IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


යකඩ වික්ක ඇමැතිට එරෙහි පරීක්ෂණ යට ගහලා

 

 

ප‍්‍රාදේශීය දේශපාලකයන් සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවිධ චෝදනා එල්ල වූ අතර ප‍්‍රාදේශීය දේශපාලනඥයක් රැසක් අත්අඩංගුවට පත් වූහ. ඇමැතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් නව දෙනකුම සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිලි නවයක් සම්බන්ධයෙන් විමර්ශන කරගෙන යන බව ද අල්ලස් කොමිසම පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක දී කියා තිබිණි.

මේ සිද්ධියද රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකුට සහ ප‍්‍රාදේශීය දේශපාලනඥයන් දෙදෙනකුට එරෙහිව පොලිස් මූලස්ථානයට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙනි. ඒ රුපියල් දෙකෝටි විසිපන් ලක්ෂයක යකඩ ගනුදෙනුවක දී රුපියල් ලක්ෂ 96ක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි. වසරකට පෙර ආරම්භ කළ එම විමර්ශන අතරමග නැවතී ඇතැයි පොලිස් ආරංචි කියයි.

ඔහු හලාවත ව්‍යාපාරිකයෙකි. යකඩ බඩු ආදිය විකිණීමට ඇති කඩයක හිමිකරුවෙකි. 2012 වසරේ අගෝස්තු 22 වැනි දා ඔහු පොලිස් මූලස්ථානයට ගියේ තමන්ට සිදුවූ අසාධාරණයක් ගැන පැමිණිලි කිරීමටය. සීඅයිබී 2 - 147/61 අංකයෙන් පැමිණිල්ල සටහන් විය. ඒ ලෙහෙසි පහසු පුද්ගලයකුට එරෙහිව නොවේ. රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකුට එරෙහිවය. එම නියෝජ්‍ය ඇමැති බස්නාහිර පළාතේ ආසනයක් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූවෙකි.

2011 අපේ‍්‍රල් මාසයේ දිනෙක පැමිණිලිකාර ව්‍යාපාරිකයාගේ මිතුරකු නව ව්‍යාපාරයක් පිළිබඳ යෝජනාවක් ගෙනාවේය. ඒ කඩා ඉවත් කිරීමට යන බව කියන ආයෝජන මණ්ඩලයට අයත් ගොඩනැගිල්ලක යකඩ මිලදී ගැනීමටය. අදාළ ගොඩනැගිල්ල අසලට ගොස් එහි තත්ත්වය හා යකඩ ප‍්‍රමාණය ගැන බලා ගනුදෙනුවට සම්බන්ධ වීමට ව්‍යාපාරිකයා කැමැත්ත පළකළේය. සතියක පමණ අවෑමෙන් ව්‍යාපාරිකයා කැටුව එම ගොඩනැගිල්ල බැලීමට ගියේය.

ගොඩනැගිල්ල පිහිටියේ ගම්පහ දිස්ත‍්‍රික්කයේ ය.  

එතැනට තවත් දෙදෙනකු පැමිණ සිටියහ. ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ නිලධාරියකු ලෙස තමා හඳුන්වා දුන් එක් පුද්ගලයෙක් ඔහුගේ විසිටින් කාඞ්පතක් ව්‍යාපාරිකයාගේ අත තැබීය. ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස එම විසිටින් කාඞ්පතේ සටහන් වී තිබිණි. (ඔහු සැබෑ ලෙසම අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ නිලධාරියකු නොවන අතර ඔහු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙකි.)

ගොඩනැගිල්ලේ තිබූ යකඩ රුපියල් දෙකෝටි විසිපන් ලක්ෂයකට මිලදී ගැනීමට ව්‍යාපාරිකයා එකඟ විය. මුලින් රුපියල් පනස් ලක්ෂයක් ද, ඉතිරිය යකඩ විකිණීමෙන් පසු ලබා දීමට ද දෙපාර්ශ්වය ගිවිස ගත්තේය.

ඉන් දෙදිනකට පමණ පසු ආර්ථික සංවර්ධන ඇමැතිගේ සම්බන්ධීකරණ නිලධාරියා ලෙස හඳුන්වා දුන් පුද්ගලයාගෙන් දුරකතන ඇමතුමක් ලැබිණි. බැසිල් ඇමතිතුමාට මේක ගැන කතා කරන්න  ඕනෑ. ඇමැතිතුමාගේ ගෙදරදි ගනුදෙනුව කරමු. හෙට අපි එක්ක යමු යැයි ඔහු කළ යෝජනාවට එකඟ වූ ව්‍යාපාරිකයා නීතිඥවරයකු ද සමඟ ගනුදෙනුව කරන්නට ආවේය.

ඇමැති සම්බන්ධීකරණ නිලධාරි ලෙස ව්‍යාජව පෙනී සිටි පුද්ගලයා තවත් ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයකු ද සමඟ එතැනට ආහ. ඔවුන් ව්‍යාපාරිකයා සහ නීතිඥයා ද නිවෙසකට ගියේය. ව්‍යාපාරිකයා සිතුවේ ඒ බැසිල් ඇමැතිතුමාගේ නිවෙස කියාය. ඔවුහු නිවසට ඇතුළු වූහ. එහි බැසිල් ඇමැතිවරයාගේ ඡායාරූප නොවීය. ඒ වෙනුවට තිබුණේ නියෝජ්‍ය ඇමැතිවරයකුගේ ඡුායාරූපය. ආර්ථික සංවර්ධන ඇමැතිගේ නම විකුණමින් කරන හොර වැඩක්දැයි ව්‍යාපාරිකයාගේ සිතේ කුකුසක් ඇති විය.

ඇමැතිතුමා මේ ප‍්‍රදේශය බලා ගන්න දීලා තියෙන්නේ මට. මාත් එක්ක තමයි ගනුදෙනුව වෙන්න  ඕනෑ යැයි නියෝජ්‍ය ඇමැති කීවේය. නියෝජ්‍ය ඇමැති ගැන විශ්වාසය තැබූ ව්‍යාපාරිකයා රුපියල් පන් ලක්ෂයක අත්තිකාරම ලබා දීමට සූදානම් වී සිය නීතිඥයා ලවා ගිවිසුම් පත‍්‍රයක් සකස් කළේය.

තමාගේ අතට මුදල් ලබා දෙන ලෙස ඉල්ලා සිටි නියෝජ්‍ය ඇමැති එහි අත්සන් කිරීම ප‍්‍රතික්ෂේප කළ අතර ඒ වෙනුවට ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා අත්සන් තැබීය.

මුදලින් රුපියල් ලක්ෂ 18ක් ද, රුපියල් තිස් දෙලක්ෂයක් චෙක්පතකින්ද ඔවුන්ට ලබා දුන් ව්‍යාපාරිකයා එම නිවසින් පිටවිය.

ඉන් පසු වරින් වර විවිධ හේතු කියමින් නියෝජ්‍ය ඇමැති සහ ගෝලයන් පිරිස ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 96ක් ලබා ගත්තත් ඔහුට යකඩ නොලැබිණි. විවධ හේතු කියමින් යකඩ ලබා දීම මගහැරීය. කර කියා ගන්නට කිසිත් නැතිව අන්තයටම හිඳුණු ව්‍යාපාරිකයා පොලිස් මූලස්ථානයට ගොස් පැමිණිලි සටහන් කළේ ඒ අනුවය.

පොලිස්පති නියමයෙන් රහස් පොලීසියට පැමිණිල්ල යොමුකිරීමෙන් පසු පුද්ගලයන් නව දෙනකුගෙන් පමණ ප‍්‍රකාශ සටහන් කර ගත්තේය.

ව්‍යාපාරිකයා දේශපාලනඥයන් අතර ගනුදෙනුව ගැන කතා වෙන හඩ පට පවා විමර්ශනයේ දී පොලීසියට ලැබිණි. චෙක්පත් පිටපත්, ගිවිසුම් පිටපත්, ආර්ථික සංවර්ධන ඇමැතිගේ නම භාවිත කර සැකසූ ව්‍යාජ විසිටින් කාඞ්පතේ පිටපත් ආදියද රහස් පොලීසියට ලැබිණි.

මේ අතර තමාට සිදුවූ අසාධාරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිලි කිරීමෙන් පසු ව්‍යාපාරිකයාට හදිසි දුරකතන ඇමතුමක් ලැබිණි. ඒ පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නා ලෙස බල කරමිනි.

තර්ජනය කරන පුද්ගලයා ඇමැතිතුමාට විරුද්ධව දාපු කොම්ප්ලේන් එක හෙට දිවුරුම් පෙත්සමක් දීලා අස් කරගන්න  ඕනෑ හරිද? නැත්නම් ගොඩක් කරදර වෙයි ඔයාට.

ව්‍යාපාරිකයා- මහත්තයා වැරදි නම්බරයකට ද දන්නේ නෑ කතා කරන්නේ.

තර්ජනය කරන පුද්ගලයා - නෑ නෑ අපි සේරම හොයාගෙන කතා කරන්නේ. දන්නවනේ අත්තනගල්ල පැත්තේ වෙච්චි දේවල්. වහාම හෙට පැමිණිල්ල ඉල්ලා අස්කරගන්න. අපි නරක මිනිස්සු කියන්න එපා. කොහෙන් කළෙවර වෙයිද දන්නේ නෑ. ඔයා ලොකු අමාරුවක වැටෙන්න යන්නේ.

තර්ජනය කරන හඬපටයත් සමඟ 2013 අපේ‍්‍රල් 20 වැනි දා හලාවත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර එම ඇමතුම ලබා දුන් කිසිවෙක් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නැත.

වසර එක හමාරක් තිස්සේ විමර්ශන කළ රහස් පොලීසිය සිද්ධියට සම්බන්ධ වැදගත් සාක්කි රැුසක් සොයා ගත්තේය. මේ පිරිස නිසා අමාරුවේ වැටුණු කිහිප දෙනෙක් ද පොලීසියට ප‍්‍රකාශ ලබා දී ඇත. ඒ කෙසේ වෙතත් මේ වන විට විමර්ශන අතරමග නැවතී ඇතැයි පොලිස් ආරංචි කියයි.

සැකකාර නියෝජ්‍ය ඇමැති හෝ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීන් අත්අඩංගුවට ගත යුතුව තිබියදී  මේ වන තෙක් ඔවුන්ගෙන් ප‍්‍රකාශයක් හෝ සටහන් කරගෙන නැත.
නීතිය සැමට එක හා සමාන විය යුතුය. පැමිණිල්ල විත්තිය වන්නටත් විත්තිය පැමිණිල්ල වන්නටත් පෙර පොලීසිය එය ක‍්‍රියාවෙන් ඔප්පු කර පෙන්විය යුතුය.
මෙම විමර්ශනය කඩිනමින් කර සැකකරුවනට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමෙන් මෙවැනි වංචනික ක‍්‍රියා කරන සෙසු දේශපාලනඥයන්ට ද හොඳ පාඩමක් සැපයෙනු ඇත.

 

 



අදහස් (0)

යකඩ වික්ක ඇමැතිට එරෙහි පරීක්ෂණ යට ගහලා

වජිර Tuesday, 17 December 2013 06:23 PM

මේ වගේ අය තියාගෙන සිටීමෙන් ආණ්ඩුව අපට කියන්ඩ හදන පණිවිඩය කුමක්ද? ශ්‍රීලනිපය 77න් පස්සේ ගම්පහ පැරදී නැත. 2014 දී එය විය යුතු බවද? (නදී)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 18 December 2013 01:39 PM

මේ මහා පරිමාන වංචා ආණ්ඩුව ඇතුලෙම මහජන ඡන්දයෙන් ගිය අයම නේද කරන්නේ? (නදී)

:       0       0

සූරවීර Thursday, 19 December 2013 05:20 PM

මේ වගේ අයට ලබන ආත්මෙදි නිල මැස්සන් වී ඉපදේවි (අ)

:       0       0

කසුන් Thursday, 19 December 2013 05:28 PM

මෙවැනි දුෂිත දේශපලකයින් රට කරවන්න යවන පළාතේ ඡන්ද දායකින් මේවට වගකියන්න ඕනේ. (දිල්)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 18 December 2013 06:22 AM

ලොකු ලොක්කන් කෝටි ගණන් වංචා කරනවා. පොදු ජනතාව දවසට එක වේලක් කනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

නව ව්‍යවස්ථාව කෙසේ වියයුතුද?
2025 මැයි මස 07 74 1

ශ්‍රී ලංකාවේ මෑතකදී තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන සන්ධානය වන ජාතික ජන බලවේගය, බහුතර සිංහල ප්‍රජාවෙන් මෙන්ම සුළුතර දෙමළ ප්‍රජාවෙ


අනාගත විදුලි බිල කොතැනද?
2025 මැයි මස 07 137 0

පළාත් පාලන මැතිවරණය ඊයේ අවසන් විය. දැන් ඉතිරි වී ඇති තවත් එක් ප්‍රශ්නයක් වන්නේ රජය විදුලිබිල ඉහළ දමනු ඇත්තේ කවදා ද යන්න සහ කොපමණ ප්‍රමාණයකින් ද යන්නයි.


ටින් අංකය හිස් ටින් එකක්ද?
2025 මැයි මස 07 270 0

1917 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 102 වැනි වගන්තියට අනුව, 2024 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි හෝ 2024 ජනවාරි 1 වැනි දින හෝ ඊට පසු වයස අව


ප්‍රබන්ධය ඉතිහාසයටත් වඩා සැබෑවක්
2025 මැයි මස 07 60 0

ප්‍රවීණ ගීත රචක ලේඛක මහින්ද චන්ද්‍රසේකර මහතා විසින් රචිත ‘වාපී’ නවකතාව අනුරාධපුරයේදී පසුගියදා එළිදැක්වුනි. ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ මහතා එම උළෙලේද


ටයිටැනික් මගියාගේ ලියමන පවුම් තුන්ලක්ෂයකට අලෙවි වෙයි
2025 මැයි මස 07 213 0

ටයිටැනික් නෞකාව ගිලීගොස් වසර 113 ක් ගත වී ඇති නමුත්, තවමත් ඒ ගැන නොයෙක් නොයෙක් කතා කරළියට පැමිණෙයි. ජීවිත 1500 ක් බිලි ගනිමින්, ටයිටැනික් නැව සීතල උතුරු අත්ලා


​කාගේත් තරම උරගාන පුංචි ඡන්දය
2025 මැයි මස 05 368 0

ජාතික ජන බලවේගය / ජනතා විමුක්ති පෙරමුණ රජය සිය පළමු දීපව්‍යාප්ත ජනප්‍රියතා පරීක්ෂණයට මුහුණ දෙන්නේ තම බිම් මට්ටමේ ජනවරම මැන බැලීමේ උත්සාහයක් ලෙසිනි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 971 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 245 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1290 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site