IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


මිනිසාගේ දුක හඳුනාගත් අපේ තාත්තා

පියෙක් තම දියණියගේ අත තම ජීවිතයේ කෙටි කාලයකට අල්ලාගෙන සිටින අතර ඔහු ඇගේ හදවත සදහටම අල්ලාගෙන සිටින්නේය.

2022 පෙබරවාරි 04 වැනිදා මගේ පියා, ස්ටැන්ලි ජයවීරගේ පස්වන ගුණ සමරුවයි. ලංකා මාතාවගේ සැබෑ දේශප්‍රේමියකු වූ ඔහු ශ්‍රී ලංකාවට නිදහස ලබා වසර 69 ක් සපිරෙන දිනයේ දී ම, අපෙන් සමු ගැනීම විශේෂත්වයෙකි.

ඔහු අයත් වූයේ සාරධර්ම සහ ප්‍රතිපත්ති රකින, දැන් සොයා ගැනීමට අපහසු පරම්පරාවකට ය. මගේ මතකයෙහි, ඔහු රැඳෙන්නේ අවංක, සෘජු, නිර්භීත, කිසි විටෙකත් ඔහුගේ හෘද සාක්ෂිය නියම කරන දේ ක්‍රියාත්මක කිරීමට අසමත් නොවන මිනිසෙකු ලෙසයි.

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සහ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු, 1949 දී කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තේ ය. ඉගැන්වීමට දැඩි ආශාවක් තිබූ ඔහු විශ්වවිද්‍යාලයෙන් පිටව ගිය විගසම, ගුරු වෘත්තියට පිවිසියේ ය. එමඟින් ඔහුට ඔහුගේ ජීවන සහකාරිය වන මාගේ මව හමු වූවාය. 1954 දී ඔහු ශ්‍රී ලංකා විදේශ සේවයට බැඳුණු අතර, ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික ජීවිතයට කැපවී වසර 36 ක් පුරා සිංගප්පූරුව, ඉන්දියාව, රුසියාව, පකිස්ථානය සහ ජර්මනිය යන අපගේ දූත මණ්ඩවලද සේවය කළේය.

තම පරමාදර්ශ සහ ප්‍රතිපත්ති අනුව ජීවත් වූ මිනිසෙකු වූ ඔහු තම දරුවන්ට ඉගැන්වූ බොහෝ දේ ආදර්ශයෙන් විය. සරල බව ඔහුගේ පෞරුෂයේ ප්‍රධාන ලක්ෂණයක් වූ අතර අපි සාමාන්‍ය ශ්‍රී ලාංකික නිවසක ජීවත් වූ අතර ඔහු 1986 නිෂ්පාදනය වූ Volkswagen Golfමෝටර් රථයක් පැදවීය. අපේ නිවස අවංක රාජ්‍ය සේවකයකුට කදිම නිදසුනක් බව අප නිවසට පැමිණි කිහිප දෙනෙකු පවසා ඇත.

ඔහුට අවශ්‍ය වූයේ ඔහුගේ සියලු දරුවන් අපේ මව් භාෂාව චතුර ලෙස හසුරුවාලීමට. එබැවින් අප නිවසේ සිංහල භාවිතා කිරීම අනිවාර්ය විය. ඔහු තානාපති ලෙස ජර්මනියට පැමිණි විට තානාපති කාර්යාලයේ නාම පුවරු ඉංග්‍රීසි සහ ජර්මානු භාෂාවෙන් පමණක් තිබූ බව ඔහුට දක්නට ලැබිණි. සිංහල, දෙමළ සහ ජර්මානු භාෂාවලින් කියවීමට නව පුවරුවක් සවි කිරීමට ඔහු වහාම පියවර ගත් අතර, එය ඔහුගේ පාලන සමයේ දී ශ්‍රී ලාංකීය ප්‍රජාව සමග වගා කළ යහපත් සබඳතාවලට පදනම විය. නිල උත්සවවලදී තම රට නියෝජනය කරන විට ජාතික ඇඳුම ඇඳිය යුතු බව ඔහු තරයේ විශ්වාස කළ අතර ජර්මනියේ ශීත සෘතුවේ දී පවා ඔහු සියලුම රාජ්‍ය උත්සව සඳහා ජාතික ඇඳුම ඇන්දේය.

ඔහු සිය රාජකාරි කටයුතුවලදී ඉතා සූක්ෂ්ම වූ නමුත් සිය කාර්යයන් සම්පූර්ණ කිරීමට වෙහෙස මහන්සි වූයේය. ඔහුගේ කාර්යබහුල කාලටසහන් තිබියදීත්, සෑම විටම ඔහුට ලැබෙන සියලු සටහන්වලට හා ලිපිවලට ප්‍රතිචාර දැක්වීමට කාලය සොයාගත් අතර, සෑම පෞද්ගලික හෝ වේවා රාජකාරි හෝ වේවා සියල්ලන්ටම අනිවාර්යෙන්ම පිළිතුරු සැපයීම ඔහුගේ පුරුද්දක් විය.

අඩු වරප්‍රසාද ඇති අය කෙරෙහි ඔහුට තිබුණේ අප්‍රමාණ අනුකම්පාවකි. ඔහු සාමාන්‍ය මිනිසාගේ වේදනාව හොඳින් වටහාගත් අතර ඔහුට හැකි සෑම ආකාරයකින්ම ඔවුන්ට උපකාර කිරීමට පසුබට නොවීය. තරාතිරම නොබලා ඕනෑම කෙනෙකු සමග ඇසුරු කිරීමේ හැකියාව ඔහුට තිබුණි. ආපසු පැමිණෙන විදේශ සේවා නිලධාරීන්ට තම දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා තමන් කැමති පාසලක් තෝරාගත හැකි වුවද, කොළඹ ප්‍රභූ කවය සමග පමණක් නොව, සෑම තරාතිරමක දරුවන් සමග අපට ඇසුරු කිරීමට හැකි විය යුතුය යන දැඩි මතයේ සිටි ඔහු, තම සියලුම දරුවන්ට රජයේ පාසල් තෝරා ගත්තේය. නිවසේ දී හෝ රැකියාවේ දී ඔහු කිසිවෙකුට අනුග්‍රහය දක්වන බව ඔබට කිසිදා දැකිය නොහැක. ඔහුගේ දරුවන්ට හෝ පවුලට කිසිම විටකදී මනාප සැලකිල්ලක් නොලැබුණි. පිටස්තරයින්ට ලබා දුන් සැලකිල්ලම අපට ද ලැබුණි. ගෙදර දී වුනත් කිසිම දරුවෙකුට විශේෂ මනාපයක් දැක්වූයේ නැත.

ඒ හා සමානව, ඔහුට ආගමික සහනශීලී හැඟීමක් තිබුණි. දැඩි බෞද්ධ පසුබිමක සිටි ඔහු අපට පන්සල් යාමට හෝ සිල් සමාදන් වීමට කිසි විටෙකත් බල කළේ නැත. “ඒහිපස්සිකෝ” (ඔබම පැමිණ බලන්න) යන බෞද්ධ වචනයේ සැබෑ අරුත අනුව ජීවත් වීමට, ඔහු තම සියලුම දරුවන්ට පූර්ණ නිදහස ලබා දුන්නේය. බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවට අමතරව ඔහු ජේසුස් ක්‍රිස්තු වහන්සේ, හින්දු දෙවිවරුන් කිහිප දෙනෙකු සහ සායි බබාගේ පින්තූර ඔහුගේ පූජා කාමරයේ තබා තිබුණේ ඔවුන් සියල්ලක්ම සමාජයට හොඳ පණිවුඩ ලබා දුන් අය බව විශ්වාස කිරීමෙනි.

ඔහු සිය විශ්‍රාම කාලය ගතකළේ ඔහුගේ ප්‍රියතම ආශාව වන ඉගැන්වීම සහ ලිවීම සඳහාය. කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයකු වූ ඔහු සිසුන්ගේ දෛනික විෂය මාලාව අවසන් වූ පසු ඔවුන්ට නොමිලේ ඉංග්‍රීසි ඉගැන්වීමට ඉදිරිපත් වූයේය. බොහෝ විශ්‍රාමිකයන් සවස් වරුවේ තම නිවසේ සැප පහසු දිවා කෙටි නින්දක් ලබන විට, ඔහු ඉගැන්වීමට දැඩි හිරු එළියේ යමින් සිටියේ ය. එලෙසම රාජගිරියේ වික්ටෝරියා ආබාධිත නිවාසයේ නේවාසිකයන්ට ස්වේච්ඡාවෙන් ඉංග්‍රීසි ඉගැන්වූයේ ය.

ඔහුගේ ඊළඟ ආශාව වූයේ කාලීන සිදුවීම් සහ රටේ සිදුවන අසාධාරණයන් පිළිබඳව විවිධ මාතෘකා යටතේ නිරන්තරයෙන් පුවත්පත්වලට ලිපි ලිවීමටය. ඔහුට විශිෂ්ට ඉංග්‍රීසි දැනුමක් සහ ලිවීමේ දක්ෂතාවක් තිබූ අතර ඔහු පෑනක් අතට ගත් විගස, වචන දෝරේ ගලා ආවේය. ඔහු රට තුළ නිසි පාලනයක් ඇති කිරීමට උපකාර කළ “අවධි ලංකා” ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයෙකි.

වසර 5ක් ගත වී ඇතත්, මා ඉතා ආඩම්බරයෙන් සිහි කරන මගේ පියා වන ස්ටැන්ලි ජයවීරගේ සිහිවටන, මගේ මතකයෙන් කිසිදා මැකී නොයයි. රාජකීයන්, ජනාධිපතිවරුන්, අගමැතිවරුන් සහ සාමාන්‍ය ජනතාව සමග එකට ඇසුරු කිරීමට හැකි වූ පුද්ගලයා පමණක් නොව, මම මගේ පළමු පියවර තබන විට මගේ අතින් අල්ලාගෙන මට නැගිටීමට උදව් කළ විශේෂ පුද්ගලයා ලෙස ඔහු මගේ සිතෙහි සදා අමරණීයයි.

විමුක්තා ජයවීර

 



අදහස් (0)

මිනිසාගේ දුක හඳුනාගත් අපේ තාත්තා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 445 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2205 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site