළි ඇසීමි.
‘‘උදේ හය විතර වෙනකොට වැඩ පටන් ගන්නවා. හවස පහ හමාර විතර වෙනකොට නවත්වනවා. දොළහ හමාරට විතර දවල්ට කෑමට වැඩ නවත්තපුහම අපි පැය දෙකක් විතර ඉන්නවා. මධ්‍යහ්න වෙලාවට අව් රස්නේ වැඩියි’’ හේ පැවසීය.
සළපතල මළුව මත මම ඔබ මොබ යමි. පුරාවෘත්තයන්ට අනුව මහා නිර්මාණකරු විසින් පූර්ණ ලෙසම කළුගලින් නිමවා දුටුගැමුණු රජු වෙත පිළිගන්වන ලද රුවන්වැලි සෑයේ ආකෘතිය මම දකිමි. කුඩා දිය බුබුලක් අහස සිඹින මහා සෑයක් වී ඇති අපූරුව. කිසිදු චෛත්‍යයක තැන්පත් නොකළ තරමේ ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් පමණ තැන්පත් කොට ඇති හෙයින්ම ‘‘අසදෘස මහාථූපය’’ ලෙසද නම් පටබැඳි සෑය......රුවන් වැලි සෑය. අතීතයේ ‘‘ද්‍රෝණයක්’’ ලෙස හඳුන්වා ඇත්තේ ‘‘ලාස්’’ හතරකට නොඑසේනම් ‘‘නැලි’’ දාසයකටය.
එවක චෛත්‍යයේ ඉදිකිරීම් නිම කිරීමට දුටු ගැමුණු රජුට නොහැකිව ඇති බවත් කි‍්‍ර.පු. 137-119 දී රජ පැමිණි රජුගේ සොහොයුරු සද්ධාතිස්ස රජ දවස ඉදිකිරීම් නිමා කොට ඇති බවත් ඉතිහාසයේ සඳහන්ව ඇත. මුල් වකවානුවේ අඩි 300ක් උසට නිමවා ඇති රුවන්වැලි සෑයේ වටප‍්‍රමාණය අඩි 900ක් පමණ වී ඇත. ගල් පුවරු ඇසුරින් නිර්මාණය කොට ඇති සම සතරැස් සළපතල මුළුවේ එක් අන්තයක දිග අඩි 480ක් පමණකි. කි‍්‍ර.ව. 1017දී අනුරාධපුර රාජධානිය බිඳවැටීමත් සමඟ එහි වූ වෙහෙර විහාර ද විනාශයට පත්වී ක‍්‍රමයෙන් වල්වැදී ඇත.
‘‘දැන් මේ එන හුළඟත් එක්ක ටික ටික උඩට යනකොට බයක් එහෙම හිතෙන්නේ නැද්ද?’’ හුණු මිශ‍්‍ර කරමින් සිටි තවෙකකු වෙතින් මම ඇසීමි. හේ ඇල්පිටියේ සිට පැමිණි 52 හැවිරිදි ‘‘එම්.ජී.සුනිල් ශාන්ත’’ මහතාය. ඔහුගේ හඬ අධිෂ්ඨනාශීලීිය. කිසිදු සෙලවීමක් එහි ඇති බවක් මට නොහැඟේ.
‘‘එහෙම කියන්න තරම් බයක් හිතෙන්නෙ නෑ. අපි කාලයක් තිස්සේ මේ වැඬේ කරන නිසා බයක් දැනෙන්නේ නෑ. ඒත් ඉතිං අලූතින්ම මේ වැඩවලට එකතු වෙන කෙනකුට ඇත්තටම බයක් දැනෙන්න පුළුවන්. කොහොම වුණත් එහෙම එකපාරටම අලූතින් එන කෙනෙකු හුණු ගාන්ඩ චෛත්‍යය උඩට යවන්නේ නෑ. හුණු දිය කරන්ඩ, පලංචි බඳින්ඩ වගේ දේවල් වලට තමයි උදවු කරගන්නේ’’
කාලානුරූපව ගරා වැටී, වල්වැදුනු රුවන්වැලි සෑයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු ‘‘ නාරංවිට සුමනසාර හිමියන්ගේ’’ මූලිකත්වයෙන් 19 වැනි ශතවර්ශයේදී ආරම්භ වී වර්ෂ 1940 පමණ වන විට අවසන්ව ඇති බවට ඉතිහාසය සාක්ෂි දරයි. වර්තමානය වන විට සෑයේ උස අඩි 338කි. වටප‍්‍රමාණය අඩි 942කි. රන් ආලේපිත කොත සහ චූඩා මාණික්‍යයේ උස අඩි 25ක් පමණකි. අක්කර පහක පමණ හතරැස් මළුවක් මත චෛත්‍යය නිර්මාණය වී ඇත.
‘‘කොච්චර කාලයක් හුණු පිරියම් කරන එක කරනවද?’’ මට ඇත්තේ නිමානොවන ප‍්‍රශ්නාවලියකි. සියල්ලට පිළිතුරු බඳින්නට ඔවුනට වෙලාවක් නැත. එහෙත් ‘‘පී.කේ. ජයතිස්ස මහතාගේ’’ වටිනා කාලයෙන් මඳක් මා වෙත වෙන් කරන්නට තරම් නිර්ලෝභී වීම අස්වැසිල්ලට හේතුවකි.
‘‘මාස තුනක් විතර යනවා...... සම්පූර්ණයෙන් හුණු ගාල ඉවර කරන්ඩ. පලංචි බඳින එක තමයි ඉස්සෙල්ලම කරන්නේ. පලංචි බඳින්ඩ විතරක් සති දෙක හමාරක් තුනක් විතර යනවා.”
‘‘පලංචි බඳින්නේ මොනවගෙන්ද?’’
‘‘උණ බම්බුයි කොහු ලනුයි තමයි පලංචි බඳින්ඩ ගන්නේ’’
‘‘හුණු පිරියම් කරන්ඩ පටන් ගන්ඩ කලින් භාරහාර එහෙම වෙනවද?’’
‘‘අපොයි ඔව්......ජයසිරිමා හාමුදුරුවන්ට භාර වෙනවා. කරදරයක් නැතිව අපට මේ වැඬේ අවසන් කරන්න ආරක්ෂාව දෙන්ඩ කියලා. වැඬේ ඉවර වුණාම ශ්‍රී මහා බෝධිය ඉස්සරහ කිරි උතුරවලා භාරහාර ඔප්පු කරනවා’’
”මේ වෙන මහන්සියේ හැටියට දවසකට කීයක් විතර ගෙවනවද?’’
‘‘එක අතකින් මේක පිනක්.......අපි ඉතිං මාස තුන හතරක් තිස්සේ ගෙදරින් ඈත්වෙලා ඉන්නෙ........කාලා බීලා සන්තෝසෙන් ඉන්නවා. තුන්වේල කන්ඩ බොන්ඩ දීලා දවසකට රුපියල් දාහක්, එක්දහස් දෙසීයක් විතර හම්බ වෙනවා. හැමෝම ඔය මාස තුන හතරම එක දිගට වැඩ කරන්නේ නෑ. සතියකට හමාරකට සැරයක් ගෙදර ගිහිල්ලා එන්ඩ යනවා’’
මම යළි එන්නට හැරුනෙමි. සෑයට යන මග දෙපස රතු සුදු නෙළුම් අත රැුඳි නේක මුහුණින් යුතු වෙළෙඳුන්ය. ඔවුනට ජීවිතය සටනක්ව ඇති සෙයකි. ඒ මේ පුදබිම ආශ්‍රීතව කියවෙන තවත් කථාවකි. පොසොන් පොහොය අරමුණු කොටගෙන දියත් කෙරුණු හුණු පිරියම් කිරීමේ කාර්ය දැන් අවසන්ව ඇත. අනේක දුර්වර්ණ සේයා පසුබා සෑය සුදෝ සුදට හැරී ඇත. එහෙත් ක‍්‍රමයෙන් මේ සුද යළි දුර්වර්ණ වනු ඇත. තවත් මාස කිහිපයකින් යළි මේ මිනිසුන් පැමිණෙනු ඇත. එවිට මේ සමහරෙක් යළි නොපැමිණෙනු ඇත. නවකයන් ඒ ගමනට එකතුවනු ඇත. එය නැවතූ තැනින් යළි ඇරඹෙන මේ අනවරථ ජීවිත ගමන හා සම නොවේදැයි මම යළි සිතමි......
සටහන හා ඡායාරූප - තඹුත්තේගම ප‍්‍රදීප් රණතුංග
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු පිනක්. මටත් සහභාගි වෙන්න තිබුණා නම්.... (නි)
ඉතා හොඳයි, සාදු සාදු සාදු (ස)
මේ පිනෙන් මතු සංසාරයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට හැකිවේවා.!!
තෙරුවන් සරණයි....!!! (ස)
දුෂ්කර ක්‍රියාවක තරම අපට සිතා ගන්න පුලුවන් මුදලින් තක්සේරු කල හැකි පිනක් නම් නොවේ මේත් අපේ විරුවන් කණ්ඩායමක් තමයි ඔවුන්ට අපේ ගෞරවය (දී)
සාධු සාධු!! (නි)
මම හැම මොහොතකම පතන්නේ උතුම් වූ රන්වැලි සෑ රදුන් ළග මගේ අන්තිම හුස්ම යන්න කියලයි. (නි)
අනේ හොදයි
මේවගේ පින්කම් කරන්න සිතපැහැදීම වන්නේ පෙර කරන ලද පිනටයි. අනේ සාදු සාදු සාදු! (නි)
මටත් මේ වගේ කාර්යයන් වලට සහභාගි වෙන්න ආසයි (නි)
මේ සිංහල අපගෙ රටයි. (නි)
හර්ෂ හැමදේම විහිළුවකට ගන්න එපා. මේ වගේ පිනක් කරන්න ලැබෙන්නේ කීයෙන් කීදෙනටද (අ)
පින් වන්ත ජිවිත
බුදු ගුණ අනන්තයි. ඔබ සියල්ලන්ටම බුදු සරණයි! (නි)
බුදුරජාණන් වහන්සේ නිරතුරුව පවසා සිටියේ ධර්මය නිතර ප්‍රශ්න කිරීමටත්, විචාරා වීමර්ශනය කර බැලීමටත්ය. ධර්මය නොවෙනස්ව පවතී. එනම් එමගින් විස්තර කෙරෙන්නේ ලෝක ස්වභාවයත්, සත්ත්වයාගේ ක්‍රියාකලාපයත්ය. එහෙයින් එය අනිත්‍ය වීමට යම් “දෙයක්” නොවේ, ධර්මතාවයකි. (බුදු දහම ආගමක් නොව දර්ශනයකි). තවද එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට තේරුම් ගැනීමේ මට්ටම් වෙනස් වේ. මේ හේතුවෙන් බුද්ධ ධර්මය අකාලික වුවත් යම් යම් පුද්ගලයින් තේරුම් ගන්නා ආකාරය වෙනස් වීම හේතුවෙන් එකම ධර්මයට වුවද විවිධ අර්ථකතන ලබා දීම සිදු විය හැකිය. (නි)
මෙම පින්කම සදහා දායනක වි සිටින ඔබ සැමට තෙරුවන් සරණයි.....ඔබලගේ මෙම පින්කමට මමද දිනක දායක වෙමී(ස)
බුද්ධ දර්ශනයට මාගේ නමස්කාරය! (නි)
මෙතුමන්ලා සිද්ද කරගන්න පිනෙන් නිදුක් නිරෝගී සුව ලැබේවා. කිසිදු කරදරයක් හිරිහැරයක් නොවේවා.(කේ)
මහා පුදුම පිනක් .මටත් සම්බන්ද වෙන්න තියෙනවනම් (දී)
ඔබ සැමට තෙරුවන් සරණයි (දී)
සාදු සාදු සාදු
සාදු සාදු සාදු !!(ස)
ඔබ සියලු දෙනාටම සම්මාසම්බුදු සරණයි (දී)
සාධු....සාධු....සාධු....සාධු.... (දී)
මේවා දිවා රෑ පින් වැඩෙන පින්කම් ..සාදු සාදු ඉතාම සතුටුයි (ස)
මටත් අවස්ථාවක් ලැබුනා නම් (නි)
සාදු ..සාදු...අපි සතුටින් අනුමොදන් වන්නෙමු. (ස)
අපේ මුතුන් මිත්තන් ගැන ආඩම්බර වෙමි. (නි)
ඔබ සියලුදෙනා දෙවිවරු රකිත්වා.. ඔබ කරන මේ පින ඔබට යහපත සැප පිණිස පවතීවා.. මේ පින ඔබට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වේවා !! අපද මේ පින අනුමෝදන් වෙමු.! (මෙවැනි ක්‍රියාවකට සම්බන්ද වීමට ම ඔබ පින් කල යුතුය) (ස)
බුදු සසුනේ පැවැත්මට ඔබගේ මෙම කැපවීම මහත් සේ දායක වනු ඇත. බුදු සරණයි! (නි)
නියමයි නියමයි
හුගාක් ලොකු පිනක් (දී)
මොන තරම් නම් සිත පහන් වෙනවද? (නි)
අනේ මටත් උදවු කරන්න පුලුවන්නම්? (නි)
ඔබ තුමාට අනන්ත වූ බුදුද ගුණ පිහිටයි.. රැකවරණයි.. සාදු සාදු සාදු...!!(නු)
චන්දන, ලැජ්ජා නැද්ද අනිත් අයගේ දේවල් වලට ඇගිලි ගහන්න? ඉස්සෙල්ලා තමන්ගේ දේ හොයා ගන්න. පස්සේ අනෙක් අයගේ ඒවා වෙලාව තිබුණොත් හොයන්න. (නි)
මෙවැනි මහා සෑයක් පරම්පරා ගණනාවකට වැඳපුදා ගැනීමට අවස්ථාව සළසාදුන් දුටුගැමුණු මහරජතුමා මතු බුදු වේවා!!! (නි)
සාදු...සාදු....සාදු !!!! (ස)
සාදු සාදු සාදු !!
තෙරුවන් සරණයි....!!! බුදු සසුනේ පැවැත්මට ඔබගේ මෙම කැපවීම මහත් සේ දායක වනු ඇත. බුදු සරණයි! (නි)
උතුම් දුර්ලභ පින්කමක්. මගේ ප්‍රාර්ථනාවත් මේ පින්කමට දිනකදී හෝ සහභාගි වීමටයි. (නි)
සියලු දෙනාට බුදු බව අත්වෙනවා. උතුම් පිනක්. (ත)
එයාල ලොකු කැපවීමක් කරන්නේ ඒ පිනම ඇති මේ සංසාරේ එගොඩ වෙන්න (දී)
ධර්මය රකින්නා ධර්මය විසින් රැකේ...!!(නු)
මේ වැඩේට සම්බන්ධ වෙන සියලුම දෙනාට ජය සිරිමහා බෝධියෙ පිහිට ආරක්ෂාව ලැබේවා..!(නු)
ඔබ සියලු දෙනාට සසරින් එතෙරවීමට මේ පින් හේතු වාසනා වේවා! (නි)
වාසනාවන්ත , පින් වන්ත ජිවිත (දී)
හර්ෂ කුමාර, ලැජ්ජා නැත්ද මිසදුටු අදහස් ලියන්න? තමන් මෙහෙම ලිවුවහම මේවට ලැබෙන ප්‍රසිද්ධියෙන් තමාට අවැඩක් මිසක් හොදක් නොවන බව සිතට ගන්න. අදහස් පළ නොකර නිහඩව සිටියා නම් ඔයිට වඩා හොදයි. (නි)
මමත් අනුමොදන් වුන ඒ කුසලය. (ස)
මේ වැඩ මතු සසරක නිවන් දකින තරම් පින් ඇති වැඩ (දී)
සියලු දෙනාටම බුදුබව නම් ලැබෙන්නෙ නැහැ. නමුත් ලොකු පින්කමක් (අ)
ඔබ සියලු දෙනාටම බුදුසරණයි (දී)
අපිටත් මේ පින්කමට සහභාගී වීමට තිබුණානම්..(ස)
තෙරුවන් සරණයි! (නි)
සාධු සාධු සාධු! බුදු සරණයි! (නි)
අපේ රජවරු කොතරම් වටිනා දේවල්ද කරලා තියෙන්නේ? (නි)
ත්‍රිවිද රත්නය සතු අනන්ත ගුණ බලයෙන් ඔබ සැමට සෙත් වේවා.!(නදී)
සාදු සාදු ........... (ස)
මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි.. ධර්මය රකින්නා ධර්මය විසින්ම රැකේයි..!!(නු)
සාදු.. සාදු.. සාදු.. නුඹලාට අපමණක් පින් සිදු වෙනවාමයි.. සාදු.. සාදු..
මේ වගේ වැඩ වලට සම්බන්ධ වීමට පෙර පින් කරලා තියෙන්න ඕනෑ නේද (නි)
මටත් යන්න තිබුණානම්.... (නි)
පින් වත් මිනිස්සු අපි පින් කරලා නැහැ මේ තරම් (දී)
මේ වැඩේට සම්බන්ධ වෙන සියලුම දෙනාට ජය සිරිමහා බෝධියෙ පිහිට ආරක්ෂාව ලැබේවා. සාධු සාධු සාධු! (නු)
අපිට මේකට සහභාගී වෙන්න පුළුවන්ද? විස්තර ටිකක් කියනවද? (ස)