දිනය 1985 මැයි 14යි. විල්පත්තු ජාතික උද්‍යානයේ හුනුවිලගම මූලස්ථාන කාර්යාලය සිරිත් පරිදි පෙ.ව. 6.00 ට විවෘත විය. උද්‍යානය නැරඹීමට පැමිණෙන මහජනයාට මග පෙන්වීමේ රාජකාරිය සඳහා සූදානම්ව වනසත්ව නියාමක නිලධාරීහු සහ මාර්ගෝපදේශකයෝ කාර්යාලයට වාර්තාකොට සිටිති. අනිකුත් නිලධාරීහුද පෙ.ව. 8.30 වන විට සුපුරුදු රාජකාරිවල නියැලී සිටියහ. පෙ.ව. 8.45 පමණ වන විට හමුදා නිල ඇඳුම් ඇඳගත් තරුණයන් කණ්ඩායමක් රැගත් බස් රථයක් පැමිණ කාර්යලය ඉදිරිපිට නතර කළේය. ක්‍ෂණිකව බස් රථයෙන් එළියට පැනගත් තරුණයන් අත තිබූ ස්වයංක‍්‍රීය ගිනි අවි කාර්යාලයට එල්ල කරගෙන දෙමළෙන් සහ සිංහලෙන් කතා කරමින් ”අත් ඔසවාපල්ලා” යයි කෑගසන්නට වූහ. ඒ විල්පත්තු ජාතික උද්‍යානයට එල්.ටී.ටී.ඊ. ප‍්‍රහාරය එල්ලවූ දිනයයි. එම ම්ලේච්ඡු ප‍්‍රහාරයෙන් වනජීවී නිලධාරීන් හා සේවකයින් උද්‍යානයේ තැන තැන 26 දෙනකු ඝාතනය විය. විල්පත්තුවට ප‍්‍රහාර එල්ල කිරීමට පෙර එදින පාන්දර අනුරාධපුරයට කඩා වැදුණු එම ත‍්‍රස්තයෝ අනුරාධපුර නගරය සහ ශ්‍රී මහා බෝධි මළුව එකම ලේ විලක් කළහ. මෙම සිදුවීමත් සමග දින නියමයක් නොමැතිව උද්‍යානය වසා දැමිනි. සියලූ වනජීවී නිලධාරීන් සේවස්ථානවලින් ඉවත්වූ අතර එතැන් සිට උද්‍යානය ශ්‍රී ලංකා යුද හමුදාවේ පාලනයට යටත් විය. මෙසේ වසා දැමුණු විල්පත්තුව යළි මහජනයාට විවෘත වූයේ 2010.පෙබ. 10 දිනයි. කෙසේ වෙතත් මේ වන විට කිසිම බියකින් සැකයකින් තොරව උද්‍යානය නැරඹීමට සහ රාත‍්‍රී උද්‍යාන බංගලාවක නතරවී නගරබද ජීවිතයෙන් ඈත්ව දින දෙක තුනක් තම දරුවන් යහළු යෙහෙලියන් සමග සොබා දහමේ සිරිය නැරඹීමට සහ අත්විඳීමට ශ්‍රී ලංකාවාසීන්ට අවස්ථාව උදාවී තිබේ. ස්වභාවික විල්ලූ රාශියක් පැවතීම නිසා මෙම ප‍්‍රදේශයට විල්පත්තුව යන නම යෙදී තිබේ. පත්තුව ගම්හෝ වසම් කීපයක් එකතුවී සෑදෙන සීමා නියමයකි.
2025 ඔක්තෝබර් මස 08
1456
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1309
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
472
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
යළි පිබිදෙන විල්පත්තුව