රාවණ ඉතිහාසය ගැඹුරු මතයක් කරා පැමිණ තිබේ. රාවණ හෙළයේ මහා රජු ලෙස පිළිගන්නා කතාබහ සමාජගතවී තිබේ. මහා වංශයේ නොලිවූ, ඉතිහාසයක් හාරන අපට ප‍්‍රතිචාර බොහෝ ලැබේ. මිනිස්සු අතරට නොපැමිණි පුරාණ ග‍්‍රන්ථ ඔස්සේ සොයා යන රාවණාගේ කතාවේ අලූත් පියවරක් අද අරඹමු.

රාවණ මහා රණකාමියකු යන අදහස සමාජයේ මුල් බැස ගත්තකි. ඔහු සතුව දියුණු තාක්ෂණික ආයුධ පැවති බව රාවණ කතාවල විස්තර වේ. න්‍යෂ්ඨික ආයුධ, ප‍්‍රහාරක යානා, යක්ෂ බල සේනාංක, ඇතුළු ඕනෑම යුද්ධයකට ගැළපෙන ශක්තිය ඔහුට තිබිණි. චීනයේ මාහෝ කුමරු පවා ලංකාපුරයට පැමිණ රාම රාවණා යුද්ධයේ දී රාවණට උදවු කරන්නට කැමතිවිණ. එහෙත් රාවණ එම සහායන් පවා ප‍්‍රතික්ෂේප කළේ තම යුද හැකියාවේ විශ්වාසය නිසාය.
රාමගේ විෂ හීයකින් රාවණ සිහි මුර්ජා වූ බව පිළිගන්නා සත්‍යයයි. මේ රාම රාවණ සටනට බද්ධ කොට රාවණ බලි නම් වානරයාට පරාජය වූ බව රාමායනයේ දැක්වේ. එමගින් රාවණ දුර්වලයකු බව පෙන්වන්නට උත්සාහ කර තිබේ.
"රාවණ පරාජය බාර ගත් පසු බලි අසුරයා ඔහුට අවවාදයක් දුන්නේය. ”රාවණ ඔබ දක්ෂයෙකි. මහා වීරයෙකි. එමෙන්ම ශක්තිවන්තයෙකි. රාක්ෂ ගෝත‍්‍රය ලොව බැබළවීමට උපන් අයෙකි. සුමාලියන් රජතුමාගේ මුණුබුරා වූ නුඹ මගේ ද ඥාතියෙකි. එබැවින් මම ඔබට අවවාද කරමි.’’"
කෙසේ වෙතත් රාවණ ”බලි” නම් අයකුට පරාජයවී තිබේ. එය ”රාවණ කතාවේ” බලි අසුරයා බව විස්තරාත්මකව සඳහන් වෙයි.
රාවණ රජතුමා තරුණ වියේ දී බලි නම් අසුරයා සමග ද්වන්ද සටනක් කොට පැරදුණු බව මෙහි කියැවේ.
පුරාණ ලක්දිව යක්ෂ, අසුර රාක්ෂ ආදී ජන කොටස් විසූ බව වේද සාහිත්‍යයේ දැක්වේ. බලි යනු මෙහි අසුර ජන වැසි ප‍්‍රධානියෙකි. බාලි ¥පත ජනාවාස කළ මුල් වැසියා බලි අසුරයා බව ආචාර්ය මිරැුන්ඩෝ ඔබේසේකරගේ අදහසයි.
ඔහු වනාහි විරෝචන නම් මහා අසුරයාගේ පුතෙකි. පුරාණ තොරතුරුවලට අනුව ”බලි” ඉතා දැහැමියෙකි. ගුණගරුකව ප‍්‍රතිපත්ති රැුකියෙකි. බලි නිතර භාවනා කොට අධ්‍යාත්මික ශක්තිය උපයා ගත්තෙකි.

ගැටවර වියේ පසුවූ රාවණ ”බලි” අසුරයා හමුවී ඔහුට ද්වන්ද සටනකට අභියෝග කළේය. රාවණගේ රණකාමී බව තවත් බොහෝදෙනකුට අභියෝගයක් වෙතැයි ”බලි” කල්පනා කළේය. එබැවින් රාවණ මෙකලම මෙල්ල කළ යුතුයැයි හෙතෙම තීරණය කළේය. ඒ හැර බලි අසුරයාට රාවණගෙන් මිදී සිය ශක්තියෙන් සටන මග හරින්නට තිබිණි.
නියමකර ගත් දිනයෙහි සටන පැවැත්විණි. රාජකීයයෝ ද සටන බලන්නට පැමිණියහ. බලි අසුර තෙම රාවණ පරපුරට නෑකමැතෙකි. ඔවූහු හේටිගේ පරපුරට අයත් වෙති. හේටිගේ යනු පැරණි යක්ෂ ගෝත‍්‍රික බ‍්‍රාහ්මණයෙකි. එම පරපුර අදත් දකුණු පළාතේ ”හේටිමුණි” නමින් වෙසෙති.
ද්වන්ද සටනේ දී රාවණ සිය ශිල්ප දක්වන්නට විය. ඒ යුද ශිල්ප දුටු බලි අසුරයා ද රාවණ අනාගත රණකාමියකු බව සක්සුදක් වන්ව තීරණය කළේය. එතරම් රණකාමී ලක්ෂණ දේහධාරී බව ශිල්ප හැකියාව මතත් ගැබ්වී තිබිණි.
රාවණ සෑහෙන උසක් අහසට පැන බලි අසුරයාට පයින් පහර දෙන්නට සැරසිණි. පහර වැළකී යද්දී බලි අසුරයා රනින් කළ දිළිසෙන ”කඩුවක්” අතට ගත්තේය.
එය බලි අසුරයා තම මන්ත‍්‍ර බලයෙන් දහස් වර ජප කළ එකකි. මහා බ‍්‍රහ්මයාගෙන් ද බලය ”කැවූ” වකි. එවැනි රන් කඩුවක් රාවණ පරපුර සතුව එතෙක් නොතිබිණි. රාවණ කායික ශක්තියෙන් ප‍්‍රහාර එල්ල කිරීම නවතා බලි අසුරයා ඉදිරියේ පසු බැස්සේය. කඩුවේ බලය රාවණ ද දකින්නට ඇත. රාවණ සටන නවතා බලි අසුරයාට වැඳ සමාව ගත්තේය. රාවණ රජ යුද්ධයේ දී එවැනි සංයමයක් හා ඉවසිල්ලක් තිබුණු අවශ්‍ය තීන්දුව නිවැරදිව ගත් රජෙකි. රාවණ තැනෙක පසු බසින්නේ බොහෝ යහපතක් වෙනුවෙනි. රාවණට වඩා බලි අසුරයා වයසින් වැඩි පුද්ගලයකු වූ අතරම මන්ත‍්‍ර බලයෙන් ද රාවණ බාලයකු විය. මෙකී වැඩි වාසි තරුණ රාවණට වඩා ”බලි” අසුර තෙම සතුවිය.

රාවණ පරාජය ගත් පසු බලි අසුරයා ඔහුට අවවාදයක් දුන්නේය. ”රාවණ ඔබ දක්ෂයෙකි. මහා වීරයෙකි. එමෙන්ම ශක්තිවන්තයෙකි. රාක්ෂ ගෝත‍්‍රය ලොව බැබළවීමට උපන් අයෙකි. සුමාලියන් රජතුමාගේ මුණුබුරා වූ නුඹ මගේ ද ඥාතියෙකි. එබැවින් මම ඔබට අවවාද කරමි.’’
”ඔබට ඥාතීන් බොහෝ සිටී. පිය පාර්ශ්වයේ ද, මව් පාර්ශ්වයේ ද ඥාති මණ්ඩලයේ යක්ෂ ගෝත‍්‍රික නෑයෝ රාශියකි. එම කිසිම කෙනකුට, කිසිම දිනයක් අපහාසයක්, නින්දාවක් වෙන කටයුතු කිරීමෙන් වළකින්න. නුඹේ නෑයන් රැකිය යුත්තේ නුඹයි. ඔබේ නෑයෙක් යම් අනතුරු ඇඟවීමක් කළොත්, පැමිණිල්ලක් කළොත් ඒවාට සවන් දෙන්න. එය විභාග කරන්න. යක්ෂ ගෝත‍්‍රිකයන් සුවිශේෂ ජන වර්ගයකි. ලෝකයේ අන්‍ය කුලවාසීහු අපට බියක් දක්වති. ඔබේ පියා රාක්ෂ ගෝත‍්‍රිකයෙකි. එනම් යක්ෂ ගෝත‍්‍රයේම උසස්වූ රදල සමාජයයි. ඔවුන්ගේ ගෞරවය රකින්න. කුල භේද නැතිව සියල්ලෝ යක්ෂ ගෝත‍්‍රිකයන් ලෙස ගෙන රකින්න. මේ ලෝකයේම උගතුන් හා ශිල්පධරයන් අතින් දක්ෂම පිරිස අපය.
මේ දිවයින රතු දිවයින ආරක්ෂා කළ යුතු උරුමක්කාරයා වන්නේ නුඹයි. ඔබ පැරදුණේ ඔබේම ඥාතියකු වෙන යක්ෂ ගෝත‍්‍රයේ රජකුටයි. සටනින් ඔබ මරණයට පත්වූයේ නැත. මා විසින් ඔබට මරණයට පත් කරනු ලැබුවේ ද නැත. එය ඔබේ භාග්‍යයකි. ද්වන්ද සටනකින් ජීවිත ආරක්ෂා වීමද වීරකමකි.’’
”එසේම රාවණ නුඹ තවම නාඹර වයස් තරුණයෙකි. හැඩිදැඩි ශක්තිවන්තයෙකි. නුඹ රූමත්ය. ඔබට ස්ත‍්‍රීන්ගේ වශීවීමක් තිබේ. එබැවින් ස්ත‍්‍රී සොඬකු නොවන්න. නුඹ රැුකෙන්න... රාවණට ජයවේවා...’’

බලි අසුරයා දුන් එම උපදෙස රාවණ විසින් අදහන ලද බව පෙනේ. එම උපදෙස සාවධානව කන්යොමා තමන් විසින් පිළිගන්න ලද බව බලි අසුරයාට පෙන්වීය.
රාවණ බලි අසුරයා සමග ඉහත ද්වන්ද සටන කළ ප‍්‍රදේශය, මාතලේ දිස්ත‍්‍රික්කයට අයත් බලකඩුව ගමයි. එබැවින් ඓතිහාසික ප‍්‍රවෘත්ති සඟවා ගත් තැනක් හැටියට බලකඩුව ග‍්‍රාමය ඉතිහාස ගතවේ.
ඊළඟට රාවණ කතාවේ සඳහන් ආකාරයට රාවණ රජතුමා පෘථිවිය පමණක් නොව ග‍්‍රහලෝක පවා ජය ගත්තෙකි. එතුමා අඟහරු ලෝකවාසීන් සමග කිට්ටු සබඳතා පැවැත්වීය. රාවණ අඟහරු ලොවට ගමන් ආරම්භ කළේ ලකේගල කඳු මුදුනේ සිට විශේෂ යානයකිනි.
රාවණ රජු අඟහරු ලොවෙහි චෛත්‍යයක් ගොඩනංවා තිබේ. එහි කෝණාගම බුදුන් වහන්සේගේ කේෂධාතු තැන්පත් කළ බව කියැවේ. කර්ම ප‍්‍රකාශ නම් යෝගිවරයාගේ උපදෙස් පිළිපදිමින් රාවණ රජු මෙම චෛත්‍යය ගොඩනංවා ඇත.
රාවණ කළ චෛත්‍ය හතරැුස් හැඩයේ එකකි. එහි කොතට ලග්ගල ප‍්‍රදේශයේ නිල් මැණිකක් පැළඳවූ බව පුරාණ පුස්කොළ පොත්වල විස්තර වේ.
රාවණ රජු විසින් කරන ලද චෛත්‍යය විවෘත කිරීමේ ”මහා උළෙලක්” අඟහරු ලොව සංවිධානයවී තිබේ. එයට රාජකීය පවුල්වල සියලූදෙනාම පාහේ සහභාගිවී ඇත. මන්දෝදරී රැජින (රාවණගේ අග මෙහෙසිය) ඊට සහභාගී නොවූ බවද සටහන්ව ඇත.
ඇතැම් විට ඇය මාවනැල්ලේ භූගත මාලිගාවේ සිරකර තැබීම හෝ රාවණ සමග වූ අමනාපයක් නිසා වෙන්නට ද පුළුවන.
රාවණගේ චෛත්‍ය උත්සවයේ දී ලංකාපුරේ සූර්ය ධජය අඟහරු ලොව ගුවනට එකතු කෙරිණි. යක්ෂ ගෝත‍්‍රිකයන්ගේ කුක්කුට ධජයද එසැවිණි. එසේ ගත් විට පෘථිවියේ කිසියම් රටක ධජයක් ග‍්‍රහලෝකයකට ගෙන ගොස් එසැවූ පළමු පුද්ගලයා ද රාවණය.
ඔහු ඉන් නොනැවත තවත් බොහෝ සබඳතා අඟහරු ලොව සමග පැවැත්විය. ලග්ගල හා නකල්ස් කඳුකරයේ ඇති රක්ත වර්ණ පසක් අඟහරු ලොවට ගෙන ගිය බව කියැවේ. පෙර නුදුටු ගුවන් යානා මගින් ලග්ගල රතුපස් ගෙන යාම රාමගේ මිනිස්සු හිතුවේ එය රාවණ විසින් රාමට කරන යුධමය ක‍්‍රියාමාර්ගයක පැත්තක් හැටියටය. පැරණි පොත්වල සඳහන් වෙන්නේ මෙම රතුපස ගෙන ගොස් ඇත්තේ දුර්ලභ ඖෂධයක් නිෂ්පාදනය කිරීමට බවය.
න්‍යෂ්ඨික අවි ගබඩාවක් අඟහරු ලොව පිහිටුවීම ද රාවණ ගත් තවත් ක‍්‍රියාමාර්ගයකි. රාවණට ඉතා දියුණු න්‍යෂ්ඨික අවි තිබුණ ද ඒවා තවත් බොහෝදෙනාට හානියක් වන බැවින් රාම සමග යුදයේ දී භාවිත නොකළේය. න්‍යෂ්ඨික අවි භාවිත නොකරන්නැයි රාවණ සමග එකතුව සිටි මේඝනාද කුමරුට රාවණ උපදෙස් දුන්නේය.
රාවණ ඉතිහාසයේ කළ සටන්වලින් හැමවිටම තම යක්ෂ ගෝත‍්‍රික වැසියන්ගේ ආරක්ෂාව අපේක්ෂා කළේය. තම ජනයා රැකගෙන අවම හානියක් වන පරිදි යුද්ධ වැදිය යුතු බව ඔහු කල්පනා කළේය.
රාවණගේ ශිල්ප ශක්තීන් බලා කළ ලොව මෙතෙක් රාවණ වන් අයෙක් පහළ නොවූ බව ද පහළ විය නොහැකි බව ද කල්පනා කළ යුතුය.
එවන් හෙළ රජකු ලංකා ඉතිහාසයෙන් අතුගා දැමීම කොතරම් සදාචාරාත්මක ද යන කාරණය නැවත මෙනෙහි කිරීම ද වටී.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් හරිම ආශාවෙන් කියෙවුවා (නි)
තමන් ඉපදී හැදී වැඩී ලොකුමහත් වුණ ගමේ, ඉතිහාසයවත් සමහරු අද කාලේ දන්නෙ නැහැ. ඉතින් එහෙම අයට රටේ ඵෙතිහාසික වටිනාකමක් තියේද? (නි)
රාවණ නමින් ලංකාවේ රජෙක් සිටි බව විශ්වාස කළාට කමක් නැහැ. නමුත් මෙම ලිපි පෙළෙහි එන ඇදහිය නොහැකි අසීමිත දේව හෝ යක්ෂ බල පරාක්‍රම හුවා දැක්වීම හරහා බුදු දහමෙහි ඉගැන්වෙන මුලික දර්ශන වාදයන්ට පහර ගැසීමට කරන ව්‍යංග උත්සාහයට අපි එකඟ නොවෙමු. (නදී)
ධම්ම, ඔබත් එක්ක මම 100% ක්ම එකග වෙනවා. උදාහරණයක් හැටියට අපි දෙන්නට පුළුවන් හිතෙන් අඟහරු ලෝකෙට ගිහිල්ල පාටියක් දාන්න. කවුරුවත් දන්නේ නෑ. නාසා එකට අහු වෙන්නෙත් නෑ. (නදී)
සෙනෙරත්, ඔයා පටලවගන්න එපා කියල තියෙන දේ. මුලින්ම මේ ලිපි පටන් ගනිද්දීම තිබුනා රාවනා භාවනා කරලා දියුනු කරගෙන තිබුනේ ලෞකික බලය මිසක් ලෝකෝත්තර දියුනුව නෙවි කියලා. අනිත් දේ තමා මෙතන කිසිම තැනක බුදු හාමුදුරුවන්ගේ දේශනා ගැන සදහන් වෙලත් නෑ. තමා විසින් භාවනා කරලා ලබාගත් දියුනුවට බුදු දහම ආදේශ කරන්න එපා. (නදී)
අනේ මන්දා මට කලන්තේ වගේ. රාවණාගේ න්‍යෂ්ටික ආයුධ වලින් 2009 යුද්දේ ඉවර කලේ (නදී)
මම ලිපිකරුගේ වටපිටාව කියවුවෙමි , ඔහු උගතෙකි , බුද්ධිමතකි , රාවනාද අපේ රටේ සිටිය යුග පුරුශයකි, යම් යම් තොරතුරුද අප පේනමනයේ ඇත . එබැවින් මෙය එක එල්ලේ ප්‍රතික්ෂේප නොකරමි. මොකද හරි වැරැද්ද හදුනා ගැනීමට අප බුද්ධිය ප්‍රමාණවත්ව දියුණු වී නැත. නොදන්නා කමට ප්‍රතික්ෂේප කරන බහුතික වාදියෙක් නොවෙමි. (අ)
මෙහෙම කතන්දර වලට තමයි දවල් හීන කියල කියන්නේ.(හේ)
ඊජ්ප්තු පුරාණයේ රා කියල දෙවි කෙනෙක් ගැන කියල තියෙනවා හිරුට අදිපති. (නදී)
හරියටම බොරු කියන්නත් බැහැ, ඇත්ත කියන්නත් බැහැ. මොනවා වුණත් රාවණාගේ ගොඩක් දේවල් ඇත්ත කියලා විශ්වාස කරන්න වෙනවා. තව අලුත් දේවල් හොයන්න (නි)
අපේ අයියල විශ්වාස කරන්නේ සුද්දා කියන දේයි ඉන්දියාව කියල දීපු ඉතිහාසයයි විතරයි. (අ)
මේ කතා විශ්වාස කරන්න බෑ.(හේ)
අගහරු වල දැන් ගිහිල්ල ඉන්න රෝවෙර් එකට දැන් ඔය කියන ඒවා හම්බවෙන්න ඕනිනේ. බලන් ඉමු. (හේ)
අපේ ඉතිහාසේ ගැන හොයන එක හොඳයි..ඇත්ත. සමහර අයට මේව පිස්සු වගේ ඇති.අපි අපේ දේවල් හොයන්නේ නැතිව මොනව හොයන්නද? (ස)
මට තේරෙන විදියට අපි දැන් තාක්ෂණයෙන් ආපස්සට ගිහිල්ල. අපි යන්නේ ගල් යුගයට දියුණු යුගයේ ඉඳලා. අනිත් ජාතීන් ගල් යුගයේ ඉඳන් දියුණු යුගයට යනවා. ආපස්සට ගිහිල්ල අපි වානරයෝ වෙයි පරිණාමය වෙලා.(හේ)
අනේ මන්දා, මොනවා කියන්නද කියලා.නාසා එක දන්නවද දන්නේ නැහැ මේවා! (නි)
හරියට අපි පුංචි කාලේ කියවපු කතන්දර පොතක් වගේ.(හේ)
මම කොමෙන්ට් දාන්නේ නැතුව ඉන්න හිටියේ. එත් මේවා දැකලා මට කොන්ට්‍රෝල් නැතිව ගියා. (නදී)
නාසා එක කියන්නේ ලෝකයේ විශ්වය පාලනය කරන එක නොවේ. ඔවුන් කරන්නෙත් අත්හදාබැලීම් සහ අධ්‍යනයන්. ඔවුන් සියල්ල දත්තෝ නොවේ. බලමු මොකද වෙන්නේ කියලා (නි)
අඟහරුවල උත්සව, න්‍යෂ්ටික අවි, අඟහරුවල දාගැබ්.. මට පිස්සු වගේ. අග මුල මතක නෑ මේ කතාවේ මට නම්.(හේ)
නවීන විද්‍යාවට, නාසා ආයතනයට යමක් ගැන පර්යේෂණ කල හැක්කේ ඒවා පංචේන්ද්‍රයන්ට ගෝචර වුවොත් පමණි.පංචේන්ද්‍රයන්ට ගෝචර නොවන බලවේග මොන තරම් තියෙනවාද මේ විශ්වයේ. ඒ බලවේග වලින් වැඩගන්නට රාවණ රජතුමාට හැකියාවක් තිබුනා.(හේ)
රසවත් ලිපියක් (නි)
බොහොම ස්තුතියි සෙනරත්, ඔයාට විතරයි මුල මතක... මට නම් මේකේ අගක් මුලක් මතක නෑ. හෝද හෝද මඩේ දානවා වගේ තමයි කතාව ලියන්නේ. (බ)
වෙන්නත් පුළුවන්.(හේ)
රසවත් ලිපියක්. මම හරිම ආශාවෙන් කියෙවුවා (නි)
නියමයි මේවා ඔප්පු කරන්න පුලුවන්නම් ලෝකේ අංක එක ලංකාව (නදී)
වාල්මිකී රාමායනයට අනුව රාවණා රජු පරාජය කළේ වළි නම් වූ වානරයෙකි.එම ග්‍රන්ථයට හා විෂ්ණු පුරාණයට අනුව බලි නම් වූ අසුර රජකෙනෙක් රාවණාට කලින් ඉන්දියාවේ රජ කර ඇත. බලි යක්ෂයා යක්ෂයෙක් වුණත් ඉතාමත් ගුණයහපත් ජීවිතයක් ගතකළ කෙනෙක්.ඒ වුණත් දෙවියන්ට කළ පොඩි වැරැද්දක් නිසා විෂ්ණු දෙවියන්ගේ වාමන අවතාරය මඟින් දඬුවම් ලැබුවා.වළි වානරයා රාවණා රජු තරුණ කාලයේදී පරාජය කළත්,රාම කුමාරයා වළිට මරණීය දණ්ඩනය දුන් බව සඳහන් (නි)