පළාත් සභා මැතිවරණයේ ප‍්‍රතිඵල නිකුත්වීමත් සමගම දේශපාලන කරළියේ ආන්දෝලනාත්මක ආරංචි මාධ්‍ය ඔස්සේ වාර්තා වෙමින් තිබේ. මාධ්‍ය ඔස්සේ පැතිර යන අලූත්ම ආරංචිය වන්නේ අගමැති ධුරය සම්බන්ධයෙනි. ඊට මූලාශ‍්‍රය වී ඇත්තේ මධ්‍යම පළාතේ මහ ඇමැති ධුරය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ආන්දෝලනයකි. මධ්‍යම පළාත් සභාවේ මෙවර වැඩිම මනාප හිමිකරගෙන සිටින්නේ අගමැති දි.මු. ජයත්න මහතාගේ පුත් අනුරාධ ජයරත්න මහතාය. ඔහුට මධ්‍යම මහ ඇමැති ධුරය ලබාදීම සඳහා දි.මු. ජයරත්න මහතා අගමැති ධුරයෙන් ඉවත්වන්නට යන බව මාධ්‍ය ඔස්සේ වාර්තා විය. එමෙන්ම මධ්‍යම පළාතේ හිටපු මහ ඇමැති සරත් ඒකනායක මහතා අගමැතිවරයා වෙනුවට පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරයෙකු වශයෙන් පත් කරන්නට යන බවද ඉන් කියැවිණි. එහෙත් මධ්‍යම පළාත් මහ ඇමැති ධුරය සම්බන්ධයෙන් ආණ්ඩුව හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය තවමත් තීරණයකට එළැඹ නැත. මධ්‍යම මහ ඇමැති පුටුව සරත් ඒකනායකටද නැතිනම් අනුරාධ ජයරත්නටද යන්න මේ සතියේ තීරණය වනු ඇත.
මහ ඇමැතිධුරය සම්බන්ධ ප‍්‍රශ්නය විසඳුවත් ඊළඟට මතුවන ප‍්‍රශ්නය අගමැති ධුරය පිළිබඳවය. පුතාට මහ ඇමැතිධුරය ලබාදීමට දි.මු. ජයරත්න මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් ආණ්ඩුව ඊළඟට මුහුණ දෙන අභියෝගය වන්නේ අගමැතිධුරයට පත්කරන කෙනා සම්බන්ධවය. අගමැතිධුරය සම්බන්ධයෙන් කාලයක් තිස්සේම ආණ්ඩුවේ ප‍්‍රබලයින් ගණනාවකගේ නම් කියැවේ. මෛත‍්‍රිපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, බැසිල් රාජපක්‍ෂ යන ඇමැතිවරුන්ගේ මෙන්ම කතානායක චමල් රාජපක්‍ෂ මහතාගේ නමද ඒ අතර වෙයි.
දේශපාලන ආරංචිවලට අනුව ඊළඟ අගමැතිධුරය සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ සීතල යුද්ධයක් පවතී. ඒ සඳහා නම් කියැවෙන ඇමැතිවරුන් ආණ්ඩුවේ ප‍්‍රබලයින් මෙන්ම පක්‍ෂයේද ප‍්‍රබලයෝය. මෛත‍්‍රිපාල සිරිසේන ඇමැතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්වරයාය. පක්‍ෂය තුළ වසර හතළිහක පමණ ඉතිහාසයක් ඔහුට ඇත. ආණ්ඩුවේද ප‍්‍රබල ඇමැතිධුරයක් හොබවන ඔහු වැඩිම කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්ධුරය දරන කෙනාය.
නිමල් සිරිපාල සිල්වා ඇමැතිවරයා ද පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකි. ආණ්ඩුවේද ප‍්‍රබල ඇමැතිවරයකු වන ඔහු පක්‍ෂයේ පැරැණි සාමාජිකයෙකි. ඊළඟ අගමැතිධුරය සම්බන්ධයෙන් කියැවෙන නම් අතර ඔහුගේ නමද කියැවේ.
ශ්‍රීලනිපයේ ජාතික සංවිධායකවරයා වන බැසිල් රාජපක්‍ෂ මහතා ආණ්ඩුවේ ප‍්‍රබලයෙකි. උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය, දිවි නැගුම වැනි ආණ්ඩුවේ ප‍්‍රධාන වැඩසටහන්වල නියමුවා ඔහුය. ආණ්ඩුවේ තීන්දු තීරණවල ප‍්‍රධාන භූමිකාවක් නිරූපණය කරන ඔහුද අගමැති සටනේ සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින් කියැවේ.
කතානායක චමල් රාජපක්‍ෂ මහතා, රාජපක්‍ෂ පවුලේ ලොකු අයියාය. රටේ තුන්වැනි පුරවැසියා වන ඔහුද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයෙකි. පසුගියදා පළවූ මාධ්‍ය වාර්තාවලින් කියැවුණේ දි.මු. ජයරත්න මහතා අගමැති ධුරයෙන් ඉවත් වුවහොත්, පුරප්පාඩුවට චමල් රාජපක්‍ෂ මහතා පත් කරන්නට යන බවය.
ඒ අතර පසුගිය කාලයේ අගමැතිධුරය සඳහා තවත් නමක් කියැවිණි. ඒ විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ නමය. මේ සියල්ල ආරංචි පමණි. මේ සතියේ මධ්‍යම මහ ඇමැති ධුර තීරණය කිරීමත් සමගම අගමැති ධුරය සම්බන්ධයෙන් පවතින කසු කුසුවටද තාවකාලික විරාමයක් ලැබෙනු ඇත.
අජන්ත කුමාර අගලකඩ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් අගමැතිකමට සුදුස්සා මෛත්‍රීපාල සිරිසේන මහතායි. (නි)
සුදුස්සාට ලැබෙන්නේ නැති එකට මෙන්න ඔට්ටු. (නි)
ගෝඨාභය රාජපක්ෂ මහත්තය තමා නියම සුදුස්සා.එතුමාගේ සැගවුණු දක්ෂතා ගොඩක් තියෙනවා. ඔහු රජයේ සේවකයෙක්.විනය ගැන හොදට දන්නා හමුදා නිලධාරියෙක්.අපේ රටට සුදුසු එහෙම කෙනෙක්. (නි)
මම නම් කියන්නේ නියම සුදුස්සා සුරියප්පෙරුම මන්ත්‍රී තුමා.(නදී)
නිමල් නම් නුසුදුසු බවයි මගේ අදහස (නි)
කිසිම දෙයකට බිය නොවන්න (නි)
මේක මහ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි (නි)
නියම සුදුස්සා දුටු ගැමුනු පරපුරෙන් පැවත එන අපේ කැලණියේ ආචාර්ය තුමා.(නදී)
මේ පාරත් රත්නසිරි වික්‍රමනයකට දුන්න නම් වැඩේ ගොඩින්ම බේර ගන්න තිබුනා.(නදී)
අයියන්ඩිය, බිය නොවනු. අගමැති කවුද කියා මම දනිමි! (නි)
සිරිසේන මැතිතුමා තමයි හරි නම් නියම සුදුස්සා. ඔහු අවංක නිහතමානී මහත්මයෙක් නිසා ඔහුට ලැබෙන්න කියලා මම පතමි! (නි)
රත්නසිරි වික්‍රමනායක වගේ මහත්තයෙක් තමයි අපේ රටට සුදුසු (නි)
අගමැතිකමට නියම සුදුස්සන් දෙන්නෙක් ඉන්නවා (නි)
මේ හැමෝටම ටික ටික දුන්නා නම් ඉවරයිනේ. (නි)
මම නම් එක හෙලාම කැමතියි සිරිසේන මහත්තයට (නි)
නිමල් මහත්තයට ඕක දුන්නොත් නම් ඉවරයි (නි)
ලක් මාතාවට මේ තුමන්ලාගේ හඬ, ශ්‍රමය, ක්‍රියාව මහා යෝධ සේවක් කළ ජේෂ්ඨ මැති ඇමැතිවරු වෙති. ඝෝඨාභය ලේකම් තුමාද ලක් ඉතිහාසයේ රන් අකුරෙන් ලියවන නමක් වනු නිසකයි. අගමැති කමට තෝරා ගන්න මට නම් හරිම අපහසුයි. මෙතුමන්ලා හරියට අතක ඇගිලි පහ වගෙයි. ජේෂ්ඨත්ව ජය ගනිවි.!මනාපය අමනාප වේවි.! (ස)