IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


මහ සයුරෙන් මතුවන අද්භූත නාගරාජයා

මීට වසර කෝටි ගණනකට පෙරාතුව මේ මහා පෘථිවි තලයේ ජීවත්වූ අරුම පුදුම ශරීර වලින් සමන්විත වූ සත්ව කොට්ඨාස පිළිබඳව පසුගිය කල්හි ලොව තැනින් තැන කරන ලද පුරා විද්‍යාත්මක කැණීම් වලදී හෙළිකර ගැනීමට හැකි විය. ඒ ඩයිනසෝර් යුගයේ විසූ අපූරු සත්වයින් සහ උරගයින් මෙන්ම විවිධ හැඩතල වලින් යුතු ජීවිතවල පාෂාණභූත ඇටසැකිළි සොයාගෙන ඒ පිළිබඳව සියුම් පර්යේෂණ කරද්දී වත්මන් ලොව එවන් ජීවමාන සත්වයකු ඉන්නට ඇතැයි කීම මොන තරම් විශ්මයට හේතුවක් දැයි සිතෙනු ඇත. මීට වසර හයකෝටි තුන් ලක්ෂයකට පෙර මේ මිහිකත නිජබිම කරගෙන සිය අණසක පතුරවමින් සිටි ‘ඩයිනසෝර්’ යුගයෙන් පසු එළැඹි ක්ෂීරපායි යුගයෙන් ශේෂ වූ අති දැවැන්ත උරගයකු තව දුරටත් මහ පොළවට උරුමකම් කියමින් නිමක් නැති මහා සාගර පත්ලේ ජීවත් වෙතැයි කීවොත් එය ඔබ අප ඉමහත් සේ පුදුමයට පත්කරනු නොඅනුමානය. එහෙත් පුදුම විය යුතු නැත. එය සම්පූර්ණ සත්‍යයක් බවට ඔප්පු වී හමාරය. දේහ විලාශයෙන් මහා ප‍්‍රාකාරයකට සමාන ශබ්දයට වඩා වේගයෙන් ගමන් කිරීමට හැකි ක්ෂණයකින් මහා සාගරය දෙබෑකොට මතු වී ඇසිපිය හෙළීමකටත් පෙර අතුරුදන් වීමේ දස්කමක් ඇති මෙම විශ්මිත උරග විශේෂය පිළිබඳව ව්‍යාජත්වයෙන් තොර ඓතිහාසික සාක්ෂි සහ තොරතුරු පවා තිබීමෙන් පෙනී යන්නේ මේ අත්භූත සංසිද්ධියට අනාදිමත් අතීතයක ශ්‍රී විභූතියක් ඇති බවයි. මනඃකල්පිත හැම කතාන්තරයකම සත්‍ය පැත්තකුත් තිබේ. ඒ සත්‍ය පැත්ත ද මහ සයුරම හෙළිකරයි. ඊට හේතුව අපි හැම දෙන සහ ගොඩබිම සත්ව ලෝකයේම නිජබිම ද එක් කලෙක මහ සයුර වීමයි. එබැවින් කලක් තිස්සේ කල්පිත වූ සිතුවිල්ලක් සේ මේ උරගයා පිළිබඳව වගතුග ද මහ සයුර විසින්ම ලොවට පෙන්වා දෙනු ලැබුවේ 16 වැනි සිය වසෙහි ස්වීඩනයේ ජීවත් වූ ‘‘ ඕලොප් මැග්නස්ට්’’ (Orlop Megnest) නම් අග‍්‍ර රාජගුරු ප‍්‍රසාදීන් වහන්සේ රචිත ග‍්‍රන්ථයක් මගිනි. ඈත දියඹේ මසුන් මරණ ධීවරයන්ගෙන් හා විවිධ නාවික සංචාරකයන්ගෙන් ලබාගත් තොරතුරු අනුව සකස් කරන ලද එම ග‍්‍රන්ථයේ විස්තර වන්නේ අති විශ්මිතවූ ‘‘අත්භූත නාග රාජයෙක්’’ පිළිබඳවය. මහ සයුර දෙබෑ කරමින් උඩට මතු වී සැණෙන් අතුරුදන් වන මෙම උරගයා පිළිබඳව එම වාර්තාවේ මෙසේ සඳහන්ය. ‘‘මේ අරුම පුදුම උරගයා මහා පවුරක් සේ අඩි 180-200 පමණ දිගය. සිරසින් පළල් වූ මහා පෙන ගොබය අඩි 20-22 පමණ පළලින් යුතුය. අති දැවැන්ත පෙන ගොබයෙන් විවර වූ මුඛයෙන් වැඩුන මීගවයින් දෙතුන් දෙනකුට එකවර ගමන් කළ හැකි තරම්ය. දෙනෙත් මහා ගිණි පුළිඟු දෙකක් මෙන් රෞද්‍රය. පිට පෙදෙස කාල වර්ණයෙන් යුතුවන අතර උදර පෙදෙස සුදු පැහැ ගනී. චීන ජනතාව විශ්වාස කරන ‘‘මකරා’’ (Dragon) මෙන් දේහ විලාශ ඇති මෙම අත්භූත උරගයාට මහ සයුර දෙබෑකර මතුවී අතුරුදහන් වීමට ගතවන කාලය තත්පරයකටත් අඩු විය හැකිය. සාගර රළපතර මතින් අඩි 30-40ක් අහසට එසවී රුදුරු දෑස් විවර කර තියුණු උල් දත් ඇති මුඛයෙන් දිව එළියට දමා බිහිසුණු විලාශයක් මවාගන උගේ ක්ෂණික අතුරුදහන් වීම වෙනුවෙන් ගිලෙන විට සාගරයෙන් මහා හඬක් පිටවෙයි. දෙබෑවූ ජලකඳ සැණෙන් පෑහී යයි. ඇස් අදහාගත නොහෙන විශ්මිත වූ මේ පුරාවෘතය ප‍්‍රචලිත වීමත් සමඟම එවන් තවත් අපූරු අත්දැකීමක් ලද ප‍්‍රංශ ජාතික ගවේශකයන් දෙපළක් ඡුායාරූපයක් සහිතවම තවත් වාර්තාවක් ලොවට හෙළිකරන්නට සමත් වූහ. පැසිපික් සාගරය හරහා නාවික ගවේශණයක යෙදුණු මොවුන්ට  ඕස්ටේ‍්‍රලියාවට ආසන්න සාගර ගල්වැටියකට බරදී සිටි මේ අති දැවැන්තයා දැකීම මවිතයට හේතුවක් විය. බිය සහ ත‍්‍රාසය ද ඇති කළේය. සිරුරේ සුවිශාල කැපුම් තුවාල සහිතව ඉමහත් වේදනාවකින් සිටි අතර එය මහ සයුර හරහා ගමන්ගත් විශාල නැවක දැති රෝදයකින් සිදුවූවක් විය හැකි බවට ඔවුන් අනුමාන කරන ලදී. දුරදක්නය නිවැරදිව සකසා බැලූ කළ ඔවුන්ට දැක ගත හැකිවූයේ මේ උරගයා ද ගොඩබිම වෙසෙන නාගයකුගේ (Cobra) ස්වභාවය ගන්නා බවයි. පළල් වූ පෙණ ගොබය, ගිණි පුළිඟු නෙත් දෙක, ලා රතුවන් මුඛය සහ තියුණු උල් සහිත දත්, කලූ සුදුවන් සිරුර ඔවුන්ට පැහැදිවම සනාථ කරගත හැකි විය. එහෙත් සිරුරෙහි අඩක් පමණ ජලයට ගිලී රළ පහරත් සමඟ ඉහළ පහළ යමින් තිබිණ. සාමාන්‍යයෙන් අඩි 80-100ත් අතර දිග ප‍්‍රමාණයකින් යුතු යයි ඔවුන් අනුමාන කළහ. මේ සුවිශාල දැවැන්තයාගේ ඡායාරූපයක් ගත හැකි වුවද එක් සැණෙකින්ම රළ පහරෙහි කිමිදී අතුරුදන් විය. ප‍්‍රංශ ජාතික ගවේශකයින්ගේ වාර්තා සහ ඡුායාරූපත් සමගම ලොව පුරා විදුදරුවන්ගේ පර්යේෂණ ඇසට බඳුන් වූ මේ අත්භූත උරගයා පිළිබඳව සොයන්නට උත්සුක වූ බවක් පෙණින. විශේෂයෙන්ම ප‍්‍රංශ ජාතිකයින්ගේ ගවේශණ වාර්තාවන්ට අනුව පැසිපික් සාගරය ආශි‍්‍රතවම සියුම් පරීක්ෂණ සහ ‘විදු ඇස’ යොමු කරන ලද අතර බොහෝ කාරණා කාරණා ඔවුන්ට ලඟා කර ගත හැකි විය. ගැඹුරු සාගර පත්ලට යාහැකි විශේෂිත ‘සබ්මැරීන’ උපයෝගී කරගෙන පැසිපික් සාගරයේ ‘මරියානා’ ආගාධයට සමීප කිලෝමීටර් 3ක් පමණ ගැඹුරැුති සාගර පත්ලෙහි දිගින් අඩි 200-250ක් පමණ වූ නිශ්චල උරගයකු සිටින බව දැකගත හැකි වූ අතර ඝණ අන්ධකාරය තුළින් උගේ සිරුර පුරා ආලෝක ධාරාවක් විහිදෙමින් තිබිණ. නවතා ඇති රාත‍්‍රී දුම්රියක මැදිරිවලින් නිකුත් වන ආලෝකයට සමාන වූ ආලෝකයක් එයින් නිරූපණය විය. කිසිදු කලබල ගතියක් නොපෑව ද කිසියම් අනතුරක සේයාවක් හෝ නැති නම් තමා පිළිබඳව කවුරුන් හෝ අවධානයකින් සිටින බවක් ඉවෙන් මෙන් දැනගත් නිසාදෝ ක්ෂණයකින්ම එම ආලෝකය නිවී ගිය අතර සාගර පත්ල ඉමහත් සේ කැළඹිල්ලකට ලක්විය. මේ අතර සෝවියට් නාවික හමුදාවේ සෙබළ පිරිසක් ‘‘ඇන්ටාටික්’’ සාගරයට ඉහළින් හෙළිකොප්ටරයකින් ගමන් කරද්දී ද මේ අරුම පුදුම උරගයා දැකගෙන තිබේ. ගමන් ගත් යානය අඩි 100ක් ම පහත් කර එය නිරීක්ෂණය කරද්දී ඔවුන්ට අනුමාන කරන්නට ලැබුණේ මේ සත්වයා අඩි 50ක් පමණ දිගැති බවයි. තවත් වැඩිදුර නිරීක්ෂණය කරන්නට ඉඩ නොතබාම ඌ ජලධාරා අතර ගිලී නොපෙනී ගියේය. ලොව වටා අපුරු පුවත් මවමින් ජනතාව මවිතයට පත්කරමින් ‘‘මුහුදු නාගයා’’ ලෙස නම් ලැබූ මේ උරගයා එක්වර විශාල පිරිසකට දැකගත හැකි වූයේ වර්ෂ 1947 දී පමණය. සංචාරකයෝ පිරිසක් පිරිවරා ‘‘ශාන්ත ක්ලේරා’’ (Sent Clayra) නෞකාව පැසිපික් සයුර හරහා ගමන් කරද්දී මේ අරුම පුදුම උරගයා ඔවුන්ට දැකගත හැකිවී තිබේ. අහම්බෙන් මෙන් එම නෞකාවේ හැපී තුවාල ලද ඌ සැනෙකින්ම මතුවී ගිලී ගියේය. වර්ෂ 1948 දී  ඕස්ටේ‍්‍රලියාව අසළින් ගමන්ගත් නෞකාවක මගීන්ටද අසිරිමත් මුහුදු නාගයාගේ රුදුරු බව දැකගත හැකිවිය. අඩි 80ක් පමණ දිගින් යුතු යැයි විශ්වාස කළ හැකි බවට ඔවුන්ගේ නාවික වාර්තාවලින් හෙළිවෙයි. දැවැන්ත නාගයකුගේ රුවින් යුතු රුදුරු විලාශයක් ගන්නා වූ මේ උභය ජීවියාගේ ක්ෂණික අතුරුදන්වීමේ වේගය තත්පරයකටත් අඩු කාලයක් බව ඔවුන්ට පසක් කර ඇත. සයුරෙන් මතු පිටට අඩි 20-30ක් උඩට ආ මුහුදු නාගයා නැවත සයුර දෙබෑකර අන්තර්ධාන විය. වර්ෂ 1956 දී නෝර්වේජියානු ජාතික ජීව විද්‍යාඥයින් වූ ‘‘ආචාර්ය මීඞ් වෝල්ටර්’’ සහ ‘‘නිකල්ස් ජේ. මයිකල්’’ යන දෙදෙනාට බ‍්‍රසීල මුහුදේදී මෙවන් අරුම පුදුම නාගයකු දක්නට හැකි වූ බව වාර්තා කර තිබේ. මෙයට පෙර ගවේශකයන් හා විද්‍යාඥයන් දුටු අත්භූත මුහුදු නාගයා මෙන් මෙම නාගයාද සැණෙන් අතුරුදන්වීමට අති දක්ෂයෙකි. මිනිසුන් බිය වද්දමින් හෝ මිනිසුන්ට දර්ශනය වෙමින් මහ සයුර දෙබෑකොට මතුවී රුදුරු බවින් මුව විලිස්සා අතුරුදන් වන්නේ කුමක් නිසාදැයි මේ විද්‍යාඥයෝ සැක පහළ කරති. ආචාර්ය ‘මීඞ් වෝල්ටර්’ සහ ‘නිකල්ස් ජේ. මයිකල්’ යන විද්වතුන්ගේ මතය ගරු කළ නෝර්වේ රජය මේ වෙනුවෙන් සියුම් පර්යේෂණ කළයුතු බවට යෝජනා කළේය. ඊට තවත් ආසන්නතම හේතුව වූයේ නෝර්වේජියානු දේශ ගවේශකයකු වූ ‘ටෝහියර්’ නම් පුද්ගලයා නෝර්වේ අසළ මහ සයුරේදී දුටු අත්භූත ‘මුහුදු නාගයා’ පදනම් කරගෙනය. එහෙත් අහඹු සිදුවීමක් සේ දැක ගැනීමට හැකි වුවද පර්යේෂණයක් කරමින් මේ සත්වයා දැක ගැනීමට නොහැකිවීම අභාග්‍යයක්ම විය. ලොව විවිධ රටවලින් විවිධ ගණයේ ‘මුහුදු නාගයා’ පිළිබඳ වාර්තා ආවත් ඒ කිසිවක් නිත්‍ය හා සුබවාදී පර්යේෂණයකින් සාර්ථක ප‍්‍රතිඵල නෙළාගත නොහැකි විය. ‘‘අවසන් වශයෙන් ජගත් විදු දරුවන් පොදු වාර්තාවක් සකසමින් මේ සත්වයා කිසිම විටෙක මිනිස් ග‍්‍රහණයට හසුනොවන දර්ශනයට ලක් වුවද සැනෙකින්ම අතුරුදන්වන, අත්භූත ජීවියෙකු යයිද, මහසයුරෙහි ‘හරස් සහ තිරස්’ අතටත් මොහොතකින් කිමිදීමට සමත්කම් දක්වන ඌට ශබ්දයේ වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කළ හැකි බවද වාර්තා කළේය. කාලාන්තරයක් තිස්සේ පර්යේෂණවලට පාදකවූ ඩයිනසෝර යුගයේ විසූ උභය ජීවියකු වියහැකි වුවද මනඃකල්පිත චරිතයකට හිමිකම් කී ඌ සත්‍ය පුරාවෘතයක් බවත් හෙළිකළේය. එපමණක් නොව මේ කල්පිත බව තව තවත් තිව‍්‍ර කරන්නටම මේ සත්වයාට වෙඩිතබා වුව ඝාතනය කළ නොහැක්කේ උගේ ක්ෂණික අතුරුදන් වීමේ අසීමිත ශක්තිය නිසා බවත් ජලයේ ඝණත්වයට වඩා උගේ බර ප‍්‍රමාණය අධික නිසා මරා දැමුවද ඒ මළ සිරුර මුහුදු පතුලටම කිඳා බසින බවද වාර්තා කළේය’’. වත්මන් විදුතතු අනුව ඌ ‘මුහුදු නාගයා’ වුවද කුමන සත්ව කොට්ඨාසයකට අයත් දැයි තවම නිශ්චිත කර නැත්තේය. එහෙත්, ප‍්‍රංශ ජාතික ජීව විද්‍යාඥ ”ගියාර්ඞ්” පවසන්නේ දැනට ලැබී ඇති සත්‍ය ගවේශන තොරතුරු සහ සාක්‍ෂි මත වරින් වර මහ සයුර දෙබෑකරගෙන මතු වී අදෘෂ්‍යමාන වන මෙම සත්ව කොට්ඨාස ආදී කල්පිත යුගයට අයත් ‘‘ඉතියෝර්’’ හෝ ‘‘මිතියෝර්’’ යන උරඟ ගණයට අයත් වඳවීගෙන යන සත්ව පරපුරක් බවයි.

නාලගමුවේ උබේසේකර කුමාරසිංහ



අදහස් (0)

මහ සයුරෙන් මතුවන අද්භූත නාගරාජයා

කුසුම් Saturday, 21 June 2014 12:16 AM

අම්මෝ දැක්කමත් බය හිතෙනවානේ (දී)

:       0       0

ක්‍රිෂාන් Saturday, 21 June 2014 12:18 AM

ඇත්තටම මෙවැනි ලිපියක් කියවිමට ලැබිම ස‍ටුටක්......(දී)

:       0       0

සුපුන් Sunday, 09 December 2012 01:49 PM

ටොන් පච (ස)

:       0       0

මංගල Friday, 07 December 2012 10:05 AM

බොරු කතා

:       0       0

ප්‍රියන්ත Monday, 03 December 2012 10:27 AM

ආයෙත් අපි අතීතයට යනවාදැයි සැක සිතෙනවා (ස)

:       0       0

ශාමා Wednesday, 05 December 2012 08:15 AM

මේ කතා ඇත්තද (දී)

:       0       0

අනුර Saturday, 08 December 2012 09:35 AM

මෙ ලිපිය සත්‍ය වුණත් නැතත් මෙලිපිය කියවන විට මට දැනුනේ අනේ අපගේ බුදුරජාණන් වහන්සේ මෙ නවින විද්‍යාවෙන් තවම සොයාගන්න බැරිවුණ දේවල් ගැන අපට දේශනා කර තියනවානේ කියලා. මොකද බුද්ධ දේශනාවල නා ලොව ගැන සදහන් කර තියනවා උන්වහන්සේ සත්සතිය ගතකරන විට එක්තරා නාග ලොවට අයිති පුද්ගලෙයේකු ඇවිත් විශාල නාග ශරිරයක් මවා බුදු රාජාණන් වහන්සේ වැස්සෙන් ආරක්ෂා කරා අපේ පියවි ඇසින් දකින්න බැරි දේවල් මේ විශ්වය තුල තියනවා ඉතින් අපේ ඇසට දැක්කේ නැ කියලා එවා අසත්‍ය ලෙස දැකිම සුදුසු නැ (ස)

:       0       1

සෑම් Friday, 07 December 2012 05:33 PM

අප්‍රේල් 1වැනිදා දාන්න තියෙන නිව්ස් එකක් කලින්ම පිටවෙලා වාගේ... 5හේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර වගේමයි. (අ)

:       0       0

ඉන්දික Sunday, 09 December 2012 08:13 AM

අනුර, ඔබ හරි (දී)

:       0       0

වජිර Sunday, 02 December 2012 03:16 PM

මායා කතාවක්ද කොහෙද (දී)

:       0       0

එස්.හමි විදානගේ Sunday, 09 December 2012 08:25 AM

මේ වගේ දේවල් දාන එල ගොඩක් හොදයි අපිට ලෝකෙ වෙන්නෙ මොනාද කියලා බලාගන්න පුඑවන් ඒක නිසා දිගටම මේ වගේ දේවල් කරගෙන මන්න කියලා මම කියනවා මගෙන් ඔයාලට සුභ පැතුම් (දී)

:       0       0

උදය Saturday, 02 March 2013 03:10 AM

පහාරාද සූත්‍රයේ මේ අද්භූත නාගයන් ගැන සඳහන් වෙනවා. https://docs.google.com/file/d/0B52BmP3eS4CNR1k1clY3YS13emc/edit (නි)

:       0       0

ජනක Tuesday, 04 December 2012 07:43 PM

ජනිත් මෙවන් ලිපියක් කියවන්න ලැබිමක් අපි ලද වාසනාවක්.නිකමි පමිපෝරි නොගහ අපි ඒ ගැන සතුටු වෙමු .. (ස)

:       0       0

අවන්ත Saturday, 08 December 2012 12:24 PM

හොඳයි (ස)

:       0       0

පවන් Sunday, 02 December 2012 07:06 PM

මාරයි නේ (ස)

:       0       0

යුක්තී Sunday, 09 December 2012 11:43 AM

අපි නොදන්න දේවල් දැනගන්න එක හොඳයි (ස)

:       0       0

ලලිත් Tuesday, 04 December 2012 12:29 PM

හෙන බොරුවක් (දී)

:       0       0

සුපුන් Sunday, 09 December 2012 06:38 PM

ඇත්ත වෙන්න පුළුවන් (ස)

:       0       0

දසුන් මධුරංග Tuesday, 06 September 2016 03:56 PM

මේ දේ සම්පූර්ණයෙන්නොවුවද ඇත්ත ( අ)

:       0       0

ජනිත් Sunday, 02 December 2012 09:45 PM

මේ මේ අලි බොරුවක් ද කොහෙද (දී)

:       0       0

ජනිත් Wednesday, 12 December 2012 01:18 AM

ජනකට ගොඩක් රිදිලා වගේනේ. බොරු කොහොම කිවුවත් බොරු තමා. (නි)

:       0       0

සමන් Saturday, 15 December 2012 05:14 PM

බොරු කතා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 682 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 460 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 352 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1588 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 100 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 714 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 660 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 172 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1200 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site