තම කුසේ දරු ගැබක් හට ගත්තා යැයි දැනගත් දා පටන් මවකගේ එකම පැතුම අපමණ වැර යොදා දස මාසයක් කුස දරා නිරෝගී දරුවකු මෙළොවට ජනිත කිරීමයි. දස මාසයක ඇවෑමෙන් උපත ලැබූ කිරිකැටියා දුක් මහන්සියෙන් අප‍්‍රමාණ වූ ස්නේහයෙන් ඉන් පසු හදාවඩා ගන්නේ කිසිදු අතුරු ආන්තරාවක් නැතිව උස් මහත් කිරීමටයි.
වයස අවුරුදු හය සම්පූර්ණ වූ දරුවා පාසලකට ඇතුළු කරන්නේ හොඳ අධ්‍යාපනයක් ලබා දී රටට දැයට අවැසි හොඳ පුරවැසියකු කිරීමේ අරමුණෙනි. උදේ පාසලට යවන දරුවා නැවත පාසල නිමවී නිවෙසට එනතුරු මවුපියන් බලා ඉන්නේ අපමණ වූ ස්නේහයෙනි. සුදු ඇඳුමින් සැරසී මාපියන්ගේ දෙපා නමැද උදෙන්ම පාසල වෙත යන දරුවා නැවත මිනී පෙට්ටියකින් නිවෙසට එනු දැකීම මවුපියන්ට කෙතරම් වේදනාවක් ද? පසුගියදා මුළු රටේම ආන්දෝලනයක් හා කම්පනයක් ඇති කළ එවැනි සිද්ධියකි කොළඹ ආනන්ද විද්‍යාලයයේ සෙනිත් විජේසිංහ පුතුගේ මරණය.
සෙනිත් විජේසිංහ යනු කොළඹ ආනන්ද විද්‍යාලයයේ හතර ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි. ඔහුගේ වයස අවුරුදු නවයක් විය.
කොළඹ ආනන්ද විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයකු මෙන්ම එහි පාපන්දු පුහුණුකරුවකු ද වන ප‍්‍රභාත් විජේසිංහ මහතා සෙනිත්ගේ ආදරණීය පියාණන් වූ අතර මව නිල්මිණි විජේසිංහ මහත්මියයි.
පවුලේ එකම පිරිමි දරුවා වූ සෙනිත්ට සහෝදරියෝ දෙදෙනෙකි. සෙහන්නා විජේසිංහ (11) සෙනිත්ගේ අක්කා වූ අතර සෙහාරා විජේසිංහ ඔහුගේ නැගණිය වූවාය. ඔවුහු ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබති. පවුලේ එකම පිරිමි දරුවා වූ සෙනිත් කෙළි දෙළෙන් ගත කරන හොඳම වයසේ සිටියේය. පසුගිය අඟහරුවාදා (21) ද සෙනෙත් පුතු වෙනදා මෙන්ම උදෑසනින්ම පාසල් ගියේය. ඔහු පාසල නිමවී නිවෙස බලා එනතුරු සෙනිත්ගේ දෙමාපියෝ ද බලා ඉන්නට ඇත. කෙළිලොල් පුතු නැති තප්පරයක් පාසා නිවැසියන්ට ලොකු පාළුවක් දැනෙන්නට ඇත.
සෑම පාසලක මෙන්ම කොළඹ ආනන්දයේ ද මේ දිනවල නිවාසාන්තර ක‍්‍රීඩා සඳහා විවිධ පුහුණුවීම් පැවැත්වෙයි. උදෑසන පාසල් පිට්ටනියේ මිතුරන් පිරිසක් ද සමඟ සෙල්ලම් කරමින් සිටි සෙනිත් පිරිස සමඟ ගියේ පිට්ටනියේ තිබූ ගල්රෝලක් වෙතය. පිරිසක් ගල්රෝල තල්ලූ කරගෙන ගිය අතර සෙනිත් එහි හැඬලයෙන් ගල්රෝල ඇදගෙන ගියේය. තමන්ගේ මිතුරා මේ සෙල්ලම් කරන්නේ මේ ජීවිතයේ අවසන් මොහොතේ බව මිතුරන් පවා නොසිතන්නට ඇත. ගත වූයේ නිමේෂයකි. ගල්රෝල කරකැවීගෙන සෙනිත් සිටි දෙසට ආ අතර ඔහු බිත්තියට හේත්තු වෙද්දී ගල්රෝලේ හැඬලය උදරය දෙසට තද විය. සෙනිත් ගල්රෝලටත් බිත්තියටත් හිරවිය.
ඒ දුටු වැඩිහිටි සිසුන් පිරිසක් මහත් පරිශ‍්‍රමයක් දරා ඔහු බේරාගෙන පාසලේ කාමරයකට ගෙන ගියේ සෙනිත්ට ක්ලාන්ත වී ඇතැයි සිතාගෙනය. සුළු මොහොතකින් එතැනට ආ ගුරුවරු සෙනිත් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ගෙන ගියහ.
ඒ වන විටත් සෙනිත්ගේ හද ගැස්ම නතර වී තිබුණත් නැවත හදවත පණ ගැන්වීම සඳහා වෛද්‍යවරුන් මහත් පරිශ‍්‍රමයක් දැරුවත් එය සඵල වූයේ නැත. මොහොතකට පෙර තමන් හා සෙල්ලම් කළ සෙනිත් මිතුරා ලොවම හැරදා ගොස් තිබිණි. මිතුරන්ට හොඳ මිතුරකු නැතිවූවාසේම ආදරණීය දෙමාපියනට තම පණමෙන් හදා වඩා ගත් පුතු නැති විය. ආනන්දයේ ගුරුවරුනට හොඳ සිසුවෙක් අහිමි විය. එකට කෙළි සෙල්ලම් කළ ආදරණීය සොහොයුරා නැතිව සෙනිත්ගේ සහෝදරියෝ තනිවූහ.
සිද්ධිය සැළවූ සැණින් රිජ්වේ ආර්යා ළමා රෝහලට ආ ඔහුගේ මව්පියන් හඬා වැළපුණේ දුටු දුටුවන්ගේ නෙත් කඳුළින් බර කරමිනි. සුදු ඇදුමින් උදේ නිවෙසින් ගිය පුතු සවස් වනවිට මිනී පෙට්ටියකින් නිවෙසට එතියි ඔහුගේ දෙමාපියෝ මොහොතකටවත් සිතුවේ නැත. ඔවුනට සිදුවූ සියල්ල හීනයක් මෙනි.
කොළඹ විශේෂඥ අධිකරණ වෛද්‍ය රාහුල් හක් මහතා සෙනිත්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර මොට පෘෂ්ඨයක් වැදීමෙන් පපුවට සහ උදරයට සිදුවූ බහුවිධ තුවාල හේතුවෙන් මරණය සිදුවී ඇතැයි නිගමනය කළේය. උතුරු තලංගම, පොතුඅරාව පාරේ, අංක 977/2 නිවසේ සෙනිත් නෙත්මිණ විජේසිංහ සිසුවාගේ දේහය තැන්පත් කර තිබූ අතර පසුගිය බ‍්‍රහස්පතින්දා (23) සවස විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් අවමංගලෝත්සවය පැවැත්විණි.
තලාහේන පොදු සුසාන භූමියේ දී සෙනිත්ගේ දේහය මහ පොළොවට එක් වූයේ අවමඟුලට ආ දහස් ගණනකගේ පමණක් නොව මුළු රටේම ලක්ෂ ගණනකගේ සෝ සුසුම් මැදය.
සෙනිත් අවසන් ගමන් ගියේ තවත් යමක් සිතන්නට ඉතිරි කරමිනි. පාසල යනු නිවෙසටත් වඩා ආරක්ෂාකාරී තැනක් විය යුතුය. පාසලේ එම ආරක්ෂාකාරී බව නැතිවූ අවස්ථා ගණනාවක් පසුගිය කාලයේ වාර්තා විය. කොළඹ සුපිරි පාසලක සිසුවෙක් පිහිනුම් තටාකයේ ගිලී අසාධ්‍ය තත්ත්වයෙන් මාස ගණනාවක් දැඩි සත්කාර ඒකකයේ සිටියේය. ඔහුට තවමත් සුවය නැත. තවත් සුපිරි පාසලක සිසුවෙක් ක‍්‍රීඩාවක් කරන්නට ගොස් සදාකාලික අබ්බගාත විය. ළමයි යනු ළමයිය. ළමා කාලයේ විවිධ දෑ කිරීම ළමයින්ගේ ලක්ෂණයයි. ළමයින් කරන කියන දෑ ගැන සොයා බැලීම වැඩිහිටියන්ගේ වගකීමකි. මින් මතු හෝ පාසල ආරක්ෂාකාරී තැනක් කිරීමට බලධාරීන් වගබලා ගත යුතුය.
කොළඹ ආනන්ද විද්‍යාලයයේ සිදුවූ සිදුවීම ඉතාම කනගාටුදායක දෙයක්. මෑත කාලයේ පාසල් තුළදී අනතුරු සිදුවූ අවස්ථා කිහිපයක් වාර්තා වුණා. ඒ බොහෝ ඒවා වාර්තා වුණේ සුපිරි පාසල්වලින්. ඒ සම්බන්ධයෙන් කරපු පරීක්ෂණවල ප‍්‍රතිඵල තවම නෑ. ගමේ ගොඬේ පාසලක වුණා නම් මේ වෙන කොට විදුහල්පතිගේ විතරක් නෙමේ ගුරුවරුන්ගෙත් වැඩ තහනම් කරලා. මේ ගැන සාධාරණ පරීක්ෂණයක් කළ යුතුයි. ළමයින් ක‍්‍රීඩාවලට යොමු කරද්දී අසීමිත ලෙස දමනවා. ඒ නිසා ඔවුන් මොනවද කරන්නේ කියා ගුරුවරුන්ටවත් පෙනෙන්නේ නෑ. ගුරුවරුන්ට ළමයින්ගේ නම් පවා මතක තබා ගැනීමට අසීරු වෙන විදියට සමහර පාසල්වල පන්තිවල ළමයින් ඉන්නවා. මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන් නැවත ඇති නොවීමට බලධාරීන් වග බලාගත යුතුයි. |
කොළඹ ආනන්ද විද්‍යාලයයේ සිදුවූ සිදුවීම ඉතාම කනගාටුදායක දෙයක්. මෑත කාලයේ පාසල් තුළදී අනතුරු සිදුවූ අවස්ථා කිහිපයක් වාර්තා වුණා. ඒ බොහෝ ඒවා වාර්තා වුණේ සුපිරි පාසල්වලින්. ඒ සම්බන්ධයෙන් කරපු පරීක්ෂණවල ප‍්‍රතිඵල තවම නෑ. ගමේ ගොඬේ පාසලක වුණා නම් මේ වෙන කොට විදුහල්පතිගේ විතරක් නෙමේ ගුරුවරුන්ගෙත් වැඩ තහනම් කරලා. මේ ගැන සාධාරණ පරීක්ෂණයක් කළ යුතුයි. ළමයින් ක‍්‍රීඩාවලට යොමු කරද්දී අසීමිත ලෙස දමනවා. ඒ නිසා ඔවුන් මොනවද කරන්නේ කියා ගුරුවරුන්ටවත් පෙනෙන්නේ නෑ. ගුරුවරුන්ට ළමයින්ගේ නම් පවා මතක තබා ගැනීමට අසීරු වෙන විදියට සමහර පාසල්වල පන්තිවල ළමයින් ඉන්නවා. මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන් නැවත ඇති නොවීමට බලධාරීන් වග බලාගත යුතුයි. |
කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති කිත්සිරි ලියනගේ මහතා බ‍්‍රහස්පතින්දා සවස සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක විය. ඒ මහතා, දිනපතා ලංකාදීප පත‍්‍රයට මෙසේ පවසා තිබිණි. |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ළමයි හදන්නේ කොච්චර ආදරෙන්ද ඒත් ඒ ආදරය ආරක්ෂාව පාසලේදි ලැබෙන්නෙ නැත්නම් ගෙදරදි මොන තරම් ආරක්ෂා කලත් වැඩක් නැ නේද? (ත)
කුඩා දරුවන් පිළිබඳ මීට හොයා බලන්න ඕනි(දිල්)
අපි දැන් මොනවා කතා කලත් ඒ පැටියට පණ එන්නේ නැහැ.එත් මින් ඉදිරියටවත් අපි පොඩි දරුවෝ හොදින් බලාගන්න ඕන කියන එක තේරුම් ගත්තොත් මේ වගේ දුක්බර කතා අහන්න වෙන එකක් නෑ.මටත් ඔය වයසේම පුතෙක් ඉන්නවා.ඔය කතාව අහපු දවසේ මමත් හුගක් ඇඩුවා .රත්තරන් පුතේ මෙවන් අකල් මරණයක් සසර වසන තුරු නොවේවා. නිවන් සුව ලැබේවා.(දිල්)
හැම දෙයක්ම තීරණය වෙන්නේ නියාම ධර්ම අනුව එත් වෙන්න තියෙන දේ නවත්වන්න බෑ.. පුතේ නිවන් සුව ලැබේවා (දිල්)
මල්ලි ඔබට නිවන් සුව පතමි.නැවත නුඔ නුඹේ මව තුරැලේම ඉපදේවා (දිල්)
පුංචි දරුවන් වෙනුවෙන් මීට වඩා සැළකිල්ලක් දක්වන්න ඕනෑ.පුතේ ඔයාට නිවන් සුව (දිල්)
දරුවන් පාසැල් භූමියේ මොනවද කරන්නේ කියල හොයල බලන්න බැරිනම් එම පාසලේ මීට වැඩිය දරුණු ළමා මරණ වෙන්න පුළුවන් . එම නිසා මේ පුංචි අපේ දරුවාගේ මරණේ මම මාතලේ පාසලක වෙලත් මම එතෙර රැකියාවක් කරන කෙනෙක් හැටියට මෙය මම දකින්නේ විදුහලේ ගුරු මණ්ඩලයවත් විදුහල්පතිවත් දරුවන් මොනවද කරන්නේ කියල සොයා නොබැලු නිසා මේ පුංචි අපේ දරුවා අපිට නැතිවුණා කියල මම ස්තීරවම කියනවා. (නදී)
මෙවැනි ශෝක ජනක සිදුවීම් මින් මතුවට සිදු නොවේවා..පුංචි පුතුට නිවන් සුවය ලැබේවා (දිල්)
අපිට ගුරුවරුන්ටත් වරදි කියන බැහැ (අ)
මේ පාසැල සල්ලි නැති ඉස්කෝලයක් නෙමෙයි. හිත ගන්න බැරි මේ වගේ අවදානම් දෙයක් ළමයින් අතරට ආවේ කොහොමද කියලා. හරි නම් මේක තියෙන්න ඕනේ ළමයින්ට ලේසියෙන් අල්ලන්න බැරි විශේෂ තැනක. පුංචියට මුර කුටියක්වගේ එකක් හදලා මේක දාලා ලොක් කරලා තියන්න බැරි වුනේ ඇයි? අපරාදේ අහිංසක මල් කකුලක් අහමි වුනා.(නදී)
පුතේ ඔයාට නිවන් සුව ලැබේවා. (ත)
පුංචි පුතාට නිවන් සුව ලැබේවා. (ත)
සුදු පුතාට නිවන් සුව ලැබේවා! පුංචි ළමයි ගැන මීට වඩා සැලකිලිමත්වීම ගෙදරදී දෙමව් පියෝ වගේම පාසලේදී ගුරුවරුන්ටත් අයිති දෙයක්.(නදී)
මෙවන් සෝක ජනක සිදුවීම නැවත අසන්නට නොලැබේවා. රත්තරන් සුදු පුතාට මතු උපදින සසරේ මෙවන් අකල් මරණයක් නොවේවා ඔබට නිවන් සුව පතමි.(නධී)